Asia cup 2023: කාසියේ වාසිය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ජනපති කළ යෝජනාව කතෝලික සභාව ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් හා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව කතෝලික සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මීට පෙරද විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ පාර්ලිමේන්තු තේරිම් කමිටුවක් පත් කළද, ඒවායේ වාර්තා සහ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් වුවද, ඒ කිසිවකින් බලාපොරොත්තු වුනු ප්‍රතිඵල නොලැබුනු බවයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙන්නේ.

එසේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කරන ලද්දේත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටි යහපාලන රජය පවතින සමයේ බවද එතුමා පෙන්වා දෙනවා.

එබැවින් මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් හෝ ජනාධිපතිවරයා විසින් පත්කරන විශ්‍රාමික විනිසුරුවරයෙක්ගෙන් යුතු කමිටුවකින් හෝ මෙම විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බවද එතුමන් අවධාරණය කරනවා.

එලෙස තේරීම් කාරක සභාවක් සහ කමිටුවක් පත් කිරීම, ජනතා මුදල් සහ කාලය නාස්ති කරන, ජනතාව මුලා කිරීමක් බවද, එම විහිළු සහගත උත්සාහය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද පියතුමා සඳහන් කරනවා.

Channel 4 හෙළිකළ පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුනායැයි කියන කුමන්ත්‍රණය සහ ඒ හා සම්බන්ධයැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයක්, ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක අධීක්ෂණය හා නීරීක්ෂණය යටතේ සිදුවිය යුතු බවයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

රනිල්ව ආරක්ෂා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ගේ අදෘශ්‍යමාන හස්තයන් විසින් – නලීන්

රනිල්ව ආරක්ෂා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ගේ අදෘශ්‍යමාන හස්තයන් විසින් – නලීන්

ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නවා – පොලීසිය

විනයගරුක රියදුරන් පිරිසක් ඇති කිරීමේ අරමුණින් ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
එසේම කුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ක්‍රියාත්මක කරන බවත් බස් රථ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බස් රථ රියදුරන්ද හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් හරහා මේ වන විට පුද්ගලයින් 94 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.
මේ අතර 2023 වසරේ ජනවාරි පළමු වනදා සිට අගෝස්තු මාසය දක්වා මාරක රිය අනතුරු 1427 ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම අනතුරුවලින් 1513 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුවලින් මියගිය පිරිසෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ.
එසේම වසරකට මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,000 ක් පමණ මරණයට පත්වන බවත් දිනකට 7 ක් හෝ 8 මිය යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයින පුරා රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක

අද දිනයේ දිවයින පුරා රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව වෛද්‍යවරුන් සේවය අතහැරයාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මෙම නිහඬ විරෝධතාව පැවැත්වෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

වර්ජනය හේතුවෙන් දුම්රිය වහලක් මත නැග පැමිණි මගියෙක් ඇද වැටී මරුට

අද ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියක වහලයක් මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

64ffe67d987b8 64ffe67da6146 64ffe67db07a8
දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය 20 ක් පමණ අවලංගු කිරීමට සිදුවීම හේතුවෙන් දුම්රිය ස්ථානවල දැඩි මගී තදබදයක් හටගෙන තිබුණා.

ශ්‍රීලනිප මහලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා සාරතී දුෂ්මන්ත පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පැවති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක​ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම එම වෛද්‍ය විද්‍යාලවලට ආරෝග්‍යශාලා තුනක් ද ඇතුළත් කර තිබෙන බවත් වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් සඳහා 10%ක ප්‍රතිශතයක සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදෙන ලෙසට මෙම විශ්වවිද්‍යාලවලින් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ සඳහා ඔවුන් කැමැත්ත පළකල බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64ffd51a9189dpdf_page_1 64ffd51a65bdepdf_page_0

Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගයට අදත් වර්ෂාවෙන් බාධා මතුවීමේ අවදානමක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගයට අද දිනයේත් වර්ෂාවෙන් බාධා මතුවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ අනුව තරගය ආරම්භවීමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව ඇතත් මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට වර්ෂාව පතිත වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තරගය අද පස්වරු 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

2023 World Cup : නවසීලන්ත සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි නිත්‍ය නායක කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 ක් ඇතුළත්

පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 6 දෙනෙකු ද නවසීලන්ත සංචිතයට නම් කර ඇති අතර මාර්ක් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ඩැරල් මිචෙල් හා ග්ලේන් පිලිප්ස් මෙලෙස පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සදහා ඇතුළත් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

64feb74b6084c