වනිඳු ටෙස්ට් පිටියට සමුදීමට සූදානම් වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නොරෝච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි ජාතික පද්ධතියට

අක්‍රීයව පැවති නොරෝච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (15) රාත්‍රී 8.00  පමණ යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව එහි නඩත්තු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණා.

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ  කරන බවද මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

සෙල්වම් අඩෙක්කලනාදන් මංත්‍රීතුමාගේ ඉල්ලීමකට අනුව වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64db45fa5887cpdf_page_0

පොදු ප්‍රවාහන වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ආනයන සීමා පනවා තිබූ වාහන වාර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙලෙස ලිහිල් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග පැවැති සාකච්ඡාවකදී එකඟතාවකට එළඹ තිබෙනවා.

ඒ අනුව එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් තවදුරටත් පවත්වා ගනිමින් ආනයනය අත්හිටුවා ඇති අනෙකුත් භාණ්ඩ රැසක් සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

64db225c360ed

දෙවන පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 සිට

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව නැවතත් පාසල් අගෝස්තු මස 28 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64db1929bbfd7

සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව හෙට (16) දිනයේ සිට ලබන 20 වන දින දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වන අතර පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය මෙම ප්‍රදර්ශනයේ තේමාව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඖෂධ තොග නොමැති වීමට ප්‍රධානතම හේතුව අකාර්යක්ෂමතාව බවට විගණන වාර්තාවකින් අනාවරණය වේ

රට තුළ ප්‍රමාණවත් ඖෂධ තොග නොමැති වීමට ප්‍රධානතම හේතුව වෛද්‍ය සැපයුම් අංශයේ අකාර්යක්ෂමතාවය බව නවතම විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඖෂධ මිලදී ගැනීමේදී තොග පාලනය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය සලකා බලා නොතිබූ බවයි මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකළ විගණන වාර්තාවේ දැක්වෙන්නේ.

1980 වර්ෂයේ ස්ථාපිත කරන ලද ජාතික සෞඛ්‍ය සභාව සෞඛ්‍ය ගැටලු ඉහළ මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා වැදගත් වේදිකාවක් වුව ද එය 2004 වර්ෂයේ සිට රැස්වී නොමැති බවත් එවැනි ඉහළ මට්ටමේ සෞඛ්‍ය සංවර්ධන ආයතනයක් නොමැති වීම හේතුවෙන් විවිධ ජාතික මෙහෙයුම් කමිටු සහ ජාතික කාර්ය සාධක බලකා කලින් කලට පිහිටුවීමට සිදුව ඇති බවද එම වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

2021 වර්ෂය අවසන් වන විට වර්තමාන ආපදා සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම යාවත්කාලීන කිරීමට වෛද්‍ය සැපයුම් අංශය මඟින් සැලසුම් කර තිබූ අතර නියමිත කාලයට එම කාර්යය සම්පූර්ණ කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ අප්‍රේල් 20 වන දින වන විට රෝහල් 14ක ඖෂධ තොග පිළිබඳ විගණනයට අනුව ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ 15ක සහ අත්‍යාවශ්‍ය ඖෂධ 1205ක තොග නොතිබූ බවද අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 49ක සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 943ක තොග පැවතියේ දින 30 කට අඩු කාලයකට බවත් වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ තොගවල අවම මට්ටම, අවදානම් මට්ටම, නැවත ඇණවුම් මට්ටම, උපරිම මට්ටම සහ සාමාන්‍ය මට්ටම පවත්වාගෙන නොයෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි අදාළ විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ සම්පූර්ණ විගණන වාර්තාව පහතින්.https://bit.ly/458BXV0

2023 වසරේ මේ දක්වා මෙරට​ට සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

2023 වසර ආරම්භයේ සිට අගෝස්තු 10 වන දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 819,507 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2023 අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් 51,000 ඉක්ම වූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

පසුගිය ජූලි මාසයේ දී 143,039 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2023 වසරේ තනි මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය බවයි සඳහන් වන්නේ.

64da0b1456f03