සමගියේ පිරිසක් පොහොට්ටුවට. 225ට 7452ක් තරඟ බිමට

ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණයේ මන්ත්‍රීධූර 225ක් සඳහා අපේක්ෂකයන් 7452ක් තරග කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පිළිගත් දේශපාලන පක්ෂ 25ක අපේක්ෂකයන් 3652ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක අපේක්ෂකයන් 3800ක් මෙහිදී තරග කිරීමට නියමිත බවයි.
මැතිවරණය සඳහා වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අතර එම සංඛ්‍යාව 924ක්. ඒවගේම අපේක්ෂකයන් අඩුම සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 152ක්. මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ මධ්‍යස්ථාන 12894ක් ඇති අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2773ක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කොහොමවුනත් ඉදිරියේ කවර පක්ෂයකින් රජයක් පත්වුවත් රටේ සංවර්ධනයේදී විශේෂයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර 5කට ප්‍රමුඛතාව ලැබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර තිබෙනවා. ඉදිරි අයවැය සකස් කළ යුත්තේද එම ක්ෂේත්‍ර 5 කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාමට මූලිකත්වය දෙමින් බව ජනාධිපතිවරයා ස්වකීය ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට උපදෙස් දී අවසන්.
ඒ අනුව රටෙන් පානීය ජල හිඟය තුරන් කිරීම, ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, පළාත් සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය – පළාත් අධ්‍යාපන සේවාව සැලසුම් සහගත ලෙස සංවර්ධනය කිරීම කුඩු වසංගතය හා පාතාලය මර්දනය ජනාධිපතිවරයා විසින් හඳුනාගත් විශේෂ ක්ෂේත්‍ර 5යි.
මෙම ක්ෂේත්‍ර පහ සඳහා විශේෂයෙන් මුදල් වෙන්කර අවශ්‍ය පියවර ගැනීමට දැනටමත් තීන්දු කර ඇති අතර මෙම ප්‍රමුඛතා හඳුනාගෙන තියෙන්නේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා දිවයින පුරා කරන ලද සංචාරවලදී ජනතාව හමුවී කතාබස් කොට ලබාගත් තොරතුරු වලට අනුව.
එමෙන්ම මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කර පාර්ලිමේන්තුවට පිවිස රජයට එක්වීම සඳහා පස්දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග Boston වෙත පැවසුවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය වෙත වාර්තා වීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමාවත් සමග ප්‍රසිද්ධ දේශපාලන නායකයන් සඳහා මඩගැසීමට කාන්තාවක් යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස මඩ ප්‍රචාර යැවීමේ සුදානමක් ඇති බවත් මෙම ආරංචි වල සදහන්.
එවැනිම ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු පත් කෙරෙන අලුත් ආණ්ඩුව අගෝස්තු මස 11දා ස්ථාපිත කෙරෙනු ඇතැයි ද කැබිනට්ටුවට පෙර අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙනු ඇතැයිද මැතිසබය කැඳවීම අගෝස්තු මස 20 වැනි දින සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙනවා.
By: අශන්ති වරුණසුරිය

එජාප නායක රණ්ඩුව

එජාපයේ නායකත්වය ගැන විවිද මත පල වෙමින් තියෙනවා. ඒ අතර එජාප නායකත්වය සදහා එකිනෙකාගේ නම් දේශපාලන වේදිකාවේ කියවෙන අයුරු බොහොමයක් අතර දයා ගමගේ පෙරට ඇවිත්.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය අමාරුවේ වැටුනු වූ සෑම අවස්ථාවකදීම තාත්තෙක් වගේ පක්ෂය බලා ගත්තේ තමන් බවද හම්බ කළ හැම සේසතක් තමන් පක්‍ෂය වෙනුවෙන් වියදම් කළ බවද කිසිදු හොරකමකට දූෂණයකට නම ගෑවිලාවත් නැති තමන් සිංහල බෞද්ධ නායකයෙක් බවද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා
කොළඹ දිස්ත්‍රික්කයේ මේ දිනවල තමන්ට හමුවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස යැයිද ඔහු ප්‍රසිද්ධියේ සදහන් කළා.
එවැනිම පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා විසින් කරණ ලද ප්‍රකාශයට ම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විරෝධය පළ කළා.
ඔහු පවසන්නේ පක්ෂයේ නායකයෙක් දැනට මේ වන විට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බව. නවීන් දිසානායක මහතා විසින් සිදුකර ඇත්තේ අනවශ්‍ය නොමේරූ ප්‍රකාශයක් යයිද ඔහු පවසනවා.
නවීන් දිසානායක මහතා මෑතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන හමුවකදී කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය අවශ්‍ය නොවන බවත්. නායකත්වය ලැබෙන්නේ තමන්ගේ ගෙදර එකෙකුට මිස අල්ලපු ගෙදර එකෙකුට නොවන බවද ඔහු එහිදී පැවසුවා.
 කවුරුන් කෙසේ පැවසුවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය නායකත්වය ලේසියෙන් කිසිවෙකුට ලබා නොදෙන බවයි දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ.
By: අශන්ති වරුණසුරිය

අඟහරු වෙත ගිය අලුත් යාළුවගේ පරිපථ සැලැස්ම ලාංකිකයෙකුගේ

අමෙරිකාවේ නාසා ආයතනය බ්‍රහස්පතින්දා (30) අඟහරු ග්‍රහයා මත ජීවය (Life) ඇත්දැයි සොයාබැලීම සඳහා පර්යේෂණ රෝබෝවක් කක්ෂගත කළා. ටොන් එකක් පමණ බරින් යුතු එම රෝවරය (Rover) මගින් අඟහරු ග්‍රහයාගේ පාෂාණ සහ පස් සාම්පල එකතු කරනු ඇතැයි ද ඒවා මෙම දශකය අවසන් භාගයේදී පෘථිවියට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බව ද විදෙස් වාර්තා පවසනවා.
මෙම රෝවරය ශ්‍රී ලංකිකයන්ටත් වැදගත් වේ. ඒ, එය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකික විද්‍යුත් ඉංජිනේරුවරියක් සිය දායකත්වය ලබාදුන් බැවිනි. ඇය මෙලනි නිලන්ති මහආරච්චි . මේ වනවිට ඇය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ ව පශ්චාත් උපාධියක් හදාරනවා.
කොළඹ උපන් ඇය, ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක්.
2003 වසරේදී සිය සැමියා සහ දරුවන් සමග අමෙරිකාවට සංක්‍රමණය වෙලා. ඉන්පසු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගෙන ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රය සිය වෘත්තීය ලෙස තෝරා ගෙන.
ඇය නාසා ආයතනය හා සම්බන්ධ වී ඇත්තේ 2015 වසරේ දීය. ‘Mars Rove’r යානය තුළ විද්‍යුත් පරිපථයේ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) නිර්මාණය කිරීමට ඇය පූර්ණ දායකත්වය ලබාදීලා තියෙනවා. “එය මම තනියෙන් ම නිර්මාණය කළේ”. ඇය ඒ ගැන අදහස් දක්වලා තියෙන්නේ එහෙම.
අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කලේ  ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ නමින්. රෝවරය අගහරු සොයා අභ්‍යවකාශ ගත කිරීම අමෙරිකානු වේලාවෙන් ඊයේ පෙරවරු 7.50 ට ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදී සිදු කෙරුණා.
මාස 7 ක ගමනකින් අනතුරුව එය අගහරු වෙත ළගා වනු ඇතැයි අපේක්‍ෂිතයි. සාමාන්‍ය මෝටර් රථයක ප‍්‍රමාණයකින් යුත් මෙම රෝවරය මගින් අගහරුගේ පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය, භූ විද්‍යාත්මක කරුණු හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එසේම අනාගත විද්‍යාත්මක පර්යේෂණ සදහා අගහරුගෙන් සාම්පල් රැගෙන ඒම ද මෙම රෝවරය මගින් සිදුකරනු ඇතැයි නාසා ආයතනය අපේක්‍ෂිතයි. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පැවසුවේ 70 දශකයෙන් පසු නාසා ආයතනය අගහරු පිළිබද දැඩි බලාපොරොත්තු සහිතව අභ්‍යවකාශ ගත කළ රෝවරය මෙය වන බවයි.
අශන්ති වරුණසුරිය
mars-rover-2020-l
2 Attachments

ලංකාවේ CIDය හොර ගුහාවක් වෙලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවට පත් වී ඇතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ප්‍රකාශ කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ තොරතුරු සටහන් පොතක (ෆැක්ස් පණිවිඩ පිළිබඳ සටහන් තබන පොත) ඇතුළු සටහන් ‘ටිපෙක්ස්’ දමා මකා තිබීම ගැන අවධානය යොමු කරමින් සභාපති විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ එම ක්‍රියා කලාපය විවේචනය කළ සභාපති විනිසුරුවරයා, මේ විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර වැඩ කරන්නේ කෙසේ දැයි වගඋත්තරකාර සහකාර පොලිස් අධිකාරී බී.ඒ. තිසේරාගෙන් ප්‍රශ්න කර සිටියා.
යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සැකකරුවෙකු අත්අඩංගුවට නොගෙන මුදා හරින ලදැයි අසත්‍ය චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් ඊයේ (30දා) විභාගයට ගත් අවස්ථාවේ දී සභාපති විනිසුරුවරයා මෙලෙස අවධාරණය කෙරුවා.
ජනාධිපති කොමිසම විසින් අදාළ පැමිණිල්ල ගැන තීරණයක් ගැනීමට පෙර ලලිත් ජයසිංහට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ගැන තීරණයක් ගැනීම පිළිබඳව නීතිපතිවරයා සලකා බැලීම සුදුසු බව ද සභාපති විනිසුරුවරයා මෙහි දී අවධාරණය කළා.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දී නීතිපතිවරයා විසින් සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් නොකළ එම කැරැල්ලේ සජීවී දර්ශන සහිත වීඩියෝ පටියක් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (30) ප්‍රදර්ශනය කෙරුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් අදාළ වීඩියෝ පටය ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණා. වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල සිදු වූ 2012 නොවැම්බර් 09 වැනිදා රාත්‍රී සහ නොවැම්බර් 10 වැනි දින අලුයම් කාලයේ දර්ශන එම වීඩියෝ පටියේ ඇතුළත් වනවා.
තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන් අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් එම වීඩියෝ පටිය සහ ඊට අදාළ ඡායාරූප ඇතුළත් ගොනුවක් ලබා දුන්නද, වීඩියෝ පටිය සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් නොකළ බව නියෝමාල් රංගජීව ජනාධිපති කොමිසම වෙත දන්වා සිටියා.
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට තමාව පටලවා, එල්ලුම් ගස් යවන්න ඕනෑ නිසා නීතිපතිවරයා ඇතැම් සාක්ෂි සඟවා ඇතැයි ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් දන්වා සිටි නියෝමාල් රංගජීව, එම කැරැල්ල සිදු වූ දින රාත්‍රියේ විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවක, තමන් සිටිනවා දුටු බවට බොරු සාක්ෂි නිර්මාණය කර තිබෙන බවත් දන්වා සිටියා.
කෙසේ නමුත් වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සාක්ෂි සැඟවීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද 31 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුගේ නිවසේදී ..
කොහොමවුණත් ජනාධිපති ගෝඨාභය දිගින් දිගටම අවධාරණය කරන්නේ පාතාලය කුඩු වගේම රට වින කරන සියල්ල කුඩු කර දමන බවට. උණුසුම් වන දේශපාන වේදිකාවේ කුමක් කුමන අයුරින් දිග හැරුණත් කියවෙන් දේ එලෙසින් සිදු වේවායි Boston අපද පාර්ථනා කරන්නේ සුවැදි හෙටක් සාර්ථක රටක් අපත් අපේක්ෂා කරන නිසාය.
අශන්ති වරුණසුරිය

මට වටින්නේ සැබෑ ආදරයක්. ශේෂාද්‍රි පෙම්වතා ගැන කියපු දේ

ශේෂාද්‍රි ගැන අමුතුවෙන් කිව යුතු නැත. කවුරුත් දන්නා හදුනන ඇයගේ ජීවිතයේ අලුත් ඇරඹුමකට යන බව මේ දින වල පැවසෙනවා. අප මේ කියන්න සුදානම් වෙන්නේ ඒ අලුත් වෙනස ගැන ඇය දැක්වූ අදහස් කිහිපයක් ගැන..
කාලයක් පුරාවට නිහඬව සිටි ඇය මේ දින වල නැවතත් කතා බහට ලක් වන්නේ අලුත් මියුසික් වීඩියෝ එකක් හරහා. ක්‍රිෂාන් පෙරේරා ගායකයෙක් වගේම ගීත රචකයෙක්. ඒවගේම කාලයක් සිට මියුසික් බෑන්ඩ් වල සාමාජිකයකු වූ ඔහු මේ වන විටත් ඩොක්ටර් බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. ඒ වගේම පුද්ගලික රැකියාවකත් නිරත වෙනවා.  ඔහු ගායනා කරන “මායාවී” හි රංගනයට දායක වෙන්නේ ශේෂාද්‍රි. වසර 10කට පසුව ඇය දායක වූ මියුසික් වීඩියෝවත් මෙය වීම තවත් විශේෂත්වයක්.
ක්‍රිෂාන් ශේෂාද්‍රි කලක සිට හොද යාලුවෝ කියලයි ශේෂාද්‍රි කියන්නේ. ඇයට ඔහුව හමු වෙන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකකදී. නැගී එන කලාකරුවෙක් විදිහට ඔහු සහභාගී වෙලා. ඔතනින් ආරම්භ වෙන යාළුකම අද ආදරයක්. මේ වන විට ක්‍රිෂාන්ගේ දෙමව්පියන් ඉන්නේ ස්පාඥ්ඥයේ. ක්‍රිෂාන් කියන්නේ සරල, අවංක කෙනෙක් වගේම ඔහුගේ ගති පැවතුම් එක්ක ජිවත් වෙන්න පහසුයි කියලයි ශේෂාද්‍රි කියන්නේ.
“අදහස් ගැලපෙනවා. හොද විශ්වාසයක් තියෙනවා. මිල මුදල් වලට වඩා වටින්නේ සැබෑ ආදරයක්. මම දන්නවා ඔහු මට අවන්කවම ආදරෙයි” ඇය තමන්ගේ ආදරේ ගෙන කියන්නේ එවැන්නක්.
විවාහයට නම් තවම දින වකවානුවක් තීරණය කර ගෙන නැහැ. ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්න බවයි ශේෂා කියන්නේ. වෙනත් අලුත් විස්තර කතා කරනකොට දිනක්ෂි ශේෂාද්‍රි ශානුදී එකතු වෙලා ත්‍රී සිසිටර් විදිහට ගීතයක් කරන්න යනවා. තුන් දෙනා එකතු වෙලා ගීතයක් කරනවද නැත්නම් නර්තයක් කරනවද කියල තවමත් හරියට තීරණය කරලා නැති වුණත් තුන් දෙනාගේ අලුත් වැඩක් ඉක්මණින්ම එන බවයි ශේෂා කිවුවේ.
By: අශන්ති වරුණසුරිය
942385255Sheshadri_Priyasad_full_coverimages (3) (1)

ලංකාවේ කුඩු උස්සන උකුස්සෝ

පාතාලය මෙන්ම කුඩු මර්ධනය වත්මන් ජනපති විසින් ජනතාවට දුන් එක් ප්‍රධාන පොරොන්දුවක්. ඒ අනුව පසුගිය කාලය පුරාවටම විවිද වැටලීම් සිදුවුණා. පාතාල නායකයන්, සාමාජිකයන් අත්අඩංගුවට පත්විය. මත්ද්‍රවය ආශ්‍රිත බන්ධනාගාරයේද විවිද වැටලීම් සිදු කෙරුනා.
සියල්ල හමුවේ අද දවසේදී වාර්තා වුනේ සුවිශේෂී පුවතක්ක. ඒ කුඩු ප්‍රවාහණය කරන මිනිසෙකු නොව සතෙක් ගැන. පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු මෙලෙස අතුරුගිරිය පොලීසිය විසින් අද (30) සොයාගනු ලැබුවා.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී ‍එම උකුස්සා සොයාගෙන තිබෙනවා. මෙහිදී අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
එමෙන්ම අද කැලණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇතැයි වාර්තා වනවා.  එම සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ, පට්ටියහන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.
වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර ගැන කතා කිරීමේදී තහනම් භාණ්ඩ මෙන්ම මත්ද්‍රවය තාප්පෙට උඩින් විසි කරන කල්ලියක් අල්ලා ගැනීමටත් හැකි වෙලා. පසුව එම කල්ලියේ ප්‍රධානියත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ පසුගිය 28වනදා. මැගසින් බන්ධනාගාරයේ තාප්පයකට ඉහළින් විසි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. මත්ද්‍රවය වලට අමතරව දුරකථන, සිම් පත් විවිධ භාණ්ඩ වෙනවා.  බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සමග සබඳතා පවත්වාගෙන යන නිලධාරීන් පිරිසක් හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
සියල්ලට අවසානයේදී සම්බන්ද වෙලා කියලා මාට්ටු වුණේ නිලධාරීන්. ඒ අතර සුරාබදු නිලධාරීන්, ජේලර්වරුන්, බන්ධනාගාර නියාමකවරුන් ද වගේම නාකොටික් නිලධාරීන් සහ CID නිලධාරීන් වගේම ලොකු ලොක්කොත් ඉන්න බවට පසුගියදා වාර්තා වූණා.
ඒ වගේම විශේෂ ඝණයේ අපරාධකරුවන් 30 දෙනෙකු පමණ රඳවා සිටින්නේ ද බූස්ස බන්ධනාගාරයේ ඔවුන් සමග සබඳතා පවත්වාගෙන යන මෙම නිලධාරීන් අදාළ අපරාධකරුවන් සමග තොරතුරු ද හුවමාරු කරගන්නා බවටයි මේවනවිට අනාවරණය වෙලා. තවද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්වුණේ පසුගිය 27 වනදා. ඒ, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.
කොටහේන මහා විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. එසේම 2018 වසරේදී පාතාල සිද්ධියක් සම්බන්ධයෙන් අලූත්කඬේ පල්ලිය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු මොහොමඞ් හුසෙයින් මොහොමඞ් රිස්කාන් නමැත්තා සමග ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒවගේම පාතාලයට පොලිස් හැඳුනුම්පතක් දීලා. ඒවගේම පාතාල නායකයන්ගේ ‘විමර්ශන පොත් 50ක්’ පොලිසියෙන් අතුරුදන් වෙලා  තවත් පොත් 20ක පිටු නැති වෙලත් තිබ්බා. ඒ ප්‍රබල පාතාල නායකයෙක් වන ආමි සම්පත්ට අදාළ තොරතුරු ඇතුළු වසර විස්සකට අධික කාලයක් තිස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සටහන්. මෙලෙස පොත් අස්ථානගත වීම පිළිබඳ පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මීට අමතරව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ තොරතුරු පොත් විස්සක පමණ පිටු ගලවා ඉවත් කර ඇතැයිද වාර්තා වනවා.
පාතාලය මඩින්න  දිගටම මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මකයි. නමුත් පොඩිපොඩි හාල්මැස්සෝ වගේම තෝරු මොරුත් මේ ගැම්මට ඇල්ලුවොත් විනා එසේ නොවන තාක් මේවා හැමදාම මෙන් නාටක බවටම පත් වේවි.
By: අශන්ති වරුණසුරිය

එජාපයෙන් ඉවත් කළ 115කගේ නම් ලැයිස්තුව

සමඟි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54කගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරු 61 කගේ එජප පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ඊයේ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණු අතර   එලෙස එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 115 දෙනෙගේ නම් අනාවරණය වී තිබේ.
ඒ අනුව සුජීව සේනසිංහ,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,රන්ජන් රාමනායක,අශෝක් අබේසිංහ,වඩිවේල් සුරේෂ්,අජිත් පී පෙරේරා,සිඩ්නි ජයරත්න,තුෂාර ඉඳුනිල්,නලින් බණ්ඩාර,ජෝර්ජ් පෙරේරා,නිරෝෂන් පාදුක්ක,රෝස් පෙරේරා යන හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නම් එජාපය විසින් අනාවරණය කර ඇත.
කෙසේවෙතත් එම 115 ලැයිස්තුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම නොමැති බව සඳහන් වේ. මෙම 115 දෙනාට අමතරව ඉදිරියේදී තවත් පිරිසකගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවද කාරියවසම් මහතා පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ මැතිවරණයට දින කිහිපයක් තිබියදී මෙම තහනම  පනවන නමුත් එය සිදුකළ යුත්තේ නිසි විභාගයක් පවත්වා බවය.
අශන්ති වරුණසුරිය

කටුනායක දින නියමයක් නොමැතිව කල් යයි

කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමුණු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත
මීට පෙර තීරණය කර තිබුණේ   අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමටයි. විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද ගුවන් තොටුපොල විවෘත කිරීමේදී ප‍්‍රධාන සාධකයක් බවයි.
කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බවයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැදී සිටින ශී‍්‍ර ලාංකිකයන් හෙට (31) සිට මෙරටට ගෙන්වීමට නියමිතයි. ඒ අනුව, පළමු කණ්ඩායම ලෙස මෙරටට රැගෙන එන්නේ ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පිරිසක්.