Media urged not to mislead public on Gota’s response

The Sri Lanka Podujana Peramuna (SLPP) today urged the media not to mislead the public on the response given by Presidential candidate and former Derfence Secretary Gotabaya Rajapaksa to a question raised at a media conference yesterday.
Rajapaksa was asked at his first media conference as Presidential candidate yesterday to respond to concerns over LTTE cadres reported missing after they surrendered to the Army during the war.
A journalist asked Rajapaksa what his response is to concerns that LTTE cadres went missing after they surrendered to the Army, when he led the Army. Rajapaksa had responded saying he did not lead the Army but was the Defence Secretary.
Asked by journalists today if Rajapaksa only accepted that he led the Army when in suites him and at other times says he did not lead the Army, the SLPP said that Rajapaksa gave the correct response and the media should not attempt to mislead the public.
Rajapaksa’s spokesman Dullas Alahapperuma told reporters today that Rajapaksa did not lead the Army on the ground and that it was the Army Commander at the time, Sarath Fonseka.

ගෝඨාභයට සහය දෙන්න ශ්‍රී.ල.නි.ප. අවබෝධතා ගිවිසුමේ කරුණු 22

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් 3ක් අත්සන් කිරීමට සැලසුම් කර තිබිණි.

එක් ගිවිසුමක් පසුගිය 10 වන දා පක්ෂ දෙක අත්සන් කළ අතර එය අද 15 මාධ්‍යයට නිකුත් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

මේ අවබෝධතා ගිවිසුමට කරුණු 22 ක් ඇතුළත් ය.

අල්ලස දූෂණය පිටු දකිමින් සුදුස්සාට සුදුසු තැන ලබා දෙන, මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කරන නීතියේ ආධිපත්‍ය සුරකින රාජ්‍ය පාලනයකට දෙපාර්ශවය එකඟතාව පළ කර තිබේ.

* ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට, පක්ෂයේ නියෝජිතයින්ට කිසිදු අසාධාරණයක් හෝ වෙනස් කමක් සිදු නොකර පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඔවුන් ආරක්ෂා කිරීම.

* මැතිවරණ ව්‍යාපාරයේදී සාධාරණ අවස්ථා ලබාදීම.

* දෙපාර්ශවය එක්ව ඒකාබද්ධ මැතිවරණ ක්‍රියාකාරී කමිටු සංවිධානය කර ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීම.

* නිදහස් පක්ෂයෙන් මතු කරන කරුණු ගැන මනා ලෙස ඇහුම්කන්දීමට පොදුජන පෙරමුණ සහතික වීම.

* ජාතික හා දේශපාලන වැදගත් තීරණවලදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය විමසා සම්මුතිවාදීව ක්‍රියා කිරීම.

ඊට ඇතුළත් තවත් කරුණු කිහිපයකි.

ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන ජාතික, පළාත් හා පළාත් පාලන ඡන්දවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂක ලැයිස්තුව තුළ අවස්ථාව හිමි වන්නේ 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ඡන්ද පදනම අනුව ය.

පක්ෂ දෙකට අනුබද්ධ සංවිධාන ද සහයෝගයෙන් ක්‍රියා කිරීමට මේ ගිවිසුමෙන් එකඟතාව පළ වී තිබේ.

යාපනය ගුවන් තොටුපල 17 වෙනිදා විවෘත කෙරේ

ඉදිවෙමින් පවතින යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ මෙම මස 17 වෙනිදා විවෘත කිරීමට නියමිතයි.
 උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කරන්නේ ඉදිවන  යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ අමාත්‍ය අර්ජුන රණතුංග ද නිරීක්ෂණය කළ බවයි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපල මෙම මස 17 වෙනිදා විවෘත කෙරේ
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් සේවා පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියා.

සජිත් ගැන රුවන්ගේ අදහස

සජිත් ප්‍රේමදාස තරුණයේ ඉල්ලීම බව අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.
විවිධ විවේචන හමුවේ මේ දින වල වේදිකාගත වන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික සංධානයේ අපේක්ෂකයා සම්බන්දයෙන් මතුවී ඇති කරුණු කිහිපයක් බොස්ටන් අපි ඔහුගෙන් විමසුවා.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට එල්ල වන අධ්‍යාපන සුදුසුකම් පිළිබදව අප ඔහු විමසු විට රුවන් විජේවර්ධන අමාත්‍ය වරයා සදහන් කළේ ඔහු විදේශිව අධ්‍යාපනය ලබන සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පියාගේ ඝාතනය සිදුවූ බැවින් උසස් අධ්‍යාපනය නතර කර ඔහුට  බවය.
සජිත් ප්‍රේමදාස එජාපයේ නියම අපේක්ෂකයාද යන්නටද පිළිතුරක් දෙමින් ඔහු පැවසුවේ මෙවැන්නක්. ” සජිත් ප්‍රේමදාස කියන්නේ තාරුණ්‍යයේ ඉල්ලීම. ඔහුට විශාල පිළිගැනීමක් තියෙනවා. ඔහුව බොහෝ අය ඉල්ලුවා. ඔහු ඔහුගේ පියා සේ බෙහෙවින්ම ජනතාවට ආදරය කරන සමාජයට හිතකාමී දේශප්‍රේමියෙක් ඒ නිසාම ඔහු බිම් මට්ටමේ ජනතාවට කළ දේවල් බොහොමයි. මේ නිසා එජාපයේ නියම අපේක්ෂකයා ඔහු.

Rihanna says Trump is ‘the most mentally ill human being in America’

Rihanna opened up about her thoughts on President Donald Trump, saying in a Vogue interview published this week that she thinks he’s the “most mentally ill human being in America right now.”

On Wednesday, the fashion magazine published an interview with the musician and beauty mogul where she was candid about her political beliefs and distaste for the president.

Rhinanna

Rihanna said it’s “devastating” to live in a country with back-to-back shootings, noting the mass shootings that took place within one day of each other in El Paso, Texas, and Dayton, Ohio.

“People are being murdered by war weapons that they legally purchase. This is just not normal. That should never, ever be normal. And the fact that it’s classified as something different because of the color of their skin? It’s a slap in the face. It’s completely racist,” said the 31-year-old.

“Put an Arab man with that same weapon in that same Walmart and there is no way that Trump would sit there and address it publicly as a mental health problem,” she said. “The most mentally ill human being in America right now seems to be the president.”

The native Barbadian talked about being an immigrant in America right now, telling the publication that she doesn’t even know what to say to young immigrants growing up in this time.

“What do you say? What can you say? It’s gonna get better? I almost feel sick to my stomach. I don’t even believe this is happening in real life. In front of my eyes. In front of the world. It’s not even hidden. This is blatant,” she said.

Source: HUFFPOST -By: JENNA AMATULLI

2020 අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව

ජනාධිපතිවරයේ භාරදුන් නාමයෝජනා සඳහා විරෝධතා ගොනු කිරිමට ලබාදුන් කාලය අද (07) පෙරවරු 11.30ට අවසන් වුනා.
ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා ,
සමරවීර වීරවන්නී
ජයන්ත කැටගොඩ
බත්තරමුල්ලේ සීලරතන හිමි
අජන්තා විජේසිංහ පෙරේරා මිය
සමන්සිරි හේරත්
ඒ.එස්.පි. ලියනගේ
එම්.කේ. සිවාජිලිංගම්
සමන් ප්‍රසන්න පෙරේරා
සිරිපාල අමරසේන
බැද්දේගමගේ නන්දමිත්‍ර
සරත් විජිතකුමාර කීර්ති රත්න
අශෝක වඩිගමංගාව
දුමින්ද නාගමුව
ප්‍රියත් මුනියන් එදිරසිංහ
ආරියවංශ දිසානායක
අජන්ත ද සොයිසා
චමින්ද අනුරුද්ධ
මිල්රෝයි ප්‍රනාන්දු
අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි
රොහාන් පල්ලේවත්ත
නාමල් රාජපක්ෂ
අපරැක්කේ පුන්‍යානන්ද හිමි
වජිරපානි විජයසිරිවර්ධන
අනුර කුමාර දිසානායක
අරුන ද සොයිසා
එම්.එල්.ඒ. හිස්බුල්ලා
ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්
බසීර් සේගුදාවුද්
පියසිරි විජයනායක
රජිව් විජේසිංහ
සරත් මනමේන්ද්‍ර
සුබ්‍රමනියම් ගුණරත්න
සජිත් ප්‍රේමදාස
ගෝඨාභය රාජපක්ෂ
මහේෂ් සේනානායක

මෛත්‍රී රනිල් ගොන් පොරයක් කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු  මේ රට ශක්තිමත් රටක් බවට මහනුවර දිස්ත්‍රික් පා.ම එස් බි දිසානායක මහාතා පවස්නවා.
වැඩි දුරටත් අදහස් දැක් වු එස් බි දිසානායක මන්ත්‍රිවරයා,
මේ අවුරුදු පහේ මේ රට කඩාගෙන වැටුණේ , දුප්පත් කම වැඩි වුණේ , සංවර්ධනය සහමුලින්ම නැති වුණේ , රටට සංචාරකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණේ , ආරක්ෂාව කියන එක තුට්ටුවට වැටුණා , මොකක්ද මේකට ප්‍රධාන හේතුව  ජනාධිපතිගෙයි අගමැතිගෙයි මේ ගොන් පොරය.
මේ ගොන් පොරය නිසා මේ රට වැටුණා , එක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයම පිලිගත්තා, ඒක රනිලුත් පිලිගත්තා, මේ දෙන්නට එකට වැඩ කරන්න බැරි වුණ නිසා තමයි රට වැටුණේ.
බැරි වෙලාවත් සජිත්  දින්නොත් ගොන් පොරයක් නෙවෙයි මි ගොන් පොරයක් එන්නේ, සජිතුයි රනිලුයි මි ගොන් පොරයට ආවම රට කුජිතයි.
මේ බෞද්ධ රටේ දෛවයට ලැබිච්ච දෙයක් තමයි ගෝඨාභය ජනාධිපති වෙලා මහින්ද අගමැති වෙලා , එ සහෝදරත්වයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියන එක.

ගෝඨාට එරෙහිව ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක්  ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර කළා
අද පෙරවරුවේ පෙත්සම සලකා බැලීම යලි තුන්වන දිනයේත් ආරම්භ කෙරුණු අවස්ථාවේ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින්  පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කලා
2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල  සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා