Author: uslanka
Travel to Sri Lanka
It’s encouraging to read the monthly statistics of tourist arrivals to Sri Lanka. The numbers are increasing which certainly is a good sign. Why do tourists come to Sri Lanka? Occasionally there are articles in numerous journals and newspapers by those who have visited Sri Lanka giving their impressions. Most of them are complimentary comments.

Recently this column recorded some of the memorable moments experienced by an Australian writer, Tara Mathews during a recent visit to Sri Lanka. She has also given five reasons why one should go and explore Sri Lanka in the series of articles she has published in the newsletter ‘vegTARAian’ she edits.
බදු ගෙවිල්ලත් නරක නෑ
බදු ගෙවීම රටේ සමෘධිය නැංවීම සදහා අත්‍යවශ්‍ය කාර්යයක් මිස නරක පුරුද්දක් නොවන බව ජනතාවට අවබෝධ කරවීමට වත්මන් රජය සමත්ව ඇති බව ‘ද බෑන්කර්’ සගරාව පවසයි.

ආසියා පැසිෆික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කරමින් බ්‍රිතාන්‍යයේ පළවන මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මෙම අදහස් පළ කර තිබේ.
නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සහය මේ හරහා ඇගයීමට ලක් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් අදහස් පළ කර ඇත.
රජය මත යැපීමට බලා නොසිට සියලු පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව බෑන්කර් තහවුරු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපි ගොනු 2015 පැවති ලක්ෂ 7ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් ඇති බවද එම සගරාව පෙන්වා දෙන බවද මුදල් අමාත්‍යංශයේ අදහසයි.
ජාත්‍යන්තර අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන1.5ක පමණ ණය ලබා ගැනීමට හැකි වීමත් මෙරට ආර්ථික වර්ධනය කළමනාකරණය කරමින් ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකි වීමත් මෙම අගය කිරීමට හේතු වී ඇති බව පවසයි. වැඩිදුරටත් අදහස් පළ කරන මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වළක්වා ගැනීමට සමත් වීම මෙන්ම රටේ මුදල් සංචිත යථා තත්ත්වයට ගෙන එමින් විදේශ ආයොජකයන්ගේ විශ්වාස යළි ගොඩනැගීමට මුදල් අමාත්‍යවරයාට හැකි වීම මෙම අගය කිරීමට හේතු වී ඇති බවයි.
ශ්‍රීලනිපය හා එජාපය එක්ව ආණ්ඩු කළත් පළාත් සභාවල එවැනි තත්ත්වයක් බිහි කිරීමේ අදහසක් නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප්‍රධාන මහ ඇමතිවරුන් අතර 22 වනදා පැවති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණය තේමාකර ගනිමින් මෙම සාකච්ඡාව පැවති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොවී සමගිව ඒ සදහා ඉදිරිපත් විය යුතු බවට එහිදී ප්‍රධාන මහ ඇමතිවරුන්ගේ පාර්ශවයෙන් යෝජනා කර ඇත.

නමුත් එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වත්මන් පක්ෂ සභාපතිවරයාගේ හැසිරීමෙන් සහ ක්‍රියාකලාපයෙන් ඔහුට එවැනි අවශ්‍යතාවක් ඇති බව නොපෙනෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පිළි ගන්නා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් මෙන්ම පක්ෂය ගැන තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති පිරිස්වල ද සහභාගීත්වයෙන් මෙවැනි සාකච්ඡාවන් පවත්වන්නේනම් සාකච්ඡා සාර්ථක විය හැකි බවද හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය පෙන්වා දී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා මැතිවරණවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරනු ලැබුවේ එම ජනාධිපතිවරයා නිසා බැව් පෙන්වා දුන් මහ ඇමතිවරු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ආණ්ඩු පිහිටුවා ඇතත් පළාත් සභා තුළ එවැනි තත්ත්වයක් බිහි කිරීමේ අදහසක් නොමැති බවයි.
මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුවත් කරන බව දකුණු පළාත් සභා මහ ඇමති ශාන් විජේලාල් මහතා මාධ්‍ය හමුවේ පවසා ඇත. එසේම ඉදිරියේදී නැවතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වීමට මහ ඇමතිවරුන් තීරණය කළ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.
ශ්‍රීලනිපය හා එජාපය එක්ව ආණ්ඩු කළත් පළාත් සභාවල එවැනි තත්ත්වයක් බිහි කිරීමේ අදහසක් නෑ
That is Sri Lanka, this is Malaysia
Malaysian Finance Minister Johari Abdul Ghani has said Malaysia will not end up like Sri Lanka, which was forced to lease its properties for its indebtedness to China.

“That is Sri Lanka, this is Malaysia,” Johari said when met at an event in Kuala Lumpur.
He was responding to prominent socio-economic activist and Bantah TPPA deputy chairperson Azlan Awang, who was quoted by news portal Free Malaysia Today as warning the government of the risks of putting Malaysia in the same trouble that Sri Lanka was over its indebtedness to China.
The people in Sri Lanka took to the streets to protest a deal that would see the government’s plan to grant China a 99-year lease of the port in Hambantota, southern Sri Lanka. The Sri Lanka deal would see a China company take 80 percent of its stake.
“For Malaysia, what will be our pound of flesh if we default on our humongous debts?” Azlan asked. He claimed that Putrajaya’s “indiscriminate and reckless” pursuit of investments and borrowings had led to “huge piles” of debt, without many multiplier effects or long-term economic gains. In rebutting this claim, Johari said Malaysia would only trade with reputable corporates from China. “Any company that wants to trade with us must have reputation,” Johari said.
Last November, Najib announced he succeeded in securing RM143.6 billion in FDI during his trip to China. China will fund and construct the RM55 billion East Coast Rail Link (ECRL). The opposition spoke out against the Chinese investments, worried that it might lead to Malaysia being at the beck and call of the world superpower in its chess game of global politics and hegemony over the South China Sea.
ජනපති හා අගමැති අතර විශේෂ හමුවක්
මේ වන විට රජය මුහුණදී ඇති අර්බුද හා ගැටලු සම්බන්ධයෙන් හා රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් (23දා) පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

රජයේ ආර්ථික උපදේශක කමිටුවේ නියමුවන් ලෙස සැලකෙන තිදෙනකු කැබිනට් මණ්ඩලය අභිභවා යමින් රජය නොමඟ යැවීමක් සිදුවෙමින් තිබෙන බව චෝදනා කරමින් යහපාලන ආණ්ඩුව අපකීර්තියට පත්ව ඇතැයි, රජයේ එජාප හා ශ්‍රී ලනිප ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී කරුණු දක්වා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්ත සංචාරයක යෙදී සිටින අතරතුර ඉකුත්දා (18දා) ජනාධිපතිවරයා හමුවී මේ තත්ත්වය පහදා දී ඇති එකී අමාත්‍යවරු වහාම මෙය නිවැරැදි කිරීමට මූලිකත්වය ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ තත්ත්වය වඩාත් අර්බුදකාරී මට්ටමකට වර්ධනය වී ඇතැයි ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති එම ඇමැතිවරු, රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා ගණනාවකටද රජය අසීරුතාවට පත් කරන හේතු රාශියක් මේ ඇමැතිවරයා විසින් නිර්මාණය කර ඇති බවද මෙහිදී පෙන්වාදී ඇත.
අග්‍රාමාත්‍යවරයා රටේ නොමැති අවස්ථාවක මේ පිළිබඳ තීරණයක් ගත නොහැකි බැවින්ද සම්මුතිවාදී රජයක් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති බැවින්ද මීළඟ කැබිනට් මණ්ඩලයට මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට යොමු කරන ලෙස ජනාධිපතිවරයා එම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බවද දැනගන්නට ඇත.
අධ්‍යක්ෂ ජෙනරාල්ට ක්‍රෝටන් කොළ සහ කොස් කොළ කෑමක්
ඒ අනුව ඒවායෙහි රස බලා ගුණ අගුණ රටට හෙළි කිරීමට ඔහුට හැකිවන බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේය.
ක්‍රෝටන් කොළ සහ කොස් කොළ වෙනුවට නියං අවස්ථාවකදී ආහාරයට ගතහැකි වෙනත් ඕනෑ තරම් දේ තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණි.
රටවටා තිබෙන මුහුදෙන් පහසුවෙන් ලබාගත හැකි මාළු සහ මුහුදු ශාක ඒ අතර වන බව අසේල සම්පත් වැඩිදුරටත් කියා සිටියේ.
අපේ සිනමාවෙ God Father ගැන අදහා ගන්න බැරි කතාවක්
මේ අපේ සිනමාවෙ God Father ගැන කතාවක්. අදහා ගන්න බැරි දුක හිතෙන කතාවක්. රේඛාවෙන් සිංහල සිනමාව අලුත් රේඛාවකට යොමු කරමින් දේශීය සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න දර දිය ඇදපු ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රවීණයාණන් ඉකුත් දිනවල මුහුණ දුන්නෙ නොසිතූ විරූ ඇබැද්දියකට.

ඔහු තමන්ගෙ ආදරණීය බිරිද සුමිත්‍රා පීරිස් සමග දිවි ගෙවූ නිවස එහි හිමිකරුවන් විසින් මේ අයට නොදන්වාම වෙනත් සමාගමකට විකුණලා.නීතිඥ මහත්වරු පිරිසක් ඇවිත් මේ බව කියනතුරුම මේ ප්‍රවීණ කලාකරු යුවල ඒ ගැන හාංකවිස්සියක්වත් දැනගෙන ඉදලා නැහැ.මේ කියන නිවස පිහිටලා තිබෙන්නෙ ඉස්සර ඩික්මන්ස් පාර නමින් ප්‍රසිද්ධ දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත නමින් හදුන්වන සුප්‍රකට පෙදෙසේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය බිරිද මෙන්ම සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරියක් වන සුමිත්‍රා පීරිස් මහත්මිය මේ අලකලංචිය ගැන බොස්ටන් ලංකා වෙත අදහස් පළ කළේ මේ විදියට.

“පසුගිය ඔක්තෝබර් මාසෙ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාමකින් අපිට ලිපියක් ලැබුණා. ඒ ලිපිය මගින් දැනුම් දී තිබුණේ අප ජීවත් වෙන නිවස දේපළ සංවර්ධන සමාගමකට විකුණා ඇති බවත් මින් පසු අප නිවාස කුලී ගෙවිය යුත්තේ එම සමාගමට බවත්.
අපි මේ නිවසේ වසර 48ක් පුරා ජීවත් වෙනවා.එදා ඉදන්ම නියමිත පරිදි නිවාස කුලී ගෙවමින් අපි නිවසේ හිමිකරුවන් සමග සුහදව කටයුතු කළා.මං හිතන්නෙ එයාලට මොකක්හරි සල්ලි හදිස්සියක් ඇවිත් මේ වගේ තීරණයක් ගත්තා වෙන්න ඇති. නමුත් මේ සිද්ධිය අපිට ලොකු කම්පනයක් ඇති කළා.දැන් තවදුරටත් අපිට මෙහි පදිංචිව සිටීම ගැන අවිනිශ්චිත හැගීමක් ඇති දැනෙනවා.”
මේ කම්පනය දරාගන්න බැරිවෙන බව දන්න නිසාම ඇය තම ආදරණීය සැමියා ලෙස්ටර් ජේම්ස් පීරීස් මහත්මයට මේ ගැන කිසිවක් කියලා නැහැ.
“එයාට අපි මේවා කියන්න ගියෙ නැහැ. අපිට ඉස්සර කෝට්ටෙ අපේම නිවසක් තිබුණා. ඒක විශාල මුදලකට විකුණලා සිනමා නිර්මාණ වෙනුවෙන් ඒ මුදල් යෙදෙව්වා.ඒ ඇර අපිට වෙනත් නිවසක් හෝ දේපලක් නැහැ.මේ වන විට විජයදාස රාජපක්ෂ මහතා මේ ගැටළුවට නීතිමය විසදුමක් ලබා ගන්න සහය වීම සදහා මැදිහත් වෙලා ඉන්නවා.එය අපිට ලොකු ශක්තියක්.
මෙය ගොඩක් වටින නිවසක්.එනිසා අපිට මෙහි අයිතිය ලබා දෙන්න කියලා අපි ඉලල්න්නෙ නැහැ. අපි දැන් ඉන්නෙ ගෙවල් මාරු කරන්න පුළුවන් වයසක නෙවෙයි. මෙතෙක් කලක් හිටපු විදියටම නියමිත ගෙවීම් කරමින් මේ නිවසේ අපිට ජීවත් වෙන්න ඉඩ ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නෙ.”
සටහන – නිරාශා පියවදනි පින්නවල
