සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 25ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් මිලියන 5ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

රා බෝතල් කිරීමේ බලපත්‍රය රුපියල් මිලියන 10 දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍රයද මිලියන 2.5 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65a35d441d6b7 65a35d43ea66f 65a35d4386967

කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අවමය ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් සදහා බලපත්‍ර ගාස්තුව රුපියල් බිලි‍යන 10ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ඩොලර් මිලියන මිලියන 500ක අයෝජනයක් සදහා බලපත්‍ර ගාස්තුව රුපියල් බිලියන 5ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65a3672f87aca 65a3672f7da27

යෝගට් සහ කිරි පැකට් මිල ඉහළ ගිහිං – ජාතික පාරිභෝගික පෙරමුණ

යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

වැට් බද්ද හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ.

රුපියල් 70ට පැවති යෝගට් එකක් රුපියල් 80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කිරි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් එහි මිල රුපියල් 100 ක් වන බවයි ඔහු සඳහන් කළේ.

රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර මේවාට වැට් බද්ද අය කිරීම නතරකර යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

යුක්තිය මෙහෙයුම ගැන UN මානව හිමිකම් කාර්යාලයේ අවධානය

යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සාධාරණ නඩු විභාගවලට යටත් කිරීමට පියවර ගත යුතු බවද ඇය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා ඇතැම් සැකකරුවන් හිංසනයට ලක් කිරීම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ අවධානයද යොමුව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

2024 රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

2024 රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එ් අනුව රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිතවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

65a32f882bb9265a32f8a7de88 65a32f8a5de05 65a32f89b0118 65a32f89a20b2 65a32f883a232

තේ පොහොර මිටියක මිල රුපියල් 8500කට අඩුකෙරේ

තේ සඳහා යොදන පොහොරවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව, දැනට රුපියල් 12,000 සිට රුපියල් 14,000 දක්වා මිලකට අලෙවි වන තේ පොහොර මිටියක මිල රුපියල් 8500/- ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

තේ පොහොර මිල වැඩි නිසා‍ වගා හිමියන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එම නිසා නෙලා ගන්නා දළු ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් කමිටු

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් කමිටු පිහිටුවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

සෑම දිස්ත්‍රික්කයකම සහකාර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවා ඇති බවයි නීතිය හා බලගැන්වීම් අධ්‍යක්ෂ නීතිඥ අමිතා ජයතුංග සඳහන් කරන්නේ.

ළඟම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු ශාඛාවට පැමිණ ගැටලු සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊ‍යේ (12) දහවල් වැලිගම හා අතුරුගිරිය යන ප්‍රදේශවල දී ‍මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් අවුරුදු 24, 27, 32, 38, 39 සහ 43 යන වයස්වල පසු වන වැලිගම, දික්වැල්ල හා  අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුන් බවයි සඳහන් වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සෞඛ්‍ය සේවකයන් අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

සෞඛ්‍ය සේවාවේ නියුතු වෘත්තිකයන් අතරින් වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම සේවකයන් සමග ලබන අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

වෘත්තීය සමිති 27ක් මෙම වර්ජනය සදහා එක් වන බවයි එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් අතර හමුවක්.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් අතර හමුවක්.
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමා හා මීලග ආසියානු ශූරතාවලිය සදහා පුහුණුවීම් සිදු කරන ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රිඩිකාවන් අතර සුහද සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී අද (13) දින පැවැත්විණි.

එහිදී පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි තරගාවලි සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව අමාත්‍යවරයා විසින් විමසා සිටියේය.  කණ්ඩායම සදහා අවශ්‍ය පහසුකම් හා අඩුපාඩු සම්බන්ධවද අවධානය යොමුකළ අතර කොළඹ 07, ක්‍රීඩා නේවාසිකාගාරය ඉදිරිපිට ඇති නෙට්බෝල් ක්‍රීඩාංගණය භාවිතයට ගැනීමට නොහැකි ලෙස පොළව අබලන් වී ඇති බව පෙන්වා දෙනු ලැබීය.

එම නෙට්බෝල් ක්‍රීඩාංගණය කඩිනමින්  අලුත්වැඩියා කර දීමට ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, පුහුණුවීම් කටයුතු සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොමිලේ වෙන්කරදීම සම්බන්ධයෙන් එම මොහොතේම එහි සභාපතිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කෙරිණි.

පුහුණුවීම් විධිමත් කිරීමට හා ජාත්‍යන්තර අත්දැකීම් බහුලව ලබා ගැනීමේත් අභිප්‍රායෙන් ජාතික නෙට්බෝල් සංචිතය විදේශ තරගාවලි සඳහා යොමු කිරීමටත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල විදේශ කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙන්වා තරගාවලි පැවැත්වීමටත් මෙම සාකච්ඡාව තුළදී විශේෂ අවධානයක් යොමු විය.

මෙවර කල්වේලා ඇතිවම ජාතික සංචිතය කැදවා ඔවුන්ගේ අවශ්‍යතා, අඩුපාඩු හා පුහුණුවීම් කටයුතු පිළිබදව සොයා බැලීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා හට ආසියානු හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ඇතුළු නිළධාරීන්ගේ විශේෂ ස්තූතිය පිරිනැමීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක හාරිෂ් රවීන්ද්‍ර, සම්න්ධීකරණ ලේකම් චාමර දන්තනාරායන, ආසියානු හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි, ජාතික සංචිතයේ පුහුණුකාරිනී දීපි නාලිකා ප්‍රසාදි යන මහත්ම මහත්මීන් සහභාගී විය.
මාධ්‍ය අංශය
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය.

WhatsApp Image 2024-01-13 at 17.02.12 WhatsApp Image 2024-01-13 at 17.02.11 (8) WhatsApp Image 2024-01-13 at 17.02.11 (7) WhatsApp Image 2024-01-13 at 17.02.11 (6) WhatsApp Image 2024-01-13 at 17.02.11 (5) WhatsApp Image 2024-01-13 at 17.02.11 (4) WhatsApp Image 2024-01-13 at 17.02.11 (3) WhatsApp Image 2024-01-13 at 17.02.11 (2) WhatsApp Image 2024-01-13 at 17.02.11 (1) WhatsApp Image 2024-01-13 at 17.02.11