හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි සඳහන් වන්නේ.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා ඇත්තේ.
රනිල් දන්නේ බදු ගහන්න, ණය ගන්න, විකුණන්න විතරයි – මහින්ද ජයසිංහ
වැලිගම බස් නැවතුම්පොළේ දී ගාල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරීයෙකුට පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පහරදීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු වැලිගම, මිදිගම සහ අහංගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
පහරදීම සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද එහිදි පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අවුරුදු 19-30 අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ගිනි අවි සමඟ, මුහුණු ආවරණය කරගත් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගිය 05 වන දින එම නිලධාරීයා රැඳී සිටි බස් රථයට ඇතුළු වී පහරදීමක් සිදුකර තිබුණා.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කළේ, 2020 වසරේ එක් වරක් වාහන ආනයනය අත්හිටුවා යළි ට්‍රක් රථ ගෙන ඒමට අවස්ථාව ලබාදුන් බවත් ඒ තුළින් අනිසි ලෙස මිල ඉහළ ගිය බවයි.
ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී නියමයන් පනවා අදාළ ලිහිල් කිරීම් සිදුකළ යුතු බවත් එසේ නොකළ හොත් රටේ මුදල් අනිසි ලෙස නාස්ති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී තම සංගමය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත් නියමයන් පැනවීමකින් තොරව සීමා ලිහිල් කිරීම මඟින් වෙන්දේසිවලදී වාහන මිල අනිසි ලෙස ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව පැපිලියාන සුනේත්‍රාදේවී පරිවෙණාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
ජනතාව එලෙස බලය ලබාදෙන්නේ නම් ඒ අනුව ඔහුට කටයුතු කළ හැකි බවයි උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.
පවතින ජනවරම ලබාදී ඇත්තේ, නව ව්‍යවස්ථාවක් හරහා බෙදුම්වාදය නොමැති රටක් නිර්මාණය කිරීමට බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
ඉදිරි මාස හයක කාලය තුළ මේ වන විට පවතින ආර්ථික දුෂ්කරතා සැලකිය යුතු මට්ටමකින් අඩුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
නැවතුන බොහෝ ක්ෂේත්‍ර යළි පණ ගැන්වීමට ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බවත් 2024 වසර යළි සුපුරුදු පරිදි නැගී සිටින වසරක් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලංවන විට යළි වැඩ වර්ජන උද්ඝෝෂණ ආරම්භ කිරීමට විවිධ පිරිස් කටයුතු කරමින් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඉදිරිය එතරම් සුබදායි නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව කෑමට ගත හැකි යමක් ගෙවත්තේ වගා කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද, එහි රස ගුණ ගැන නොසිතා මොනවා හෝ පැළවෙන දෙයක් ගෙදර වගා කරගැනීම මේ මොහොතේ සුදුසු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ආහාර හිඟයක් ඇතිවීමේ යම් මට්ටමක අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද, සහල් මේ වන විට ප්‍රමාණවත් තරම් ඇති නිසා අවශ්‍යම වුවහොත් පමණක් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් මොටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (12) රාත්‍රී 10.00 ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
වැලිමඩ සිට කොටගල දෙසට ධාවනය කරමින් තිබු බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය කළ මොටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබෙනවා.
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ආරම්භ කර දින 05ක් ගත වුවද මේ දක්වාත් ඇතැම් ගොවි බිම්වලට ජලය ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව සිදුව ඇති දරුණු වගා හානිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවයි අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉදිරියේ දී සියලු ජලාශ එකම ස්ථානයකින් පාලනය වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බවත් ඒ සඳහා කමිටුවක් පිහිටුවීමටද බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.