මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම කල් යයි

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීවරුන් විසින් අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 22 වනදා දක්වා කල් තබා තිබෙනවා.

අද (30) දිනයේ පෙත්සම සලකා බැලීමට කැඳවූ අවස්ථ‍ාවේ නීතිපතිවරයා විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අදාළ නඩුවට අදාළව ලේඛන ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම සලකා බැලීම මෙලෙස කල් තබා තිබෙනවා.

රත්‍රං මිල ඉහළට

ඊයේ (29) දිනයේ රු. 161,000ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද (30) දිනයේ රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා.

එමෙන්ම රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිලද අද දිනය වන විට 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

තෙල් සංස්ථාවේ අනිවාර්යය නිවාඩු යැවූ නම් ලැයිස්තුව නිකුත් කෙරේ

අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාම ලේඛනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කිරීම හේතුවෙන් මොවුන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවූ බවයි සඳහන් වන්නේ.

ඔවුන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන් හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නාම ලැයිස්තුව පහතින්.

319fa42440a1cb351621f11f1c7a920f

සංශෝධිත බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වූ නව බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සංශෝධිත බස් ගාස්තු පහතින්,

47863978f797a7c17fd3f27d0cddb472 715d45a08611e85d630fc22e668a99f8

සුවසැරිය ගිලන් රථ සේවාව නඩත්තුවට පෞද්ගලික අංශයේ සහයෝගය පතයි

1990 සුවසැරිය ගිලන්රථ නඩත්තුවට පෞද්ගලික අංශයේ සහ පුද්ගලයින්ගේ සහාය ලබාගැනීමට වැඩසටහනක් දියත්කර තිබෙනවා.

ඒ අනුව පවතින ආර්ථික අර්බුදය හමුවේ මහා භාණ්ඩාගාරයට මෙම සේවාව වෙනුවෙන් ප්‍රමාණවත් අරමුදල් ලබාදීම අපහසු වී ඇති බැවින්, මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම ගැටළුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එක් ගිලන් රථයක වසරක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 05 ක් වන අතර 1990 සුවසැරිය සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමණාකාරීත්වය විසින් ගිලන් රථ නඩත්තුවට පෞද්ගලික අංශයේ සහ පුද්ගලයින්ගේ සහාය ලබාගැනීමට වැඩසටහනක් දියත්කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් Twitter පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ, මෙම සත්කාරය සඳහා යොදවන සම්පූර්ණ මුදල සමාගම්වල බද්දට යටත් වන ආදායම ගණනය කිරීමේදී අඩුකර ගත හැකි අතර මේ වනවිටත් මේ සඳහා පුද්ගලික අංශයේ ආයතන රැසක් ඉදිරිපත්වී ඇති බවත් මාර්තු 31 වනදා බදු වර්ෂය අවසන් වීමට පෙර හැකි අයට කාරුණිකව දායක වන ලෙසයි.

අවම බස් ගාස්තුව රුපියල් 4 කින් අඩු කෙරේ

ඉන්ධන මිල පහත දැමීමත් සමඟ හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත දමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

මීට පෙර බස් ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව රුපියල් 34 ක් ලෙස පැවතුණා.

ඒ අනුව අනෙකුත් බස් ගාස්තු සංශෝධනය වන ආකාරය පසුව දැනුම්දිමට නියමිත බවයි ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (29) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා. අද ඩොලරයක ගැනුම් මිල රු.315.70 ක් ලෙස හා විකුණුම් මිල රු.333.49 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති අතර, ඊයේ දිනයට සාපේක්ෂව විකුණුම් මිලෙහි වැඩි වීම සත 62 ක්.

IOC ඉන්ධන මිල පහලට

ලංකා IOC සමාගමද අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බවයි ලංකා IOC සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

CEYPETCO ඉන්ධන මිල පහතට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* පෙට්‍රල් 92 – රු.60 කින් (නව මිල රු.340)

* පෙට්‍රල් 95 – රු.135 කින් (නව මිල රු.375)

* ඔටෝ ඩීසල් – රු.80 කින් (නව මිල රු.325)

* සුපර් ඩීසල් – රු.45 කින් (නව මිල රු.465)

* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.295)

ඩීසල් බවුසර් 68 ක් හා පෙට්‍රල් බවුසර් 122 ක් පිටත් කර තිබෙනවා – කංචන

ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ උපවාසය හා වර්ජනය අසාර්ථකවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සේවකයන්ගෙන් 95% ක් මේ මේ සඳහා සහයෝගය ලබාදී නොමැති බවයි අද (29) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රාදේශීය කාර්යාල හා පර්යන්ත මඟින් අද උදෑසන 6.00 සිට 9.00 දක්වා ඩීසල් ලීටර 6600 බවුසර් 68 ක් හා පෙට්‍රල් 92 ලීටර් 6600 බවුසර් 122 ක් මේ වන නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.