මහින්ද මාලදිවයිනයට යයිද ?

වාර්ථාවන අන්දමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැයි 09 සංසිද්ධියෙන් පසු
නැගෙනහිර පළාතේ නාවික කඳවුරක හා ඊට යාබද නිකේතනයක ආරක්ෂිතව කාලය ගත ඇති අතර ඔහු ඊට සතියකට පසු පාර්ලිමේන්තු රැස්වීමටද පැමිණි නමුත් දැනට ප්‍රසිද්ධ මහජන හමුවීම් අත්හිටුවා ඇති අතර ගමන් බිමන් අවම කර තවමත් ආරක්ෂිතව වාසය කරයි.

මෙම පසුබිම යටතේ හිටපු අගමැතිවරයා මාලදිවයිනේ විලා එකක් ලෙස සැකසූ වටිනා නිවාසයක ආරක්ෂා සහිතව වාසය කිරීමට සූදානමක් පවතින බවට එරට ප්‍රවෘත්ති සේවාවක් වන මාලදිවයින් ජර්නලය (TMJ) වාර්තා කර තිබුණි.
මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් රාජපක්ෂ පවුලේ සමීපයෙකු වන අතර මේ වන විට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබා දෙමින් සිටින බව මාලදිවයින් ජර්නලයේ (TMJ) විස්තර කර තිබේ.

වාර්තාවට අනුව මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ
ඔහු ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ නෂීඩ්ට කතා කර ශ්‍රී ලංකාවේ
තත්ත්වය සමනය වන තුරු ඔහුගේ පවුලේ අයට මාලදිවයිනේ රැඳී සිටීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවයි.

නෂීඩ්ගේ සමීපතමයෙකු වන ඉන්දියාවේ සෝනු ශිව්දාසානිට අයත් සොනෙවා ෆුෂි හි පෞද්ගලික විලා නිවසක් රාජපක්ෂවරුන්ට මිලදී ගැනීමට නෂීඩ් යෝජනා කර ඇති බව වාර්තා විය.

TMJ වාර්තාව තවදුරටත් කියා සිටියේ සෝනු ශිව්දාසනි රාජපක්ෂ පවුලට ඇමරිකානු ඩොලර් මිලියන 12 ක වියදමකට පෞද්ගලික විලා එකක් විකිණීමට එකඟ වූ බවයි.
පවුලේ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂාව සඳහා නිවාස ලෙස භාවිතා කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අතිරේක විලා එකක් ද මෙම ගනුදෙනුවට ඇතුළත් කර ඇති බව පැවසේ.

කෙස් වෙතත් නාමල් රාජපක්ෂ මෙම වාර්ථා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙන අතර තම පියා ලංකාව හැර දාමා යාමට කිසිම අදහසක් නැතිබවද සදහන් කර ඇත.

මුදල් ඇමති ධූරයේ දිවුරපු රනිල් – මහබැංකු අධිපති ඉවත්වෙයිද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික
ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. අද (25) පෙරවරුවේ කොළඹ,
කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ
අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දී තිබේ.

රනිල්ගේ දේශපාලන දිවියේ මුදල් ඇමති ධූරය ගත් ප්‍රථම වතාව මෙයයි.
අලි සබ්‍රි මහතාගෙන් පුරප්පාඩුවූ ඇමති ධූරය ඔහුට භාරගන්නට සිදුවූයේ එය
බාරගන්නට නැවත සබ්‍රි අකමැතිවීමෙන් පසුය.
ශ්‍රී ලංකාව දරුණුම මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවේ රනිල් මත ඒ අනුව
විශාල කාර්යභාරයක් පැවරේ.
රනිල්ගේ පත්වීමට වත්මන් මහබැංකු අධිපතිවරයා කැමැත්තක් දක්වා නැති බවද
දේශපාලනආරංචි වාර්තා කර තිබුණි.
ඉදිරි දිනවල නන්දලාල් මහතා වෙනුවට නැවත කුමරස්වාමි මහතා මහබැංකු අධිපති ධූරයට පත්වනු ඇතිබවටද ආරංචි පවතී.

නව සන්ධානයක් ගොඩනගනවා – විමල්

මහින්ද රාජපක්ෂගේ සමුගැනීමත් සමග කඩාවැටීමට ලක්ව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට අයිතිවාසිකම් කීමට විමල් වීරවංශ, උදය ගම්මංපිල හා වාසුදේව නානායක්කාර ප්‍රමුඛ පක්ෂ දහයේ කණ්ඩායම් ඉදිරිපත්ව තිබේ.

ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ පක්ෂ සියල්ල එක්වී නව සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ අනුව පවසා තිබේ.
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.
ඉදිරියේදී මහමැතිවරණයකට මුහුණදීමේදී ශ්‍රී ලංකා පොදු ජනපේරමුණට අයත්ව
සිටි අතිමහත් බහුතර ඡන්ද ප්‍රමාණයක් මේ වනවිට අපේක්ෂා භංගත්වයට පැමිණ ඇති බවත් පවතින විපක්ෂය එයට විකල්ප නොවන බවත් පෙන්වාදී ඇති විමල් තමා ඇතුළු පිරිස තවමත් ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම කරට ගන්නා බව සඳහන් කර තිබේ.

දිනක්ෂි කියන සංවේදී කතාව

කාලයෙන් කාලයට පුවත් මවන දිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගනිමින් තමන්ගෙම කියලා ස්ථාවරත්වයක් හදාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්’ ඇගේ පියා වන දිනේෂ් ප‍්‍රියසාද් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයෙ නිරතප‍්‍රකට පුද්ගලයෙක් වීම නිසා මේ පවුලේ ආදරණීය   දියණියන්    තුන්දෙනාටම කලා ලෝකයට එන්න දොරගුළු විවර වුණා’

මේ පවුලේ වැඩිමහල්ම කෙනා තමයි දිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ’ දිනක්ෂි
විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග
දිසාසේකර සමඟයි’ මේ වන විට මේ ආදරණීය කැදැල්ලට පුංචි සිඟිති දියණියකුත්
එකතු වෙලා’ ඇය සාරන්‍යයා දිසාසේකරයි’ ඉතින් මේ පුංචි පවුලට සමාජය
ආශිර්වාද කරන අතර තවත් බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන අවස්ථාත් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට පුළුවන්’

කෙසේ නමුත් ඒ සියලූ‍ම දේවල් කනට ගන්නෙ නැතුව හැම මොහොතකම සතුටින් ඉන්න තමයි දිනක්ෂිටයි සාරංගටයි අවශ්‍ය කියලා ඔවුන් මාධ්‍යයට ආවම කියනවා’ ඒ වගේම තමයි ඇය මේ විදිහට ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සැහැල්ලූ‍වෙන් ජීවත් වෙන්න තරුණ කාලයේ බොහෝ ඇප කැප වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා’ කොයි තරම් පුවත් මැව්වත් දිනක්ෂිගේ අතීතය” ඇයගේ ජීවිතය පිළිබඳව කතා කරලා නැති තරම්’

ඉතින් මේ කියන්න යන්නේ දිනක්ෂි පොඩි කාලේ ජීවත් වෙච්ච විදිහ සහා ඒ
ජීවිතයේදී ඇය මුහුණ දීපු ගැටලූ‍කාරී තත්ත්වයන් ගැනයි’ කවුරුත් හිතන්නේ නෑ
දිනක්ෂි වගේ දුෂ්කර ජීවිතයක් ගත කරපු කෙනෙක් ද කියලා’ ඇත්තටම බොහෝ දෙනෙක් ඇය මේ අදහස ප‍්‍රකාශ කරාට පස්සේ මේ කතාව ඇත්තද කියලත් අහළා තිබුනා’ ඉතින් ඇය වැඩසටහනකදී අම්මා තාත්තා නංගිලත් එක්ක ගතකරපු ඒ දුෂ්කර කාලයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි’

”අපි ගොඩක් ප‍්‍රශ්න වලට මුහුණ දීපු පවුලක්’ වැඩියෙන්ම ආර්ථික ප‍්‍රශ්න’
ඉතින් ඒ දේවල් එක්ක කවදාවත් තාත්තිට අම්මිටයි අපේ ගෙයක් කියලා ගෙයක් ගන්න හම්බුනේ නැහැ’ අපි හැමදාම කුළියට හිටියේත්‍ව’ අපි ගෙවල් 14ක ඉඳලා තියෙනවා රෙන්ට් එකට’

ඒ උනාට අම්මි තාත්ති දෙන්නම අපි හොඳ ස්කූල් වලට යැව්වා’ ඉතින් ඒවට වියදම්
කරලා ඉස්කෝලේ වෑන් වල යවලා ඒවට කිසිම අඩුපාඩුවක් අපි වෙනුවෙන් එයාලා කළේ නැහැ’ ඉතින් ඒගොල්ලන්ගෙ රස්සාව ෆිල්ම් ඉන්ඩ‍්‍රස්ටි එක නිසා ඒක ස්ථාවර
නැහැ’ ඒවත් එක්ක තාත්තිගේ රස්සාවත් නිසා අපි සෑහෙන්න ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ දුන්නා’

සමහර දවස් වලට කන්න බොන්නවත් නැති උනු දවස් තිබුණා අපිට’ මම දැකලා
තියෙනවා අම්මි අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා’ ඉස්කූල්
ෆීස් ගෙවන්න ඒවට අම්මි මාර මහන්සි වෙලා සල්ලි හොයපු කාලවල් තිබුණා’ ඉතින් එයාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඒ ටැලන්ට් එකෙන් ඇඳුම් මහලා එයා සල්ලි අරගෙන ඒවා ඉතුරු කරලා තමයි අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලේ’

ඒ නිසා මට පොඩි කාලේ ඉඳං  ඕනෙවුනා අපි හැමෝටම එකට ඉන්න ගෙයක් ගන්න  ඕනි කියන එක’ ඒක තමයි මගේ හීනේ උනේ’ මම ඉගෙන ගන්න ටිකක් දක්ෂයි’ මම මබසඩැරිසඑහ ගිහිල්ලා අවුරුදු තුනක් ිඑමාහ කළා’ එක තැනකදි මට අධ්‍යාපනය අතහැරුණා’ මොකද මගේ පවුල ගොඩ ගන්න මට  ඕනේ උනා’ ඒ දේවල් එක්ක මම අධ්‍යාපනය පොඞ්ඩකට නවත්තලා මෙකක-එසපැ වැඩ කරන්න පටන් ගත්තා’ ඉතින් එහෙම වැඩ කරලා ඒ හම්බවෙච්ච සල්ලි වලින් තමයි 2017 එතකොට මට අවුරුදු 27යි” මම ඉස්සෙල්ලම ගෙයක් ගත්තා’ ඒක තමයි මගේ ජීවිතේ ලොකුම ්ජයසඩැපැබඑ එක’ ”

සමාජ මාධ්‍ය ඔස්සේ කොයිතරම් චෝදනා ලැබුවත් ඇයට දොස් කියන බොහෝ දෙනෙක් දිනක්ෂිගෙ ජීවිතය පිටිපස්සේ තියෙන මේ දුෂ්කර කාලය ගැන දන්නෙ නැහැ’ කෙසේ නමුත් මේ වන විට ඇය ස්ථාවර සුවපහසු ජීවිතයක් ගත කරන්නේ හරිම සතුටින්’

මට දැනෙන දේ එයාටත් දැනේවීනේ” මේධා ජයරත්න සංවේදීව හෙළි කළ කතාව

පුංචි තිරයෙන් ඔබ මුණ ගැහුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්
විදිහට මේධා ජයරත්න හඳුනා ගන්න පුළුවන්’

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ත් අතිශය ජනප‍්‍රිය ඇය” නිරන්තයෙන් සුන්දර
ඡුායාරූප එහෙමත් එහි පළ කරනවා’

ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමින්” ඇගේ
පෞද්ගලික ජීවිතේ බොහෝ තොරතුරු හෙළි කළ අතර” එයින් උපුටා ගත් කොටසක් තමයි මේ””

මේධා සියලූ‍ බැඳීම් අත්හැරලා ද ?
මට ලේසියෙන් දේවල් අත්හරින්න පුළුවන්’ මම ඒ වෙලාවට දේවල් විඳිනවා වුණාට
මම ගොඩක් දේවල්”’ හිතන්නකෝ මාලේ නැතිවුණා කියලා’ මම ඒවා ගැන දුක්වෙන්න නෑ’ මම අත්හැරීම ප‍්‍රගුණ කරලා නෙවෙයි’ ඒ මගේ හැටි”’ මම එහෙම පන්සල් යන කෙනෙක්වත් නෙවෙයි’ අපි ආගම අල්ලගෙන මිලෙච්ඡු වැඩ කරනවානේ’ ඉතින් අපිට මොකටද ආගම්”? මම පැහැදිලිව විශ්වාස කරන්නෙ මාව’ ආපස්සට බැලූ‍වොත් හොඳ නරකදෙකම තියෙනවා’ මම කියන්නෙ නෑ මම ශුද්ධවන්ත චරිතයක් කියලා’ මගේ හොඳ පැත්ත වැඩියි කියල මට හිතෙනවා’ මොකද මමනේ මං ගැන දන්නෙ’ මට මං ගැන සතුටුයි’

තනිවෙච්ච වෙලාවල්වලට දරුවෝ මතක් වෙලා කඳුළු එන්නෙ නැද්ද ?
තනිවෙච්ච වෙලාවට නෙවෙයි හැම වෙලාවෙම ඒක වෙනවා’ තනිකම දැනෙනවා’ එහෙම බලෙන් අරන් කැමති නෑ’ මගේ ළමයි බලෙන් තියාගෙන” මට දැනෙන දෙයක් තියෙනවනේ’ මම හිතන්නෙ අනිත් පාර්ශවයෙන් මම ඇවිත් තියාගන්නකොට” මට දැනෙන දේ එයාටත් දැනේවිනේ කියලා මට හිතෙනවා’ වැඩිය අහන්න එපා ඒ ගැන’ අපි සාමාන්‍යයෙන් මනුස්සයොනේ’ අපි රහස් වෙලා නෑනේ’

දුක හංඟන් රඟපානවද?
ඒක රඟපානවා නෙවෙයි’ මට ඒක දැනෙන  ඕන වෙලාවක ඒක පිට කරනවා’ මම ලෝකෙට හංඟගෙනත් නෑ ඉතින්’

උතුරු මැද පළාතේ තැලසීමියා රෝගින් අවදානමක

උතුරු මැද පළාතේ තැලිසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට රුධිරය මාරු කිරීමට අවශ්‍ය රුධිර බහාලුම් මලු හා ඖෂධවල හිගතාවෙන් රෝගීන් 350ක් පමණ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බව එම රෝගීන් රැක බලා ගත්තා රෝගීන්ගේ දෙමවුපියෝ පෙන්වා දෙති.  තැලසීමියා රෝගීන්ට විශේෂිත වෙතම වාට්ටුවක් හා රෝගී සත්කාරක සේවා ඒකකයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින අතර එහි තැලිසීමියා රෝගීන් 300කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවද ඔවුහු පවසති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂිත තැලසීමියා රෝගීන් සඳහා වූ වාට්ටුවක්
හෝ ඒකකයක් නොමැති වුවත් හඳුනාගත් රෝගීන් 100ක් පමණ පොළොන්නරුව මහ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කරන බවද පැවසෙයි.

කෙසේ න්වෙතත් මාසයක පමණ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනවලට සහභාගී වන හා රුධිරය මාරු කරගැනීමට පැමිණෙන රෝගීන්ට ලේ ලබා දීමට අවශ්‍ය රුධිර බහාලුම් හෙවත් ලේ බෑග් නොමැති වීමෙන් ලේ මාරු කිරීමට නොහැකිව රෝගීන් දැඩි අසරණ බවට පත්ව ඇති බවද දෙමවුපියෝ පවසති.

ඔවුන් නියමිත කාලවලට රුධිරය මාරු නොකළොත් ජීවිත අවදානම වැඩි වන බවද ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ පිළිබද පොළොන්නරුව හා අනුරාධපුර මහ රෝහල්වල අධ්‍යක්ෂවරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය ව්‍යර්ථ විය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ තැලසීමියා ඒකකයේ රෝගීන් 300කට  වැඩි පිරිසක් සිටින බවත් ඔවුන්ගේ ලේ මාරු කිරීමට මසකට ලේ බෑග් 1000ක් පමණ අවශ්‍ය බවත්ය.

එම ලේ බෑග් හිගය උග්‍රව පවතින බවත් ලේ පරිත්‍යාගශීලීන් සෑහෙන පිරිසක්
සිටියත් ලේ ලබා ගැනීමට බෑග් නොමැතිකම විශාල ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කීය. ඖෂධ කිහිපයක හිගයක් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැලිසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා රුධිර පාරවිලයන කටයුතු මහ රෝහලේ ළමා වාට්ටුවෙන් හෝ කුරුණෑගල හෝ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් සිදු කෙරෙන බවත් දැනට පොළොන්නරුවේ තැලසීමියා රෝගීන් සම්බන්ධයෙන් අවදානම්සහගත තත්වයක් උදා වී නැති බව පොළොන්නරුව ප්‍රාදේශීය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පැවසීය.

බිනරමලී සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අද අභාවප්‍රාප්ත වූවා
ය. කලක් රෝගාතුරව සිට ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසු විය.
කහවිටගේ දෝන ලීනා ස්වර්ණලතා පෙරේරා 1951 නොවැම්බර් 01 වන දා කොටහේනේ උපත ලැබුවා ය.
ඇගේ පියා වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා ලේක්හවුස් ආයතනයේ කලක් සේවය කළේ ය.

දශක 5කට අධික කාලයක් මෙරට සිනමාව වෙනුවෙන් දායකත්වය ලබාදුන් ඇය ප්‍රවීණ සිනමා පත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන අතර ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගන දායකවී ශ්‍රී ලාංකේය සිනමාවට පිවිසියාය.
අනතුරුව ‘බිනරමලී’ චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක්
නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

රහස් දූපත, රෑන ගිරව්, සිරිල් මල්ලි, රන් ඔන්චිල්ලා, අභිරහස, ඔන්න බබෝ
බිල්ලෝ එනවා, හරි ම බඩු තුනක්, දයාබර නිලූ ආදී චිත්‍රපට 35කට පමණ ඇය
රංගනයෙන් දායක වූවා ය.

ස්වර්ණා කහවිට මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන
භූමියේදී හෙට (මැයි 24) පස්වරු 4.30ට සිදු කිරීමට නියමිතය.

ගෝඨාභය ගෙදර යන්න මහේල නැවත ඉල්ලයි

දින දෙකක් වයසැති දැරියක රෝහලට ගෙනයාම සඳහා පෙට්‍රල් නොමැතිවීමෙන් මිය යාම,  අවුරුදු 12ක් වයසැති දරුවෙකුට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඔසුසල් 08කට ගියද සොයා ගත නොහැකි වීමෙන් මිය යාමේ සිද්ධිය වැනි ශෝචනීය සිදුවීම් වාර්තාවන පසුබිමේ ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන ට්විටර් සටහනක් යොදා තිබේ.

ශ්‍රී ලංකාවට G7 කණ්ඩායමේ සහය

ශ්‍රී ලංකාව මේ වන විට සවෛරීත්ව ණය ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවක ලෝක බලවතුන් 7 දෙනෙකුගෙන් සැදුම් ලත් G7 කණ්ඩායම විසින් ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයන්තයන්ට සහය ලබා දෙන බවට කෙටුම්පත් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

G7 කණ්ඩායම එලෙස පවසා ඇත්තේ ඊයේ (19) ජර්මනියේ පැවති රැස්වීමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

G7 රටවල් විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන
විට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිගුකාලීන විසඳුම්
සෙවීමට ඔවුන් කැප වී සිටින බවයි. එසේම විභව ණය වැඩ සටහනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ “ඵලදායි සාකච්ඡා ” ආරම්භ කරන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා එක්සත්
ජනපදය යන සාමාජික රටවලින් G7 කණ්ඩායම සමන්විත වේ.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවදුරටත් පහළට

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී
ලංකාවේ දිගු කාලීන විදෙස් විනිමය නිකුතු ශ්‍රේණිගත කිරීම (Long-Term
Foreign-Currency Issuer Default Rating)  ‘C’ සිට ‘RD’ දක්වා පහළ දැමීමට
පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් මත අප්‍රේල් 18 වන දින ගෙවිය යුතු
කූපන් ගෙවීම් සඳහා ලැබී තිබුණු දින 30 ක සහන කාලය ද පසුගිය මැයි 18 දා
අවසන් වීමත් සමඟ මෙම පියවර ගැනීමට ෆිච් රේටිංග්ස් පියවර ගෙන ඇත.