එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන විවාදය අද ආරම්භ වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වනවා.

ඒ අනුව විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවක් අනුව මෙම විවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අදාළ විවාදය අද (10) සහ හෙට (11) පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 01 දා සිට ආරම්භ වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

765631ce34124397021f32b7eb65aa0e

කුරුණෑගල හිටපු නගරාධිපති​ව ධූරයෙන් පහකරමින් ගැසට් නිවේදනයක්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම ධුරයෙන් පහ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ නියමයෙන් පත් කරන ලද කොමිසම විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

a379bcf43c9c580d5f77790467b99eb1

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරඟ කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි 2 වනදා ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

තරග සියල්ලම හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

dd51680c367d26b0075ec88631f32d89

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.

දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බණ්ඩාර වෙත වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ධීවර ජනතාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 02 – 15 සහ නැගෙනහිර දේශාංශ 85 – 100 අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි සඳහන් වන්නේ.

1c936aa3307791ce54f5b56663733ec7

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ලෝක බැංකුවෙන් ණයක්

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

පීඩාවට පත්වෙන ජන කොටස්වලට යම් යම් සහන රාශියක් ලබාදීම සඳහා යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

2d87b90b4e700e4f4a4472a024ddeceb

මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණයි – බන්දුල

මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව දේශීය තිරිඟු පිටිවල මිල වැඩිවීමක් සිදුව නොමැති බවට මෙරට නිෂ්පාදන සමාගම් තහවුරු කළ බවයි අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මාස 6 ක් සඳහා ප්‍රමාණවත් තිරිඟු පිටි තොගද රට තුළ පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2025 වර්ෂයේ අයවැයත් සමග ක්‍රියාත්මක වන පරිදි එම පනත හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

22a70e153a972eccc700902c51d2fb49