ප්‍රති උත්තර දීමට ඇති හොදම ක්‍රමය අපහාස නඩුවක් ගොණු කිරීම

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා තමාට විරැද්ධව ඉදිරිපත් කර තිබෙන මුල්‍ය වංචා චෝදනාව සම්බන්ධවෙන් ප්‍රති උත්තර දීමට ඇති හොදම ක්‍රමය ඔහුට විරැද්ධව අපහාස නඩුවක් ගොණු කිරීම යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අද (16) මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පැවති මහින්ද රාජපක්ෂ රජය සමයේ කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උදය ගම්මන්පිල මහතා ලැජ්ජා නැතිව තමන්ට ඇගිල්ල දිගු කරන බවට හෙතෙම චෝදනා කළේය.

තමා කළ බවට චෝදනා කරනු ලබන ගණුදෙනුව සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කරන ලද ලියවිලි ඇතුළු සියලු ලියවිලි තමා සතුව පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

තමා මේ සම්බන්ධයෙන් බොහෝ සිත් වේදනාවෙන් සිටින බවත් එවන් වංචා කිරීමෙන් දේශපාලනයට ඒමට කිසිසේත්ම තමාට අවශ්‍ය නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ සෘණ තත්ත්වයේ තිබූ ආර්ථිකය ගොඩනංවමින් වත්මන් රජය පිරිසිදුව කටයුතු කරන විට මෙවැනි විවිධ චෝදනා ගෙන එන බවත් ඒ මහතා සදහන් කළේය.

එසේම මීට පෙර මූල්‍ය වංචාවකට චෝදනා ලැබ සිටින වංචාකරුවෙක් සමග විවාදයක් කිරිමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද, ජනතාව වෙනුවෙන් මාධ්‍යයට පමණක් තමා උත්තර දීමට සූදානම් යැයිද කරුණානායක මහතා අවධාරණය කළේය.

Serena Williams goes topless in 2017 Sports Illustrated Swimsuit Issue

Serena Williams is living her best life right now.

Between her Australian Open victory and her engagement to Reddit co-founder Alexis Ohanian, she added the cherry on top with a sizzling Sports Illustrated Swimsuit Issue appearance!

The 35-year-old athlete posed in front of a tropical background.

The future Mrs. Ohanian then got bold and went without a top for her other looks. In one photo, she puts her enviable athletic figure on full-display, wearing only a pastel peach string bikini bottom by Onia and a shell necklace. She covers her breasts with one hand.

SWIM158_TK4_00727-rawWMFinal1920SWIM158_TK4_04104-rawWMFinal1920

The tennis legend, who has 23 grand slam titles to her name, also wore a bright red bikini that she donned while posing under a running shower on the beach.

SWIM158_TK4_02866-rawWMFinal1920SWIM158_TK4_04666-rawWMFinal1920

.SWIM158_TK4_03913-rawWMFinal1920_0SWIM158_TK4_03336-rawWMFinal1920

Photographed by: Emmanuelle Hauguel

 

 

ස්වාධීන මාධ්ය නියාමන යාන්ත්රණයක්

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනු අත්සනක් නොමැතිව කිසිදු ලියවිල්ලක් තමා නිකුත් නොකරන්නේ යැයි ජනමාධ්‍ය ප්‍රවෘත්ති හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන ලියවිල්ල සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා ඊයේ (14) ප්‍රකාශ කර තිබිණි.

තමන් පුරුද්දක් වශයෙන් ලේකම්වරයාගේ  අත්සන සහිත ලියවිලි පමණක් තමා නිකුත් කරන බවත් විෂයභාර අමාත්‍යවරයා ව‍ශයෙන් මෙම කොමිසම තමන්ගේත් අමාත්‍යාංශ ලේකම්වරයාගේත් සම්පුර්ණ අනුදැනුම මත ක්‍රියාත්මක වු බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම අදාළ  කොමිසම ස්ථාපිත කිරීම සම්බන්ධ පත්‍රිකාව ඉකුත් නොවැම්බර් මස 22 වන දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් එහි ඇති කාලින බව සහ අවශ්‍යතාවය මත එය ඒකමතිතකව සම්මත වු බවත් මහජනතාව ද මෙම කොමිසම සම්බන්ධයෙන් බොහෝ උනන්දුවෙන් අදහස් ලබා දුන් බවත් මෙහිදි කරුණාතිලක මහතා පැවසීය.

ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මල් මාලා පපර බෑන්ඩ් නැතිව ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම

සිය සිතේ සවියේ බල මහිමය විදහා දක්වමින් ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට්  කණ්ඩායම  ඊයේ (15) අලුයම මව්බිමට ළගා විය.  

ජාත්‍යන්තර කීර්තියක් රැගෙන මෙරටට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා දේශපාලන බලධාරීන් හෝ වගකිවයුතු මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් සහභාගී නොවූ බව වාර්තා වේ. 

පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගන පහසුකම් ලබා ගැනීමේදී සහ ගුවන් ටිකට් පත් සකස් කර ගැනීම සම්බන්ධයෙන්  උද්ගත වූ ගැටලූ රැසක් හේතුවෙන් මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස දෘෂ්‍යාබාධිත  තරගාවලියට සහභාගි වීම ද ඔවුන්ට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත කර තිබුණි.

 කොළඹින් පිට ඈත ගම් දනව්වල සිටින දෘෂ්‍යාබාධිත  ක්‍රීඩකයින් සහ මානුෂීය මෙහෙයුමේදී  ආබාධවලට ලක් වූ සෙබළුන් ද  මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්ස දෘෂ්‍යාබාධික ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියට සහභාගී වී ඇත. 

අවසන් පූර්ව වටය දක්වා පිවිසි ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙහිදී නව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමටද  සමත් වී ඇත. 

එසේම සුරංග සම්පත් ශතක 5ක් රැස් කරමින් බී තුන කාණ්ඩයේ තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ලක් මාතාවට තවත් ගෞරවයක් අත්කර දෙමිනි.

ශ්රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ පළමු සැසිවාරය හෙට

ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය යටතේ පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ පළමු සැසිවාරය හෙට හා අනිද්දා (පෙබරවාරි 16 හා 17 ) මීගමුව “ජෙට්වින් බීච්” හෝටලයේදී පැවැත්වේ.

ආණ්ඩු පක්ෂ විපක්ෂ මැති ඇමැති වරුන් 34 දෙනෙකුගෙන් යුත් මෙම සංසදයේ සභාපතිවරයා ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කටයුතු කරන අතර උප සභාපති වරුන් ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ හා ඊ. සරවනපවන් යන මන්ත්‍රීවරුන් කටයුතු කරති.

මෙම සමුළුවට  ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් ආසියානු සංසදයේ විධායක අධ්‍යක්ෂ ජපානයේ මිකා මොරමොටෝ, පරිපාලන කළමණාකාරිනී තායිලන්තයේ පෝන්ප්‍ර‍පාස් සප්පාපන් ඇතුළු ඉන්දියාවේ සීමා ගයික්වැඩ්, තායිලන්තයේ අනෙක් ලෙකූන්, කාම්බෝජයේ මාදෙවි සුන් සුන් හා ප්‍ර‍ංශය විශ්ලේෂණ සහකාරිනියක ලෙස ඇඩෙල් මාකෙල් යන මහත්ම මහත්මීන් සහභාගි වේ.

පෙබරවාරි 16 හා 17 දින දෙකේ දී පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිත සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිතයන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, හෙක්ටර් අප්පුහාමි, අලි සහීර් මව්ලානා, ජේ.සී අලවතුවල, ඩග්ලස් දේවානන්දා, ලසන්ත අලගියවන්න, ශ්‍රියානි විජේවික්‍ර‍ම, තිලංග සුමතිපාල, ඉෂාක් රහුමාන්, වසන්ත අළුවිහාරේ, ආනන්ද කුමාරසිරි, සුපුන් රාජකරුණා, මලිත් ජයතිලක, ඩිලාන් පෙරේරා, කාදර් මස්තාන්, මුත්තු සිවලිංගම්, අශෝක් අබේසිංහ, ඩබ්.එම්.ටී.බී.ඒකනායක, වේළු කුමාර්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ආනන්ද අළුත්ගමගේ, සුදර්ශනී ප්‍ර‍නාන්දු පුල්ලේ, මොහොමඩ් නවාවි, හෆීල් සල්මාන්, විජිත බෙරුගොඩ, එල්.ඒ.විජේමාන්න, සිඩ්නි ජයරත්න, චන්ද්‍රානි බංඩාර, රාජිත සේනාරත්න, රංජන්  රාමනායක, හා නිරෝෂන් පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගි වෙති.

ආසියානු කලාපයේ තිරසාර සංවර්ධනය හා ජනගහනය පිළිබඳව ගැටළු හා ඒවාට ඇති විසඳුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම දෙදින වැඩමුළුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබයි.

 

සතොස අළෙවි සැල් 500ක් රට පුරා

මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේ දී රුපියල් ලක්ෂ හයක වාර්තාගත ආදයමක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශය සදහන් කරයි.

ඉකුත් පෙබරවාරි 12 වැනිදා විවෘත කැරුණු මුතූර් ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල සතොස 325 වැනි ලංකා සතොස අළෙවි සැල වේ.

සතොස අළෙවි සැල් 500ක් රට පුරා ස්ථාපිත කිරීම රජයේ අරමුණ යැයිද දැනටමත් රුපියල් බිලියන 30 පමණ වෙළෙඳාමක් වසරකදී සතොසෙන් සිදුකරන බවද මුතුර් සතොස වෙළද සැල ආරම්භ  විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත් රිෂාඩි බදියුදීන් මහතා පැවසීය.

මෙමගින් ශ්රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට ඉතා ගුණාත්මක භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමට හැකියාව ලබාදී ඇතැයිද සතොස පාලන අධිකාරිය විශාල වෙනස්කම් වලට භාජනය කළා යැයිද දැනට සතොස සේවක සේවිකාවන් 3500 වැඩි පිරිසක් රාජකාරී කටයුතුවල නිරතව සිටිනවා යැයිද හෙතෙම පැවසීය

සතොස අළෙවි සැල් ජාලගත කිරීමේ කාර්යය දැනටමත් ආරම්භ කළ බවත් ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමේ ව්යාපෘති 125ක් අපි සතොස වෙළෙඳ සැල්වල ක්රියාත්මක කළ බවත් අමාත්යවරයා මෙහිදී පැවසීය..

එසේම ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූළව සුපිරි වෙළෙඳ සැල්වලින් ලබා ගත හැකි සියලුම සේවාවන් සතොස වෙළෙඳ සැල් මගින් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට ව්යාපෘති ක්රියාත්මක කර තිබෙන බවත් රජයේ ආයතනයක් ලෙස පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කරමින් ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීම ප්රධාන අරමුණ බවත් අමාත්යවරයා පෙන්වා දුනනේය.

 

සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසු වෛද්යවරයාගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි..

ආසිරි රෝහල් ජාලයට අයත් කොළඹ ද සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ සිසේරියන් සැත්කම කළ වර්ණකුලසූරිය නමැති නාරිවේද වෛද්‍යවරයා නොසැලකිල්ලෙන් තම දරු ප‍්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැසීයැයිද ඒ නිසා මාස ගණනාවක් විවිධ කරදර වින්දේ යයිද cදන්වමින් ඊට වන්දි හැටියට රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලා 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

නාරිවේද විශේෂඥ වෛද්‍ය සී.වර්ණකුලසූරිය මහතා සහ ද සෙන්ට්‍රල් පෞද්ගලික රෝහල මෙහි වග උත්තර කරුවන් හැටියට නම් කර ඇත.
මෙම පුළුන් කැබැල්ල ඉවත් නොකළහොත් තමන් මරණයට පත්වීමට වුවද හැකියාව තිබූ බව පැමිණිලිකාරිය එහිදී දන්වා තිබේ. ඊයේ (14 දා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කළ කැලණිය දළුගම පදිංචි එම්. සී. ටී. ඩී. පෙරේරා 23 හැවිරිදි දෙදරු මව මේ අන්තරායට මුහුණපා ඇත්තේ සිය දෙවන දරු ප්‍රසූතියේදීය.

විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත 2016 ජනවාරි 3 වැනිදා රෝහලට ඇතුළත් කර එදිනම සිසේරියන් සැත්කම මගින් දරුවා ප්‍රසූත කළ බව කියන ඇය එම සැත්කම අවසන් වී දින කිහිපයක්‌ යනතුරුම තමාගේ උදරයේ හටගත් අධික වේදනාව හා සංකූලතා පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් නමුත් ඔහු තමා නිසි පරීක්‍ෂාවකට ලක්‌ නොකර වේදනා නාශක පමණක්‌ ලබාදුන් බව දන්වා සිටියාය.

අනතුරුව විශේෂඥ වෛද්‍යවරයකු මාර්ගයෙන් සිදුකළ ස්‌කෑන් පරීක්‍ෂණයේදී උදරයේ පුළුන් ගුලියක්‌ හෝ ගෝස්‌ ගුලියක්‌ ඇති බවට හඳුනාගත් බවත් එයින් විමතියට පත්වූ බවත් ඇය පැමිණිල්ලේ දක්වා ඇත.
2016.04.01 වැනිදා වෙනත් පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිදු කළ සැත්කමකදී එම පුළුන් හෝ ගෝස්‌ ගුලිය වටා ඇති වී තිබූ ගෙඩිය බඩවැලේ කොටසක්‌ ද සමඟ කපා ඉවත් කිරීමට පියවර ගන්නට පසුව සිදුවූ බව ඇය දන්වා ඇත.

එකී තුවාල යථා තත්ත්වයට පත්වනතුරු බඩවැල් උදරයෙන් පිටත රඳවා කෘතිම ක්‍රම මගින් දින 45 කට ආසන්න කාලයක්‌ තමාගේ සාමාන්‍ය ශරීර කෘත්‍යයන් පවත්වාගෙන යැමට සිදුවූ බවත් ඇය පවසයි.
බඩවැල් අභ්‍යන්තර ද්‍රව්‍ය නැවත උදරය තුළට ඇතුළු කිරීම සඳහා 2016 මැයි 15 වැනිදා යළි දෙවැනි සැත්කමක්‌ කළ බවත් පළමුවන විත්තිකාර වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් ක්‍රියාව හේතුවෙන් තමාගේ ජීවිතය මාරාන්තික හා දැඩි අන්තරාදායක තත්ත්වයක පත්වූ බවත් ඒ අනුව ඇය පෙන්වා දෙයි.

අලුත උපන් දරුවාට මාස පහක අධික කාලයක්‌ යනතුරු මවුකිරි ලබාදීමට පවා මේ නිසා නොහැකි වූ බවත් ලබා දී තිබූ ඖෂධ හේතුවෙන් මවුකිරි ලබාදීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සිදුවීම, වෛද්‍ය පරීක්‍ෂණ හා සැත්කම් හේතුවෙන් ඉතා අධික මුදලක්‌ වැය කිරීමට එකී වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා සිදු වූ බැවින් ඔහුගෙන් හා ඔහු සේවය කළ පෞද්ගලික රෝහලින් එක්‌ව හෝ වෙන් වෙන්ව එම වන්දිය ලබාදෙන ලෙස ද පැමිණිලිකාරිය ඉල්ලා ඇත.

ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය
විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අවශ්‍ය බව ඒ අනුව ඇය දන්වා සිටී.

Consumer Rights Movement of Sri Lanka

කොතලාවල වෛද්ය පීඨයට සායනික පුහුණුව සදහා රෝහලක්වත් නෑ: රාජිත සේනාරත්න

සයිටම් ආයතනයේ ප්‍රමිතීන් පිළිබද ප්‍රශ්න කරන වෛද්‍ය සභාව සායනික පුහුණුව සදහා රෝහලක් හෝ නොමැති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට විනාඩි 45ක් තුළ අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය අනුව එසේ කල බවත් ඒ සදහා වෛද්‍ය අඥා පනත පවා සංශෝධනය කල බවත් ඒ මහතා සදහන් කළේය.

මාලඹේ සයිටම් විද්‍යාලයට සායනික පුහුණුව සදහා රෝගින් අඩු වුවත් ඉතා ඉහළ පහසුකම් සහිත රෝහලක් තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම අද වෛද්‍ය සභාව වෘත්තිය සමිති වල කාර්යයද සියතට ගෙන කටයුතු කරන බවට හෙතෙම චෝදනා කළේය.

එසේම වත්මන් ආණ්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ නැති ස්ථාවරයේ සැමදා සිටි බවද හෙතෙම පැහැදිලි කළේය.

ඇතැමුන් 2020 දී බලයට ඒමටත්, ඇතැමුන් තම රතු ධජය තවත් රතු කරගැනීමටත්  සයිටම් ප්‍රශ්නය භාවිත කරන බව පවසමින්  පසුගිය දිනක විමල් වීරවංශ මහතා හොද කතාවක් කළ බවත් අමාත්‍යවරයා කීය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භක අවධියේ එය රැසියානු විශ්ව විද්‍යාලක් හා අනුබද්ධ කිරීමට යාමේදී එහි ඉගනගන්නේද දේශීය සිසුන් බැවින් එය අනුබද්ධ නොකර දේශීය උපාධි ප්‍රධාන ආයතනයක් ලෙස පවත්වාගන්නා ලෙසට නිර්දේශ කළේද වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනිය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද (පෙබ 15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් රජයේ කිසිම තනතුරක් දරන්නෙ නැහැ: රාජිත

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව පියවරක් ගැනීම රජය මෙතෙක් කල් දමා ඇත්තේ ඔහු සම්බන්ධයෙන් වන විමර්ෂණ වාර්තා ලබෙන තුරු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුලු විමර්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ පිළිබද තීරණය කරන බව හෙතෙම අවධාරණය කලේය.

එසේම අර්ජුන් මහතා රජයේ කිසිදු තනතුරක් නොදරන බවත් තනතුරක් දරන බවට ඇති චෝදනා අසත්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

අද (පෙබ 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

 

“ඇයි තමුසේ අර ගෑණි ගාවට ගියේ ? “

සංඛ රඹුක්වැල්ල

නුගේගොඩ තියෙන බෝඩිම් කාමරයට යන්න හැමදාම මම කොළඹ විශ්ව විද්‍යාලය ගාවින් ගොඩවෙන්නේ 138 බස් එකට.මිනිත්තුවකට 138 බස් එකක් දෙකක් එතනින් යන නිසාම කිසිම තරඟයක් නැතිව ගොඩවෙන්න පුළුවන් බස් එකක් නිසා 122 වගේ වේගයෙන් යන බස් වලට ගොඩ නොවන්නත් 125 වගේ අඩු වේගයෙන් ඒත් හදිස්සියෙන් යන බස් වලටත් ගොඩ නොවී සැහැල්ලුවෙන් ගමනාන්තය දක්වා යන බස් එකකට ගොඩවෙන්න මම කැමතී.

ජීවිතය කියන්න තරඟයක් කියලා මම දන්නවා.ජීවිතය දිනන්න කෙසේ වෙතත් ජීවත් වෙන්නත් තරඟයක් දෙන්න ඕන කියලත් මම දන්නවා.ඒත් තරඟ කරන්න ඕන සමාන අවස්ථාවන් ඔක්කොටෝම තියන පිටියක මිසක් එක්කෙනෙක් සුගතදාස එකේ දුවද්දී තව කෙනෙක් ගමේ සොහොන් පිට්ටනියේ ඉතුරු වෙච්ච පුංචි කොටසේ දුවන එක තරඟයක් වෙන්නේ නෑ.

ඒ නිසා මවාගත්ත “පොෂ්” එකකුත් නැතිව වැළපුමක් නැති “පුස්” එකකුත් නැතිව ඉහෙන් කණෙන් දාඩිය බේරෙන 138 බස් එකේ මම නුගේගොඩ බලා යනවා.බස් එක නුගේගොඩ හෝල්ට් එකට දාන්නේ හරියට ඉස්සරහ රෝද දෙක උපරිම හරවලා,තවත් පොඩ්ඩක් වැඩිපුර කපලා සනීපෙට බ්‍රේක් පාරකුත් ගහලා.හිර වෙච්ච කලිසම් ඇඳගත්ත අක්කලා නංගිලා වගේම ඇන්ටිලත් මූණ බෙරි කරලා බස් එකේ ඉන්න පිරිමි දිහා බලනවා ඒ බ්‍රේක් පාරේ සැරට.බ්‍රේක් ගැහුවේ අපි නොවන නිසා ඒ අය කරබාගන්නවා ඇති කියලා අපි හිතහදාගමු.

නුගේගොඩ බස් ස්ටැන්ඩ් එකෙන් බැස්ස මම හැටන් නැෂනල් බැංකුව ගාවට ඇවිල්ල එතනින් ගුවන් පාලම යටින් රිංගලා පාරේ අනිත් පැත්තට යනවා.ඒ යන්නේ කොහුවල හංදියට යන පාර පැත්තට.හරියටම කොහුවල පැත්තට හැරෙනකොට “ඕපල්” එක තියෙනවා..ඊට පස්සේ “නෝ ලිමිට් ” එක තියෙනවා.”නෝ ලිමිට්” එක පහුවෙනකොටම බහුතරයක් අය “ලිමිට් ” කරා කියලා පෙන්නන කාර්යයක් “අන්ලිමිට්” විදිහට පාවිච්චි කරන කෙනෙක් මුණ ගැහෙනවා.

ඇයට ගණදෙනුකරුවෙක් මුණ නොගැසෙන ඕනෑම අවස්ථාවක ඇය එම ස්ථානයේ ඉන්නවා.තැඹිලි පාට ටී ෂර්ට් එකකින් සැරසුන ඇය ඩෙනිම් වර්ගයේ රෙද්දකින් නිම කරපු කෙටි සායකින් හැඩවෙලා ඉන්නවා.උස අඩි පහක් විතර වන ඇය කොණ්ඩය කොටට කපලා ඉන්නේ.

කළු පාට පබළු දෙකක් වගේ කරාඹු දෙකකින් අලංකාර වුණ ඇගේ කන්පෙති වලට ඇය ඒ තරම් ලොකු වටිනාකමක් නොදුන්නේ ඇයි කියලා වෙලාවකට මට ප්‍රශ්නයක් මතුවෙනවා.කොහොම නමුත් ඈ එක් අවස්ථාවක් එනතුරු බලාගෙන ඉන්නවා.අවස්ථාව කෙතරම් සංකීර්ණ වුණත්,කෙතරම් සරළ වුණත් තරඟයක් ඇති මිනිසුන් වෙනුවෙන් තරඟයක් නැතිවම ඈ විකිණෙනවා.අයෙක් ඒක අනුකම්පා කළයුතු දෙයක් විදිහට දකිද්දි තවත් අයෙක් එය අනුමත කළ හැක්කක් ලෙසත් තර්ක කරන්න පුළුවන්.අනුමත කිරීම හෝ නොකිරීම පුද්ගලයා සතු පෞද්ගලික කියවීමක් මිසක් එය සමස්තයේ කියවීම නොවන බවනම් මතකතබා ගත යුතුම කාරණාවක්.

මේ ඊයේ පෙරේදා එක්තරා ගුවන් විදුලි නාලිකාවක මධ්‍යහන පුවත් විකාශනය තුළින් එක විශේෂ පුවතක් වාර්තා කරනවා.එක් උප ප්‍රධාන නගරයක පවත්වාගෙන යන ගණිකා නිවාසයක් වසා දමන්න කියලා පංසලේ හාමුදුරුවොයි ,ගමේ කාන්තාවන් සහ පිරිමින් එකතුවෙලා උද්ඝෝෂණයක්.කට්ටිය බොහොම ‍රැඩිකල් විදිහට “වොයිස් කට් ” දීලා කියනවා මේ ගණිකා නිවාසය එම ස්ථානයෙන් ඉවත් කරන්නලු.එතෙක් කලක් පැවතුන සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාස වෙනවලු.ඒ අතරේ එක් කාන්තාවක් මාධ්‍ය නාලිකාවට මේ විදිහේ “වොයිස් කට් ” එකක් දෙනවා..

“අපේ ස්වාමිපුරුෂයන් අපිට ආරක්ෂා කරගන්න ඕන,ඒ නිසා අපි පොලීසියට කියන්නේ ,කරුණාකරලා මේ ගණිකා නිවාසය මෙතනින් ඉවත් කරන්න ”

කියලා ඈ කියනවා.ඈ කියන කතාව මටනම් හරියට අකුණක් ගැහුවා වගේ දැණුනා. “අපේ ස්වාමිපුරුෂයන්” ආරක්ෂා කරගන්න ඕන කියලා ඈ කීවේ ඇගේ අවංක හැඟීමෙන් වෙන්න ඇති.ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමි පුරුෂයාව ගණිකාවකගෙන් ආරක්ෂා කිරීමත් ආසියාවේ සාම්ප්‍රදායික ගැහැණියට අයත් කාරණයක් ද කියන එක.ගණිකාවක් සමඟ ලිංගිකව හැසිරිලා එන උත්තම පුරුෂයා කහ දියර ඉහළා පිළිගන්න තවමත් ආසියානු ගැහැණිය සූදානම් ද කියන කාරණය.

ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තවමත් ගැහැණිය පුරුෂාධිපත්‍යට යටයි කියන එක ද ?  ඇයගේ ප්‍රකාශය හරහා එළියට ආවේ සම්ප්‍රදාය කරේ තියාගෙන ඉන්න සිතිවිලි වලින් දුප්පත් වූ ආසියාතික පීඩනයෙන් මිරිකෙන ගැහැණිය කියලයි මම හිතන්නේ.ඒක වඩාත් සරළව කියනවානම් මෙහෙම .

බිරිඳ සැමියගෙන් අහනවා “ඇයි තමුසේ අර ගෑණි ගාවට ගියේ ? ” කියලා.එතකොට සැමියා උත්තර දෙනවා “උබට මොකටද ඒක? මම පිරිමියෙක් ” කියලා.එතකොට මේකද ආසියාතික ගැහැණිය ආරක්ෂා කිරීමට වෙර දරන සංස්කෘතිය.

සංස්කෘතිය එහෙම ආරක්ෂා කළා කියලා හිතුවත් කෝ සමානාත්මතාවය?

සංස්කෘතිය ආරක්ෂා කිරීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ වාහකයා ලෙස ගැහැණිය ලෙස හැඳින්වෙද්දී කාන්තාවක් අහම්බයෙන් මුණ ගැහුණොත්,චාන්ස් එකක් ලැබුණොත් ඒ අවස්ථාව “පිරිමියෙක්” වීම නිසා ප්‍රයෝජනයට ගැනීමට පිරිමියාට සාධාරණ අයිතියක් තියෙනවා කියලා ගැහැණිය ඉවසන්න ඕන කියන එකද ඒ කතාවේ යටිපෙළ අර්ථය.ඒක මහ පුදුම සංස්කෘතිකමය ලක්ෂණයක් කියලා හිතෙන්නේ මට විතරක් ද ?.

ඊටත් වඩා පුදුමය ගැහැණිය පුරුෂාධිපත්‍යය දිගින් දිගටම රඳවාගෙන යන්න අනුබල දීම නෙවෙයි ද ? කොහොමද මේ අවස්ථාවන් දෙක තුලනය කරගන්නේ අපි.ඒ කියන්නේ ගමේ ඉන්න ගෑණු ටික කැති පොරෝ අරන් ඇවිල්ලා අර ගණිකා වෘත්තිය කරන අහිංසක ගෑණු ටික පන්නලා දැමීම ද ඒ මහා සංස්කෘතිකමය තුලනය කිරීම ?

ඒක මහ පුදුම තුලිතකරණයක්.එතකොට ඔය උද්ඝෝෂණයෙම ඉන්න ඒ ගණිකාවන්ගෙන් පහස ලබපු පිරිමින්ට ලබාදෙන්න පුළුවන් දඬුවම මොකක් ද ? උන්ට දඬුවමක් නැත්නම් අර ගැහැණුන් දඬුවම් ලබන්න තියෙන අයිතිය මොකක් ද ?

ඒ දඬුවම් ලැබීමට එකම සුදුසුකම ගෑණු ” ගෑණු” වීම නම් අපි තවමත් ඉන්නේ පිරිමියා විසින් සිය ආධිපත්‍ය තහවුරු කිරීමට කෘත්‍රීමව ගොඩ නගපු ඊනියා සංස්කෘතියක කියලා කණගා‍ටුවෙන් වුණත් කියන්න වෙනවා.ඒ නිසා පිරිමින්ගේ සංකෘතියක් ආරක්ෂා කිරීම වෙනුවෙන් අසීමිතව ගැහැණු පෙළ ගැහෙන අමුතු පන්නයේ රටක ජීවත් වීමේ “ලල්” එක ඔබත් විඳින්නකියලා අවසාන වශයෙන් මම කියන්නම්.