අද සවස ධාවනය වන දුම්රිය පිළිබඳව දැනුම්දීමක්

අද දින සවස කාර්යාල දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව , ගමන් වාර 37ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ද , පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 04 ක් හා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 3 ක් ද එයට ඇතුළත් බවයි සඳහන් වන්නේ.

ධාවනය වන දුම්රිය පහතින්.

ඡායාරූප – RDMNS

650199c89a8d4 650199c88d84e 650199c87c370 650199c8a3c95

දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් ලබන වසරේ සිට

ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බවයි.

පිරවුම්හල්වල ඉන්ධන සැපයීම සහ තොග ලබා ගැනීම, නව උපාංග භාවිතයෙන් ස්වයංක්‍රීයකරණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

6501a21a0b1f4

මට වද දුන්නට, Channel 4 බැලුවම වෙලා තියෙන්නේ වෙනස් දෙයක් කියලා දැන් රටටම පේනවා – මෛත්‍රීපාල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 4ක් පුරා තමන්ට චෝදනා කළද, Channel 4 දෙස බැලූ විට සිදු වී ඇත්තේ ඊට වඩා වෙනස් දෙයක් බව බොහෝ පැහැදිලිව රටටම පෙනෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට ලිපියක් භාරදීමට කටයුතු කරන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති පරිදි මේ සම්බන්දයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද, ඒ වෙනුවන් තමන් හඬ නගන බවද ඔහු අවධාරණය කරනවා.

දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05​ක කරුණා සහගත ගෙවීමක් ගෙවනවා – බන්දුල

ඊයේ (12) දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රුපියල් ලක්ෂ 5ක කරුණා සහගත ගෙවීමක් ප්‍රදානය කිරීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දුම්රිය වරදකින් වුවද මනුශ්‍ය ජීවිතයකට වන්දි ගෙවීමට හැකියාව තිබෙන්නේ රුපියල් 75,000 ක් පමණක් වුවද, තමන් ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කර අදාළ තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කරන ලෙස නියම කළ බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම මුදල කරුණා සහගත ගෙවීමක් ලෙස එම තරුණයාගේ පවුලට ලබාදෙන බවද, එය තරුණයාගේ ජීවිතයේ වටිනාකම තක්සේරු කර සිදුකරන ගෙවීමක් නොවන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

වැඩබලන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම වැඩබලන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්,  රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

IMF ණය මුදලේ දෙවැනි සමාලෝචනයට නිලධාරීන් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (13) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන් ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය හෙට (14) සිට ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔවුන් විස්තීරණ ණය වැඩසටහනේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Asia cup 2023: පන්දුවාර 40 ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව – 180/7

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 5 ක් හා චරිත් අසලංක කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

Asia cup 2023: දුනිත් වෙල්ලාලගේ ඉන්දියාවේ ප්‍රබල කඩුලු 5 ක් දවා ගනී

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව Rohit Sharma, Shubman Gill, KL Rahul, Hardik Pandya සහ Virat Kohli දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.

Asia cup 2023: පන්දුවාර 20 ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව – 109/3

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 109 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ Rohit Sharma, Shubman Gill සහ Virat Kohli දවා ගැනීමට සමත් වුණා.

Asia cup 2023: පන්දුවාර 10 ක් අවසානයේ ඉන්දී​ය ලකුණු පුවරුව – 65/0

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 65 ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින Rohit Sharma ලකුණු 39 ක් හා Shubman Gill ලකුණු 18 ක් ලබා සිටිනවා.