සංශෝධනය වූ නව බස් ගාස්තු අද (31) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.09% කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
සංශෝධනය වූ නව බස් ගාස්තු අද (31) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.09% කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය අද (31) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ලියා තිබෙනවා.
අදාළ සම්පුර්ණ ලිපිය පහතින්,

මොනයම් තත්ත්වයක් උඩ හෝ නියමිත කාලය තුළ ඡන්ද විමසීම නොපැවැත්වීම මහ අපරාධයක් බවත්, එය කනගාටුදායක තත්ත්වයක් බවත්, එවන් දේවල් රට තුළ සිදු නොවිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
මෙම ගැටලුව විසඳා ගැනීමේ හැකියාව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව, මුදල් අමාත්‍යංශය, මහ භාණ්ඩාගාරයට පමණක් බවත්, රටේ ජනතාවට නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මූලික අයිතිවාසිකම්වල තිබෙන සියලු කරුණු ඇතුළත්ව ඇති බව පෙන්වා දෙන හිටපු කොමසාරිස්වරයා කියා සිටියේ මැතිවරණයක් නොපැවැත්වීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බවට පෙනී යන බවයි.
අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට පෙර හෝ සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනයට හෝ පළාත් පාලන මැතිවරණයක් පවත්වනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් හිටපු කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියා.
බේරුවලට ආසන්න මුහුදේ රික්ටර් මාපක 3.7ක භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කරනවා.
අද දහවල් 1.02 ට පමණ බේරුවල වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 37ක දුරින් සාගර කලාපයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවත් මෙමඟින් සුනාමි අවදානමක් නොමැති බවත් කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලු චක්‍රලේඛනයන් ඊයේ (29) දිනය වන විට සියලු පළාත් සභා, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන මණ්ඩලයටත් ලබාදීමට කටයුතු කළ බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියා.
දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව අදහස් පළ කරමින් එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ අවස්ථාවේ දී දුම්රිය ගාස්තු සංශෝධනයක් කිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවයි.
ත්‍රිරෝද රථ සංගම් විසින් ඊයේ (29) දිනයේ සිටම අවශ්‍ය සංශෝධනයන් කිරීමට එකඟ වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවීමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලබාගන්නා අය කිරීම් අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.
වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේදීත් දෙමාපියන් සමඟ සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවයි එම සංගමය කියා සිටියේ.
ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමේ අපහුසතාවයක් පවතින බවත්, ඊට හේතුව ලෙස විවිධ පාසල් සේවා ධාවනය වන දුර ප්‍රමාණයන් වෙනස් බව පෙන්වාදෙන සංගමය අවධාරණය කර සිටියේ තෙල් මිල පහළ යාම මත අදාළ තීරණ ගන්නා ලෙසයි.
රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වී, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (29) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.
ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා.
ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි ත්‍රිරෝද රථ සංගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මිල පහළට යනවිට පමණක් නොව ඉහළට යන විටද පාරිභෝගිකයාට සාධාරණයක් වීම සඳහා මිල ස්ථායි කිරීමේ අරමුදල වහාම ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යම් හේතුවක් නිසා ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවකදී එම අරමුදල හරහා රජයට ඒ සඳහා දායක විය හැකි බවයි.