ශ්‍රීලංකාවට ඉන්දීය රුපියල්වලින් ගෙවීම් කිරීමට අවසර

අර්බුදකාරී ශ්‍රී ලංකාවෙන් ගෙවීම් ලබා ගැනීමේදී අපනයනකරුවන් මුහුණ දෙන
දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඉන්දියානු සංචිත බැංකුව (RBI) ඊයේ (19)
ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) යාන්ත්‍රණයෙන් පිටත ඉන්දියානු
රුපියල්වලින් වෙළඳ ගනුදෙනු පියවීමට අවසර ලබා දී තිබේ.

ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යකරණය
කිරීම සඳහා State Bank of India (SBI) විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්
ඩොලර් බිලියන 1 ක වාරික ණයක් මාර්තු මාසයේදී රජය විසින් සහතික කර තිබුණි.

ශ්‍රී ලංකාවෙන් අපනයන ආදායම සහ SBI හි ණය පහසුකම ලැබීමේදී අපනයනකරුවන් අත්විඳින දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, විධිවිධානයට යටත්ව ශ්‍රී ලංකාව සමඟ එවැනි වෙළඳ ගනුදෙනු ACU වලින් පිටත ඉන්දියානු රුපියල්වලින් පියවීමට තීරණය කර ඇති බවට ඉන්දියානු සංචිත බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

විමල් වාසු ගම්මංපිල ඇතුළු කණ්ඩායම් 10 න් අලුත් සන්ධානයක්

පසුගියදා ස්වාධීන වීමෙන් පසු දිගටම රජයට සම්බන්ධ නොවන ස්ථාවරයක සිටින විමල් වාසු ගම්මංපිල ඇතුලු පක්ෂ දහයේ එකතුව ඉදිරි මැතිවරණයට වෙනම තරග කරන්නට නියමිත බවට දේශපාලනඅ ාරංචි වාර්තාකර තිබේ.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට
තරඟ කිරීමට බලාපොරොත්තු වන බව හෙලි කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව
නානායක්කාරයි.
සිය සන්ධානය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අනෙකුත් පක්ෂ වල
මන්ත්‍රීවරුන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ ආරම්භ කර ඇති බව ඔහු කීය.

“අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම අගය කරන කණ්ඩායමක්. ඒ නිසා ඒ අරමුණින් වෙනම පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. විධායක බලතල රටේ
ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක බවට අපි දැඩි සේ විශ්වාස කරනවා. සමගි ජන
බලවේගය විසින් මේ වන විට ගැසට් කර තිබෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය ලබා දීමට අපි බලාපොරොත්තු වනවා‘ ඔහු කීය.
මෙම කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වන විට පක්ෂ 11ක් වූවද ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය මෙම කණ්ඩායමෙන් ඉවත්වී වෙනම ගමනක් යන නිසා දැන් එය පක්ෂ 10 කණ්ඩායම ලෙස හැඳින්වේ.

Attachments area

අගෝස්තු වනවිට ආහාර අර්බුදයක් – රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් වන බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් වෙත
සජීවීව සම්බන්ධවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වත්මන්
ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබේ.

එළඹෙන සහල් වගා කන්නයට අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් අගෝස්තු මාසයේ සිට ආහාර අර්බුදයක් ඇති විය හැකි බව මෙහිදී රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය.
පොහොර නොමැති නිසා සම්පූර්ණ නිෂ්පාදනය නොලැබෙන බැවින් ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
“අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් ඇතිවීමේ හැකියාවක්
තිබෙනවා. ගෝලීය ආහාර අර්බුදයක් ද දිග හැරෙනු ඇත්තේ ද එම කාලයේ දී ය.

ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි කොහොම ජීවත් වෙයිද කියලා බලන්න වෙනවා. අපිට කන්න නැතිව යනවා” ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මත දෙකක් පවතින බව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේ නැගූ ප්‍රශ්න වලදී
පැහැදිලි කළේය.

ගාලුමුවදොර පිටියේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල අදහස වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බව වුවත්, එය නීතියට අනුව කළ හැකි වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහස යයි රනිල් පවසා ඇත.
තමා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව කිසිවක් සඳහන් නොකරන බවත් මෙහිදී රනිල් පැවසීය.

“පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා ශක්තිමත් කරන 19 වැනි සංශෝධනය යළි ස්ථාපිත කළ යුතු 21 වැනි සංශෝධනය සම්මත වූ පසු සියලු පක්‍ෂ නායකයන් සහ
ජනාධිපතිවරයා සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩපිළිවෙළකට පැමිණිය යුතු බව මම යෝජනා කරනවා,” අගමැති රනිල් එහිදී කිය.

රට තුළ උද්ගතව ඇති විරෝධතා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය
බලමණ්ඩලය (අවිශිබම) සටන්කාමී කණ්ඩායමක් ලෙස හැඳින්වීය.

අවිශිබම සටන්කාමී තරුණ කණ්ඩායමක් ඔවුන් පුරුද්දක් ලෙස වසරකට අවම වශයෙන් පෙළපාලි 5-6 ක් පවත්වනවා. ඔවුන්ට එරෙහිව පොලිසියත් පුරුද්දක් ලෙස  ජල ප්‍රහාර එල්ල කරනවා ඒක සාමාන්‍ය දෙයක්වෙලා.
නමුත් සාමාන්‍ය ජනතාව දැන් විරෝධතා දක්වනවා. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස තමන් මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය ජනතාවද විරෝධතා පවත්වනවා.
මගේ අරමුණ වැඩ කරලා මේවා ඉක්මනින් නැතිවන තැනට රට පත් කිරීමයි‘
අගමැතිවරයා පැවසීය.

හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර පැහැදිලි කිරීම

සජබ නියෝජනය කරමින් පක්ෂයේ මතයට පිටුපා ඇමති ධූර ලබාගත් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන දෙදෙනා අද (20) දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන් නව තනතුරු ලබාගත් ආකාරය ගැන පැහැදිලි කර තිබේ.

තමන් පක්ෂයේම සහය රනිල් වෙත ලබාගැනීමට අපමණ වෙහෙසක් ගත් බවත් නමුත් අසාර්ථකවූ නිසා රට ගොඩනගන වැඩපිළිවෙල ප්‍රමුඛ කාර්යය සේ සලකා රජයට එක්වූ බව කියා තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු හා කම්කරු හා විදේශ රැකියා
අමාත්‍ය ලෙස මනූෂ නානායක්කාර අද තනතුරු ලබාගත්හ.
හරින් ප්‍රනාන්දු මින් ඉහත කැබිනට් ඇමති පදවියක් ලබාගත්තද මනුෂ
නානායක්කාර කැබිනට් ඇමති ධූරයක් ලබාගන්නේ පළමු වතාවටය.වර්ෂ 2010 දී, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ එජාපය හැර මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමටද මනුෂ මේ ආකාරයට එක්වූවෙකි.

සජබය වත්මන් ජනපති ගෝඨාබය යටතේ ඇමති ධූර වලට නොයන ස්ථාවරයක සිටින අතර ‘සර් ෆේල්‘ යන සටන් පාඨය මුලින්ම ගෙනා සහ ඒ නිසා ගෝඨාභයගේ උදහසටද ලක්වූ හරින් ප්‍රනාන්දු ඔහුගෙන් ඇමති ධූරයක් ලබාගැනීම මෙහිදී විශේෂිතය.

මේ අතර පක්ෂයේ මතයට පිටුපෑ මේ දෙන්නා සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව ලක්ෂ්මන් කිරි ඇල්ල මන්ත්‍රීවරයා දන්වා ඇත. පක්ෂය රජයේ සියලු යහපත් වැඩවලට සහය දෙන නමුත් ඇමති ධූර ලබාගෙන කොටස් කරුවන් වීමට තීරණය කරේ නැතැයිද එයට පිටුපා මොවුන් දෙන්නා ආත්මාර්ථකාමී තීරණ ගෙන ඇතැයි ඔහු පැහැදිලි කළේය.

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පසුගිය මැයි 09 වනදා බාහිරින් පිරිසක් අරලියගහ මන්දිරයට කැදවා ඔවුන්ට කෑම බීම දී සංග්‍රහ කර  පසුව විරුද්ධවාදීන් වෙත උසිගන්වා පිටත් කිරීමේ චෝදනා ලද ඉල්ලා අස්වූ අගමැතිගේ පුත් නාමල් රාජපක්ෂ
අද (20) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ සම්බන්ධ දීර්ඝ කට උත්තර ලබාදුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගිය අතර
අත්අඩංගුවට ගැනීමක් සිදු වූයේ නැත.

ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් ගෙදර

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ
මහතාව ඉවත් කරලීමට ඊයේ සේවක විරෝධයක් පැනනැගුණ අතර අවසානයේ ඔහු ඉල්ලා අස්වී ගෙදර ගියේය.

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප්
ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන බවටත්, පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කරන බවටත්, ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන ඇති බවටත් සේවකයින් චෝදනා කොට තිබුණි.

මේ අනුව පීඩාවට පත් සංස්ථා සේවකයින් හා වෘත්තීය සමිති එක්ව අධ්‍යක්ෂ
ජනරාල් කාර්යාලය වටලනු ලැබූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය
අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. සත්කුමාර මහතා හා ශ්‍රී ලංකා ගුවන්විදුලි
සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා ද මැදිහත්වී ඇත.
පසුව අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී සංස්ථා
භූමියෙන් පිටව ගියේය.

කැබිනට් අමාත්‍යවරු 9 ක් දිවුරුම් දෙති

කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය- නිමල් සිරිපාල ද සිල්වා
අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත
සෞඛ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල .
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
– විජයදාස රාජපක්ෂ
සංචාරක හා ඉඩම් අමාත්‍ය- හරීන් ප්‍රනාන්දු
වැවිලි කර්මාන්ත අමාත්‍ය  -රමේෂ් පතිරණ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ – මනූෂ නානායක්කාර
වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය – නලින් ප්‍රනාන්දු
මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස්

ඇමතිකම් ගන්න ශ‍්‍රීපනිපයේ යුද්දයක්

ඇමතිකම් ලබාගෙන ආණ්ඩුවට එක්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
පිරිසක් දැඩි අරගලයක් එම පක්ෂය තුළ කරමින් සිටියි.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද
දිසානායක, ජගත් පුෂ්ප කුමාර, චාමර සම්පත් දසනායක, එම මන්ත්‍රී පිරිසයි.

ඔවුන් ජනාධිපතිවරයා හමුවී ඇමතිකම් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවක්ද කර
ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ කැබිනට් අමාත්‍ය ධුර
දෙකක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර තුනක් පමණක් ලබා දිය හැකි බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ ආණ්ඩුවට සහාය දිය
යුතු වූවද කිසිසේත් ම ආණ්ඩුවේ අමාත්‍ය ධූරය ලබා ගත යුතු නැති බවය.

නමුත් මෙම මන්ත්‍රී පිරිසක් පක්‍ෂ තීන්දුවට පිටින් අමාත්‍ය ධුර ලබා
ගැනීමට තීන්දු කර ඇතැයිද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට පිටින් තීරණ ගන්නා අයගේ පක්ෂ
සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂය මේ වන විට සාකච්ඡා කරමින් සිටියි.

මේ අතර වාර්තා වන්නේ මීලගට දිවුරුම් දීමට නියමිත ඇමතිවරුන් පිරිස අතර
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේද කිහිප දෙනෙකු දිවුරුම් දෙනු ඇති බවයි.

මහින්ද සමු නොගත් නිසා අපි හැමෝම අමාරුවේ – චමල් රාජපක්ෂ

රාජපක්ෂ පවුලේ දේශපාලනය පිළිබඳව වර්තමාන පාර්ලමේන්තුවේ සිටින
ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සංවේදී කථාවක් කළේය.

“රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. 1932 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපි දේශපාලනය පටන් අරගෙන තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණයට යොදවලා.

අපිට තවමත් බේර ගන්න බැරිවුණ ඒවා තියෙනවා. උගස්කරපු ඒවා බේරා ගන්න
බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ දිස්ත්‍රික්කවල එදා ඉදන් අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ.

ගරු අගමැතිතුමා (මහින්ද රාජපක්ෂ). එතුමාගේ ජනාධිපතිධුර දෙක ඉවරවුණාට පස්සේ සමුගත්තානම් හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවටල ලක්වෙනවා.
විශාල පරිත්‍යාගයක් කරලා තියෙනාවා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයේ. අද ඒ සියල්ලම නැතිවෙලා තියෙනවා.

අපි දේශපාලනය කරනවානම් අත්හැරිමත් කරන්න ඕන. අපි මේ තනතුරුවට ලෝභ වුණොත් මෙවැනි දේවල්වලට මුහණ දෙන්න වෙනවා. නියම වෙලාවේදී දැනගත්තෝත් අපිට මේ දේ කරන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම වාසනාවන්තයි. 2015 දී බහුතරයක් නැතිව අගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතිව අගමැති වෙලා ඉන්නවා. ඒකත් වාසනාව. ”

ජ.වි.පේ පොලිස්පති හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදි කළ
ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණ
පොලිස්පතිවරයා හමුවීමට තීරණය කරයි