SL vs NED : ශ්‍රී ලංකාවට ලකුණු 263 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Sybrand Engelbrecht ලකුණු 70 ක් හා Logan van Beek ලකුණු 59 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුෂංක කඩුලු 4 ක් කසුන් රාජිත කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263 ක්.

SL vs NED : පන්දුවාර 10 ක් අවසානයේ නෙදර්ලන්ත ලකුණු පුවරුව – 48/2

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසනයේ  කඩුලු 2 ක් දැවී ලකුණු 48 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

SL vs NED: කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තීන්දුව කතානායකට යොමු කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.

ඒ අනුව එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමුකර ඇති බවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

සමාජ මාධ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සඳහා බලපෑම් කිරීමට අදාළව ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් රැසක් ඉදිරිපත්වී තිබුණා.

විදුලි ගාස්තු වැඩි කිරීමට සියලු දෙනා එරෙහි විය යුතුයි – ඇල්ලේ ගුණවංශ හිමි

විදුලි ගාස්තු වැඩි කිරීමට සියලු දෙනා එරෙහිවිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

රජයේ එකම විසඳුම වන්නේ වැඩි කිරීම බවත් රටේ දේශපාලඥයින් සිදුකරන පරිත්‍යාග කුමක්ද යන්න ගැටලුවක් පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

මෙම ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් ඇති බවයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

IMF දෙවන වාරිකය සඳහා කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව එම අරමුදල පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුව මෙම එකඟතාවට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ ර​​ටේ සියලු සම්පත් ආණ්ඩුව සමඟ බද්ධ වූ කුඩා කණ්ඩායමක් භුක්ති විඳිනවා – අනුර දිසානායක

රට තුළ ඇති සියලු සම්පත් ආණ්ඩුව සමඟ බද්ධ වූ කුඩා කණ්ඩායමක් විසින් භුක්ති විඳිමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මහජනතාව රෝහල්වල බෙහෙත් නොමැතිව මිය යන සමයක සහ ජනගහණයෙන් 68% ක් වේල් තුන ආහාර ගැනීමේ දුෂ්කරතාවලින් පෙළෙන සමයක, කෙතරම් අර්බුධ මධ්‍යයේ වුවද එම කුඩා කණ්ඩායම ඉතාමත් සුඛ විහරණ සහිත ජීවිත ගත කරන බවද ඔහු පෙන්වා දෙනවා.

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ රටේ ආර්ථිකය ප්‍රසාරණය කර, සෑම පුරවැසියෙකුටම ආර්ථිකයට ප්‍රවිෂ්ට වීම සඳහා ඇති සාධාරණ අයිතිය ලබාදෙන බවද, පුරවැසියන් වෙත ප්‍රතිලාභ ගලා එන්නේ එසේ කළහොත් පමණක් බවද ඔහු අවධාරණය කරනවා.

විදුලි ගාස්තු අද සිට ඉහළට

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 0 සිට 30 දක්වා පැවති ඒකකයක් සඳහා රුපියල් 10ක් පැවති ගාස්තුව රුපියල් 12කින් ඉහළ යන අතර, 150ක පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම ඒකක 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට අවසර ලබාදී ඇති අතර එහි ස්ථාවර ගාස්තුවද 300 සිට 360 දක්වා ඉහළ දමා  ඇති බවයි සඳහන් වන්නේ.

ඒකක 61 සිට 90 දක්වා ඒකකයක් සඳහා 35ක පැවති ගාස්තුව 41 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 400 සිට 480 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක් සඳහා 50 ක පැවති ගාස්තුව 59 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 1000 සිට 1180 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන්.

ඊශ්‍රායල ගාසා යුධ ගැටුම ගැන පාර්ලිමේන්තු විවාදය අද

ගාසා යුධ ගැටුම්වලට සාමකාමි විසදුම් සඳහා ක්ෂණික මැදිහත්වීමක් සිදුකරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීම සඳහා වන කල්තැබීමේ විවාදයක් අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා එම කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කිරීමටද නියමිතයි.

හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලකින් ලබා ගැනීමට අවසර

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අද (19) අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සැකකාර හරක් කටාට ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම්කරන නිලධාරියෙකු හරහා අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලෙන් ලබාගැනීමට අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.