පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය

ඡන්ද ප්‍රකාශ කිරීම හෙටින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන  ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම සදහා  වැඩිම අවස්ථාව සලසා දී ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.

Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය කර ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තාවන් සදහා අඩුම අවස්ථාවක් ලබා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයයි.

උතුරු නැගෙනහිර පමණක් තරග වදින ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ මැතිවරණය සදහා නාම යෝජනා 44 ක් බාර දී තිබේ. ඒ අතර කාන්තා නාමයෝජනා හතරකි. එහි කාන්තා නියෝජනය  ප්‍රතිශතයක් ලෙස 9.09% කි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය දිවයින පුරා  නාම යෝජනා 262 ක් බාර දී ඇති අතර එහි ඉන්නේ කාන්තා අපේක්ෂිකාවන් 10 දෙනකු පමණකි. එය ප්‍රතිශතයක් ලෙස 3.81 % කි.

කාන්තාවන් සදහා දෙවැනියට වැඩිම අවස්ථාව ලබා  දී ඇත්තේ  ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයයි.

දිවයිනම ආවරණය වන පරිදි එම පක්ෂය නාම යෝජනා 262 ක් බාර දී ඇති අතර එහි අපේක්ෂිකාවන් 17 දෙනකු ඇතුලත්ය. එය ප්‍රතිශතයක් ලෙස 6.48 % කි.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය බාර දී ඇති නාමයෝජනා 262 ට ඇතුලත් වන  අපේක්ෂිකාවන් ගණන 15 කි. එය ප්‍රතිශතයක් ලෙස 5.72 % කි.

ජනපති, අගමැති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා නාම යෝජනා 252 ක් බාර දී ඇති අතර එහි  අපේක්ෂිකාවන් 14 දෙනකු ඇතුලත්ය. එය ප්‍රතිශතයක් ලෙස 5.55 % කි.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රධාන ධාරාවේ නොවන පක්ෂ මහ මැතිවරණයට තරග වැදීම සඳහා කාන්තාවන්ට වැඩි  අවස්තාවක් ලබා දී ඇති බව නාමයෝජනා ලැයිස්තු පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබද ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව රටවල් 193 ක් අතුරින් 182 ස්ථානයේ පසුවන බව පෙන්වා දෙන Manthri.lk වෙබ් අඩවිය සිහි ගන්වා ඇත්තේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කාන්තාවන් සිටියේ 5% ක් පමණක්  බවයි.

ජාතික පාර්ලිමේන්තු වල කාන්තාවන්ගේ ප්‍රතිශතය පිළිබද අන්තර් පාර්ලිමේන්තු සංගම් ශ්‍රේණිගත කිරීම් දත්ත භාවිත කරමින් කාන්තා නාමයෝජනා සංඛ්‍යාලේඛන සම්පාදනය කළ බව  Manthri.lk වෙබ් අඩවිය වැඩි දුරටත් පවසයි.

Women Representation

 

කලාව විතරයි කලාවේ නැත්තේ .. ගංගුගේ කතාව

අශන්ති වරුණසුරිය
ගංගුව මම දකින්නේ කාලෙකට පස්සේ අහම්බෙන්. ඒකත් මුහුණු පොතෙන්. දැක්ක ගමන් මට ඇති වුණේ අපේ කලාව ගැන දුකක්. මොකද… දක්‍ෂ ශිල්පින් අද ඇයි මෙහෙම සැගවිලා ඉන්නේ කියලා..  මේ නිසාම නේද කලාවේ කළා ගුණයන් අඩු වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. ගංගු කාලයක් ලාංකේය කලාවේ කතා කල ජනප්‍රිය මාතෘකාවක්.
“හැමදේම දේශපාලනය. කලාව විතරයි අද කලාවේ නැත්තේ. මේක මම විතරක් නෙමෙයි දක්‍ෂ හුගක් ය මුහුණ දෙන දෙයක්. ඒත් හෙට දවස ගැන බලාපොරොත්තුවක් තියෙනවා”, ගංගු නම් එදා වගේමයි කියලා මට හිතුණා. මොනදෙයක් වුණත් නොසැලී ඊට මුහුණ දෙනවා කියන එක ඒ වචන ටිකේ ගැබ් වෙලා. ගැහැනියක් සතුවිය යුතු දාරාගැනීමේ ශක්තිය, උත්සාහය එදත් ගංගුට හොදටම තිබ්බ. අදත් ඒවගේමයි.
ඔබට ඇය දුටු සැණින් මේ ලංකාවේ නිළියක් යැයි හැගෙන තරමට අදටත් ඇය ජනප්‍රියයි නමුත් මම ඇයගේ මුලාරම්භය ගැන කිවුවොත් වයස අවුරුදු 14දී පමණ ඒ කියන්නේ පාසැල් සමයේදීයි ඇය මෝස්‌තර නිරූපණය ඔස්සේ කලාවට පිවිසෙන්නේ. ගංගු රොෂානා පසුව චිත්‍රපටයකට දායක වීමත් සමඟ නිලියක් බවට පත් වෙනවා. මේ කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා කෙටියෙන්ම පැහැදිලි කිරීමක් තමයි ඒක.  කලක් නිහඬව සිටියත් ඇය නැවතත් ශේෂ්ත්‍රයේ කතා බහට ලක් වෙනවා. ඒ “අමුතු මිනිස්සු” නමින් මේ දින වල විකාශනය වන නාට්‍ය හරහා. එදා රාජ්‍ය සම්මාන පවා හිමි කර ගත් ඇයව දැනට දක්නට ලැබෙන්නේ මේ  තුලින් පමණක් වීම කණගාටුවට කරුණක්.
ආකර්ශනීය පෙනුමකට වැඩෙනු සරාගී සිරුර නිරන්තරයෙන්ම ඇයව විශේෂිව ඉස්මතු කරන්න සමත් වෙනවා. කලාවට රංගනයට ඇති ආදරය නිසාම කලාව වෙනුවෙන් ගංගු කල කැපකිරීම් ගොඩයි. කාලයක් පුරාවටම මාධ්‍යවේදිනියක් ලෙස විවිධ අවස්ථාවන්හිදී ඇය කෙරෙහි තැබූ විමසිල්ල නිසාම ඇයගේ තොරතුරු ඔබට මේ විදියට මට කියන්න පුළුවන් වෙන්නේ රොෂානා සියල්ල අභිමුව පෙන්වූ දක්ෂතාත් සරාගී පෙනුමට නොදෙනිව තිබූ නිසා.
පාසල් සමයේදීම ශේෂ්ත්‍රයට පිවිසිලා එතනින් එහාට සිය ජිවිතයම කලාව කරගෙන ඇය ගියේ අවංක ගමනක් නමුත් ඒ හැකියාවට අවංකතත්වයට කෙතරම් සාධාරණයක් වුනාද කියන එක ප්‍රශ්නයක්.
ජිවිතේ ගැහැනියක් මුහුණ දෙන විවිධාකාර හැලහැප්පීම් තියෙනවා. ගංගුටත් එහෙම ඇති. සමහරක් ජනප්‍රියත්වය නිසාම ඇති වෙන දේවල්.  මෙතැනදී ඉස්මතුවන සම්ප්‍රදායික ප්‍රශ්නය විවාහය, ආදරය, බැදීම් බිද වැටීම් .. ගැන මම ගංගුගෙන් ඇහුවෙ නැහැ. මම දන්නා හදුනන ගංගු වෙනස්ම චරිතයක්. කොහොම වුණත් එම තොරතුරු ඉදිරියේදී ඔබට කියන්න පුළුවන් වේවී. සරලව සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙන ඇයගේ ජිවිතයේ තවම එහෙම වෙනසක් සිදු වෙලා නැහැ.
ලංකාව ගැන ඇයට තිබෙන්නේ මෙවැන්නක්, ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අපේ රටට කලාවට ආදරය කරන ලස්සන දේ ලස්සනට දකින්න මම හරිම කැමතියි…
ශේෂ්ත්‍රයට නවක මුහුණු අවශ්‍යයි. එහි තර්කයක් නැත. නමුත් නවකයන් සමඟ අනෙක් කලාකරුවන්ටත් තැනක් එන කැමරා රාමුවක් තිබිය යුතුයි. 2020 ගැන කලාකරුවන් බහුතරයකට ඇත්තේ බලාපොරොත්තු ගොන්නකි. සුභවාදී හැඟීමක්. එවැන්නක් ඇයටද ඇත. අපටද ඇත. ඉතිං දෑස් දල්වා ඒ දෙස බල සිටින්නේ 2020දිවත් අලුත් මාවතකට පිවිසුනොත් හොදයි’ කියාය.
කතා කරන්න ඇති බොහෝ දේවල් හමුවේ මේ සටහන මෙහෙම නතර කරනවා. ඒ මට වගේම ඔබටත් තියෙන ඔය ප්‍රශ්න වලට පිළිතුරු ඇය හමුවී ලියන අපේක්ෂාවෙන්
 100887717_3099486356761940_1312073248631947264_n 101685689_3115579878485921_6365447175429685248_n 106256036_3207219609321947_9191085664710305180_n

අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වෙනිදා කැඳවේ

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

විදෙස් ලොතරැයි වංචාවට හසුවූ ප්‍රවීන රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි

ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි හට ලොතරැයි දිනුම් ඇදීමකින් ඇමෙරිකානු ඩොලර් 85000ක මුදලක් ඇදී ඇති බව පවසා බැංකු වලින් ඔහු ලවා මුදලින් රුපියල් දොළොස් ලක්ෂයකට අධික මුදලක් වංචනික ලෙස තැන්පත් කරගත් තරුණයකු අත්අඩංගුවට ගත් බව අපරාධ වංචා විමර්ශණ ඒකකය සඳහන් කර සිටිනවා.
පානදුර හිරණ පදිංචි වීරප්පුලිගේ ඩබ්ලිව් ජයසිරි නම් රංගන ශිල්පියා විසින් එම ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොස්ගම පදිංචි  අයකු බණ්ඩාරවෙල අපරාධ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
අයි. සී. සී.ආයතනය අනුග්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමිව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදී මගින් ජංගම දුරකථන අංකවලට අනුව ජනප්‍රිය රංගන ශිල්පියාට ඇමරිකානු ඩොලර් 85000 ඇදී ඇති බව පවසා පානදුරප්‍රදේශයේ ප්‍රධාන බැංකු 4කින් රුපියල් ලක්‍ෂ දොළහකට අධික මුදලක් තැන්පත් කරවාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ රංග ශිල්පියාගේ පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට අදාළව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පැමිණිලිකරු විසින් මුදල් තැන්පත් සම්බන්ධයෙන් අදාළ බැංකු හතරෙන් වාර්තාවක් ලබාගත් බව අපරාධ විමර්ශන පවසයි.
එම වාර්තාවට අනුව හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැකුවක ගිණුමක් සම්බන්ධයෙන් වූ වාර්තාව අනුව එම ගිණුම් හිමියා කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි අයෙකු බව තහවුරු කරගත් බව පානදුර කොට්ඨාශ අපරධ හා වාචා විමර්ශන අංශය පවසයි.
සැකකරු මේ අයුරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ සහ වංචා සිදු කර ඇත්දැයි විමර්ශන සිදු කරන බවත්, පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

රනිල්ගේ නායකත්වය ගැන එජාපයේ ප්‍රශ්නයක් නැහැ

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස්
ආර්ථිකය ගොඩ දාන්න එජාපයට පුළුවන් කියන එක තව දුරටත් වලංගුද ?
පැහැදිලිවම ඔව්. අපිට විතරමයි ඒක කරන්න පුළුවන්.
මහින්දලා ඉල්ලන තුනෙන් දෙකේ බලය ඔවුන්ට හම්බ වෙයිද ?
නැහැ. බහුතරයක් හම්බ වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. අපිත් ඉල්ලන්නේ බහුතරය. තුනෙන් දෙකක් කාටවත් ගන්න බැහැ.
එජාපයට මන්ත්‍රීධුර කියක් විතර හම්බ වෙයිද ?
බහුතරයක් බලාපොරොත්තු වෙනවා. බලමු. ජන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න අය ඕන තරම් මට ඉන්නවා. මම රටට කියන්නේ මගේ වැඩ පිළිවෙල. ඒක පිලිගන්නවා නම් අපිට ජන්දේ දෙන්න. කොච්චර ප්‍රශ්න තිබුණත් මම අත ඇරියේ නැහැ. අපේ යුතුකම ජනවරම අනුව ක්‍රියාකරන එක.
ඔබේ නායකත්වය තව දුරටත් තිබෙන්න ඕන කියලා ඔබ විශ්වාස කරනවද ?
ඔව් ඒ ගැන ප්‍රශ්න නැහැ. අපි රටේ ප්‍රශ්න විසදපු අය මිසක් රටේ ප්‍රශ්න වැඩි කල අය නෙමෙයි.
හිටපු ජනාධිපති කිවුවේ ඔබ එක්ක වැඩ කරන්න බැහැ ඔබ කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ කියල …
19වන සංශෝධනය යටතේ රටේ පාලනය තියෙන්නේ කැබිනට් මණ්ඩලයට. අදාළ දේවල් ක්‍රියාත්මක කරන්නේ අමාත්‍යවරුන්. එතුමා සමහර තැන් වල එතුමාට ඕන විදියට ක්‍රියා කළා. කාටවත් කැබිනට් මණ්ඩල තීරණ නැතුව වැඩ කරන්න බැහැ.
පක්ෂයේ දෙවන පෙළකට ඉඩක් හැදිලද ?
ඔව් ඒක ශක්තිමත්. පසුපස සිටි සමහට මන්ත්‍රීවරුන් දැන් වගකීමක් අරගෙන ඉදිරියට ඇවිත්. සමහර ප්‍රදේශ වල මන්ත්‍රී නොවන අය පවා වගකීම් ගෙන ක්‍රියා කරනවා.
අශන්ති වරුණසුරිය

මට රටට සේවය කරන්න ඕනෑම තනතුරක් හුරුයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහස්
පාස්කු ප්‍රහාරය හමුවේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය මිනිසුන්ට නැති වුණා නේද ?
ත්‍රස්තවාදීන් අපේ රටේ විතරද බෝම්බ පිපිරුවේ? අපි මෙතන ලෝක ත්‍රස්වාදය තේරුම් ගත යුතුයි. ලෝකයේ රජයවල් දැනගෙනද ත්‍රස්වාදීන් බෝම්බ පිපිරුවේ? 2017දී ජාතික ආරක්ෂක මණ්ඩලයට සහාරන් ගැන වාර්තා වෙලා තිබුනේ අන්තවාදියෙක් විදියහට මිස ත්‍රස්තවාදියෙක් ලෙස නෙමෙයි. එදා මමත් බොහෝ උත්සව වලට සහභාගී වුණා. මෙය මට ආරංචි වෙලා තිබ්බා නම් මම එහෙම යනවද ? මට මේ ගැන තොරතුරු ආවේ නැහැ.
ඉන්දීය බුද්ධි අංශ මෙය දැනුම් දී තිබුණා. ආරක්ෂක ලේකම් මෙය ඔබට කියන්න සති දෙකක් බලන් හිටියලු.
ඒක මාර කතාවක්නෙ. ඔහු විවිධ අංශ වල තනතුරු හෙබවූ නිලධාරියෙක්. ඔය විදියට කියන ඒවා හරිද. මෙහෙමයි මේ වෙනකොට විභාග වන මෙම කරුණු සම්බන්දයෙන් මමත් වග උත්තරකරුවෙක්. ඒ නිසා වැඩිදුර කරුණු කතා කරන්න මම කැමති නැහැ.
එදා අගමැතිකමින් රනිල්ව ඉවත් කලේ ඇයි ?
රනිල් එක්ක කොහෙත්ම වැඩ කරන්න බැහැ. කාලයක් බැලුවා කරන්නම බැහැ පස්සේ මම කරූ සහ සජිත්ට කිවුවා අගමැතිකම බාර ගන්න කියලා ඔවුන් ඒක කලේ නැහැ. වංචා දුෂණ වෙනවා ඉතින් රට බේර ගන්න මම මහින්දට අගමැති කමට එකතු කළා. ඒ වෙලේ රට බේර ගන්න සුදුසුම කෙනා හෙව්වා එකයි මම කළේ.
මෙතෙක් ක්‍රියාත්මක වී විශාලතම වියාපෘතිය පොළොන්නරුවට. එය සැබවින්ම අද දැකගත හැකියෝ විශාල ලෙස දියුණු වෙලා. ඇයි ඒ ?
පිබිදෙමු පොලොන්නරුව යටතේ විශාල ලෙස දිස්ත්‍රික්කය දියුණු වුණා. ඒවගේම තව දේවල් එනවා ඉදිරියට. එතැනදී රෝහාල, කෞතුකාගාරය, මොනරාගල ජලාශ යන වියපෘතින් විශේෂයි.
ඔව් ඒක තමයි. රටේ ජනාධිපති රට ගැන සමව හිතන්න ඕන. ඇයි තදින්ම පොලොන්නරුව විතරක් සැලකුවේ ?
එක මගේ දිස්ත්‍රික්කය. මෙහෙමයි ඕක අහන්න ඕන අනෙක් දිස්ත්‍රික්ක වල අයගෙන් ඇයි ඔවුන් එහෙම නොකරන්නේ කියලා
පරාජිතයන්ව ජාතික ලැයිස්තුවෙන් ගේනවා කියලත් කියනවා 
සිදුවූ අසාධාරණයක් නිසා සිද්ධ වූ දෙයක්. මෙහෙමයි මැතිවරණයක් සමයේ කතා කරන්න හොද දෙයක් නෙමෙයි.
ඔබ ජනාධිපති  කෙනෙක්ව සිට මන්ත්‍රී කෙනෙක් හෝ අමාත්‍යවරයකු ලෙස වැඩ  හැකිද ?
මා පක්ෂයක  නායකයෙක්. ඉතින් මට මගේ පුද්ගලික තීරණ එක්ක වැඩ කරන්න බැහැ. වුණත් මට නිර්මාණශීලිව තනතුර අනුව වැඩ කරන්න පුළුවන් එහෙම වැඩ කරලා තියෙනවා. අනික මම ඉන්නේ රටේ ජනතාවට සේවය කරන්න එතැනදී තනතුර ඉල්ක්ක කර ගන්නේ නැහැ.
පොදුජන පෙරමුණත් එක්ක ප්‍රශ්ණයක් නැත්ද ?
කිසි දෙයක් නැහැ. සමගියෙන් මැතිවරණයට මුහුණ දෙනවා.
ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකකට එකට වැඩ කරන්න පුළුවන් ද ?
මේක තමයි රටේ අවාසනාව. මොකද දේශපාලකයා ගැන හිතාගෙන ඉන්නේ මිනිස්සු , වංචා දුෂණ පුද්ගලයෙක් විදියට. මේක දේශපාලන සස්කෘතියේ ප්‍රශ්නයක් එක්ක හැදුණු එකක්. ඒ නැතුව එහෙම ප්‍රශ්නයක් නැහැ. සමගියෙන් යන ගමනකදී තමයි රටක් හදන්න පුළුවන්.
අශන්ති වරුණසුරිය

තීරණාත්මක අවසන් රාත්‍රිය අද

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද (02) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වේ. ඉන්පසුව කි‍්‍රයාත්මක නිහඬ කාලය තුළ අපේක්ෂකයින් ප‍්‍රවර්ධනය කිරීමේ කිසිදු කටයුත්තක් සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය දැනුම් දී තිබෙනවා.
මේ අතර, මහමැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වන අවසන් ජන රැළි අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළි මාලාව අද හම්බන්තොට නගරයේදී පැවැත්වීමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළිය අද රාතී‍්‍ර 07.30 ට තංගල්ල නගරයේදී පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම පක්ෂයේ අවසන් ජන රැළිය අද රාතී‍්‍ර 08.00 ට මරදාන සුදුවැල්ල ප‍්‍රදේශයේදී ද සමගි ජනබලවේගයේ අවසන් ජන රැළිය පක්ෂ නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රාතී‍්‍ර 09 ට කොළඹ අලූත්කඬේ උසාවිය අසලදී ද ජාතික ජන බලවේගයේ අවසන් ජන රැළිය පක්ෂ නායක කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් රාතී‍්‍ර 07 ට කොළඹ අලූත්කඬේ ජුම්මා මස්ජිද් වීදිය අසලදී පැවැත්වීමට නියමිතයි.

Mahinda Deshapriya considering stepping down in September

National Election Commission Chairman Mahinda Deshapriya is hoping to step down in September, weeks before his term ends.
Deshapriya told that while the term of the National Election Commission ends in November, he hopes to take time off from September for personal reasons.
“We (National Election Commission) have to go home on 13th of November 2020. I hope to take leave before that for some private work. So I may need to take time off from September 15th,” he said.
Deshapriya said that he has been involved in elections for 37 years and that was more than enough. The National Election Commission Chairman also said that he hopes proposals put forward to Parliament related to the commission will be implemented by the time the next commission is appointed.
The 5th August Parliamentary election is likely to be Deshapriya’s last election as the Chairman of the National Election Commission

Tamil diaspora in Canada extend support to TNA

The Canadian Tamil Congress has called on all Tamils to cast their precious vote wisely at the forthcoming Parliamentary Election in Sri Lanka.
CTC said the Tamil people’s struggle for democratic rights in Sri Lanka has a long history and since independence the desire of Tamils to live as a free people has not been diminished by the many setbacks and the tests of endurance faced by Tamils in their onward march for justice, dignity and equality.
“The manner in which the Tamils of Sri Lanka fought for liberty underwent many changes over the decades. In the beginning the Federal party led the Tamil struggle with a programme of non-cooperation with the State based on the Ghandian model. The conspicuous lack of success of the non-violent movement to win equal rights led to an armed struggle that escalated into a 30 year civil war with the Sri Lankan state,” CTC said.
CTC noted that from the end of the civil war in May 2009, the Tamil National Alliance (TNA) has provided leadership to resist the actions of an unjust State and promote the aspirations of a beleaguered people by searching for cooperation to create a framework for a just society in which all Sri Lankan communities can live peacefully.
“In the last Parliament, the Tamil political leadership sensibly cooperated with other progressives in the South and with the help of the international community attempted to lay the foundations for a more equitable society by generating policies based on universal humanitarian principles and creating institutions to implement them. Progress unfortunately, was tardy and minimal. Whilst these small forward steps provided some breathing space they were insufficient to bring meaningful relief to the Sri Lankan Tamil community,” CTC said.
CTC noted that the Sri Lankan political terrain is a difficult place to negotiate political outcomes based on universal humanitarian principles.
“The hallmark of the present political culture in Sri Lanka is the absence of the rule of law, a compromised judiciary, a submissive press and the militarisation of the executive. The current political structure is not conducive for meaningful change in the future for the establishment of a just and equitable society. We can see dark clouds gathering in the horizon which threaten to further weaken Sri Lankan society as a whole and particularly impact on the Tamils,” CTC said.
CTC noted that Tamils in Sri Lanka are a marginalised community and have specific political needs and aspirations but have limited electoral strength.
“It is vital that Tamil votes are not split and thereby weaken the community’s Parliamentary representation. It is therefore, important that the Tamils elect a principled and powerful group of parliamentarians who could represent the community in both the North and the East and effectively use their collective strength to advance Tamil communitys’ interests. At the present time, this could be achieved by strengthening the existing Tamil political leadership which is the Tamil National Alliance (TNA),” CTC said.
The TNA under the leadership of R. Sampanthan, has earned the recognition and respect of the international community including Canada, USA, EU, UK, Australia and India. It is widely accepted that it has carefully and consistently articulated the concerns, grievances and aspirations of the Tamil people.
The Canadian Tamil Congress has also worked closely with TNA and its spokesperson M.A. Sumanthiran in particular at the United Nations Human Rights Council (UNHRC) in Geneva. CTC has also worked with other TNA members on economic development efforts in the war affected Northern and Eastern provinces of Sri Lanka.

වරාය නගරය අසලින්ම තවත් වරාය නගරයක්

කොළඹ වරාය නගරය ආසන්නයේම ප්‍රදේශයක මුහුද ගොඩකර තවත් නගරයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරනවා
මෙම ව්‍යාපෘතිය 2013 වසරේ ආරම්භ කරන ලද්දක් වුවද පසුගිය අවුරුදු පහක දී එය ක්‍රියාත්මක නොවූ බැවින් එහි කටයුතු දැන් කඩිනමින් ආරම්භ කර කොළඹ නගරයට මෙම නව භූමි ප්‍රදේශය එකතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා