නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද

ආන්දෝලනයකට තුඩු දී ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද(15) නිකුත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඊට අදාළ ලිපි ලේඛන සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තමන් අත්සන් තැබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිදු වන්දි මුදලක් අය නොකර රෝහල රජයට පැවරීමට රෝහල් බලධාරින් කැමැත්ත පළ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ මෙම තීන්දු තීරණ හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසය.

අද(15) දිනයේ රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ විශේෂ විධායක සභාවක් කැඳවා ඇති බව ද වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කලා කෘතියකින් ආනන්දයෙන් ප‍්‍රඥාවට පේ‍්‍රක්‍ෂකයා ගෙන යා යුතුයි ?

BY: -පාලිත අබේලාල්-

ස්වතන්ත‍්‍ර නාටය නිර්මාණ කරනයෙන් සුවිශේෂී දක්‍ෂතාවයන් දැක්වූ නිර්මාණ කරුවකු වන උදයසිරි වික‍්‍රමරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘361’ නාට්‍ය බොහෝ පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගනිමින් රටවටා වේදිකාගත වන නාට්‍ය නිර්මාණයකි. ෙබාස්ටන් ලංකා අපි  ඔහුව ෙසායා  ගිෙය්  ඒකී සුවිෙශ්ෂත්වය නිසාෙවනි.

ඔබේ නවතම නාට්‍ය නිර්මාණය, ‘361’ පිළිබ`දව කෙටි හැඳින්වීමක් කලොත්?

අද වනවිට අපේ රටේ ජනතාව තුල ටෙලි නාට්‍ය තරමටම වින්දනයක් සපයන අංගයක් බවට දේශපාල සංවාද පත්වී තියෙනවා. මේ නිසාම බොහෝ අය අද වෙනකොට රාත‍්‍රී දොළහ එක වෙනකවන් මේ සංවාදයන් නරඹනවා. ඇත්තටම මේ සංවාද නැරඹීමෙන් කිසිම ආකාරයක් ප‍්‍රයෝජනයක් අතිවෙන්නේ නම් නැහැ.

4R 361 Drama 006

ඒක පොදු අදහසක් නෙවේ නේද?

කවුරුත් පොදුවේ ප‍්‍රකාශ නොකරත් ඒක තමයි ඇත්ත දේ. දැන් තියෙන දේශපාලන සංවාදයක් අවසානයේ ප්‍රේක්‍ෂකයන් විදියට අපිට මොනවද ඉතිරිවෙන්නේ. අපේ දැවෙන ප‍්‍රශ්ණයකට මේ සාකච්ඡා වලින් කිසිම විසඳුමක් ලැබී තියෙනවාද? මිනිස්සු  නිස්කාරණේ ලේ කෝපකරගෙන තමන්ගේ නින්දට තියෙන වටිනා කාලය අහිමි කරගැනීමක් තමයි සිදුකරන්නේ. සමහර අවස්ථාවල අර්ථයක් නැති දේකට අර්ථයක් ඇතැයි විග‍්‍රහ කර ඉදිරිපත් කිරීමත් විශාල ගැටළුවක් නේ. ඉතිං මේ තත්ත්වය හොදට විග‍්‍රහ කර පෙන්වන් පුළුවන් කලාව තුලින්. ඒ නිසා මේ බොරුව නැත්නම් ව්‍යාජත්වය කලාත්මක ලෙස පේ‍්‍රක්‍ෂකයා වෙත ගෙනඒමට දරපු උත්සාහක් තමයි ‘361’ කියන්නේ.

ඇයි ඔබ මේ නිර්මාණය ‘361’ කියල නම්කලේ?

සාමාන්‍යයෙන් ප‍්‍රචාරක මාධ්‍ය තුල සියල්ල ආවරණය කරනවා කියන අදහස 360 කියන සංකල්පය තුල තියෙනවා. අපි මේ නාට්‍ය තුල ඒ සීමාවෙන් නැත්තං ඒ රාමුවෙනුත් පිට පැනල සත්‍ය සොයා යනවා කියන අදහසින් තමයි මේ නම යෙදුවේ.

4R 361 Drama 001

මෙකද්ද ඔබ සොයා යන හෝ මේ නාට්‍ය තුලින් ප‍්‍රකාශ කරන සත්‍ය?

මේක හඳුන්වන් තියෙන හරිම වචනෙ සත්‍ය කියනඑකද යන්න මටත් ගැටළුවක්. ඒක අපි ලොක් ස්වභාවය කියල දැනට හඳුන්වමු. ඔය ප‍්‍රශණයටම ඇල්බයා කැමූත් උත්තරයක් දීල තියෙනවා. ලෝකය විචිත‍්‍රයි විවිධත්වයෙන් යුක්තයි වගේම වහා වෙනස්වන ස්වරූපයක් ගන්නවා. ඉතිං මේ ලොක ස්වභායව ඒ ආකාරයෙන් වචිත‍්‍රව නොවුනත් ඒ හා සමීපව ප‍්‍රතිනිර්මාණය කිරීමේ මදක් හෝ හැකියාව පවතින්නේ කලාවටයි. අපි මේ නාට්‍ය කලාව තුලින් කරන්නෙත් මීට වසර ගණනාවකට පෙර නිර්මාණය වූ කලා සම්ප‍්‍රදායක් ඔස්සේ අපේ සමාජයේ පවතින ප‍්‍රශ්ණයක් ප‍්‍රතිනිර්මාණය කිරීමයි.

කලාකරුවන්ගේ කාර්යභාරය වෙන්නේ සමාජයේ ප‍්‍රශණ පෙන්නීම විතරමද?

මගේ කලා භාවිතාව තුල මම කිසිම විටෙක ප්‍රෙක්‍ෂකයාට ප‍්‍රශණ හෝ ගැටළු ඉදිරිපත් කරන්න යන්නේ නෑ. මම මූලික වශයෙන් වින්දනයක් ලබාදීම තමයි කරන්නේ. මගේ අරමුණත් ඒ අයට වින්දනයක් නැත්නම් රසයක් ලබාදීමයි. මේක අතීතයේ ඉදන්ම අපේ කලාව තුල තිබුණු දෙයක්. මුදලි කෝලම ගත්තොත් ඒක ඇතුලෙ කිසිම වෙලාවක ප‍්‍රශ්ණයක් පෙන්නන්නේ නෑ. ඒක වින්දනයක් බවට පත්කිරීමයි කරන්නේ. සිංහබාහු’, ‘මනමේ’, ‘නරිබෑනා’, ‘මධුර ජවනිකාවගේ නාට්‍ය ගත්තත් ප‍්‍රශ්ණය වින්දනයක් බවට පත්කිරීමයි කරන්නේ.

එතකොට කලා කෘතියකින් ආනන්දයෙන් ප‍්‍රඥාවට පේ‍්‍රක්‍ෂකයා ගෙන යා යුතුයි කියන අදහසට ඔබ විරුද්ධයි?

නෑ, මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ වින්දනය තුලින් අපි ප්‍රෙක්‍ෂකයන් තුල යම් අවබෝධයක් අතිකරවීම අත්‍යවශම කාරණයක්. ප්‍රෙක්‍ෂකයා ඉන්න තැනිනුත් පහළ ඇදල දාන කෘති, ඒ අය කොල්ලකන කෘති අපි ප‍්‍රති‍‍ක්‍ෂේප කරනවා වගේම මගේ අරමුණ වෙන්නේත් උසස් වින්දනයක් ප්‍රේක්‍ෂකයා තුල ඇති කරවීමයි. නමුත් කලා කෘතියකින් අපි මුලින්ම ප්‍රේක්‍ෂකයා වින්දනයට පත්කර ඉන්පසු ඔහුට යම් අවබෝධයක් ඇතිකරවිමයි සිදුකල යුත්තේ.

ඔබගේ නාට්‍ය නිර්මාණ වල නාට්‍ය ආකෘතියට විශෙෂ ස්ථානයක් ලබාදෙනවා.  මේ ආකෘතීන්  ගොඩනඟා ගැනීමේදී ඔබ අනුගමනය කරන විශේෂ ක‍්‍රමවේදයක් තියෙනවාද?

මම කිසිම විටෙක නට්‍යයක් අච්චුවකට ඔන ආකාරයකට නිර්මාණය කරන්නේ නෑ. මම නිතරම ප‍්‍රස්තුතයට අවශ්‍ය ආකාරයෙන් නාට්‍ය ආකෘතිය ගොඩනැගීමට ඉඩදෙනවා. ඉන්පසු විචාරකයන් මේ ආකෘතීන් තමන්ගේ විචාර කාරයයේදී විවිද නම් වලින් හඳුන්වනවා. නමුත් නිර්මාණ කාරයයේදි මම මේ ආකෘතීන් ගැන තැකීමක් කරන්නේම නෑ. දැන් සමාජවාදී ආකෘතියේ නාට්‍ය වගේ විවිද ආකෘතිවල නාට්‍ය දකින්නට පුළුවන්. නමුත් මගේ නිර්මාණ වල ස්වාධීන ආකෘතීන් තමයි තියෙන්නේ. දැන් මගේ සුද්දෙක් ඔබ අමතයිකියන නාට්‍යයේ ආකෘතියේ සුළු වෙනස්කමකින් තමයි `ගපෑම ඉවරයිනාටය නිර්මාණය වෙන්නේ. ඒක සබකෝලයාකියන චරිතයක් හරහා තමයි නාට්‍ය ඉදිරිපත් කරන්නේ. පෙම්යුවලක් ඔනෑකර තිබේනාට්‍ය ඊට හාත්පසින්ම වෙනස් ආකෘතියක තමයි නිර්මාණය වී තියෙන්නේ. මගේ අළුත්ම නාට්‍ය වෙන ‘361’ `දහා මම අරගන්නේ දේශපාලන සංවාද ආකෘතිය.

එතකොට අපිට මේ නාට්‍යයෙනුත් දේශපාලන සංවාදයක්ද දැක බලාගැනීමට තියෙන්නේ?

නැහැ, මේකෙන් දේශපාලන සංවාදයක් කේන්‍ද්‍ර කරගත් නාට්‍යමය අවස්ථාවන්ගෙන් යුත් සුන්දර නාට්‍යයක් නැරඹීමට හැකියාව තියෙනවා. 

BY: -පාලිත අබේලාල්-

රටට හිතකර කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී – රාජිත

රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිදුකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ හා අග්‍රමාත්‍යවරයාගේ එකඟත්වය ලැබී ඇති බව ඔහු පවසයි.

නව ඖෂධවේදීන් 52කුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට වත්මන් රජය පියවර ගත් බවය.

සෞඛ්‍ය  සේවකයින් සඳහා මෙම වසරේ අතිකාල දීමනා ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 04ක අමතර මුදලක් අවශ්‍යව ඇති අතර මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරනු ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේය.

රනිල් එකම තීරයක – එකම මාවතක

චීනයේ බීජිං නුවර පැවැත්වෙන “ එකම තීරයක් – එකම මාවතක්“ මහා සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස චීනයේ කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් බීජිං නුවරට ළඟා වී තිබේ.

චීනයට පැමිණි අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ජෙං යූ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂියැන්ලියැං මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණා සේන කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගෙන ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

සමුළුවේ සමාරම්භක උත්සවය හෙට(14) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං  මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම සමුළුව අතරතුර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පිං , චීන අග්‍රමාත්‍ය ලී කචියාං යන මහත්වරුන් ඇතුළු සමුළුවට පැමිණෙන රාජ්‍ය  නායකයින් කිහිපදෙනෙකු හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

නේපාල ජනාධිපතිනි වෙසක් එකට ලංකාවට එයි

ජාත්‍යන්තර වෙසක් දින උළලේ සමාප්ති උත්සවයට සහභාගිවීම සඳහා නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

අද(13) පෙරවරු 10.55ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි යූ.එල් 403 දරණ ගුවන් යානයෙන් නේපාල ජනාධිපතිවරිය දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේය.

නේපාල ජනාධිපතිවරිය සමඟ 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ සමාප්ති උත්සවය හෙට(14) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විමට නියමිතය.

මේ අතර ලෝක මහා සමුළුව අද(13) පස්වරුවේ පවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරාධික අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය සහභාගීවනු ඇත.

ගීතාගෙ නඩු තීන්දුව නිසා, දමිල සංධානයටත් ෙගදර යන්න ෙවයි?

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව අභියාචනාධිකරණය ලබා දුන නඩු තීන්දුව නිසා, සමස්ත පාර්ලිමේන්තු සංයුතියම අවුලෙන් අවුලට පත්ව තිබේ. මේ අනුව දමිළ සංධානයේ සියළුම පාර්ලිමේන්තු ආසන අහිමි වීමේ අවධානමකට ඔවුන් පත්ව සිටී.

දකුණු පළාත් එජාප පැරදුනු අපේක්ෂකයෝ නැවත නඩු ගොනු කිරීමට සූදානම් වන්නේ ගීතා කුමාරසිංහගේ නම ඇතුලත් කල නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා සියල්ල නීති විරෝධී බව දක්වමිනි. එසේ වුවහොත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ආණ්ඩුවේ අය සේම රමේශ් පතිරණ, මොහාන් ද සිල්වා වැනි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද සිය අසුන අහිමි වෙයි. එයින් ද නොනැවතී සංධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි සහ ෆයිසර් මුස්තෆා ද අවදානම් කලාපයේ රැදී සිටී.

තත්ත්වය එසේ වුවහොත් දමිළ සංධානයට එරෙහිව නීතිමය කටයුතු කරන්නට ඒකාබද්ධ විපක්ෂය සැරසේ. උතුරු හා නැගෙනහිර දෙපලාතම නියෝජනය කරන පිරිස්වල ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයින් දමිළ සන්ධානය හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් දමිල සන්ධානයේ සියළු පාර්ලිමේන්තු ආසන ඔවුන්ට අහිමි වී යාමේ අවධානමක් ඇති බව දේශපාලන නීති විශාරදයින් පවසයි.

මේ තුල එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සෑදීමේ වාසිය හිමිවනු ඇතැයිද, දේශපාලන විචාරකයෝ තව දුරටත් පවසති.

GMOA AND SLMC TO GIVE CRASH COURSE ON MEDICINE TO MP’S

In the wake of the embarrassing blunder committed by parliamentarian Ranjan Ramanayake channeling a pediatric neurologist to attend on him, the Sri Lanka Medical Council (SLMC) and the GMOA have made a unanimous decision to conduct a crash course to all elected parliamentarians so as to educate them on how to channel the proper doctor. “ It is quite distressing to hear mistakes of this manner committed by our MP’s.

It is abundantly obvious that they do not possess the proper rudimentary knowledge  on medicine to make an informed decision. Therefore we have decided to take matters to our own hands and educate them before they further embarrass themselves in the news and social media platforms,” intimated a spokesperson of the GMOA. However, the minimum educational criteria must be fulfilled in order for this exercise to fruitful revealed the SLMC. “We have decided that all MP’s who have attempted successfully or unsuccessfully to sit for the G.C.E Ordinary Level examination on multiple occasions would be eligible for this course,” added a senior committee member of the SLMC.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට වේදනා නාශක තොගයක් යවා ඇති බවට ෙහළි ෙවයි

ඉන්දියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාව හරහා ලිබියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට ට්‍රැමඩෝල් වේදනා නාශක පෙති තොගයක් යවා ඇති බවට විදෙස් පුවත් සේවා අනාවරණය කර තිබේ.

ඉතාලියානු පොලීසිය විසින් තම බාරයට ගෙන ඇති එම වේදනා නාශක පෙති, ප්‍රමාණයෙන් මිලියන 37ක් බව හා එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75ක් බව  PTI පුවත් සේවය උපුටා දක්වයි.

වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා හෝ අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා  මෙම පෙති ගෙන්වන්නට ඇතැයි ඉතාලි පොලීසිය සඳහන් කර තිබේ.

ඉන්දියානු ෆාමර්සූටිකල් සමාගමක් විසින් මෙම වේදනා නාශක පෙති තොගය අ.ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවෙකු විසින් මෙම පෙති තොගය ඇනවුම් කර ඇති බවත් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්ව‍ා ඇති බවත්, ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කෙරෙන බවත්, ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට පත්වනවිට මේවා බ්ලැන්කට් සහ සැම්පු තොගයක් ලෙස නම්කර තිබුණු බවත් PTI පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි.

මට තනතුරු දෙනවට සමහරු විරුද්ධයි

තමාට එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ලබාදීමට ඇතැම් පිරිස් විරෝධය පළ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ තමාට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාලයකට ඉස්සර දැනුම් දී තිබූ බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.

පදවියක් තිබුණත් නැතත් තමන් කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂයේ හැමෝම දන්නා බවත්, ඒ නිසා තමන් තනතුරු ඉල්ලමින් පසුපස නොයන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් නියෝජ්‍ය නායක තනතුර ඇතුළුව තවත් තනතුරු කිහිපයක්ම තමාට දීමට යෝජිතව පැවති බවත්, ඒ නිසාම පක්ෂයේ කිහිපදෙනෙකු පමණක් ඊට එරෙහිව ක්‍රියා කරන බව තමාටද වැටහී ඇති බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ලංකාවට ජී.එස්.පී. දෙන්න යුරෝපා විදේශ හා වෙළෙඳ සංගමයේ අනුමැතිය!

යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය  අනුමැතිය ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා ගැනීමේ අවසන් කඩුල්ල ලෙස මෙම අනුමැතිය සැළකිය හැකි බවයි.