කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යාවි – කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය

ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවයි.

මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති බවත්, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

“ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ.

මේ යටතේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා.

ජගත් පරිසර දිනයේ ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (05) සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 77 කට ආසන්න අගයකට, 1% කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෞදි අරාබිය ජූලි මාසයේදී දිනකට බැරල් මිලියනයක (bpd) කප්පාදුවක් සිදු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝග ව්‍යාප්තිය වර්ධනය විය හැකියි – ඩෙංගු මර්දන ඒකකය

ඉදිරි මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝග ව්‍යාප්තිය වර්ධනය විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72 ක් ආවරණය වන පරිදි ජුනි 14, 15, 16 දිනවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහයෝගය ලැබී ඇති බවත්, මෙහිදී නිවෙස් පරිශ්‍ර පරික්ෂාව සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතව තිබෙන බවත් සඳහන් වෙනවා.

විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ එකමුතුවේ අනුකමිටුව රැස්වෙයි

විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනුකමිටුව අද (05) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

යෝජිත මෙම පනත තුළින් මාධ්‍යවේදීන් සිරගත කිරීමට, මාධ්‍යවේදීන්ට දඩ පැනවීමට හා විද්‍යුත් මාධ්‍ය අහෝසි කිරීමට බලය පැවරෙන බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ.

ශ්‍රී ලංකාවට ලකුණු 132 ක ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක්, පැතුම් නිස්සංක ලකුණු 43 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad හා Mohammad Nabi කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට තරගාවලියේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයෙන් ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේදී තරුෂි කරුණාරත්න රීදි පදක්කමක් සහ ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

2023 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.

SL vs AFG 2nd ODI : පන්දු ඕවර 20 ක් අවසානයේ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව – 90/2

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 90 ක් ලබාගෙන තිබෙනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ 21 වන පන්දුවාරයයි.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

SL vs AFG 2nd ODI : ඇෆ්ගනිස්තානයට ලකුණු 324 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක්, පැතුම් නිස්සංක ලකුණු 43 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad හා Mohammad Nabi කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 324 ක්.

SL vs AFG 2nd ODI : පන්දු ඕවර 32 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 162/2

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 162 ක් ලබාගෙන තිබෙනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ 33 වන පන්දුවාරයයි.

පන්දුවට පහරදෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 27 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 30 ක් ලබා සිටිනවා.