නේපාලයේ භූකම්පනයකින් 69 දෙනෙකු මරුට

නේපාලයේ ඇතිවූ මැග්නිටියුඩ් ඒකක 5.6ක භූ කම්පනයකින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයඹදිග නේපාලයේ කඳු සහිත ප්‍රදේශයක ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගෙන ඇති මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර 500ක පමණ දුරින් පිහිටි ඉන්දියාවේ නව දිල්ලි අගනුවරටද දැනී ඇති බවයි වාර්තා වෙන්නේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහතින්.
* සුදු සීනි පැකට් නොකළ 1Kg – රු.275
* සුදු සීනි පැකට් කළ 1Kg – රු.295
* දුඹුරු සීනි පැකට් නොකළ 1Kg – රු.330
* දුඹුරු සීනි පැකට් කළ 1Kg – රු.350

දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර වගකිවයුත්තන් ඉල්ලා අස්වන්න – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
ඒ අනුව මෙම පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට හට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතුව බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් මත අප රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනුයේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදෙමින් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බවත් LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දග පන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවූ බවද අමාත්‍යවරයා සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 දී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරී‌මට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයක සිටින බවත් සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයේ ඉවත් නොවී බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

6544eb991f34c

6544eb992b970

පොලිස්පතිට යලිත් සේවා දිගුවක්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හට යළිත් සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
සති 03 ක කාලයක් සඳහා පොලිස්පතිවරයාට මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පමණ ඉහළ දමන බවයි වාර්තා වන්නේ.
නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලද දැවැත්ත පරාජය සම්බන්ධයෙන් පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ, මෑත කාලීන සමස්ත දක්‍ෂතා සහ පරාජයන් කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්‍ෂතා පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු කර ඇති බවයි.
පුහුණු කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත්තේ මෙම පරාජයට හේතු සොයා ගැනීමට සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම අරමුණු කර ගෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වෛද්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩ වර්ජන මාලාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩ වර්ජන මාලාව ආරම්භ කර තිබුණා.

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05 ක් අත්අඩංගුවට

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරමීඩ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීමට කොත්මලේ ජලාශය ඉහළින් අක්කර 600 ක් – ජනපති

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බව පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6544949e92b55pdf_page_0

6544949eae287pdf_page_1

පළාත් පාලන ආයතනවල ස්ථිර නොකරන ලද සේවකයින් 8400කට ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරනවා – ජානක වක්කුඹුර

ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

654483eb6841apdf_page_0

654483ebd9870pdf_page_1