සංචාරකයින් සඳහා නැවත වරක් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කෙරේ

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙරටට පැමිණෙන එන්නත් ලබා නොගත් සංචාරකයින් පැය 72ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් වෙනවා. එමෙන්ම එන්නත් ලබාගෙන ඇත්නම් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් අධිකාරිය විසින් පළ කළ නිවේදනයේ සඳහන් වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන් මත සෞඛ්‍ය අමාත්‍යං‍ශයේ මඟ පෙන්වීම යටතේ මෙම ක්‍රියාවලිය සිදුවන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

60ad1869dd2dd0b6351df0ef77822042

2023 වසරේ අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රු. බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මෙම වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත්, එම මුදල රු.

බිලියන 603ක් බව වන අතර එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන්වනවා.

රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා බදු නිසි ලෙස අය විය යුතුයි – හර්ෂ

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා අයවිය යුතු බදු නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මාර්තු 20 වනදා වන විට පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

2023 වර්ෂය සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් මාර්තු 20 වනදා පමණ වන විට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

චීන රජයෙන් මේ වන විට මෙරට පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි අවශ්‍යතා‍වයෙන් 70%ක් සපුරා ඇති අතර අදාළ නිල ඇඳුම් රෙදිපිළි ඉදිරි දින කිහිපය තුළ සමුපකාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ යොදාගෙන බෙදාහරින බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

 

උසස් පෙළ උපකාරක පන්ති ජනවාරි 17 සිට තහනම්

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 17 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා.

එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල් ප්‍රසිද්ධ කරමින් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් සිදු කිරීමත් තහනම් කර ඇති බව එම නිවේදනයේ සදහන්.

උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

f8945a07e8e2ef1b94fd69044568382f

2023 වසරේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සඳහා චීනයෙන් රෙදිපිළි පරිත්‍යාගයක්

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) විසින් අදාළ රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ඊයේ (13) දිනයේ දී කොළඹ වරාය පරිශ්‍රයේ භාරදෙනු ලැබුවා.

සිසුන්ට සෘජුව ම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ තැන්පත් කළ ඇප මුදල් පිළිබඳව නිවේදනයක්

ඊයේ (13) පස්වරු 4.15 වන විට පළාත් පාලන මැතිවරණය සඳහා එක් එක් පක්ෂ තැන්පත් කළ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 18ක පළාත් පාලන ආයතනයන් සඳහා මේ වන විට පක්ෂ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

62345f0299301df3c59620e57742e588

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂමට කරුණු දක්වයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් පසුගියදා පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම හමුවේ කරුණු දක්වා තිබෙනවා.

අදාළ ලිපිය නිකුත් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වුයේ ඒ සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බවයි එහිදී ඔහු පවසා තිබුණේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් පමණක් මෙම ලිපිය නිකුත් කල බවයි.

ea7974e8dc7a0782d20a7d4f84b23e4c

ජනපති මැදුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීමේ නඩුවෙන් වසන්තට ඇප

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අල්ලා ගත් අවස්ථාවේ දී එහි තිබූ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හට ඇප හිමි වී තිබුණා.

ඒ ඊයේ (14) දිනයේ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී යි.

පුද්ගලයින් 72 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර කොටුව පොලිස් ස්ථානය විසින් වසන්ත මුදලිගේ එම නඩුවේ 73 වෙනි සැකකරු ලෙස නම් කර තිබුණා.

කෙසේ වෙතත් වසන්ත මුදලිගේ නැවතත් ජනවාරි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

comment loading imageමහජන ප්‍රතිචාර

නෙළුම් කුළුණ ඇවිත් බලන්න, විනාස කරන්න එපා – නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම

කොළඹ නෙළුම් කුළුණේ විවිධ කොටස්වලට හානි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසනවා.

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට හානි කරන ලද කිහිප දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි එම සමාගමේ නියෝජිතයෙක් සඳහන් කළේ.

එලෙස හානි කරන ලද කොටස් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් එවැනි ක්‍රියාවලින් වළකින ලෙසයි නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නෙළුම් කුළුණ පැමිණ නරඹන ලෙසත් එය විනාස නොකරන ලෙසත් මෙය මහජන දේපළක් බැවින් එය ආරක්ෂා කරන ලෙසද නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා