විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලසටහන් අනුමත කරන්නේ නැහැ – PUCSL

ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත නොකරන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ අනුව එම කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

ලංකා විදුලි බල මණ්ඩලය එම විධානය උල්ලංඝණය කරමින් කටයුතු කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

410fe879237a2cc433a76be6e16b8114

PAYE බද්දට එරෙහිව මහ බැංකු සේවකයින් විරෝධතාවයක නිරත වෙයි

රජය විසින් පනවා ඇති පුද්ගලික ආදායම් බද්දට (PAYE) එරෙහිව මහ බැංකු සේවකයින් විසින් අද (26) විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව කළු වර්ණයෙන් සැරසුණු ශ්‍රී ලංකා මහා බැංකුවේ වෘත්තීය සමිති පහකට අයත් සේවකයන් අද උදෑසන සිට පස්වරු කාලය දක්වා සේවයෙන් ඉවත්වී මෙලෙස විරෝධතාවයේ නිරතව සිටි බවයි වාර්තා වන්නේ.

581cec062e6b8459fccb1a03d9165f6c 3318624672b76cf3a7465f3bc34007a8 CBSLWorkers

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව ගැන PUCSL වෙතින් මානව හිමිකම් කොමිසමට ලිපියක්

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට 2023.01.26 වන දින විධානයක් ලබාදී ඇති බව එම කොමිෂන් සභාව අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලය අදාළ විධානය පිළිපැදීමට අපොහොසත් වන්නේ නම්, කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මානව හිමිකම් කොමිෂමට ලබාදුන් ලිපියේ සඳහන් වන්නේ.

අදාළ සම්පුර්ණ ලිපිය පහතින්.

fabd27facd2a9cb13c248264c4d609e9

මාසික වැටුප් වෙනුවට සතිපතා වැටුප් ගෙවීමට උදය ගම්මන්පිලගෙන් යෝජනාවක්

වැටුප් අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන්ට සතිපතා වැටුප් ගෙවිය යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනා කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවන බවට රජය දන්වා ඇති අතර ඇතැම් පෞද්ගලික ආයතන ද මෙවැනි ගැටලුවකට මුහුණ පා සිටින බවයි. මාසික වැටුප් ලබාගැනීමේදී මාසයේ තුන්වන සතිය වන විට සේවකයන්ට මුදල් නොමැති බවත්, ඊළඟ වැටුප ලැබෙන තුරු ණය ලබා ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

IMF පළමු වාරිකය නුදුරේදීම ලැබෙනු ඇති බවට අපේක්ෂා කරනවා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වුණා.

මෙහිදී රාජ්‍ය ආදායම සහ රටේ ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නි‍වේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

එහිදී කළ සාකච්ඡා සාර්ථක බවත් නුදුරේ දීම IMF පළමු වාරිකය ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

දියවන්නා වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයෙක් අතුරුදන් වෙයි

අද (26) අලුයම් කාලයේ දී දියවන්නා වැවේ මාළු ඇල්ලීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යාමෙන් 18 හැවිරිදි තරු‍ණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදා මෙහෙයුම් කටයුතු දියත් කර ඇති අතර අතර ඔරුවේ සිටි ඉතිරි පුද්ගලයින් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

edbdcd3c325dfd973a1f89d375d4662f

දිනකට බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බව COPE කමිටුවේ දී හෙළි වෙයි

දිනකට බිත්තර මිලියන 3ක පමණ තාවකාලික හිඟයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වූ අතර මේ සඳහා කඩිනම් පිළියමක් මේ වන විට නොමැති බව වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් COPE කමිටුව හමුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළඳපොළ සඳහා ආනයනය කිරීමට එකඟ වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.

බිත්තර මිල සුත්‍රය නැවත සලකා බලන ලෙස​ට COPE කමිටුවෙන් නිලධාරීන්ට උපදෙස්

පෙර පැවති COPE කමිටු රැස්වීමේදී ලබාදුන් නියෝගයට අනුව ඊයේ (25) වෙළඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් බිත්තරයක් නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ලට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභා සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි විවිධ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මෙම මිල සූත්‍රය නැවත සලකා බලන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

එම කරුණු සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රය සංශෝධනයට පියවර ගන්නා බව පැමිණ සිටි අදාල නිලධාරින් පවසා තිබුණා.

සජබ හා ජවිපෙ අතර තරගයේ ඉදිරියෙන් ඉන්නේ සජ​බ අපි – අජිත් පී. පෙරේරා

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තරගයක් නිර්මාණය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ සමඟ සිටි සියලු දේශපාලන කණ්ඩායම් ද විනාශ වී ඇති ගොස් ඇති මොහොතක සමගි ජන බලවේගයට තරගයක් දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කිරීම හොඳ දෙයක් බවයි ඔහු පවසා සිටියේ.

නමුත් මෙම තරගයේ දී ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය බවයි අජිත් පී. පෙරේරා වැඩිදුරටත් පවසා සිටියේ.

කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම මැතිවරණයට බාධාවක් නෙමෙයි – මැතිවරණ කොමසාරිස් ⁣ජෙනරාල්

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් ‍ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සාමාජිකයෙකු එලෙස ඉල්ලා අස්වූ පසුව එමගින් ඇතිවෙන පුරප්පාඩුවට නව සාමාජිකයෙකු පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වගකීමක් බැවින් එය හැකි ඉක්මණින් සිදුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජෙනරාල්වරයා පවසා සිටියා.

ඊයේ (25) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ අතර ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද ජනාධිපතිවරයාට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.