මොරොක්කෝවේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 296 ක් ජීවිතක්ෂයට

ඊයේ (08) රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

භූ කම්පනයෙන් හේතුවෙන් පුද්ගලයන් 296 ක් ජීවිතක්ෂයට පත් ව ඇති බවද, පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

මොරොක්කෝවේ මාරකේෂ් ප්‍රදේශයට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් දුරින් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ රචනා කළ ‘කුර හඬෙකි වියැකෙන’ කෘතියට

2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අද උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

එහිදී 2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ විසින් රචිත ‘කුර හඬෙකි වියැකෙන’ කෘතිය සඳහා හිමිවුණා.

64fb4adf6913c

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය නැවත ශානි අබේසේකරට භාරදෙන්න – සජිත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ විමර්ශනයක් සිදුකරමින් සිටියදී සිරගත කරන ලද ශානි අබේසේකරට නැවත එම විමර්ශනය භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද විශ්වාසය දිනාගත් අවංක නිලධාරියෙක් බවයි ඔහු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බෙදීමක් තිබෙන්නේ සත්‍යය කුමක්දැයි කියා සොයන කණ්ඩායමක් සහ සත්‍ය සඟවන්නට උත්සාහ දරණ කණ්ඩායමක් අතර බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට වුණා.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 113 ක් හිමි වුණා.

දේශීය ආදායම් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් අද සිට බලාත්මක වෙයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් සංශෝධන පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත වශයෙන් මෙම පනත් දෙක අද සිට බලාත්මක වන බවයි සඳහන් වන්නේ.
මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊයේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගයට අතිරේක දවසක් නම් කෙරේ

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම තරගය කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
යම් හෙයකින් 10 වනදා තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් තරගය පසුදින එනම් 11 වනදා පවත්වීමට සූදානම් කර ඇති අතර තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් පිරිස් සඳහා එම ප්‍රවේශපත් අතිරේක දිනය සඳහා ද වලංගු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතියක්

බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වසර 20 ක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 3 ක් බවයි සඳහන් වන්නේ.
මෙම ව්‍යාපෘතියේ මූලික ප්‍රාග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ පෞද්ගලික ආයතනයක් විසින් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ජලය පිරිසිදු කරන යන්ත්‍ර 40 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 22 වනදා විරෝධතාවකට සැරසෙයි

සෞඛ්‍ය අර්බුදයට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළකරමින් එළඹෙන 22 වනදා දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කරන බවයි.
ආණ්ඩුව සෞඛ්‍ය සේවය නොසලකා හැරීම හේතුවෙන් ජනතාව සමඟ එක්ව මෙයට පිළිතුරු සෙවීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධීය කංසා වගාව සඳහා අවසරය හිමිවෙයි

ආයුර්වේද පනත සංශෝධනය මඟින් ආයුර්වේද ඔසු වගා කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදුන් බවද, ඒ හරහා කංසා වගා කිරීම සඳහා අවසර හිමිවන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ඒ අනුව වාණිජමය වශයෙන් ඔසු වගාව සිදුවිය යුතු අතර ඖෂධීය කංසා සම්බන්ධයෙන් අදාළ නීති රාමුව තුළ දක්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඖෂධීය කංසා වගා වැඩසටහන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමඟ ඒකාබද්ධව සිදුකරන බවත්, මෙම අවසරය හරහා මෙරට විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු සඳහන් කළා.
ආයුර්වේද නීති සංග්‍රහය, ඖෂධීය ශාක සහ නීතිමය රාමුවක් ගැසට් නිවේදනයක් මඟින් ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවද මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Asia cup 2023: සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනය වෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර කාණ්ඩ කිහිපයක් මිල ගණන් අඩු කිරීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව Lower Blocks ‘C’ හා ‘D’ හි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1,000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
සැප්තැම්බර් 9, 12, 14 හා 15 යන දිනවල පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිල පමණක් මෙලෙස අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.