විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට පොලීසිය ඇතුලුවීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්

විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට පොලීසිය ඇතුලුවීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් සහ පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

මේ වන විට විශ්විද්‍යාල සිසුන් විරෝධතාවල නිරත වන්නේ විශ්විද්‍යාල පද්ධතිය තුළ ඇති ගැටලු සම්බන්ධයෙන් නොවන බවත් පොදුවේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

විශ්විද්‍යාල පද්ධතිය තුළ ඇති ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සාකච්ඡා කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රන් මිල සීඝ්‍ර ලෙස අඩුවෙයි

මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000ක් ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.325 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.307.36 ක් ලෙස හා විකුණුම් මිල රු.325.52 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්.

004348294b884cd480aeae976342f0bc

තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත කාලසීමාව තුළ බෙදාහැරීමට සූදානම් – තැපැල්පති

තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත වේලාවට ලැබුණහොත් අදාළ නියමිත කාලසීමාව තුළ බෙදාහැරීමට හැකි බව නව තැපැල්පති ලෙස පත්වූ එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර පවසනවා.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් පසුවන බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමයි

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර ඇති බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

f8e66bf5960c827255c0880051e79f9b

SLvsNZ : පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 305/6

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර එහිදී නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබාගත් අතර වාර්තා කිහිපයක් පිහිටුවීමටද එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීමට දිමුත් කරුණාරත්න සමත් වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ සනත් ජයසූරියයි.

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් එහිදී සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුනේ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්,දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජලෝ මැතිච්ස් ලකුණු 47 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 39 ක් හා කසුන් රාජිත ලකුණු 16 ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්,

035f3e8cda721ce28e1e1ba965e5f4f6

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 පසු කරයි

නවසීලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස් හට ටෙස්ට් ලකුණු 7000 ඉක්මවූ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට හැකියාව ලැබුණා.

මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 12400 ක්, මහේල ජයවර්ධන ලකුණු 11814 ක් ලබාගෙන ඇති අතර අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7000 සීමාව පසුකර යාමට සමත් වුණා.

 

75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කළ සමරු කාසි මිලදී ගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව මහ බැංකුව පවසනවා.

එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත නිවේදනයේ සඳහන් ස්ථාන හරහා මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

ee1cb1e6192c2e8c97343c2b376e93b2

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියලු විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් වෘත්තීය සමිතිද මේ සඳහා සහාය පළකරන බවයි.

ආනයනික අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.