ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව ලාංකීය දේශපාලනය තුළ ආන්දෝලනාත්මක අවස්ථාවකි. 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 සහ 21 යන වගන්ති වලට අනුව ශ්‍රී ලාංකීක පුරවැසියකු ඔහුගේ හෝ ඇයගේ මෙරට පුරවැසිභාවය වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් අහෝසි වී යනු ඇත.

එලෙසින් අහිමිවන ශ්‍රී ලාංකීය පුරවැසිබව නැවත ලබාගැනීමට හෝ එය අවසන් නොවී පවත්වා ගැනීමට අවශ්‍ය ෛනතික රාමුව එම පනතේම19(2) සහ 19(3) යන වගන්ති යටතේ දක්වා ඇති අතර එම විධිවිධාන තවමත් අහෝසි කර නොමැත. ඒනිසා ද්විත්ව පුරවැසිභාවය සතු පුද්ගලයෙක් හට ඔහුගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමිවීමක් හෝ යළි පුරවැසි බව ලබාගැනීමට කිසිදු  බාධාවක් හෝ සීමාවකට යටත් කර නොමැත.

නමුත් ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය  ලබා දුන් තීන්දුව හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගණනාවකට සිය මන්ත‍්‍රී ධුර අහිමි වීමේ අවධානමක් පවතී. මෙය කරලියට පැමිණෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු මීළඟට මැතිවරණය‌ එළඹීමට පෙර එක්‌ රටක පුරවැසිභාවයකින් ඉවත්වීමට තීරණයකිරීමෙනි. මේ තීරණයට අනුව ඔවුන් තිදෙනා ලබන වසරේ මුල් මස දෙක තුළ සිය විදේශ පුරවැසිභාවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.

     ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තැබීම සැබවින්ම අර්ථ විරහිත ක්‍රියාවකි. උපන් බිමේ බිම් අගලක හෝ උරුමක් නැති අයෙකු වුවත් රටට සේවය කිරීම උදෙසා කටයතු කරන්නේ නම් එයට අවස්ථාව ලබාදිය යුතුය. ද්විත්ව පුරවැසිභාවය මත මන්ත‍්‍රී ධුරය අහිමි  කිරීම හුදෙක් දේශපාලන කාරණයක් විනා රටේ යහපතට ගනු ලබන තීරණයක් ලෙස සිතිය නොහැකිය. රටේ ජනතාවට ඉන් කිසිදු විශේෂ වාසියක් නැත. රාජ්‍ය පාලකයන් ජනතාවගේ අභිලාෂයන් හැකි උපරිම අන්දමින් මුදුන් පත් කිරීමට කළ යුතු අතර මෙවැනි දේශපාලන කරණා කෙරේ මුල් තැන දීම විහිළුවකි. රටේ අනාගතය වෙනුවෙන් වඩාත් වැදගත් වන තීන්දු තීරණ ගන්නා ආයතන  කෙරෙහි ද්විත්ව පුරවැසිභාවය අදාළ කර ගැනීම සැබවින්ම අර්ථ විරහිතය.

සටහන – පබසරා රාජකරුණා  

– තිලිනි මධුෂානි කියන්නෙ කවුද?

තිලිනි කියන්නේ හරිම සරලව ඉන්න කැමති….ටිකක් දඟකාර කෙනෙක් කිව්වොත් හරි..

received_518632945317024received_207606410125408

– තිලිනිගෙ මේ දවස් වල වැඩකටයුතු මොනවද? මේ දිනවල මොකද කරන්නෙ?

පහු ගිය දවස්වලනම් සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ වැඩ කලා. ඉස්සරහට අලුත් වැඩකට කතාකරල තියෙන්නේ ..ඒ වැඩේ දින ලැබෙනකම් ඉන්නවා..

– තිලිනි නිරූපණ ශිල්පිනියක් ද? රංගන ශිල්පිනියක් ද?

මං රංගන ශිල්පීනියක්…

– ඔබ කොහොමද රංගන ජීවිතයට පිවිසෙන්නෙ? කොයි කාලෙද ?

මම රංගන ජීවිතයට ආවේ වයස අවු.19න් වගේ ….

– ඒ කියන්නෙ පාසල් අධ්‍යාපනය හමාර කළ ගමන්ම ?

ඔව්

received_2273358916257317Thilini 2

– මුලින්ම සම්බන්ධ වුණේ කුමන නිර්මාණයටද ?

“එයා තමයි මෙයා” කියන අපේ ගමේ කරපු ෆිල්ම් එකකට.රාජ් සර් තමයි මට ඒ ෆිල්ම් එකට අවස්ථාවක් දුන්නේ..

– තිලිනිගෙ පෞද්ගලික තොරතුරු මොනවද ?

මට ලස්සන පවුලක් තියෙනවා..මගේ තාත්ති නම් නෑ ..ඒත් මගේ අම්මා ඒ අඩුව පුරවන්න ගොඩක් උත්සාහ කරනවා. මට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා..

මගේ ගම කැටන්දොල
පාසල-5 වසර වෙනකම් ගියේ ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලට.. ඉන් පස්සේ ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයට..

Thilini 12Thilini 14

– තිලිනි Modeling කරන්න කැමති නැද්ද?

නෑ මං කැමති නෑ…..ඒත් මම කැමති රංගනය පැත්තෙන් ඉදිරියට යන්න..මම පාසලෙත් නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස ඉගෙනගත්තා.

– තිලිනි ජීවත්වෙන්නෙ කොළඹට ඈතින්.. හැමදේම කොළඹ කේන්ද්‍රීයව තිබීම නිසා වැඩකටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව අඩුවෙනවා..ඔබ කොහොමද මේ අභියෝගය ජයගන්නෙ ?

ආමරුයි තමයි ගොඩක්.මොකද මම ජීවත්වෙන්නෙ කොහේද අහලා මම වැඩේට ගැළපුනත් මට කතා නොකරපු අවස්ථා බොහොමයි. දුර වැඩියි කියලා..ඒත් මට හම්බුවෙන වැඩේට වෙලාවට ගිහින් ඒ වැඩේ කරනවා මම..මං ගැන දන්න අය ඉතින් වැඩ දෙනවා බය නැතුව මොකද කවදාවත් බාරගත්තු වැඩක් මං මගඅරින්නෑ..

Thilini15Thilini 13

– මේ වෙන කොට සම්බන්ධ වුනු වැඩ ගැනත් කියමුද?

නීල පලිගු දිය,ළබැදියේ,එක ගෙයි මිනිස්සු ,සිතින් සියවර,සිද්ධාර්ථ ගෞතම මා සම්බන්ධ වූ නිර්මාණ කිහිපයක්.

– තිලිනිගෙ ගමන්මගෙහි අමතක නොවන උදව් කළ අය කවුද?

මගේ මුලුන්ම ටෙලිනාට්ය තමයි නීල පලිගු දිය.ඉරේශ් ලොකුබණ්ඩාර අයියා තමයි direct කලේ..එයා මට හරි පාර පෙන්නපු ගුරුවරයෙක්..මම හිරු එකට මුලින්ම වැඩ වලට එන්නේ රුමේශ් ටොලමි අයියගේ වැඩකින්..ඒ තුළින් බොහෝ වැරදි හදාගත්තා. මොකද අත්දැකීම් තිබුනේ නෑ අලුත් නිසා.මුල හොද වුණ නිසා හිරු එකේ නාට්ය වල මම අදටත් වැඩ.රාජ් සර් මට ගොඩක් උදව් කරලා තියෙනවා. ගමෙන් එලියලට එන්න පුලුවන් වුනේ ඒ නිසයි. ප්‍රියන්ත ආරියදාස අයියවත් මතක් කරන්නම ඕනේ.. අදටත් මට ගොඩක් උදව් කරනවා එයා. කියනවනම් නම් ගොඩක් තියෙනවා ඒ නිසා මට වචනයකින් හරි උදව් කරපු හැමොටම මන් ගොඩක් ස්තුති කරනවා..

-ඔබේ පියාගෙ කැමත්ත නිසාද ඔබ රංගන ශිල්පිනියක් වුණේ?

ඔව් ..මගේ තාත්ති නැතිවෙන්න කලින් ඉල්ලපු අන්තිම දේ..මොකද මම කුඩා කාලේ ඉදන්ම ආසයිලු රඟපාන්න.Films බලලා ඒ විදියට ඇදගෙන තාත්ති ඉස්සරහ රඟපානවලු. හැබැයි තාත්ති කිව්වෙ දක්ෂ වගේම චරිතය ලස්සන නිලියක් වෙන්න කියලා. ඒකයි මගේ ගමන මම ගොඩක් හිමින් යන්නේ හරි විදියට..

– ක්ෂේත්රයට අලුතින් එන අයට ඔබට මොනවද කියන්න තියෙන්නෙ?

හිමින් හරි කමක් නෑ හරි විදියට තමන්ගේ ගමන යන්න..දෙයක් ඉගෙනගෙන එන්න..කෙටි ක්‍රම ඕනේ තරම් ඇති ..ඒත් රැදෙන්න පුලුවන් දක්ෂයන්ට විතරයි..මටත් කිව්වෙ ඔය කතාව ඉරේශ් ලොකුබණ්ඩාර මගේ ගුරුවරයා…මම  ඒ විදියට හිටපු නිසා අදටත් වැරදුනේ නෑ මට..එයාලටත් කියන්න තියෙන්නේ ඒ දේ තමයි.

– ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

මගේ බලාපොරොත්තුව නම් දක්ෂ නිලියක් වෙන්න ආසයි මිනිස්සු ආදරේ කරන.මොකද මගේ තාත්තිගේ හීනේ ඉෂ්ඨ කරන්න ඕනේ මට.තව මගේ අම්මව රැජිනක් වගේ බලාගන්න ඔනේ..විදේශගතවීමටත් බලාපොරොත්තුවක් තියෙනවා..

ස්තුතියි තිලිනි ! ඔබේ ඉදිරි ජයග්‍රහණයන්ට bostonlanka.com අපෙන් සුබපැතුම් !

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.

නව රජය බලයට පත්වීමත් සමග ඉන්ධන මිල අඩුකිරීමට සමාන්තරව හෙට දින එනම් 26 දින මධ්‍යම රාත්‍රියේ සිට 4.2%  බස් ගාස්තු අඩු කරන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා  බස් හිමියන් සමඟ සිය අමාත්‍යංශයේ දී ඊයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකශ කරන ලදී. එමෙන්ම මහජනතාවට උපරිම සහන ලබාදීම නව රජයේ අපේක්ෂාව වන බවත් ඒ මත ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජතාවට සහන ලබාදෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවද ඇමැතිවරයා පැවසුවේය.  ඉන්ධන් මිල මේ වන විට 15%ක් පමණ අඩු වී ඇති නමුත් බස් ගාස්තු ගණනය කිරීම සඳහා සලකා බලන සෙසු පිරිවැය කාණ්ඩ එකොලහේම මිලෙහි අඩුවීමක් නොමැති අතර එමනිසා සමස්ත බස්ගාස්තුව සියයට 4.2%අඩු වුවද අවම ගාස්තුවේ කිසිදු වෙනස් සිදු නොවේ.

                  ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීමට රජය ගත් පියවර ප්‍රසන්සනීය වේ. බස් සේවාව පොදු ජනතාවට කරන සේවාවකි. බස් ගාස්තුව අඩු කිරීමේ වාසිය වැඩියෙන් දැනෙනුයේ සාමාන්‍ය ජනයා හටය. දරාගත නොහැකි ජිවන වියදම හමුවේ ජිවන අරගලයට මුහුණ දෙන ජනයාහට ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම ජනතා අභිලාශ ඉටු කිරීමකි. බස් ගාස්තුව අඩු කිරීමට සමගාමිව ත්‍රීවිල් ගාස්තු හා ළමුන්  ප්‍රවාහනයේදී අය කරන ගාස්තුද අඩු කල යුතුය. ඒ සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතන අවශ්‍ය පියවර ගත යුතුය.  මේ හරහා වෙනත් ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවාවන් වල නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය අඩුවෙන අතර එහි වාසිය ජනතාවට ලබා දීම ඔවුන්ගේ යුතුකමකි.

 ලබන වසර මැතිවරණ වසරක් බැවින් එයට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අමතමින් ඊයේ (24)දැනුම් දී ඇත. එමෙන්ම පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙන බවත් ඇතැම්විට මහමැතිවරණයක් වුවද ලබන වසරේ පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධායක වැඩපිළිවෙළ පිළිබඳව ආසන සංවිධායකවරුන් සමග මෙම රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. ආසන සංවිධායක පුරප්පාඩු පවතින ආසනවලට සහ සංවිධායකයින් ජනවාරි මස මුලදී පත්කරන බවත්  බණ්ඩාරනායක දිනය යෙදෙන ලබන මස 8වැනිදා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කරන බවත් සංවර්ධන කටයුතු රැසක් එදින ජනතා අයිතියට පැවරීමට කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

                         පෙර පැවති මැතිවරණ ප්‍රථිපල වලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුවිශාල පසුබෑමකට ලක් වී සිටි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා ගැනීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම බරපතල අන්දමට දෙදරා ගියේය. ඒනිසා  පක්ෂය යලින් ගොඩ නැගීමට නව ප්‍රතිසංවිධාන වැඩපිළිවලක අවශ්‍යතාව පවතී. ග්‍රාමීය මට්ටමේ සිට එකී වැඩපිළිවල ක්‍රියාත්මක කළ යුතුය. “මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකමයි” යනුවෙන් බණ්ඩාරනායක මහතා පොදු ජනතාවගේ අභිවෘද්ධිය තකා ගොඩනැගු ශ්‍රී.ල.නි පක්ෂය වර්තමානය වනවිට විවිධ පුද්ගලයන්ගේ අභිමත අනුව හැඩ ගැසී බණ්ඩාරනායක මහතාගේ දර්ශනයෙන් වියුක්ත වී ඇත. එසේහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි ගොඩනැගීමේ වගකීමෙන් මිදිය නොහැකිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිනපාල පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් නිකුත් කරනු ලබන ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි මිල රුපියල් 120 දක්වා රුපියල් 10 කින් ද පහළ යනු ඇති බව පහළ දමනු ලබන බවටයි.
Octane 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 125 දක්වා හා Octane 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් එකසිය හතළිස් 149 දක්වා රුපියල් 10 බැගින් අඩුවනු ඇත.
එමෙන්ම ලංකා පෙට්‍රල් ලීටරයක මිල රු.101 දක්වා රුපියල් 5කින් ද Super ඩීසල් ලීටරයක මිල රුපියල් 120 දක්වා රුපියල් 10කින් පහව යනු ඇති බව අග්‍රාමාත්‍යවරයා  විසින් පැවසීය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය තුළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්කර ඇත. එනමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය හෝ ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීමක්‌ දක්නට නොමැත. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යන මන්ත්‍රීන් සිය පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව පක්ෂ මාරු කරති. මෙය සමානුපාතික නියෝජන ක්‍රමයේ ඇති දුර්වලතාවයකි. ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රමවේදය සකස් වී ඇත්තේ දේශපාලන පක්ෂ ක්‍රමය මතයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ අපේක්ෂකයා හා ඡන්දදායකයා අතර සෘජු සම්බන්ධතාවක් ඇතිවී නැති අතර පක්ෂයට මුල්තැන ලැබී ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එක් එක් පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රතිශත අනුව මන්ත්‍රීවරු බෙදියාමේදී අනිවාර්යෙන්ම දුර්වල පාර්ලිමේන්තු නිර්මාණය වන අතර 2009 වසරේ හැර කිසිම දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ  113 ක බහුතරයක් ලබා ගැනීමට සමත්ව නැහැ. එම නිසා ආණ්ඩු පිහිටුවීමට වෙනත් පක්ෂ හා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් සභාග ආණ්ඩු නිර්මාණය කරන අතර මේ හරහා සිදුවන්නේ දේශපාලන පිල් මාරුවයි. පසුගිය ඔක්තෝම්බර් මස ජනධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරු මිලියන 500ක් වැනි මුදලකට විකිනෙන බවයි. පළමු පක්‌ෂ මාරුව සිදුවූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත්ව තවත් පාක්‌ෂිකයන් කීපදෙනකු සමඟ මහජන එක්‌සත් පෙරමුණට සම්බන්ධ වීමෙනි.1956 සිදු වූ පෙරළියත් සමඟ දේශයට ලැදිදේශීයත්වය අගයන පිරිසෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහිවිය.

ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන අපේක්ෂකයන් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී නොසිට මුදලට පක්ෂ මාරු කරමින් සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම ජනතාවට කරන සුවිශාල අපරාධයකි. එවැනි පුද්ගලයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වගකීමකි. මෙවැනි අවස්ථාවන්හිදී මහජනතාවට අධිකරණයේ පිහිට පැතීමට ක්‍රමයක් නිර්මාණය කළ යුතු අතර මන්ත්‍රීවරුන්ගේ  විශ්‍රාම වැටුප්  අහෝසි වන ආකාරයෙන් නව නීති සැදීමේ අවශ්‍යතාව මතුව ඇත. 

 සටහන : පබසරා රාජකරුණා

පාර්ලිමේන්තුව විසිරුවාලීමට අදාළ අධිකරණ තීන්දුව හා පැවති දේශපාලන වාතාවරණය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස් විය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බවට පත් විය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක තනතුරට පත් වීම ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය  පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකළ අතර එම අර්බුදය විසදීම සදහා  කතානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්ද පත් කරන ලදී.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පසුගිය මහා මැතිවරණයේදී තරග කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. නමුත් මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්වී දෙසතියකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. නමුත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙසයි. එබැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන බවට තර්කයක් මේ වන විට ගොඩ නැගී ඇත. මෙහිදී එකසත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කතානායකවරයා වෙත ලිඛිතව දන්වා සිට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු බවත් ඔහුව විපක්ෂනායකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැති  බවයි.

රටක විපක්ෂය යනු රටේ ඊළගට බලයට පත්වන දේශපාලන ව්‍යාපාරයයි. රටක විපක්ෂය තුළින් සිදු විය යුත්තේ ආණ්ඩු පක්ෂයට එරෙහිව ක්‍රියාකිරීමයි. නමුත් පෙර විපක්ෂනායක නායක ධුරය දැරූ ද්‍රවිඩ ජාතික සන්ධානය තුළින් විපක්ෂයේ සැබෑ භූමිකාව දැකගත නොහැකි වූ අතර ඔවුන් පැවති ආණ්ඩුව සමග එකට එක්ව කටයුතු කරන ලදී. නමුත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත් විමත්  සමග විපක්ෂයේ සැබෑ භූමිකාව පාර්ලිමේන්තුව තුළ දැකගත හැකි විය. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ බලවේගය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ හට ජය ගැනීමට අභියෝග රාශියක් පවතී. විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව ලිහා ගැනීම ඉන් පළමු වැන්නයි.

 
සටහන :  පබසරා රාජකරුණා
වර්තමානය වන විට රුපියලේ අගය බාල්දු වී ඇති අතර රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉතිහාසයේ  වැඩි ම අගය වාර්තාකර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවට ආර්ථික, දේශපාලන හා සමාජ ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇත. ලොව සෙසු රටවල ද ඩොලරයට සාපේක්ෂව ආර්ථිකයේ විශාල වෙනස් කම් සිදුවී ඇත. රටක විනිමය අනුපාත වෙනස්වීම සදහා ප්‍රධන කරුණු 4ක් බලපානු ලබයි. එනම් ඒ රටෙහි ආනයන අපනයන ක්ෂේත්‍රයේ, වෙළෙද ශේෂයේ ඇතිවෙන වෙනස්කම්, ආයෝජන සම්බන්ධයෙන් වන වෙනස්කම්, රාජ්‍ය ප්‍රතිපත්තිය හා එම රට පිළිබදව ආයෝජකයන්ගේ මානසිකත්වය එම කරුණු වේ. ඩොලරයේ හෝ වෙනත් විනිමය අනුපාතිකයන් සම්බන්ධයෙන් ඉල්ලුම සැපයුම තීරණය වන්නේ මේ කරුණු 4 මතයි.
ශ්‍රී ලංකාව සැලකු විට 2015 නව රජය බලයට පත්වන විට ඩොලරයේ අගය රු. 131.45 ක් වශයෙන් පැවතුන අතර අද වන විට එය රු. 181.21කි. යුරෝපයේ හෝ ආසියාවේ කවර රටක් ගත්ත ද ඔවුන්ගේ විනිමය අනුපාත ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පිරිහීමක් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයක් හමුවේ රජය විසින් සිය අනවශ්‍ය වියදම් සිමා කළ යුතුය. එසේ නොවුනහොත් තවදුරටත් ඩොලරයේ මිල ඉහළයාම රජයට විශාල අර්බුදයක් නිර්මාණය කරනු ඇත. ඩොලරයේ මිල ඉහළයාම  ඔස්සේ ආනයන වියදම් ඉහළයාමෙන් අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවාවන්ගේ මිල සිඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ජිවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් අවසානයේදී එය දරාගත නොහැකි මට්ටමකට  පත්වනු ඇත. ජනතාවට තවදුරටත් දරා ගත නොහැකි ජිවන වියදම විශාල දේශපාලන අර්බුදයකට රට ගෙන යාමකි. රට හමුවේ පවතින අභියෝග නිවැරදිව හදුනා ගැනීම පාලකයාගේ වගකීමය. පාලකයන් මතුපිටින් පෙනන දේශපාලන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු සෙවීම ප්‍රමාණවත් නොවන අතර පාලකයන් ආර්ථිකය හා දේශපාලනය වෙන්කර හදුනා ගනිමින් නිවැරදිව ආර්ථික කළමනාකරණය සිදු කළ යුතුය.
ඊයේ දින රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එමෙන්ම අදාළ අමාත්‍යාංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සදුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
තවද නවරජයේ කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සවස ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ඒ අනුව පත් කෙරුණු කෙරුණු කැබිනට් නොවන අමාත්‍යවරුන් මෙසේය.
හර්ෂ ද සිල්වා මහතා පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය
අජිත් පී. පෙරේරා මහතා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය
සුජීව සේනසිංහ මහාතා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු,
රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
විජයකලා මහේෂ්වරන් මහත්මිය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ජේ.සී. අලවතුවල මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
ඉරාන් විරක්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය
රංජිත් අලුවිහාරේ මහතා සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
වසන්ත අලුවිහාරේ මහතා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
නිරෝෂන් පෙරේරා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
චම්පිකා ප්‍රේමදාස මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
අශෝක අබේසිංහ මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
එච්.එම්.එම්. හාරීස් මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අමීර් අලී මහතා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිල්ප් වෙදආරච්චි මහතා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඒ. ඉසෙඞ්.එම්. සෙයිඞ් මහතා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
වඩිවෙල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු,
අනෝමා ගමගේ මහත්මිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
එඞ්වඞ් ගුණසේකර මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු, නියෝජ්‍ය අමාත්‍ය
නලින් බණ්ඩාර ජයමහ මහතා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
අජිත් මාන්ප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය
අද දින දිවුරුම් ලද නව කැබිනට් අමාත්‍යවරු  මෙසේයි
 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.
02.ජෝන් අමරතුංග මහතා  සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා  විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා  පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා  මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19. අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20. පලනි දිගම්බරන් මහතා කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
21. චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22. තලතා අතුකෝරල මහත්මිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23. අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍ය
24. අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා  තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25. සාගල රත්නායක මහතා වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26. හරින් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27.මනෝ ගනේෂන් මහතා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
28. දයා ගමගේ මහතා  කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
29. මලික් සමරවික්‍රම මහතා  සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
මෙම අමාත්‍ය මන්ඩලයේ විශේෂතා කිහිපයක් ද දක්නට ලැබේ.
ජාතික ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර දැරූ නීතිය හා සාමය අමාත්‍ය ධූරය මෙවර ජනපති යටතට ගෙන ඇති අතර  ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ නිමවනතුරු ජනාධිපතිවරයා එම අමාත්‍ය ධූරය තමන් යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බව ආරංචි දේශපාලන  ආරංචිමාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුරයක් හෙබවූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක්  ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් යෝජනා කර තිබුණද දිගින් දිගටම තමන්ව විවේචනයට ලක් කිරීම හේතුවෙන් සරත් පොන්සේකාට අමාත්‍යධූරයක් ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ  බැවින් මෙවර ඔහුට අමාත්‍යධුරයක් ලැබී නැති බව එක්සත් ජාතික පෙරමුණේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා ඇත.
අමාත්‍ය ධුර ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන් සහ රිෂාද් බදියුදීන් අද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර අමාත්‍ය ධුරයක් භාර  ගැනීම ප්‍රතික්ෂේප කළ ඩී .එම්. ස්වාමිනාදන් අද කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නේ නැත.
පසුගියදා ආණ්ඩු පක්ෂයේේ අසුන් ගත් නිදහස් පක්ෂ මන්ත්‍රී මන්ත්‍රීවරුන්ට  මෙන්ම යලි එක්සත් ජාතික පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායකට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමි නොවුණි.