ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයා(ර්) චයිනා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.
ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයා(ර්) චයිනා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ. ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න සඳහන් කළේ, එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.
එම සාකච්ඡාවේදී සාධනීය පිළිතුරක් ලබා දේවියැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
2023 මැයි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 18,401 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2023 වසරේ මැයි 07 දින දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 459,578 ක් බවයි සඳහන් වන්නේ. මැයි පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 26% ක්ම ඉන්දියානුවන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණයට එරෙහිව විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
එම පෙත්සම අද (11) ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකයින් විසින් දිනයක් නියම කර නොමැති බවයි.
මැතිවරණය පැවැත්වීම සඳහා භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් නියම කරන බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම්දී තිබුණේ.
ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත්, එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.
ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (10) පස්වරුවේ පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවන බවයි සඳහන් වන්නේ.
මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළා.
ඒ අනුව ඉදිරියේදී ලක්ෂ 5 ක් පමණ ත්‍රීරෝද රථ ප්‍රමාණයක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.
ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම මඟින් පරිසරයට කිසිදු හානියක් නොවන බවද ත්‍රීරෝද රථවලටද මෙමගින් විශාල ලාභයක් ඇති වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් සඳහන්.
දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, මහ බැංකුවේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිම බවයි.
ඒ අනුව ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවලද සුරක්ෂිතභාවය සහතික කිරීමට පියවර ගන්නා බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.