Mahinda urges Sri Lankans to Express Love

Prime Minister Mahinda Rajapaksa today urged Sri Lankans, to express their love to the people that matter the most as the world celebrates Valentines Day.
In a message on his Facebook page, Rajapaksa said that as people around the world celebrate love on Valentines Day it is imperative to note the power that love possesses, for a life without the blessing of true love, is empty and without purpose.
“Today, I invite all Sri Lankans, to express their love to the people that matter the most, let us unite as Sri Lankans and love each other, because when love brings us together, as Sri Lankans we are unstoppable,” he said.
In the message on Facebook Rajapaksa is seen seated next to his wife Shiranthi Wickremesinghe Rajapaksa

කුණුවී ඕජස් රසට බංකොලොත් වූ නිර්මාණයට උද්දාමයක්

මෙය කියවා මට වෛර නොකර යථාර්තය තේරුම් ගෙන නිවැරදි මාවතකට පෙළ ගැහෙමු.
ජාතියට කුණු රසය ලබා දීමේ වරදින් ගැලවෙන්න කලාකරුවන්ට නම් හැකියාවක් නැත. භාෂාව, සාහිත්‍ය සහ ලේඛණ ටෙළිය සිනමානාත්මක හැකියාව නහුතෙට දබයට ඔවුන්ට තිබුණත් අදාල සමාජයට ගැලපෙන ආකාරයට තමන්ගෙ නිර්මාණ බිහි කරන්න තමාට නැති හැකියාව මගින්, සමාජය කෙසේ වෙතත් තමන්ටවත් තේරුම් ගත නොහැකි අවර ගණයේ බාල නිර්මාණ බිහි කරන්නේය.
සියල්ල හමුවේ දෝෂාරෝපණයකි. “අපි ඉංදියාවේ නාට්‍ය ටික බලනවා. උබලා පරගැතියන්ගේ හිවල් කමට ලොබ බදිනවා”. ඔව් අහිංසක අපි ඉන්දියන් නාටක සහ දුප්පත් කෙටිකතා ටික සිල්ලර ගීත වෙතට යොමු වෙනවා තමයි. මහා යයි ප්‍රවීණ කුලේ ලේබල් වූවන් මහා අමතක කර මිනිස් හදවත් තේරුම් ගත්තා නම්, රස විදින්න හැකි නිර්මාණයක් බිහි කළා නම් එය එසේ නොවනු ඇත.
82023739_129067765268761_3893334390071099392_n
සුළුතරයක් සතපා බහුතරයක් නිර්වින්දය කර ලබන ආතල් එක හරියට මෙලෝ මගුලක් නොතේරෙන ආඛ්‍යාන වලින් ලියපු පොත්ක් වගේ නොවන්නේද ? සත්‍ය වන්නේ නිර්මාණකරුවා ඔවුන්ගේ නොහැකියාව තේරුම් නොගැනීමය. ඇයි බැරි තමන්ගේ බුද්ධිය අත්දැකීම් සාක්‍ෂරතාවය යොදවා අපංභ්‍රංස ලිහිල් කිරීමට. බොහෝවුන් දන්නේ “කලාකරු” කියන ලේබලය අලවාගෙන ගැනීමට පමණි. මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි. වැගිරෙන දුගඳ ඕජස් රස බලන, මැස්සන් කැලක් බවට අප මහා ජනයා ලෙස පත්ව සිටීයි.
මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් නිර්මාණකරුවන් ප්‍රමෝදයට පත්ව ඉවක් බවක් නැතිව කෑ ගසන්නට පටන් ගෙන ඇත. සමාජයට විහිලු සපයන විකාර රූපී මෙවලම් බහුතර විනෝදයක් ලබා දෙද්දී, likes සහ views මිනුම් දණ්ඩ ලෙස ගත්විට ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇති වෙද්දී, හරය හෝ ඉහළ රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් වෙද්දී, පහත් රුචිකත්වය ඕපපාතික වෙද්දී නොසරුප් කථා සමාජයට මුදා හැරෙද්දී කුණු රසය සමාජගත වෙද්දී, සියල්ලට පටහැනිව නැගී සිටින්නක් දුටුවෙමි.
83904328_126464358862435_2917627556834312192_n
” සංසාරාරන්‍යය අසබඩ”
එක වක්‍යකින් කියනවා නම් “එය වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන තැනට යන නිර්මාණ අවකාශයට වෙනස් කෝණයක් ලබා දී තිබේ”.
අපේ සමාජය අනුගමනය කරණ පුරුෂාර්ථ ලොව ම්ලේච්චම ශිෂ්ඨාචාරයක් ඇති ගෝත්‍රික සමාජයකටත් වඩා අන්ත පහත් තත්වයට පත් වී ඇත .
මේ ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට නිර්මාණාත්මක සමාජය සහ මාධ්‍යය ආරක්ෂණයක් ඇති කර ගත යුතුය. මෙවන් වූ අධ්‍යකෂවරුන් ඔවුන්ට විරිය සපයන නිෂ්පාදකවරුන් ඉදිරියට පැමිණිය යුතුය. ඒ ස්වර්ණමය සලකුණ සංසාරාරන්‍යය අසබඩ සලකුණු කරමින් සිටියි.
බලමු. විදිමු. හොද නරක කියමු.
AshWau

නව ආරෙක රාටා මවන Widushi “එයා” ගැන හිතට එකඟව කියපු දෙයක්

විදුෂි උත්තරා ටෙලි නාට්‍යට පායපු අළුත්ම ආරේක තරුවකි. කලා පවුලක අභාෂය  ඇති ඇයට අකර්ශනියව කතා කිරීමට දක්ෂය. ඇයටම අවේනික වූ වෙනස් රටාවක් මවාගෙන යන වෙනම ගමනක හිදින්නියක් බොස්ටන් අපට මුණ ගැහෙන්නේ ලංසුපතියෝ රූගත කල අතුරුගිරිය පරිශ්‍රයේදීය. එතැනදී අපේ කතාව මෙසේ ආරම්භ විය
අපි ආරම්භයට යමු..
ළමා වැඩසටහනකට තමයි මං මුලින්ම සහභාගී වුණේ. ඊටපස්සේ 09 වසරේ ඉන්නකොට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. හැබැයි තාත්තාගේ විරුද්ධත්වය මත ක්‍ෂේත‍්‍රයේ දිගටම රැඳී සිටින එක තාවකාලිකව නැවැත්තුවා. ඊට පස්සේ ප‍්‍රදීප් ධර්මදාස අධ්‍යක්‍ෂනය කරන නාට්‍යයකට ආරාධනා ලැබුණා. විරාමයෙන් පස්සේ මුලින්ම සම්බන්ධ වුණේ ඒ නිර්මාණයට. ඊට පස්සේ දෙවෙනි ඉනිමට ආරාධනා ලැබුණා. දෙවෙනි ඉනිමත් එක්ක තමයි මගේ ගමන ආරම්භ වුණේ. පේ‍්‍රක්‍ෂකයො මාව වැළඳ ගත්තේ දෙවෙනි ඉනිම ඔස්සේ.
Modelling කරන්න එහෙම අදහසක් නැත්ද ? 
මම දකින විදියට ඒක තමන්ගේ කැමැත්ත අනුව තෝරගත යුතු දෙයක්. Modelling කරනව නම් ඒ ක්‍ෂේත‍්‍රයට සාධාරණයක් කරන්න පුළුයන් වෙන්න ඕන. මං කියන්නේ fashion modding වගේ දෙයක්. මම fashion modding වගේ දෙයක් නම් කරන්නේ නැහැ. මොකද මම ඒක කරන්න comfortable zone එකක නැහැ. මම හැබැයි මම bridle modding වගේ දෙයක් නම් අනිවාර්යයෙන් කරනවා. මම හැම ඇඳුමක්ම අඳින්න කැමති කෙනෙක් නෙමෙයි. ඒක ගෙදරින් විරුද්ධ නිසා නෙවෙයි. මම අඳින්නේ මට පහසු ඇඳුම් විතරයි.
ඒ කියන්නේ මොනවද ඔබේ විලාසිතා?
මම සාමාන්‍යයෙන් සරල විලාසිතා කරන කෙනෙක්. මගේ ආසම පාට සුදු , කළු. දම් පාටටත් ආසය.  හැබැයි අඳින්නේ නෑ වැඩිය. දම් පාටින් බඩු ගන්න තමයි ආස. මට පහසුම ඩෙනිමයි, ටී ෂර්ට් එකයි, රබර් සෙරෙප්පු දෙකයි. ගොඩක් කොටට අඳිනනේ නැතුව නෙවෙයි හැබැයි අඳිනවා හරි අඩුයි.
අවස්ථානුකූලව හිතට ආස හිතෙන ඇඳුමක්  දැක්කොත්  අරන් අරං අඳිනවා.
ලංකාවේ නිළියක් හොදට ඇන්දම  කියන කතා ගැන ඔබට මොකද හිතෙන්නේ? 
එක එක විලාසිතා කරලා අඳින එක ඉතින් තමන් අඳින ඇඳුම අනුව තමයි කට්ටිය omment කරන්නේ. තමන් කැමැත්තේන් තමන්ට වුවමනා නිසා නම් ඇන්ඳේ කවුරු මොනවා කිව්වත් තමන් දුක් වෙන්න නරකයි. හැබැයි අපි මතක තියා ගන්න ඕන පුද්ගලයාගෙන්ප පුද්ගලයාට choice වෙනස්.
එහේ මෙහේ යද්දී makeup කරනවද ?
පොඞ්ඩක්වත් නෑ . මම makeup කාන්නේ රූගත කිරීම් වලට විතරමයි. හැබැයි රූපගත කිරීමකට ගිහින් පෞද්ගලික ගමනකට යන්න වෙනවා නම් ඒ makeup එක පිටින් යන අවස්ථා තියනවා. මම බලන්නේ පුළුවන් තරම් අඩුවෙන් makeup කරන්න.
IMG_8094 copy
ලස්සන maintain කරන්නේ කොහොමද ?
මං ඇත්තටම එහෙම හිතලා දෙයක් කරන්නේ නැහැ. මේක මට උපතින් ලැබිච්ච රූපයක්. මේ දවස් වල වැඩියෙන් makeup භාවිතා කරන නිසා face wash එකක් භාවිතා කරනවා. ගෙදර ඉන්නවා නම් නම් සාමාන්‍යයෙන් බේබි සබන් තමයි පාවිච්චි කරන්නේ. මොකද මං හිතනවා අඩුම හානියක් වෙන්නේ බේබි සබන් වලින් කියලා.
Fleed එකට එනකොට බය හිතුණේ නැද්ද ?
බය හිතුනේ නෑ. මගේේ family back ground එකත් එක්ක එක්ක මම පොඩි කාලේ ඉඳන්ම හිටියේ කලාවත් එක්ක. ඉතින් මේක මට නුපුරුදු තැනක් නෙමෙයි.
IMG_8105 copy
ඔබ කොහොමද fled එකේ ඉන්නේ ?
එක එක්කෙනා දකින විදිය අනුව තමයි ඒකත් තීරණය වෙන්නේ. මම නම් හාරිම friendly කෙනෙක්. මගෙත් එක්ක අම්මත් එනවා රූපගත කිරීම වලට සමහර දවසට එතකොට මම හැසිරෙන්නේ කොහොමද කියලා මගේ අම්මට පේනවා. ඉතින් අම්මට ප‍්‍රශ්නයක් නැත්නම් මම හැසිරෙන විදිය මේ ලෝකේ කාට ප‍්‍රශ්නයක් වුණත් මට ප්‍රශ්ණයක් නැහැ. මම සාමාන්‍යයෙන් හරි සුහදයි. ඉන්න හැමෝම අයියලා මල්ලිලා එක්ක වුණත් කරට අත දා ගෙන ඉන්න හරිම friendly කෙනෙක්. ඒක තව කෙනෙක් වැරදියට දකින්න පුළුවන් ඉතිං. ඒක මට ප්‍රශ්ණයක් නෙමෙයි.
Gossip වලට ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද?
මං ප‍්‍රතික්‍ෂේප කරන්නේ නෑ. Gossip කැමති කෙනෙක්ට හදන්න පුළුවන්න්. කැමති කෙනෙක්ට ඒවා අහලා පිළිගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත.
එතකොට ඔය දේවල් වලට පෙම්වතා කැමති ද?
තාත්තා නිසා තමයි මං මේවායින් ඈත්වෙලා හිටියේ. නැවතත් ක්‍ෂේත‍්‍රයට එන්න සහයොගය දුන්නේ එයා. අපූරුම සිදුවිම කියන්නේ මම සමහර වෙලාවට upset යනවා ඒ act එක දැක්කම මෙයා මොනාවා හිතයිද කියලා. ඒත්  එයා හිනා වෙලා කියනවා ඔය ඉන්නේ ඔයා නෙමෙයි ඒ චරිතෙට අදාල කෙනා කියලා. මටත් වඩා මං කරන දේවල් බලන්නේ එයා. මං කරපු දෙයක් බලන්න එයා මිස් කරන්නේ නැහැ
තෝරාගෙන ඉන්නේ fled එකේ කෙනෙක්ද ?
නැහැ
විවාහය ගැනමොකදහිතෙන්නේ?
විවාහය කියන්නේ හරි සුන්දර දෙයක්. ඒ දෙන්නා තේරුම් අරන් ජිවත් වන විදිහ.
ඔබ ගැන මොනවා කියනවට ද වැඩියෙන්ම කැමති?
 
මං හරිම ආදරණිය චරිතයක් කියනව නම් මම කැමතියි.
IMG_8166 copy
අළුතෙන් රංගනයට එන යට මොකද්ද කියන්නේ ? 
ජනප‍්‍රිය වෙන්න කලබල වෙන්න එපා. තමන් ශේෂ්ත්‍රයට එන්නේ මොකටද කියන එක මුලින්ම තේරුම් ගන්න  ඕන. වැඩක් කරන්නද? ජනප‍්‍රිය වෙන්නද? හම්බ කරන්නද? ඒ තේරුම් ගැනීම තුළ තමයි එකිනෙකාගේ හැසිරීම් වෙනස් වෙන්නේ. හදිසි වෙන්නේ නැතුව දක්ෂතාවයෙන් ගමනක්  යන්න උත්සාහ කරනවා නම් දිගු ගමනක් යන්න පුළුවන්.
By Gayathri Magage
Pic. By Ranuka Wijewardhane

එජාපෙන් බෙදුණු සජිත්ගේ අලුත් හදවතේ කතාව

දැනටමත් ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත් , එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේනවා
එම නව පක්ෂයේ ‘හදවත’ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරගකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය යෝජනා කර ඇති නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’ ලකුණින්ම තරගකිරීමට යෝජනා කිරීම නිසා මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව පවති.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී  රැස් වූ අතර එහිදී ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවූ අතර යෝජිත සන්ධානයේ මහලේකම් ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නම්කිරීමට එහිදී අනුමැතිය පළ වුනා
මීළඟ මහ මැතිවරණයට හදවත ලකුණ කරගත් සමගි ජනබලවේගය නම් සන්ධානයෙන් තරග කළ යුතු බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතැති පාර්ශ්වයෙන් යෝජනා ඉදිරිපත් වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතාට හිතැති පාර්ශ්වයේ යෝජනාව වූයේ එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවයි.
පක්ෂ ව්‍යවස්ථාව අනුව අලියා ලකුණ හැර වෙනත් ලකුණකින් මහ මැතිවරණයට තරග කළ නොහැකි බව මෙහිදී ඔවුන් පෙන්වා දුන් අතර එවිට සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ මතය වූයේ එලෙස අලියා ලකුණින් තරග කරන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ අභිමතය පරිදි වෙනත් මහලේකම්වරයෙක් නව සන්ධානයට පත්කරගැනීමෙන් පලක් නොවන බවයි.
උද්ගත වූ වාතාවරණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබෙනවා. අවසානයේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ යෝජිත සන්ධානය අලියා ලකුණ යටතේ මහ මැතිවරණයට තරග කළ යුතු බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය යෝජනා කළ බවයි.
කෙසේවෙතත් සජිත් පාර්ශ්වය මේ වන විටත් හදවත ලකුණ යටතේ සමගි ජනබලවේගය පක්ෂයෙන් තරගකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව එම පාර්ශ්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව පෙබරවාරි 06 වැනිදා නිකුත් කළ ලිපියක සඳහන් වන්නේ අදාල පක්ෂ නාමය දැනටමත් පිළිගෙන.
මේ වන විටත් ලියාපදිංචි ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත් , එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද බව පක්ෂ මහලේකම් වෙත යොමු කළ එම ලිපියේ සඳහන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු තිබෙන්නේ ඒ සමගි ජාතික බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචිකිරීමට විරෝධය පළ කරමින්.
එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනයද කෙටිකළ විට UNP ලෙසින් දැක්වෙන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා. මේ පිලිබදව තව දුරටත් වාර්තා වන්නේ පෙම්වතුන්ගේ දිනයදා සජිත් ගේ නව පක්ෂය ජනතා වන බවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ඇති කරන නව පක්ෂය එළිදැක්වීම නුදුරේම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව ‘හදවත’ සලකුණින් යුත් ‘සමගි ජාතික බලවේගය’ නම් මෙම නව පක්ෂය එළඹෙන 14 වැනි දිනට ‌යෙදෙන ‌පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා ‌වනවා. ‘හොරු නැති-‌බොරු නැති හදවතේ පක්ෂය’ යන්න නව සන්ධානයේ ‌තේමාව වී ඇති බවත් වාර්තාවන්ගේ දැක්වේ.

සජිත්ගේ නව පක්ෂය ජනගත කිරීම පෙම්වතුන්ගේ දිනය දා

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ඇති කරන නව පක්ෂය එළිදැක්වීම නුදුරේම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව ‘හදවත’ සලකුණින් යුත් ‘සමගි ජාතික බලවේගය’ නම් මෙම නව පක්ෂය එළඹෙන 14 වැනි දිනට ‌යෙදෙන ‌පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා ‌වනවා.

‘හොරු නැති-‌බොරු නැති හදවතේ පක්ෂය’ යන්න නව සන්ධානයේ ‌තේමාව වී ඇති බවත් වාර්තාවන්ගේ දැක්වේ.

අන්තවාදීන්ට තවත් මෙරට ඉඩක් නැහැ

ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්පුර්ණ කතාව,
“ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙමිනුයි.
මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.
ශ‍්‍රී ලංකාව තුල ජීවත්වන සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිටම තහවුරු කරනවා.  ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිටම ගරු කරනවා.
තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන්ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතිය තිබෙනවා.  ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක‍්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධවීමේ අයිතිය අපි හැමවිටම ආරක්ෂා කරනවා.
මේ සියල්ලම කිසිවෙකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළයුතු ක්ෂේත‍්‍ර ගණනාවක් තිබෙනවා.
විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි.
සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගතයුතු අතර, පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අප මතක තබා ගත යුතුයි.  රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයත් මෙහිදී සුවිශේෂී වෙනවා.
නිදහසින් පසු මේ ජනරජය තුළ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කර ගනු ලැබුවේ සර්වජන ඡුන්ද බලයෙන්.  එසේ මහජන ඡුන්දයෙන් තෝරා පත් කර ගැනුන වත්මන්  රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සියලූදෙනාගේම නායකයා ලෙස, රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නිසි ක‍්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලූ ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා.  තමුන්ගේ ධුර කාලය තුල ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවටයි.  ඔහු තමන්ට ඡුන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ.
එක් ජනකොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලූ ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවයි.
ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක යහපැවැත්ම හා ප‍්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා.
රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප‍්‍රධාන ආයතනය ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතු වෙනවා.
ඒ නිසා සියලූ පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුභසිද්ධියට මෙන්ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි.
මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක‍්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි.  එය ක‍්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව, එය වර්ධනය කර අර්ථවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරනවා.
කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා.  නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා.
මේ හරහා විවිධ අක‍්‍රමිකතා දූෂණ වලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි.
මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි යළි විමසා බැලිය යුතුයි.
වැරදි කරනා සුළුපිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරනවා විනා, බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අප නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.
ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි.  ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.
ලංකාව පැරණි ඉතිහාසයක් තිබෙන රටක්.  බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ, සියලූ ආගමිකයන්ට, සියලූ ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුලදීද,  ඕනෑම අයෙකුට තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරනවා.
බෞද්ධ දර්ශනය තුළ අපේ රාජ්‍ය පාලකයන්ට හැමවිටම උපදෙස් ලැබුනේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත‍්‍රයක් සඳහායි. මගේ ධුර කාලය තුළත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා.
ජනතාවට සැබෑ නිදහස ලබා දිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමෙනුයි.ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමි විය යුතුයි.
අදත් අපේ ජන සමාජය තුළ විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප‍්‍රදේශවල ඇති පහසුකම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල නැහැ.  අධ්‍යාපන පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ.
සෞඛ්‍ය පහසුකම් සෑම ප‍්‍රදේශයකටම සමාන නැහැ.  රැුකියා අවස්ථා සෑම ප‍්‍රදේශයකටම ව්‍යාප්ත වී නැහැ.මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතු මත බල පවත්නා තත්ත්වයන් නොවේ.  ඒවා රටේ පොදු ප‍්‍රශ්නයි. ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේදී අපි මුලින්ම කළයුත්තේ ජනතාවගේ ආර්ථික ගැටළු විසඳා දීමයි. අපි ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප‍්‍රමුඛතාවක් ලෙස සලකන්නේ ඒ නිසායි.
තිස් වසරක යුද්ධය මෙන්ම තවත් විවිධ හේතු නිසා අපේ රටේ සංවර්ධන කටයුතු බෙහෙවින් ප‍්‍රමාද වී තිබෙනවා. අපට තවදුරටත් කාලය අපතේ හරින්නට බැහැ. අපේ රටේ සුවිශේෂී භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත නිසියාකාරව ප‍්‍රයෝජනයට ගනිමින් ලෝක ආර්ථිකයේ නව ප‍්‍රවණතා හා අනුගතව අපේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නට අපි ක‍්‍රියා කරනවා.
කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක්.  ජනතාවට නිදහසේ උපරිම ප‍්‍රයෝජන ලබාදීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක‍්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම බාර ගත යුතුයි.
ත‍්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතන ජනතාවට නිදහසක් නැහැ.
ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.  ත‍්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක‍්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.
රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ.  රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලූ සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී තිබෙනවා.
සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිටම සූදානම්.
මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස  තිබෙනවා.   ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.
සමාජ මාධ්‍යයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා.  අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප‍්‍රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා.
ඔබේ හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. හැමවිටම රට ගැන හිතන්න.  අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න.
දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිටම එය නොබියව පෙන්වා දෙන්න.
අපි නීතියේ ආධිපත්‍යයට හැමවිටම ගරු කළ යුතුයි.  ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වන විටයි.  නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවර ගෙන තිබෙනවා.
අප ඉදිරියේ අභියෝග රැුසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සියලූ දෙනාගේම සහාය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප‍්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණ දිය හැකි ක‍්‍රියාදාමයක්. ඒ තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි.
අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඵෙතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.“