ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශවලට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ප්‍රදේශයටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එම ප්‍රදේශවල සිටින ජනතාව නායයෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසනවා.
පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් එක් කොටසක පමණක් දුම්රිය ධාවනය කිරීම මෙම ප්‍රමාදයට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.
කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත හික්කඩුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය 6 වනදා කළුතර ප්‍රදේශයේ හෝටලයක් පිටුපස තිබියදී පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමුව තිබුණා.
පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව ඉතිරි විෂයන්වල ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ගොවීන්ට ලබාදුන් මුදල්වලින් බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් 5% ක පිරිසක් බව අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළද ගොවීන් විසින් ඉන් මිලදී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් 5% ක් පමණක් බවයි සඳහන් වන්නේ.
2022/23 මහ කන්නයේ දී බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් රජයට ලබා දුන් අතර අදාල මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම බැර කිරීමට කටයුතු කර තිබුණා.
”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්වෙන් පළමු ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.
ඔහුගේ තරග කාලය දැක්වුනේ තප්පර 20.60 ක් ලෙසයි.
”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ මෙම තරගය ඊයේ (07) ඉතාලියේදී පැවැත්වී තිබෙනවා.
ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදු නොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබෙන්නේ
ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
පක්ෂය සඳහා විශාල සේවයක් කළ, දූෂණ චෝදනා නොමැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇති බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එම පත් කිරීම් සිදුකරනු ඇති බවයි.
එසේම ජනාධිපතිවරයා විසින් දේශපාලනයක් සිදු නොකරන බවත්, ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුකාර ධූරවල වෙනසක් සිදුවිය හැකි බවට පසුගිය දිනවල දේශපාලඥයින් විසින් විවිධ ප්‍රකාශ සිදුකර තිබුණා.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
ඒ අනුව එම පෙත්සම අද (08) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.