”ආයේ විවාහ වෙනවට වැඩිය මේ තනිකම හොඳයි”- පියුමි බොතේජු

කලා ක්ෂේත්‍රයේ ආදරණීය චරිතයක් තමයි පියුමි බොතේජු කියන්නේ’බෝනිකර තරු’” අමරබන්දු රූපසිංහ’ ”හාට් කට්’ වැනි නිර්මාණ රැසක් හරහාම පියුමි බොතේජු දැකගන්න පුළුවන් වෙනවා’ පියුමි පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියා’  ඉතින් මේ ඇයත් එක්ක කළ කතා බහක්’

දැන් කොහොමද අසනීප තත්වය?
”ඔව් ගොඩක් අමාරුවෙලා හිටියා දරුණු විසබීජයක් ඇතුල්වෙලා කියලයි ඩොක්ටර් කිව්වේ’ දැන්නම් මට ගොඩක් දුරට හොඳයි” මේ වෙලාවේ ඩොක්ටර් කිවුවේ රෙස්ට් කරන්න කියලාත්‍ව’ ඒ නිසා මම පහුගිය සති දෙකේම රූගත කිරීම් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ ඩොක්ටර් නම් කිවුවේ තව සති දෙකක්වත් මෙහෙම ඉන්න කියලා

ඇත්තටම කොහොමද පියුමි අසනීප වුනේ?
”මම අසනීප වෙනකොට වැඩ කලේ අමරබන්දු රූපසිංහ’ කියන සිරස නාලිකාවේ විකාශනය වන නාට්‍යයේ ත්‍ව මම අසනීප උනාම සිරස නාලිකාවේ අය තමයි මව වෛද්‍යවරු ලඟට එක්කගෙන ගියේ ඒ වගේම මට බෙහෙත් අරන් දීලා ගෙදර එක්කගෙන ආවෙත් ඒ අය” ඇත්තම කියනව නම් මනුස්සකම අතින් රත්තරන් මිනිස්සු ටිකක් සිරස ආයතනයේ ඉන්නේ’

හැබැයි මම අසනීප වෙන්න හේතු වුනේ වෙනත් නාට්‍යයක්’ ඒ නාට්‍යයේ රූගත
කිරීම් තිබ්බේ කැලේක ඒ කැලේදී පොඩි සත්තු වගයක් මගේ කකුල් දෙකට විදලා ඒ තැන්වල පලු‍ දැම්මා’ ඒ විදියට තමයි විසබීජයක් ගිහින් තියෙන්නේ’ කොච්චර
අමාරු උනාද කියනවනම් මගේ වැඩ ටික මට තනියම කරගන්න බැරි වුනා’ මම අසනීප වුන ටෙලිනාට්‍යයේ කිසිම කෙනෙක් මට කතා කරලා කොහොමදවත් ඇහුවේ නෑ මම හිතන් හිටියේ කලාව තුල ඉන්න අය හරිම මානුෂීය අය කියලා” ඒත් ඒක එහෙම නෑ කියලා ඒ අය ඔප්පුකරලා පෙන්නුවා”

රෝගල්ගත වුණ දවසේ හැමෝම දැනගත්තා පියුමි අසනීප වෙලා කියලාත්‍ව ඉතින් ඔබට ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

”ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ ආදරණීය මිනිස්සු ගොඩක් ඉන්න තැනක් මාව ඇඩ්මිට් කරපු තප්පරේ ඉඳල වෛද්‍යවරු හෙද හෙදියෝ මට සත්කාර කලේ හරිම ආදරෙන්’ ඒ කාර්ය මණ්ඩලයට මම අනෙක වාරයක් ස්තුති කරන්න ඕන’ ඒ වගේම ජාති ආගම් බේදයකින් තොරව මට ආශිර්වාද කරපු හැමෝටම මම ගොඩක් ආදරෙයි

ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් වැලැක්වූ අනතුර

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය ඊයේ තුර්කියට ඉහලින් වූ උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය
එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් සමග ගැටීමට යාමෙන් සිදුවීමට
ගිය විශාල විපතක් වළක්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ගේ දක්ෂකම
නිසා හැකිවී ඇති බව වාර්තා වෙයි.

මගීන් 275 දෙනෙකු සමග ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹු UL 504 දරන ගුවන් යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ සවස ලඟා වී තිබුණි.

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලේ සිට කටුනායක බලා ගමන් ඇරඹු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුල්වීමෙන් පසු අන්කාරා ඉහළින් පියාසර කරමින් සිටියදී එහි ගුවන් පාලක මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගුවන් යානය පියාසර කරවන ලෙසට දැනුම් දී තිබෙයි.

තමන්ට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටි ශ්‍රී ලන්කන්
ගුවන් නියමුවන් ඇතුළු යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට නිරීක්ෂණය වී
ඇත්තේ ඒ වන විටත් ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින්
පියාසර කරන බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් පියාසර කරමින් සිටින
බවයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරන මාර්ගයට ශ්‍රී ලන්කන්
ගුවන් යානය රැගෙන යන ලෙස අන්කාරා හි පිහිටි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන් ඔවුන් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දීමට පියවර ගනු ලැබ ඇති බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ඒ වන විට ඩුබායි බලා පියාසර
කරමින් සිට ඇති අතර එහි ගමනාන්තය වී තිබුනේ සිංගප්පූරුවයි. එමෙන්ම මෙම
ගුවන් යානය ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොලෙන් පිටත්වී තිබුනේ ශ්‍රී
ලන්කන් ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකට පසුව වීමද විශේෂත්වයකි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය සිදුකළ දැනුම් දීමෙන්
පසුව පරීක්ෂා කිරීමෙන් පසු, අන්කාරා ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය
විසින් ශ්‍රී ලනක්න් ගුවන් යානයේ කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ
රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු ගුවන් යානයක පියාසර කිරීමක්
අනාවරණය නොවූ බැවින් ශ්‍රී ලන්කන් ගුවන් යානයට ඉහළ නැගීමට අවසර දුන්
බවයි.

ඒ වන විට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තම යානාවේ පිහිටි
රේඩාර් පද්ධතියෙන් හඳුනා ගත් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවා යානය අදාළ
සීමාවට රැගෙන නොගස් නැවත වරක් අන්කාරා ගුවන් ගමන් පාලකට දන්වා ඇත්තේ ඔවුන් ගේ තීරණය ගැන පරීක්ෂා කර බලන ලෙසයි.

එම දැනුම් දීමෙන් සුළු මොහොතකට පසුව ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය
විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට දැනුම් දී ඇත්තේ අඩි 35,000ට
ඉහළ අහසේ ගුවන් යානයක් ගමන් කරමින් ඇති බවට නිරීක්ෂණය වූ බැවින් පෙර
දැනුම් දුන් නියෝගය අවලංගු කරන බවයි.

තුර්කි ගුවන් ගමන් පාලක මැදිරිය විසින් සිදුකළ දැනුම් දීම අනුව ශ්‍රී
ලනක්න් ගුවන් යානය අඩි 35,000ක් ඉහළ මට්ටමට ඔවුන්ගේ යානය ගෙන ගියා නම් එය විශාල ඛේදවාචකයක් වීමට ඉඩ තිබුණි. මන්ද ශ්‍රී ලන්කන් ගුවන් යානයේ වේගයට අධික වේගයෙන් බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරමින් තිබු බැවින් එම යානා දෙක උඩු ගුවනේදී ගැටීමට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබු බැවින්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් ඇතුළු
කාර්ය මණ්ඩලයේ සුපරික්ෂාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා
ගැනීමට හැකිවූ අතර මගීන් 275 දෙනා ද සමග යානාව ආරක්ෂා සහිතව ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළට ලඟා වූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

https://www.gossiplankanews.com/

ෂෙඩ්වල පෙට්‍රල් ඩීසල් තිබෙන ප්‍රමාණ දැනගන්න රජයෙන් වෙබ් සයිට් එකක්

ICTA ආයතනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් හඳුන්වා දී ඇත.

නිලධාරීන් පවසන පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත්
තොරතුරු දිනපතා පෙරවරු 9.00 වන විට වෙබ් අඩවියට උඩුගත කෙරෙන අතර ඉන් පසු සෑම පැය භාගයකට වරක් වෙබ් අඩවිය යාවත්කාලීන කෙරෙනු ඇත.
මෙම වෙබ් අඩවියට අන්තර්ජාලයට පිවිසිය හැකි  ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් සම්බන්ධවිය හැකිය.

වෙබ් අඩවියේ ලිපිනය මෙසේය.
https://fuel.gov.lk/

සනත් නිශාන්ත හා සමන්ලාල් ඇප මත නිදහස් ඩෑන් ප්‍රීයසාද් තවමත් බන්ධනාගාරයේ

මැයි මස 9 වැනිදා ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය
සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්
නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, එක් සැකකරුවෙකුට මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කරන බවයි.
ඩෑන් ප්‍රීයසාද් නමැත්තාට ඇප නොදුන් අතර ලබන 22 වැනිදා දක්වා තවදුරටත්
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූයේ ඔහුට තවත් නඩුවක ඇප මතසිටියදී මෙම වරද සිදුකිරීම නිසාය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මහතාට ස්ථාන මාරුවීමක් දෙන ලෙස සහ පොලිස් ආඥා පනත යටතේ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව අධිකරණයට කරුණු දක්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.

මේ අතර අධිකරණ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,
පාර්ලිමේන්තු මන්ත්‍රී නිලාන් ජයතිලක ඇතුළු සෙසු සැකකරුවන් අද අධිකරණය
හමුවේ පෙනී සිටියේ ය.

මනි ඕඩර් කරපු මදි වුන රුපියල

පසුගියදා ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමූ බලශක්ති ඇමති කංචන විජේසේකර ඊට හේතු දක්වමින් පවසා සිටියේ දිගටම පාඩු ලබන නිසා මෙසේ ඉහළ දැමූ බවත් වෙනස් කර ඇති නව මිල පවා රුපියලක් රජයට පාඩු ලබමින් මිල නියම කළ බවයි.

මෙම ප්‍රකාශය පාරිභෝගිකයින්ගේ කෝපයට මෙන්ම උපහාසයටද හේතුවූ අතර පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් රැසක ‘කංචනට රුපියලක්‘ රැස් කිරීමේ කැට තබා තිබුණි.

එහි දෙවන පියවර වශයෙන් අනුරාධපුර නගරයේ පිරවුම්හල් වලින් එක්රැස්වූ
රුපියලේ කාසි එකතුව කංචන ඇමතිවරයා වෙත යොමු කිරීමට පිරිසක් කටයුතු කර තිබේ. ඔවුන් රජයේ ඛණිජ තෙල් අමාත්‍යංශ කාර්යාලයට ගොස් එය යොමු කළ හැකි ආකාරය විමසා සිටීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ලිපිනයට කංචන විජේසේකර නමට කැටයට එක්රැස්වූ මුදල් ප්‍රමාණය මනි ඕඩරයක් හරහා යොමු කරන්නටද කටයුතු කර තිබුණි.

ඔවුන් දැක්වූ සටහනේ දැක්වෙන්නේ ‘කංචන මෙන්න රුපියල අපි ණය නෑ‘ යනුවෙනි.

දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට

මරණ දඩුවම් ලදමුත් ජනපති සමාව ලැබ නිදහස්ව සිටි  දුමින්ද සිල්වා අධිකරණ
නියෝග අනුව පොලිසිය නැවත අත්අඩංගුවට ගෙන තිබේ.කෙසේ වෙතත්
ඔහු රෝහල්ගතව සිටින නිසා එසේ සිටියදි ඔ ඔහු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ‘රෝහල් ඇඳ අඩස්සියක්’ ලෙස ගෙන ඇති බව පොලිසිය පවසයි.
භාරත ගාතනය නිසා මරණීය දණ්ඩනයට ලක්ව සිටි ඔහු ජනපති සමාව ලබා නිදහස්ව සිටියදි ඊට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ මව ලබාගත් අධිකරණ නියෝග අනුව නිදහස අත්හිටුවීමට ලක් විමෙන් පසු  අධිකරණ නියෝගයකට අනුව  දුමින්ද සිල්වා   අත්අඩංගුවට ගැනුනේ  ශ්‍රි ජයවරධනපුර රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබමින් සිටින විටදීය.

අපස්මාර තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ   ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ,
ස්නායු ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ අධීක්ෂණය යටතේ 18 වැනි වාට්ටුවට ඇතුළත් වී ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඔහු රදවා ඇති අතර පසුව බන්ධනාගාරයට රැගෙන යන්නට අපේක්ෂා කරයි.දුමින්දට මින් ඉහත සිංගප්පුරු ගොස් කාලයක් තිස්සේ එහි රෝහලක නතරවන්නට නිර්දේශ කළේද මෙම වෛද්‍යවරියමය.

ජොන්ස්ටන් ඇතුළට ගන්න – නීතිපති

පසුගිය මැයි 09 වනදා සාමකාමී අරගලයට පිරිසක් පහරදීම සඳහා කුපිතවන ලෙස කතා පැවැත්වූ හා ඒ සඳහා සැලසුම් කළ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති
දෙපාර්තමේන්තුව මගින් පොලිසියට දන්වා තිබේ.

මින් ඉහත පොලිස් අපරාධ කොට්ඨාසය මන්ත්‍රීවරයාගෙන් පැය 5 ක් ප්‍රකාශයක්
ලබාගත් නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. ඔහු පිටවන දොරටුව අසළ
විරෝධතාකරුවන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි බලකරමින් සාටන් පාඨ කියවමින් සිටි බැවින් රහස් පොලිසියේ පස්සා දොරින් මන්ත්‍රීවරයාට පිටව යාමට
අවස්ථාවක්ද ලබාදී තිබුණි.

ජනපති හා අගමැතිට ඉතා සමීපව කටයුතු කරන්නෙකු ලෙස ප්‍රකට ජොන්ස්ටන්
ප්‍රනාන්දු සිය බලයේ ආනුභාවයෙන් නිරුපද්‍රිතව සිටින බවට මේ වනවිට ජනතාව
තුළ මතයක් නිර්මාණයවී ඇති අතරම නීතිය සැමට එකසමාන නැති බවටද මේ නිසා සාකච්ඡාවට ලක්ව තිබේ.

ප්‍රමුදි කරුණාරත්නගේ ජීවිතේ

ඇය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.

එම චිත්‍රපටයත් සමගින් ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී ගැන
බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
ඇය වෙන කවුරුත් නොව ළමා ලෝකයේ අපේ පුංචි පැංචිය වූ ප්‍රමුදි කරුණාරත්නයි
. සිරස ටීවී නාලිකාවේ විකාශය වූ පළමු ළමා වැඩසටහනේ පුංචි ළමා නිවේදිකාව
වූ ඇය නිවේදනයට පමණක් නොව රංගනයෙනුත් බොහෝ දස්කම් පෑ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය වාසනාව හිමි කරගන්නවා. ඒ වගේම “බෝම්බ සහ රෝස” වැනි චිත්‍රපට කතාන්දර තුළිනුත් ඇය ඔබ හමුවන්නට පැමිණියා.කාලයත් එක්ක ඇය ක්ෂේත්‍රයෙන් අයින්වෙලා වගේ තමයි දැන් ඉන්නේ.

දැන් ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්ම කෙනෙක්. ඉතින් අම්මා කෙනෙක් වුනාම තියන වගකීම් හමුවේ ඇය දරුවන් සමග කාලය ගත කරන ආකාරයක් තමයි අපි දකින්නේ. ඇයගේ පළමු දුවගේ නම ‘සෞර්‍යා දෙනවක’ කියලයි ප්‍රමුදි අපිට කිවුවේ.

ප්‍රමුදිගේ සැමියා මුණගැහෙන්නේ කළා ක්ෂේත්‍රයේදිමලු. ඉතින් දැන් ප්‍රමුදි
රඟපාන්නේ නෑ ඒ ගැන ප්‍රමුදි අපිට කිවුවේ මේ වහේ කතාවක්. ‘මම රංගනයෙන්
අයින් වෙලා, අවුරුදු පහක්, හයක් වෙනවා. මම හිතුවා රංගනයෙන් ඈත් වෙලා
ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ
කියලා මන් දන්නවා.

මොකද මන් රංගනයෙන් සහ නිවේදනයෙන් යන අංශ දෙකෙන්ම දායක වුනේ කුඩා කලේ නිසා
මෑතකදී නම් මට රුපවාහිනියේ වද්සටහනකටත් ඇත්තටම සහභාගී වීමට නොහැකි වුනා.
නමුත් මට හරිම සතුටුයි. මන් වගේ කෙනෙක් ආදර්ශයට අරගෙන අද වන කොටත් පුංචි පැංචි වැඩසටහන විකාශය වනවා.

ඉතින් ඇත්තටම මටත් වඩා හොඳට දැන් පුංචි නංගිලා පුංචි මල්ලිලා ලස්සනට ඒ
වැඩසටහන කරනවා.ඉතින් මන් මගේ පුංචි ප්ටවූ දෙන්නටත් ඒ වැඩසටහන පෙන්නවා. මට රංගනයටත් ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. ඉතින් දැන් මට වගකීම් වැඩි නිසා මගේ පවුල් ජ්විතේ ගැන හිතලා මන් රංගනයෙන් ඈත් වෙන්න හිතුවේ කියලයි ඇය පවසා තිබුනේ.

ජනාධිපතිවරයා හරීන්ට දී ඇති උපදෙස

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම් දීම ජනාධිපතිවරයා විසින්
සිදු කර ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තැන් තැන්වල ගොස් විවිධ කතා නොකියා
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරගනිමින් අදහස් ප්‍රකාශ කරන ලෙසය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග
අමාත්‍යවරයාද පෙන්වා දී ඇත්‌තේ ඉකුත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්
වීම සදහා ඇමැතිවරුන් විසින් තැන්තැන්වල කළ ප්‍රකාශ මහත් සේ බලපෑ බවකි.

එම නිසා ඇමැතිවරුන් අදහස් ප්‍රකාශ කිරීමේදී වගකීම් සහගත විය යුතු බව
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාද මෙහිදී දැඩිව පෙන්වා දී ඇති බව දැනගන්නට
ඇත.

රනිල්, ඉල්ලා අස්වීමේ සූදානමක්

ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව ප්‍රතික්ෂේප වූ පුද්ගලයකු දිගින් දිගටම
රාජ්‍ය පාලනයට ඇඟිලි ගසමින් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීම හේතුවෙන් අගමැති
රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර
ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදු ජන පෙරමුණේ ප්‍රබලයකු වන මේ තැනැත්තා තමන්ගේ බලය සහ මන්ත්‍රීධූරය අහෝසි වීමේ තර්ජනය සහ මෙතෙක් කරන ලද සියලු අක්‍රමිකතා අනාවරණය වීමේ ගැටලුව හේතුවෙන් තවදුරටත් ආණ්ඩුව අපහසුතාවට පත්කරමින් සහ ර‍ට අරාජික කරමින් සිටින බව දේශපාලන විචාරකයෝ කියති.

රට අරාජික තත්වයට පත්වෙද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිධූරය බාර ගැනිමට කොන්දේසි ඉදිරිපත් කළ අතර ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට අගමැතිධූරය පිරිනමන ලදී. රනිිල් වික්‍රමසිංහ ද අගමැති ධූරය බාරගන්නා ලද්දේ කොන්දේසි කිහිපයකට ජනාධිපතිවරයා එකඟකර ගැනීමෙන් අනතුරුව බව ප්‍රකාශ විය.

මේ අතර 20 වැනි සංශෝධනය බල රහිත කරන 21 වැනි සංශෝධනය ප්‍රමුඛ කාරණයක් විය.

19 වැනි ස‍ංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ විජේදාස රාජපක්ෂ අධිකරණ
අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මේ වනවිට 21 වැනි සංශෝධනය ද කැබිනට්
මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය ආයතන විගණනය කිරීම, පොලිස් කොමිසම, ප්‍රසම්පාදන කොමිසම නැවත ස්ථාපිත කිරීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරිම ඇතුළලු
කරුණු රැසක් අඩංගු බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය ලබා ගැනීමට පෙර දින ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතිවරයා සමඟ කළ පැය තුනක සාකච්ඡාවේ දී  මෙම සංශෝධනය ගෙන ඒමට ජනාධිපතිවරයා එකගවී ඇතැයි වාර්තා වේ.

අනතුරුව රනිල් අගමැති වී රැස්වූ පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තැනැත්තා තම පක්ෂයේ සහචරයන් සමග ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිසිමට ඉඩ නොදෙමින් නියෝජ්‍ය කතානායක තේරීමේ අවස්ථාවේ පවා ගැටලුවක් බවට පත්කළේ යැයි දේශපාලනඥයෝම කියති. කාන්තාවක් නියෝජ්‍ය කතානයක කිරිමට සියලු දෙනාගේ අනුමැතිය හිමිව තිබිය දී එය නොතකා ඔහු අජිත් රාජපක්ෂගේ නම යෝජනා කර ඔහුට නියෝජ්‍ය කතානායක වීමට අවස්ථාව සළසා දුන් බව දැන් ප්‍රසිද්ධ රහසක් වී තිබේ. එමගින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ රනිල් අගමැති
වුව ද තම පදයට නැටිය යුතුය යන අනතුරු ඇඟවීම සිදුකිරීමයි.

මේ වන විටත් 21 වන සංශෝධනයේ වැදගත්ම වගන්ති ඉවත් කිරීමට දැඩි බලපෑමක් එම පුද්ගලයා විසින් මුල් පුරවැසියාට එල්ල කරමින් සිටින අතර ඉහල පුටුව ඔහුට තව දුරටත් අවනත වෙමින් 21 ගෙන ඒමෙන් අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ඉඩ නොදෙන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් අස්වීමට ද නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම : rata