කොළඹ පිහිටි දුම්රිය අංගන වල දුම්රිය සේවකයන් විසින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් මේ වන විට අංගන වල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ පිහිටි දුම්රිය අංගන වල දුම්රිය සේවකයන් විසින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් මේ වන විට අංගන වල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සඳහන් වන්නේ.
සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි හි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.
පසුගිය මාසයේත් මෙම මාසයේත් දත්ත අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවත් මේ වන විට දිනට රෝගීන් 100 ත් 125 ත් අතර පිරිසක් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද (11) ජිනීවා නුවරදී ආරම්භ වනවා.
අද ආරම්භ වන මෙම සැසිවාරය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිත අතර චෙක් ජනරජයේ තානාපති වැක්ලෙව් බැලෙක් විසින් මෙවර සැසිවාරයේ ප්‍රධානත්වය දැරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක විසින් දැරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මානව හිමිකම් පිළිබඳ ඔහුගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.
කොළඹ නගරය ආවරණය වන පරිදි ජංගම කිරි අලෙවි රථ මගින් පාරිභෝගික ජනතාවට දියර කිරි බෙදාහැරීමේ වැඩසටහනක් අද (11) සිට ක්‍රියාත්මක වනවා.
ලංකාව තුළ දියර කිරි ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එය සිදුකරන බවයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සඳහන් කළේ.
ජංගම රථවලින් පාරිභෝගික ජනතාවට අවශ්‍ය කිරි මිලදී ගැනීමේ හැකියාව පවතින බවත්, ඉදිරියේදී දිවයින පුරා ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගේ බැංකු කාඩ්පත් තොරතුරු සොරාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
තම නිල වෙබ් අඩවිය කිසිඳු Online ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවයි තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.
සැක සහිත SMS පණිවිඩ වල අඩංගු Links ක්ලික් කිරීමෙන් වළකින ලෙසද, සැක සහිත වෙබ් පිටුවල බැංකු කාඩ්පත් තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසද මෙම වංචාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකරන LankaPay ජාතික ගෙවීම් ජාලය දැනුම් දෙනවා.

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ඊසානදිග ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගයට ඊයේ (10) වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව තරගය අද (11) අතිරේක දිනයට කල් දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර අද පස්වරු 3.00 ට පන්දුවාර 50 තරගයක් ලෙස ඊයේ නතර කළ ස්ථානයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 24.1 ක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාත් කෝලි ලකුණු 8 ක් හා කේ.එල්.රාහුල් ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගය අද (10) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 257 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් හා නොදැවී පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම ලකුණු 93 ලබා ගත්තා.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud කඩුලු 3 ක් හා Shoriful Islam එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 236 පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැඟින්, මතීෂ පතිරණ කඩුලු 3 ක් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 3 ක්, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.