පන්දුවාර 30 ක් අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 124/4

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 2 ක්, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පන්දුවාර 20 ක් අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 84/4

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 2 ක්, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

මොරොක්කෝවේ භූ කම්පාවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 2,000 දක්වා ඉහළට

මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය පවසනවා.
සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 1,400ක් පමණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ලෙස වාර්තාවී තිබුණා.

ආනයනික අර්තාපල් බද්ද මාස 04 කට දීර්ඝ කිරීමට තීරණය කෙරේ

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Asia cup 2023: කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය අද (09) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Asia Cup 2023: ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද

ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවැනි තරගය අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පස්වරු 03 ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙක ම ජයග්‍රහණය කළ අතර, බංග්ලාදේශය මූලික වටයේ තරග දෙකෙන් ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණයි.

දූෂණ විරෝධී පනත 15 වැනිදා සිට බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

දුෂණ විරෝධී පනතේ විධිවිධාන මේ මස 15 වැනිදා සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්.

මෙම පනත බලාත්මකවීමත් සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඊට අදාළව ක්‍රියාත්මක වන බවද, එම කොමිසම සඳහා නව සමාජිකයින් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසනවා.

අදිසි හස්තයක් මේ තුළ ක්‍රියාත්මක වුණු බව දැන් පැහැදිලි වේගන එනවා – කාදිනල් හිමි

අදිසි හස්තයක් මේ තුළ ක්‍රියාත්මක වුණු බව දැන් පැහැදිලි වේගන එනවා – කාදිනල් හිමි

යතුරුපැදි අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

මඩකලපුව-ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය අසල සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරිය අනතුරින් බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, යතුරුපැදිය ධාවනය කරමින් සිටි පුද්ගලයාද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

Channel 4 හි සාහසික චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා – ආරක්ෂක අමාත්‍යංශය

පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් කළ Channel 4 වාර්තා වැඩසටහන හරහා එල්ල කරන ලද සාහසික චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කෙසේ නමුත්, ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බව ද, ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බවද ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

Channel 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා Channel 4 වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය මඟින් අවධාරණය කරනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්.

64fbe9b936523