Letter from Speaker Karu Jayasuriya

Over the past few weeks, several members of the clergy, representatives of civil society, academics, intellectuals, professionals, youth organizations and professional activists have reached out to me.   

Some of these groups met me in person. Others spoke to me over the telephone or held press conferences. Their common request is that I consider contesting as a candidate at the upcoming presidential election on a platform encompassing certain national issues.   

The common thread raised by all of these stakeholders is that they believe the country needs new leadership to strengthen our democracy, move away from political paralysis and progress towards an era of functional administration. 

I wish to express my gratitude to all those stakeholders who have reposed their confidence and faith in me, especially the venerable clergy. 

Any prospect of my accepting a nomination to contest as a presidential candidate would be conditioned upon the support of all forces united behind the critical objective of abolishing the executive presidency, which has been the objective of civil society since 1995.  

In addition, the democratic reforms first brought forward by the 17th Amendment to the Constitution and thereafter strengthened by the 19th Amendment must be safeguarded and form the basis for broader constitutional reform.  

I must emphasise that I would not accept such an offer out of a desire for the powers of the presidency. I would only serve in office for such a limited period as is necessary to complete the constitutional reforms that we promise in order to lay the foundations for a secure, prosperous and advanced democracy.   

However, it is my view that if I am to come forward as a candidate representing the alliance led by the United National Front, it must be in accordance with the party constitution and not without the blessings of all parties concerned.

Karu Jayasuriya

inglish

ශ්‍රීලනිපයේ ශක්තිය පෙන්වීමට ජනපති ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් එසේ සිදුවුවහොත් පක්ෂයේ ශක්තිය ඔවුන් සියලු දෙනාට පෙන්වීමට සුදානම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.
මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ වන විට විදේශ තානාපති කාර්යාල සමග සාකච්ජාවන් පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි කිසිදු කොන්දේසි නොමැති බවත් ඇත්තේ අපේකම, ස්වදේශිකත්වය සහ සංස්කෘතිය අගයන වංචාවෙන් දුෂණයෙන් තොර නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙන බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා
පක්ෂයටත්, පාක්ෂිකයින්ටත් අසාධාරණයක් සිදු නොවන සියලු දෙනාට පිළිගත හැකි සහ සතුටට පත්විය හැකි වැඩපිළිවලක් ඉදිරියේදී සුදානම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ  කළේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවද ජන්ද පසුබිම සලකා බලන විට කිසිදු අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බව කියා සිටියා.
ඉදිරිජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දෙන්නේ ජනාධිපතිධුරය මෙන්ම පස් වසරක් පුරා ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශුද්ධ වැඩපිලිවලක ප්‍රතිපලත් සමග බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙපාර්ශවයෙන්ම ආරාධනා ලැබී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු සාකච්ජාවකට එක්වී නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා පොදුජන පෙරමුණ සමග සාකච්ජා වට කිහිපයකට එක්ව සිටින්නේ පළමුව මාතෘ භූමියත් දෙවනුව පක්ෂ අනන්‍යතාවයත් තබමින් බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රිධුර ආරක්ෂාවී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ ලිපියක් හේතුවෙන් බවත් එහි ඉහළම නායකයාට සහ පහළ පාක්ෂිකයින්ට ඒ පිළිබඳව කෙළෙහිගුණයක් ඇතිමුත් දෙවන පෙළ ඇතැම් පිරිසකට එය අමතකවී තිබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

රනිල් සජිත් සාකච්චා සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂයේ (යූඑන්පී) නියෝජ්‍ය නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සෙනසුරාදා රාත්‍රියේ පැවති සාකච්ඡා සාර්ථක වූ බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජික හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (ටීපීඒ) නායක මනෝ ගනේසන් මහතා පැවසුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති රැස්වීම සාඒථකව අවසන් වූ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නය ඇතුළු වැදගත් තීරණ කිහිපයක් මෙහිදි ගෙන  සදහන් වනවා.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වන චම්පික රණවක (ජේඑච්යූ), මනෝ ගනේසෂන්, පලනි දිගම්බරම් (ටීපීඒ), රවුෆ් හකීම්, නිසාම් කාරියප්පර් (එස්එල්එම්සී), රිෂාඩ් බදුර්දීන් (ඒසීඑම්සී), සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම මෙම සාකච්ඡා සඳහා එක් වෙලා.

තද වැසි සමග අපදා තත්වයන්

තද වැසි සමග ඇතිවිය හැකි ආපදා පිළිබඳ විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට උපදෙස් ලබා දෙනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කරන එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලිමේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයට ඊයේ (14) රාත්‍රියේ සිට පවතින  අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත ප්‍රදේශයේ මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී ඇත. එම ස්ථානයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.
ඊට අමතරව හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක් වැසි ජලයෙන් යටවී ඇති අතර අම්බලන්තොට රිදියගම, බැරගම යන ප්‍රදේශවල වැසි ජලය එක් රැස්විම හේතුවෙන්  පහත් බිම් යටවී ඇත.
පවතින වැසි හේතුවෙන් කුඹුරුවල පැසුනු ගොයම් කපා ගැනීමට ගොවීන්ට හැකියාවක් වී නොමැතිව ඇති බව සඳහන්.

ශ්‍රීලනිපයේ 5කට සාමාජිකත්වය අහෝසියි

රී ලංකා පොදුජන පෙරමුනට සහ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන් නිදහස් පක්ෂ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ සාමාජිකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුනි සොයිසා, එස්.බී. දිසානායක, ඩිලන් පෙරේරා සහ ඒ.එච්.එම්. ෆවුසි යන සාමාජිකයින්ගේ සාමාජිකත්වය අත්හිටවු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුනි සොයිසා, එස්.බී. දිසානායක සහ ඩිලන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  වෙතින් සාමාජිකත්වය ද විජිත් විජයමුනි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කර තිබෙනවා

එජාප අපේක්ෂකයා ලබන සතියේදී කරළියට

එළඹෙන සතියේදී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කරන බව එජ්සත් ජාතික පක්ෂය පවසනවා.
අප කල විමසීමේදී නලින් බණ්ඩාර මහතා පැවසුවේ එකී අපේක්ෂකයා නම් කිරීමට සුදානමින් සිටින බවය.
එමෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තෝරා පත් කරුණු ලබන ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවිමට සියලු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් බැඳි සිටින බව දයා ගමගේ අමාත්‍යවරයා ද මේ ගැන අදහසක් දක්වමින් කියනවා.  ඒ අනුව ඔහු පවසන්නේ පක්ෂය තුළ කුමන ගැටළු පැවතිය ද ජනාධිපතිවරණයට සියලු දෙනා එක්ව කටයුතු කරන බවය.

උතුරු පළාතේ ඉඩම් ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල්වෙයි

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලෙහි පළමු අදියර වශයෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීම සඳහා වූ පළමු හමුව අද (12) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්විණ.
විශේෂයෙන් උතුරු පළාතේ මේ වනවිට ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා ඒ ඒ අංශ වලින් වෙනම කමිටු පත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව උතුරේ ඉඩම් හිමි, එහෙත් මේ වනවිට විදෙස් ගතව සිටින ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා විදෙස් ගතව සිටින ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඊට අදාළ අයදුම්පත උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් (https://np.gov.lk) ලබා ගත හැකිය.
ඒ අනුව කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීමේ දෙවන හමුව ලබන 26 වන දින පත් කර ගන්නා ලද කමිටු නිළධාරීන් සමඟ පැවැත්වීමට නියමිතය.
දෙවන අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරන අතර එම හමුව ලබන 14 වනදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්වේ. මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල ඉඩම් තෙවන අදියර යටතේ නිදහස් කිරීමට කටයුතු යොදා තිබේ.
ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, පොලිස් නිළධාරීන්, ඉඩම් අමාත්‍යාංශ නිළධාරීන්, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිළධාරීන් ඇතුළු අදාළ අංශවල සියලුම නිළධාරීන් සමඟ පා.ම මාවෙයි සේනාධිරාජා, පා.ම චාල්ස් නිර්මලනාදන්, පා.ම ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සහ පා.ම ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු නියෝජිතයන් මෙම විශේෂ හමුව සඳහා සහභාගි විය.

මවගේ අවමංගල කටයුතු සිදු කරන්න මුදල් නොමැති පුතා මවගේ සිරුර කැළයට විසි කරයි

මවගේ අවමංගල කටයුතු සිදුකිරීමට මුදල් නොමැති බව කියමින් පු‌තෙකු තම 81 හැවිරිදි මවගේ සිරුර කැලයට විසි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.
වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නමැති එක්දරු මව ඉකුත් 29 වැනිදා රාත්‍රි රෝගාතුරව නිවසේදීම මියගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කර තිබුු‌ෙුුුණේ.
අවමංගල කටයුතු සිදුකිරිමට මුදල් නැති නිසා සිරුර කැලෑවට විසි කරන බව පවසා තම සැමියා එදින රාත්‍රියේම මවගේ සිරුර ත්‍රිරෝද රථයකට පටවා ගෙන තම 15 හැවිරිදි දෙවැනි පුත්‍රයා සමඟ පිටත්ව ගිය බවත් සැමියා සහ පුත්‍රයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් මියගිය කාන්තාවගේ ලේලියක වන ආර්. විග්වා ගෞරවී නැමැත්තිය පොලිසියට පවසා තිබෙනවා.
මේ අතර වයස්ගත කාන්තාවගේ මරණය ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට සැකකරන බවටත් වතුයායේ පදිංචි කම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කැලෑවට විසි කළේ යැයි කියන කාන්තාවගේ සිරුර සොයා වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරීන්ට එක්වී විග්ටන් වතුයායේ සෝදිසි මෙහෙයුමක් ‌මේ වනවිට ආරම්භ කර තිබෙනවා