දුමින්ද නාගමුවට නොතීසි නිකුත් කෙරේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අද (31) නොතීසි නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව විසින් ප්‍රකාශයක් සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුවට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසයි මෙලෙස නොතීසි නිකුත් කර තිබෙන්නේ.

Asia cup 2023: පන්දුවාර 20 ක් අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 75/3

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටිනවා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින Najmul Hossain Shanto ලකුණු 40 ක් හා Towhid Hridoy ලකුණු 12 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

Asia cup 2023: පන්දුවාර 10 ක් අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 34/2

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

Asia cup 2023: කාසියේ වාසිය බංග්ලාදේශයට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (31) සවස 3.00 ට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 64 ක් මරුට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එම ගින්න හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 64 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ජනතා අදහස් ලබාගැනීමට තීරණය කෙරේ

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගුණාත්මක ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේ දී පවතින ගැටලු හඳුනාගැනීම ඇතුළු කරුණු විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව මෙම ජනතා අදහස් ලබාගැනීම සිදුකරන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ඕනෑම පාර්ශවයකට මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකි බවත් අදාළ අදහස්, යෝජනා, නිර්දේශ ලබන මස 13 වන දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතු වනවා.

සයිනෝපෙක් මෙරට ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරයි

සයිනෝපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීම ඊයේ (30) ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඛණිජ තෙල් සංස්ථාව අයත්ව තිබූ මත්තෙගොඩ පිහිටි ඉන්ධන පිරවුම්හලක් මෙලෙස සයිනෝපෙක් සමාගම යටතට පවරා ඇති බවයි සඳහන් වන්නේ.
සයිනෝපෙක් සමාගම ඇති කරගත් ගිවිසුම අනුව දිවයින පුරා පිරවුම්හල් 150 ක් එම සමාගම යටතට පැවරෙන අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදි කිරීමටද ඔවුන්ට අවස්ථාව සැලසෙනවා.

මාස 7ක් තුළ ළමා අපයෝජන පැමිණිලි 5,000 ඉක්මවයි

මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,456 ක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසනවා
ඒ අතර ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296 ක්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163 ක්, බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242 ක් ලැබී තිබෙන බවයි සඳහන් වන්නේ.
ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196 ක් ලැබී ඇති බවත් ළමුන් සිඟමනට යෙදවීම් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය දැඩි අවධානයක් යොමුකර තිබෙන බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කළේ.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් එම පැමිණිලි පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Asia cup 2023: ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (31) පැවැත්වෙනවා.
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත මෙම තරගය අද මහනුවර පල්ලෙකැලේදී සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එසේම තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.