ඩොලරයේ විකුණුම් මිල රු.328.90 දක්වා නැවත වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) දිනයේ නැවත සුළු වැඩිවීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.62ක් ලෙස හා විකුණුම් මිල රු.328.90ක් ලෙසයි අද (10) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්.

ebf947c714c23c22414499792a0d0ea8

SLvsNZ : දෙවන දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව – 162/5

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටිනවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව අද දිනය ආරම්භ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටි අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ Tom Latham ලකුණු 67 කට දැවීගිය අතර Devon Conway ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Daryl Mitchell ලකුණු 40 ක් හා Michael Bracewell ලකුණු 9 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ෂී ජින් පින් ඉතිහාසය ගත වෙමින් තෙවනිවරටත් ජනපති ධූරයට

චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් තෙවන වරටත් එරට ජනාධිපති ධුරය සඳහා පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති අතර එහිදී ඡන්ද 2,952ක් ලැබුණු බවයි සඳහන් වන්නේ.

චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් 2018 වසරේදී ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඉදිරි දිනවලදී නව අගමැතිවරයෙකු සහ විවිධ ඇමතිවරුන් නම් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුටරත් වාර්තා කර තිබෙනවා.

උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යාවි – වෙළඳ ඇමති

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ, එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බවයි.

මේ හේතුවෙන් උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නාමල් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරයට

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව සඳහා නව සභාපතිවරයෙක් තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තුවේ කාරක සභාවේ සභාපති ධූරය චමල් රාජපක්ෂට

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පත්ව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි විසින් චමල් රාජපක්ෂගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ විසින් එය ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය දෙවන දිනටත් අඛණ්ඩව

සියලු විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි ආරම්භ කළ වැඩ වර්ජනය අද (10) දෙවන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක පවසනවා.

ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතුවලින් ආචාර්යවරුන් ඉවත්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලවල කටයුතු අඩාලවී ඇති බවද ශ්‍යාම් බන්නැහැක සඳහන් කළා.

මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට යාමට ඉඩ නොදී රජය මේ සඳහා මැදිහත්ව මෙම බදු ප්‍රතිපත්තිය සඳහා විසඳුමක් ලබාදෙන ලෙසයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

අද (10) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා.

ඒ අනුව එහිදී රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

අද (10) දිනයේ වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලැබී ඇති බවත් එහිදී මෙම ගැටලුව විසඳෙනු ඇති බවට විශ්වාසක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsNZ : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක්, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් හා කසුන් රාජිත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා. මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 50 ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්,

ab0c3da0ab49179464a6f6a2129cc948

6102f6489cf440e28dd4074d4ef3e25c

විරෝධතා පාලනය කිරීම සඳහා පොලීසිය කටයුතු කළ ආකාරය ගැන පරීක්ෂණයක්

කොළඹ විශ්ව විද්‍යාලය සහ කැළණිය විශ්ව විද්‍යාලය අවට විරෝධතා පාලනය කිරීම සඳහා පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාර්තු 13 වනදා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

9eaa9fd01380cd5415be966c176bad2c