විමල් වීරවංශ සිව්වන දිනටත් අාහාර වර්ජනෙය්

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ගෙනයනු ලබන ආහාර වර්ජනය සද්භාවයෙන් සිදු කරන අරගලයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කර සිටියි.

පිටත සිට එම අරගලයට සහාය ලබා දීම සිය වගකීම බව පවසන පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මාධ්‍ය ෙවත සිය අදහස් පළ කර සිටිෙය් ෙමෙලසිනි.

“ඔහුව නතර කිරීම නොවෙයි අප කළ යුත්තේ. ඔහු ඇතුළේ සිට කරන දුෂ්කර අරගලය සමාජගත කරමින්, සමාජය අවදි කරමින් මේ ආණ්ඩුව කරන සතුරු වැඩපිළිවෙළ වැළැක්වීමට කටයුතු කිරීමයි අප කළ යුත්තේ”

සිව්වන දිනටත් ආහාර වර්ජනයේ යෙදී සිටින මන්ත්‍රී විමල් වීරවංශ ගේ අරමුණ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන දේශපාලන දඩයමට විරෝධය පළ කිරීම බව කී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් එය අධිකරණයට විරෝධය දැක්වීමක් නොවන බව සඳහන් කළේය.

කෙසේ නමුත් ඔහු විසින් ගෙන යනු ලබන ආහාර වර්ජනය අධිකරණයට විරෝධය පෑමක් වශයෙන් හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් මොහොමඩ් මුසම්මිල් පැවසීය.

  1. බන්ධනාගාර වෛද්‍යවරුන් මන්ත්‍රී විමල් වීරවංශ ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ අවධානයෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

චණ්ඩින්ට ගිය කලාව තරු පන්තිෙය් විලාසිතාවක් වුණු හැටි

By: Sanka Rambukwella 

මෙය වෙනස් කලාවකි.වරක් දෙවරක් නොව සියවරක් මෝස්තරය ගැන සිතා කටයුතු කළ යුතු කලාවකි.ගැහුවොත් ගැහුවාමය.නිර්මාණ ශිල්පියා වන ඔහුට සේම නිර්මාණය ඔහු ලවා සිදුකරගන්නා ඔබට ද එය අවධානමකි.එහෙත් අප කතා කරන කතා නායකයාට එය  අවධානමක් ද ?

පිස්සුද මචං. කාලයක් යද්දී ඒක හුරු වෙනවා.මම මුලින්ම ටැටූ ඉගෙනගත්තේ අපේ යාලුවෝ සෙට් එකක් එක්ක එකතුවෙලා.හැබැයි ආර්ට්(චිත්‍ර) ඇඟේ තිබුණා.අවධානමක් නොතිබුණත් මම වෘත්තීය මට්ටමෙන් ටැටූ නිර්මාණ ශිල්පියෙක් නිසා සීයයට දෙසීයක් මම කරන නිර්මාණයට අවධානය යොමු කරනවා.ඒක මගේ වගකීම” ඇඩම් ඇන්ඩ් ඉන්ක් හි ටැටූ නිර්මාණ ශිල්පියා එලෙස කියාගෙන කියාගෙන යයි. බොස්ටන් ලංකා අපි ෙම් කියන්න හදන්ෙන ටිකක් ෙවනස් කතාවක්.

14359112_893119250818140_3470334642874042536_n16265978_976808305782567_6860668602378122219_n

යුරෝපයට සාපේක්ෂව ලංකාවේ ටැටූ කලාවක් ලෙස නොව පුද්ගලයාගේ යම් ප්‍රකාශනයක් නිරූපණය කිරීම සඳහා යොදාගත්ත අවස්ථා ඉතිහාසයේ ඉතා වැඩි ප්‍රමාණයක් පවතිනවා.උදාහරණයක් විදිහට ඒ කාලේ ටැටූ සමාජයේ චණ්ඩින්ට පමණක් සීමා වුණ කලාවක් වුණා.ඒක කලාවකටත් වඩා පුද්ගලයා නිරූපණය කරන්න යොදාගත්ත සංඛේතයක් වුණා කීවොත් හරියටම හරි.ඉතිහාසය එහෙම වෙද්දි වර්තමානය සෑහෙන්න වෙනස් වෙලා.

කොළඹ ඉඳලා කඩුවෙල පැත්තට එනකොට බත්තරමුල්ල හන්දියෙදී ඔබට මේ මනරම් ටැටූ නිර්මාණ ශිල්පියාගේ ටැටූ නිර්මාණය කරන ස්ථානය හමුවෙනවා.ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලවම ටැටූ නිර්මාණය,අවශ්‍ය රසායන ද්‍රව්‍ය භාවිතා කරන නිසා මේ ස්ථානය වඩා විශ්වසනීයයි.

ඒ විශ්වසනීය බවත් එක්කම   වඩා කුළුපග සල්ලාපයකින් ඇඩම් ඇන්ඩ් ඉන්ක් හි නිර්මාතෘ ප්‍රවීණ ටැටූ නිර්මාණ ශිල්පී අැඩම්  අපූරු ෙතාරතුරු ෙහළි  ක ෙළ් ෙමෙලසිනි.

Adam-1

කොහොමද ටැටූ වෘත්තීය මට්ටමෙන් පටන්ගත්තේ ඔබ ? මුලදි බය හිතුනේ නැද්ද ?

මුලින්ම පටන්ගත්තේ යාලුවෝ එක්ක එකතුවෙලා.පස්සේ මම ටැටූ නිර්මාණය කරන ස්ථානයක වැඩ කළා කාලයක්.ඒ අත්දැකීම් එක්ක තමයි වෘත්තීය මට්ටමට ආවේ.මුලින්ම ටැටූ ගැහුවේ මගේ යාලුවන්ගේ (සිනා) ඒ නිසා බය හිතුණේ නෑ

දැන් කොච්චර කාලයක ඉඳලද ඔබ මේ ටැටූ නිර්මාණය කිරීමේ නිරත වෙන්නේ ?

දැනට අවුරුදු හතරක වගේ කාලයක ඉඳලා මම ටැටූ නිර්මාණය කරන වෘත්තිකයෙක් විදිහට වැඩ කරනවා

17439549_10154870177236154_1763489166_n17439902_10154870179106154_269011157_n

එදා ඉඳලා අද වෙනකොට අද ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබට සතු‍ටුයි ද ?

ඔව් ඇත්තටම.අද මේ වෙනකොට ලංකාවේ හොඳම ටැටූ නිර්මාණය කරන කිහිප දෙනා අතර මාත් ඉන්නවා,ඒ ගැන ඇත්තටම සතු‍ටුයි

ලංකාවේ දැන් ටැටූ වලට තියෙන පිළිගැනීම කොයි වගේද ?

කොළඹ පරිසරය තුළ නම් ටැටූ කියන්නේ විලාසිතාවක්.ඒක නිකම් අපි අර කරාඹුවක් පළඳිනවා වගේ වැඩක්.ගැහැණු පිරිමි බේදයක් නැතිව සිදුකරන විලාසිතාවක් හැටියටයි වර්තමානයේ ටැටූ කලාව හඳුන්වන්න පුළුවන්.ඉතින් විලාසිතාවක් බහුතරයක් අනුගමනය කරනවානම් ඒක පිළිගන්න මිනිස්සු පෙළඹෙනවා

ටැටූ කලාව තුළ කාන්තාව සහ පිරිමියා ගේ ‍තෝරාගැනීම් කොයි වගේද ?

ගොඩක් පිරිමි අය බාහුව වගේ පිටතට පේන ස්ථාන වල ටැටූ නිර්මාණය කරන්න පෙළඹෙනවා.හැබැයි කාන්තාව බොහෝ දුරට ටැටූ ගහන්නේ ශරීරයේ පිටතට නොපෙනෙන ස්ථාන වල.පිරිමි අය ගොඩක් ලොකු නිර්මාණ(ප්‍රමාණයෙන් විශාල) වලට යනවා.හැබැයි කාන්තාවන් ගොඩක් සිම්පල් නිර්මාණ තමයි අත්හදා බලන්නේ.

ඔබ ඔබේ ටැටූ නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය කොහෙන්ද ගේන්නේ.. ලංකාවේ තියෙනවද එහෙම අමුද්‍රව්‍ය ගන්න තැනක් ?

නෑ ලංකාවේ මම දන්න තරමින් නෑ.මම නම් ඒ හැමදේම ගෙන්නන්නේ ඇමරිකාවෙන්

ඒ කියන්නේ ඔබේ ටැටූ නිර්මාණ හරි ගණන් කියන එකද ?

(සිනා) රුපියල් 5000 සිට ඉහළට තමයි මම ටැටූ නිර්මාණය කරන්නේ

කෙනෙගේ ශරීරයේ ටැටූ නිර්මාණය කිරීමේදී අවශ්‍ය ඩිසයින් එක තීරණය කරන්නේ කවුද?ඔබද එහෙමත් නැත්නම් සේවාලාභියාද?

ටැටූ එකක් කරන්න එන ඕනම කෙනෙක්ට මම කියනවා එයාට අවශ්‍යය ඩිසයින් එක අරන් එන්න කියලා.අන්තර්ජාලයෙන් බලලා හරි කොහොම හරි.එයා ‍රැගෙන එන ඕනම ඩිසයින් එකක් මම නිර්මාණය කරලා දෙනවා.

17439451_10154870177611154_401835423_n16649526_995428270587237_49614624858901433_n

ගැහැණු ළමුන් ද ඔබගෙන් ටැටූ නිර්මාණය කරගන්න පැමිණෙනවා.කොහොමද ඔබ අතින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්නේ ?

මම කරන්නේ වෘත්තියක්.ඒ වෘත්තියටම එක්වුණ විනයක් තියෙනවා.ඒක ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදුයි.ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සියයට දෙසීයක් මම කැප වෙනවා

කෙනෙක් දැක්ක ගමන් කියන්න පුළුවන් ද ඔබට ඔහුට ගැලපෙන ටැටූ එක මොකක් ද කියලා ?

ඔව් බොහෝ දුරට කියන්න පුළුවන්

මොනවද අහන්න කැමති සිංදු ?

මම ගොඩක් අහන්නේ බටහිර සිංදු තමයි

ඒකට හේතුව ?

ටැටූ නිර්මාණය කරද්දී හොඳ එනර්ජි එකක් තියෙන සිංදුවක් අහන්න අවශ්‍යයි.ඒ නිසා බටහිර සිංදු තමයි අහන්නේ

‍ෆිල්ම් වලට කැමතිද ?

ඔව් අනිවාර්යයෙන්ම කැමතී.වැඩියෙන්ම කැමති ඇක්ෂන් ‍ෆිල්ම්ස් බලන්න

මොනවද ඉදිරි බලාපොරොත්තු ?

තව ස්ටූඩියෝ එකක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා

ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද ?

මේ දුරකථන අංකය අමතලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න.0778489997.දිනයක් වෙලාවක් වෙන්කරගන්න හේතුව තමයි දවසකට මම නිර්මාණය කරන්නේ ඉතාමත් සීමිත ටැටූ ප්‍රමාණයක්.මොකද කරන වැඩේ හරියට කරන්න ඕන.දැඩි අවධානයකින්.ඒ නිසා වෙලාවක් වෙන් කරගෙන එන්න.උසස් අන්දමේ ටැටූවක් මම නිර්මාණය කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා ඔබට.

විශේෂ ස්තූතිය – මධූ සිල්වා මහත්මියට

සංඛ රඹුක්වැල්ල – – m_sankarambukwella@yahoo.com

ලොව සතුටින්ම සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට

ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර මෙවර වාර්තාව සැකසීමේදී රටවල් 155ක් සැලකිල්ලට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම වාර්තාව සකසනු ලබයි. මෙවර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පස්වැනි වරටය. ශ්‍රී ලංකාව ලකුණු 4.440 ලබාගැනීමට හැකිවී තිබේ.

ලකුණු 5.269ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් 80 වැනි ස්ථානයට පත්ව ඇත. ලකුණු 4.608ක් ලබාගෙන සිටින බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315ක් මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව සිටියි.

ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි.

මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ‘ලොව සතුටින්ම සිටින රටවල් 2017’ වාර්තාව පෙන්වා දෙයි.

ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මහේෂ්

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර තිබේ.

2016 වසරේ නොවැම්බර් 04 වන දින සිට හෙතෙම යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි අතර මේජර් ජෙනරාල් යූ.ඒ.බී මැදවල මහතාගෙන් පුරප්පාඩු වූ මාණ්ඩලික තනතුරේ හෙතෙම අද වැඩබාර ගන්නා ලදී.

ඔහු 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 (දිගු කාලීන පාඨමාලා) යටතේ සිය මූලික පුහුණවීම් ලබා 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන්වරයෙක් ලෙස අධිකාරියට පත්ව 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට එක්වූවේය. හෙතෙම තමා හැදෑරූ එම පාඨමාලාවේ හොඳම නිලධාරියාට පිරිනැමෙන සම්මානය සහ අසිපත ද දිනා ගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද හමුදාව තුළ වගකීම් බහුල තනතුරු රැසක් හෙබවූ මේජර් ජෙනරාල් සේනානායක ශ්‍රී ලංකා යුද හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් අණදෙන නිලධාරි/ බලඝණ නිලධාරි ආදි නිලයන් හෙබවූ අතර, දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ උපදේශකවරයෙක් ලෙස ද ක්‍රියා කළේය. අන්තර් ඒකක නිලධාරි මාරුකිරීම්වල ප්‍ර‍තිඵලයක් ලෙස මේජර් ජෙනරාල් සේනානායක 1989 වසරේ සිට විශේෂ බලකායට අනුයුක්ත කෙරිණි.

හෙතෙම ශ්‍රී ලංකාව තුල පැවති උතුරු – නැගෙනහිර යුද්ධයේ දී ප්‍ර‍ධාන හමුදා මෙහෙයුම් රැසකට සිය දායකත්වය ලබා දුන්නේ 1 වන විශේෂ බලකායේ බලඝණ නිලධාරි ලෙස සහ දිගු දුර විහිදුම් බලකාය හා දිගු දුර මුර සංචාර ශ්‍රී ලංකා යුද හමුදාවට හඳුන්වා දුන් 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරමිනි. විශේෂ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, 211 පාබල බලසේනාවේ (වව්නියාව) බල සේනාධිපති, විශේෂ බලකා බලසේනාවේ බල සේනාධිපති සහ 52 සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති ලෙස ද එතුමා කටයුතු කළේය.

යුද්ධය පැවති සමයේ විවිධ කාලයන් තුල 52 සේනාංකයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරි ලෙස ද ක්‍රියා කලහ. යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියාමන උපදේශක වශයෙන් මෙන්ම මානුෂීය මෙහෙයුම් සමයේ තීරණාත්මක අවධියේ සැලසුම් අධ්‍යක්ෂ ලෙස ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම යුද හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ලෙස ද මේජර් ජෙනරාල් සේනානායක කටයුතු කළේය.

තව ද මේජර් ජෙනරාල් සේනානායක එක්සත් රාජධානියේ යුද හමුදා අණ දෙන සහ ප්‍ර‍ධාන මාණ්ඩලික විදුහලේ සිවිල් ඉංජිනේරු විද්‍යාවේදි උපාධිධරයෙකි. යුද මෙහෙයුම්වල දී දැක්වූ දැඩි කැපවීම සහ දක්ෂතාවය වෙනුවෙන් රණවික්‍ර‍ම පදක්කම, රණශූර පදක්කම මෙන්ම යුද හමුදාව තුල සිදු කළ නිකැළැල් සේවාව වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද එතුමා වෙත පිරිනමා ඇත. මේජර් ජෙනරාල් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ධූරය සහ විශේෂ බලකායේ බලකාධිපති ධූරය හොබවන ලදී.

චීනයේ වෙසෙන ශ්‍රී ලාංකීය රජ කුමරියක් මහින්ද බලන්න ඇවිත්

කෝට්ටේ රාජධානියේ vi වන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එන චීන Fujian ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය කුමරිය වන Xu Shi Yin e කුමරිය ත් ඇයගේ දූත පිරිස හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නිළ නිවසේදී සිදුවිය

උතුර නැගෙනහිර පළාත් වල මහ ඇමතිවරුන් ජාතිවාදය පැතිරවීම වෙනුවට මත්පැන් අලෙවි සැල් ව්‍යාප්ත කිරීමට එරෙහි විය යුතුය: අතුරලියේ රතන හිමි

උතුරැ නැගෙනහිර පළාත් වල මහඇමතිවරුන් ජාතිවාදය  පැතිරවීම වෙනුවට ඒ පළාත් වල මත්පැන් අලෙවි සැල් ව්‍යාප්ත කිරීමට එරෙහි විය යුතු යැයි පාර්ලිමේන්තතු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවසූහ.

අද (මාර්තු21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

රජය නැගෙනහිර පළාතේ ස්ප්‍රිතු නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම සදහා යම් සමාගමකට බදු සහන ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් උන්වහන්සේ මේ බව පැවසූහ.

තමා නැගෙනහිර පළාතේ නව නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ඒ සම්බන්ධයන් විමසා බලන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ.

තිරසර ලංකා ජාතික මංගල්‍යය එළඹෙන මාර්තු 31 වනදා සිට

වස විස නැති රටක් තුන් අවුරුදු සැළැස්මට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා ජාතික මංගල්‍යය එළඹෙන මාර්තු 31 වනදා සිට අප්‍රෙල් 01,02,03 සහ 04 යන දිනයන්හීදි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරවරු 9 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතය.

පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජය නොවන සංවිධාන, සමූපකාර සමිති, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සිසුන්, ගොවිජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පුද්ගලයන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

එසේම මෙම පස්දින වැඩසටහන තුළදී විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර ඇත.

ඊට අමතරව මෙහිදී වස විස නැති ගොවිතැන දිරිමත් කිරීමේ අරමුණින් වස විස නැති ගොවිතැනේ අස්වැන්න සහන මිලට පාර්භෝගික ජනතාවට අලෙවි කිරීමේ පොලක් පැවැත්වෙන බව සෙමා ආයතනයේ සභාපති අශෝක අභේගුණවර්ධන මහතා සදහන් කළේය. එසේම වස විස නැති ගොවිතැනට අත හිත දීම සදහා කෘෂිකාර්මික උපකරණ සහ බෝග ප්‍රදර්ශනයක් මෙන්ම අලෙවිසැල්ද මෙහිදී විවෘත වන බව ඒ මහතා සදහන් කළේය.

ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

මෙවර ප්‍රදර්ශනය කුටි 500ක් සදහා පමණක් සැළසුම් කළත් කුටි 750කට අධික සංඛ්‍යාවක් පැවැත්වීම සදහා මේ වන විට ඉල්ලිම් ඉදිරිපත්ව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

නිර්මාණවලට නිසි ඇගයීමක් ලබා දීමත්, වස විස නැති භෝග වගාව මෙන්ම දේශිය ආහාර සංස්කෘතිය ජනතාවට සමීප කිරීම හා දැනුම අධ්‍යාපනය ලබාදීම මෙම වැඩසටහවන් අරමුණ යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙන්ම ජනාධිපති ලේකම් පී.බි අබේකෝන් මහතාද සහභාගී වූහ.

දැවෙන විහඟුන් මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම චිත්රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ලාංකිය තරුණ සිනමා අධ්‍යක්ෂවරයකු වන සංජිව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ (Burning Birds) සිනමා පටය අද පැවති 15 වෙනි ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම සිනමා පටයට හිමි සම්මානය හිමිකර ගත්තේ ය.

මීට අමතරව ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයට තරුණ ජූරියෙන් හොඳ ම සිනමා කෘතියට පිදෙන සම්මානය ද (Young Jury Award) හිමි වී තිබේ.

15 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් චිත්‍රපටි උළෙල පසුගිය 10 වන දා සිට ස්විස්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණ.

මෙහිදී ලොව රටවල් රැසක් විශිෂ්ට සිනමාකරුවන් ඉදිරිපත් කර තිබූ සිනමා පට අතුරින් සිනමා පට 8ක් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

එහිදී ඔස්කාර් සම්මානලාභි ‘Moonlight’ , බර්ලින් සිනමා උළෙලේ හොඳ ම අධ්‍යක්ෂණයට හිමි සම්මාන දිනා ගත් අකි කැවුරිස්මැකිගේ ‘The Other Side Of The Hope’ සහ කෑන්ස් සිනමා උළෙලේ සම්මාන දිනු’ Mimosas’ වැනි චිත්‍රපට ද පරාජයට පත් කරමින් ‘දැවෙන විහඟුන්’ මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම චිත්‍රපටියට චිත්‍රපටය සම්මාන දිනා ගත්තේ ය.

‘දැවෙන විහඟුන්’ සඳහා මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස් ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වී තිබේ.

සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන ‘දැවෙන විහඟුන්’ ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.

අඛණ්ඩව එකොළොස් වන වරටත් ජනතා ප්රිසාදය මහජන බැංකුවට

ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන  නිල්සන්  ආයතනය  සම`ග  ශ්‍රී්‍ර ලංකා අලෙවිකරණ ආයතනය  (SLIM)  එක්ව  වාර්ෂිකව පවත්වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී  වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකු  සේවා සපයන්නා  ලෙස සම්මානයන්  නොකඩවා එකොළොස් වන වරටත් මහජන බැංකුවට හිමිවිය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී  පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුවේ මහජන බැංකුවේ අලෙවි ප්‍රධානී දීපාල් අබේසේකර මහතා විසින් වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමයට හිමි සම්මානය ලබාගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ.  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි (කි්‍රයාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ මහත්මිය, ප්‍රධානී (භාණ්ඩාගාර සහ අයෝජන බැංකු) ක්ලයිව් ෆොන්සේකා මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරීනී  (අලෙවිකරණ හා මහජන කටයුතු) යුගානි මෙන්ඩිස් මහත්මියද මෙහි වෙති.

මහජන බැංකුව රුපියල් ටි්‍රලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම මූල්‍ය ආයතනයයි.  දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 735කට අධිකය.   දිවා රාත්‍රී ක්‍රියාත්මක Lanka Pay  සේවාව සම`ග ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3,125 කි. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ. ඔබේ ඉතුරුම් සඳහා රාජ්‍ය බැංකුවක් සතු  පූර්ණ ආරක්ෂාව ද  හිමිවේ.  මේ පිළිබ`දව වැඩිදුර තොරතුරු www.peoplesbank.lk  යන වෙබ් අඩවියෙන් හෝ @peoplesbanksrilanka යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද ලබාගත හැක.

එමෙන්ම මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර,  මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණයට ප්‍රමුඛත්වය සපයයි. එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව හ`දුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකක තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවිමේ පහසුකම් ඇති නවීන ස්වයංකී්‍රය ටෙලර් යන්ත්‍ර  මුදල් තැන්පතු  සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර  වල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්වි`දිය හැක.

එමෙන්ම තිරසාර සමාජ වගකීම් කෙරෙහි කැපවූ ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළ`ගාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse”නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද කි්‍රයාවට නංවයි. මෙසේ ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය බැංකු විසඳුම් සපයමින්, ඔවුන්ගේ ජිවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, මහජනයාගේ බැංකුව ලෙස ඉදිරි ම`ගට පිවිසීම මහජන බැංකුවේ අරමුණයි.

වියත්මග සංවිධානය අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරනවා:මංගල සමරවීර

වියත්මග සංවිධානය දකින විට එය හොරුන්ගේ මිනීමරුවන්ගේ සංවිධානයක් දැයි තමාට සැකයක් ඇති වන බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

තමන්ගේ ධූර කාලයේ කරන ලද විවිධ වංචා දූෂණ වසා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙවන් සංවිධාන පිහිටුවාගෙන තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සංවිධානයේ මූලිකව කටයුතු කරන දයාන් ජයතිලක යනු සිංහල ඊලාම් හිතවාදියෙක් යැයිද, භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් ඝාතනයට පවා සම්බන්ධ අයෙක් යැයිද ඩග්ලස් දේවානන්ද යටතේ අවි පුහුණුව පවා ලබාගත් අයෙක් යැයිද අමාත්‍යවරයා චෝදනා කළේය.

එවන් භයානක අතීතයක් සහිත පුද්ගලයන් අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතා සමග අද සමීපව කටයුතු කරන හිටපු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලංකා හමුදාව පාවා දෙන ලොකුම ලියවිල්ල වන නන්දිකඩාල් රචනා කළ බවද හෙතෙම කීය.

මෙම කෘතියේ වැඩි පුර අන්තර්ගත වන්නේ කැඩුම් බිදුම් පිලිබදව නිසා ගෙවල් කඩාල්, හන්දි කඩාල් යනුවෙන් පොත නම් කළ යුතු යැයි අමාත්‍යවරයා යෝජනා කළේය.

මෙම කෘතියේ ඉංග්‍රීසි පිටපත් මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් යුරෝපය පුරා බෙදා හරිමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

හමුදාව පවා දෙමින් තමන්ගේ සාක්කුව පුරවා ගන්නා මෙම පොත කියවීමට තරම් වටිනා එකක් නොවන බවත් දේශ ප්‍රෙමින් මෙය ඉදිරියේදී ගිනි තබනු ඇති බවත් හෙතෙම කීය.

එසේම රණවිරැවන්, යුද වීරයන් කිසි විටකත් කාන්තාවන් දූෂණය කරන්නේ වත් දරැවන් අහිංසකයන් ඝාතනය කරමින් ගෙවල් කඩා බිද දමන්නේ නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව සදහන් කළේය.