පාස්කු කොමිසම් සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාල් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයට යොමුකර තිබෙනවා.

ඒ අනුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අති උතුම් හැරල් ඇන්තනී හිමිපාණන්ට එය භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට භාරදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරය ආරම්භ වෙයි

උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල වෙළඳසැල් සියල්ල වසා දමා ඇති අතර පාසල් සඳහාද සිසුන් නොපැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර තිබෙනවා.

SLvsIRE 2nd Test : තරගයේ දෙවන දිනය අදයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය සඳහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන අයර්ලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 328 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙන Paul Stirling ලකුණු 80 ක් හා Curtis Campher ලකුණු 28 ක් ලබා සිටිනවා.

නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම සඳහා අදාළ සියලු පාර්ශව සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එසේම නව ගොඩනැඟිලි නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කිරීමටද අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට අමාත්‍ය අනු කමිටුවක්

ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතව එම අනු කමිටුව පත්කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව එහි සඳහන්.

උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තාල් ව්‍යාපාරයක්

අද (25) උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද විධායක සභාවේ රැස්වීමක් කැඳවයි

අද (25) පස්වරුවේ විධායක සභාවේ රැස්වීමක් කැඳවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීරණය කිරීමට නියමිත බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

ගැටලු සඳහා විසඳුම් ලබා නොදී අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇත්තේ පාලකයින් විසින්ම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (25) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙ.ව. 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති බවයි සඳහන් වන්නේ.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ 2023 ජනවාරි 30 දිනැති අංක 2317/28 ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදත් ප්‍රදේශ කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (25) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විදෙස් සංචාරකයින් සඳහා කටුනායක ගුවන් තොටුප​ලේ විශේෂ කවුළු කිහිපයක් විවෘත කෙරේ

විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද (24) සවස සිට කටුනායක ගුවන්තොටුපොළේ විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ සංචාරක සංවර්ධන කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව මෙය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.