හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.
හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණය යනු නොවැදගත් කුඩා මැතිවරණයක් ලෙස ඇතැමුන් මතයක් ගොඩ නැගීමට උත්සාහ කළද, මෙවර මෙම මැතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය බවට පත්වන බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි පවසනවා.
මෙම මැතිවරණයේදී ලංකාවේ සිතියම පාට කරන්නට සමත් වන පක්ෂය, නියත වශයෙන්ම මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන එය ජයග්‍රහණය කරන්නට සමත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම නිසා මෙම පාළාත් පාලන මැතිවරණය හෑල්ලුවට ලක් කළ යුතු මැතිවරණයක් නොවන බව, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු අවධාරණය කළා.
මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මේ වන විට මළ සිරුරු 40 ක් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
IMF සහය පැතීම හැර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් විකල්පයක් නොමැති හෙයින් ඉදිරියේදී තව තිත්ත බෙහෙත් ගැනීමට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනතාව විඳින දුක තමන් හොඳින් දන්නා අතර පාසල් ළමුන්ට තියෙන අඩුපාඩුකම් සහ සෞඛ්‍ය ගැටළු සියල්ල ආර්ථිකය කඩා වැටීම සම්බන්ධ විපාක බවද ජනාධිවරයා පෙන්වා දෙනවා.
සියලු අසීරු තීරණ ගිය වසරේ දී ආණ්ඩුව ගනු ලැබුව ද, එම තීරණ ජනතාවට දැනෙන්න පටන් ගන්නේ ඉදිරි මාස තුන හතරේ දී බවද ජනාධිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා චීනයේ සහාය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා චීනයේ සහාය තවදුරටත් ඉල්ලා සිටි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.
මෙරට සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළකර ඇති අතර චීන ජනාධිපතිවරයා විසින් ලබාදුන් ලිපියක්ද චීන නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.
අදාළ Twitter පණිවිඩය පහතින්,

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මහජන අදහස් විමසීම පිළිබඳ දැන්වීම නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව 66.2% ක ආදායම් ඉහළ දැමීමක් ඉලක්ක කෙරෙන බවයි.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර, ලිඛිත අදහස් පහත සඳහන් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මඟින් ඉදිරිපත් කළ හැකියාව පවතිනවා.
ඒ අනුව මහජන අදහස් සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා වෙළඳ කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයට හෝ consultation@pucsl.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා.

නව සන්ධාන වල එකට අසුන් ගැනීමට නොහැකි අය සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම පවසනවා.
ඉන් ඇතැමුන් මේ රටට පොහොර ගෙන ඒම නැවත් වූ අය බවද, අද ජනතාවට බඩගින්නේ සිටීමට සිදු වී ඇත්තේ ඔවුන් නිසා බවද, තවත් සමහරුන්ට මේ වන විට මිලියන ගණන් ගෙවන්නට සිදු වී ඇති බව ද, රටට වින කරපු එවන් අය නැවත මේ රටේ ඉපදෙන්න එපා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද ඔහු පවසනවා.
ආණ්ඩුව ඡන්දය මෙන්ම ජනතාවට සහන දීම හා ජනතාව ජීවත් කරවීම ද කල් දැමීමට යන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මැතිවරණය පැවැත්වුවහොත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවිය නොහැකි වන බව ආණ්ඩුවේ පිරිසක් මාධ්‍යය ඉදිරියේ පවසා සිටියද, ඔවුන්ට රුපියල් ලක්ෂ 2000 ක් වියදම් කර නිදහස් උත්සවය පැවැත්වීමට මුදල් තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
එහිදී මනාප 27ක් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ශ්‍රී රංගා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වී තිබෙනවා.
අනිත් අපේක්ෂකයා වූ ජගත් රෝහණ ලබාගෙන තිබුණේ මනාප 24ක් පමණයි. ඡන්දයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය මාස 05ක කාලයක් සඳහා එම ධූරවල කටයුතු කරනු ඇති අතර මේ වසරේ මැයි 31ට පෙර නැවතත් නිල නිලවරණය පැවැත්වීමට නියමිතයි.
දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රටේ පවතින විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස දේශීය මධ්‍යසාර අපනයනය ගැන අවධානය යොමු කර ඇති බවත් ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳුමක් වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට පමණ අපනයනය කරන බවත් 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කිරීමෙන් ලද ආදායම ඩොලර් මිලියන 20ක් බවත්, 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.