වත්කම් ඉපැයීම සම්බන්ධ වීරවංශට එරෙහි අධිචෝදනා පත්‍රයට තවත් සාක්ෂි 16ක් ඇතුළත් කෙරේ

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇමැති ධුරය දැරූ වසර 5ක කාලය තුළ උපයාගත් වත්කම් පිළිබඳ කරුණු පැහැදිලි නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය පැමිණිල්ල විසින් සංශෝධනය කර තිබේ.

තවත් ලේඛන 16ක් ඉදිරිපත් කිරීම් ලෙස සාක්ෂියට එක් කරමින් අධිචෝදනා පත්‍රය සංශෝධනය කර ඇත.

සාක්ෂි (විශේෂ විධිවිධාන) ආඥාපනත (පරිගණක සාක්ෂි) යටතේ නව ලේඛන හතරක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා බලාපොරොත්තු වන බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නාය.

විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති මෙම නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ විභාග වෙමින් පවතී.

ඒ.එස්.ජී. ජිනසේන සාක්ෂි වශයෙන් ඇතුළත් කිරීමට නියමිත නව ලේඛනවල පිටපත් අධිකරණයට සහ විත්තිකරුවන්ට මෙහිදී භාර දී තිබේ.

යෝජිත කරුණු 74ක් ඇතුළත් ලේඛනයක් පැමිණිල්ල විසින් දැනටමත් විත්තිකරු වෙත ඉදිරිපත් කර ඇත.

යෝජිත කරුණු සම්බන්ධයෙන් විත්තිකරු සිය ස්ථාවරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතු බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා සිටියේය.

එම ඉල්ලීමට එකඟ වූ විමල් වීරවංශගේ නීතීඥවරු පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද ලේඛනවලට ප්‍රතිචාර දැක්වීමට කල් ඉල්ලා සිටියහ.

ඒ අනුව වැඩිදුර විභාගය මාර්තු 1 වැනිදා දක්වා කල් තැබූ විනිසුරු මාරසිංහ එදිනට විමල් වීරවංශට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

විමල් වීරවංශ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.

පාස්කු දින ප්‍රහාරයේ යුක්තියේ සටන , ඉතාලි රදගුරු සමුළුවේ විශේෂ අවධානයට !

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ගෙනයන සටන වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් , පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය උදෙසා ඉතාලි – ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයින් ( italiano – Sri Lankesi, forum di giustizia per le vittime dell’attentato della domenica di Pasqua) හා ඉතාලි රදගුරු සමුළුවේ සභාපති අති උතුම් කාදිනල් මතියෝ සුප්පි (Cad.Matteo Zuppi) හිමිපාණන් අතර ඊයේ (02.03) පස්වරුවේ පවත්වා ඇත.

එහිදී ඔවුන් විසින් , අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අප රට තුළ සහ ජාත්‍යන්තරවත් ගෙනයනු ලබන යුක්තියේ සටන වෙනුවෙන් උන්වහන්සේගේ සහයෝගය ඉල්ලා ඇති අතර , මේ දක්වා ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ විසින් , පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය හා විමර්ශන වල තත්වය ඇතුළත් ඉතාලි සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද ලේඛන කිහිපයක් සහ වීඩියෝ පටයක් ද උන්වහන්සේ වෙත ඉදිරිපත් කර ඇත.

අති උතුම් කාදිනල් සුප්පි සැලකෙන්නේ , ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඉතාමත් කිට්ටු සමීපතමයෙකු ලෙසයි.

මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ශ්‍රී ලාංකීය කිතුනු සභාව , ගෙනයනු ලබන යුක්තියේ සටන සම්බන්ධයෙන් උන්වහන්සේගේ ඉමහත් ප්‍රශංසාව හිමිව තිබේ.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකා රදගුරු සමුළුවට අවශ්‍ය සහයෝගය සම්බන්ධයෙන් දැනටමත් උන්වහන්සේ ලා ක්‍රියාකරගෙන යන බවත් ,
ශුද්ධෝත්තම පාප්තුමන් ද ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්,
ශ්‍රී ලංකානු රජය තව දුරටත් යුක්තිය හා සාධාරණත්වය ලබාදීමට අපොහොසත් වන්නේ නම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ එකඟතාවයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හා ඉතාලි රජය සමගත් විශේෂාකාරයෙන් මැදිහත් වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්,
කිසිවිටෙකත් ලාංකීය කිතුනු ජනතාව තනිනොකරන බවටත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් හා ඉතා ඕනෑකමින් සම්බන්ධ වීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

WhatsApp Image 2024-02-04 at 14.33.18 WhatsApp Image 2024-02-04 at 14.33.06 WhatsApp Image 2024-02-04 at 14.32.47

රිමාන්ඩ් කළ කෙහෙළිය රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පෙබරවාරි 2 වනදා අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (පෙබරවාරි මස 03) නියෝග කරන ලදී.

ඒ අනුව, බන්ධනාගාරයට ඔහුව රැගෙන යාමත් සමඟ හදිසියේම අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මේ වන විට ඇතුලත්කර ඇති බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ (පෙබරවාරි 02 වෙනිදා) පැමිණි අවස්ථාවේදීයි.

ඉන්පසුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් හෙතෙම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

රනිල් – චන්ද්‍රිකා සහ ජූලි චැංග් මාතර කලා උළෙලට එක්වේ

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ

ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි.

ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ.

ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද සුවිශේෂ අත්දැකීමකි. චිත්‍ර සහ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, වැඩමුළු සහ සාකච්ඡා, ප්‍රජා වෙළෙඳපොළ ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙය සමන්විතය.

මෙහි චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා සිතුවම් නිර්මාණය කරන ස්ථානයේ දී පින්තාරු සටහන් දෙකක් තබා සමරු සටහනක් ද තැබීය.

Mathara_2024.02.03

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර ගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන හා මහාචාර්ය ජගත් වීරසිංහ ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර විසිනි.SDW_5916

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර ගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන හා මහාචාර්ය ජගත් වීරසිංහ ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර විසිනි.

Mathara_12024.02.03

ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන ඉදිරිපත් කිරීමකින් සහ මහාචාර්ය ජගත් වීරසිංහ ගේ මඟපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා  වැඩසටහනක් මෙය සමන්විතය.

පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සහ ඇමරිකාවේ රැප් (Rap) සහාකර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රාසාංගික කලා දැක්ම සඳහා සහභාගී වේ.

ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය.

කලා උළෙල නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් සමඟ ජනාධිපතිවරයා සුහද කථා බහකට එක්විය.

මාතර කලා උළෙලට සහභාගීවීමෙන් අනතුරුව නිල්වලා ගඟබඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාතර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද සොයා බැලීය.

Mangala_mathara_2024.02.03

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර,
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණා කොඩිතුවක්කු, නිපුණ රණවක, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම,  එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චැංග් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Mathara_Art_2024.02.03 (1)

Mathara_Art_2_2023.02.03

 

  රෑමතියක් එක්ක තමා මේ කතාබහ. අචිනි හංසමාලී.

𝗧𝗔𝗟𝗞 𝘄𝗶𝘁𝗵 Achini Hansamali
ආයුබෝවන් අචිනි කොහොමද?
ආයුබෝවන්..හොඳින් සතුටින් ඉන්නවා. මේ දවස්වල මගේ වැඩ කටයුතු සුපුරුදු පරිදි කරගෙන ඉන්නවා.
කවුද මේ අපේ කවරේ පිටුව සරසන අචිනි?
මගෙ නම අචිනි හංසමාලි. මම මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කරනවා. දැනට ක්ෂෙත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වගේ තමයි වෙන්නෙ. වයස 21යි. මම ගොඩාක් සරලව ඉන්න කැමති කෙනෙක්. ඒවා තමයි ඉතින් මගෙ විස්තර.
මේ දවස්වල හැමෝගේම ක්‍රශ් එක ඔයා එහෙම නේද?
අනේ මන්දා..ඒක නම් ඉතින් මම දන්නෙ නැහැ..ඒක එහෙමද?
සමාජ මාධ්‍ය තුල ඔයා ගැන හොයලා බැලුවම එහෙම තමා තේරැණේ. ඉතින් ඔයා තමයි Miss Sri lanka for Queen of the Island 2023. ඒ ගැනත් කියමු..
ඔව්.. Miss Intercontinental Sri Lanka 2023 තරඟාවලියේම පැවැත්වුණු තවත් තරඟයක් තමයි ‘Queen Of The Islands’ කියන්නේ. පහුගිය අගෝස්තු මාසයේදී තමයි මේ තරඟය පැවැත්වුණේ. ඉතින් ම⁣ට ‘Queen Of The Islands’ කිරුළ දිනාගන්න හැකි වුණා. ගොඩාක් සතුටුයි ඒ ගැන.
නිරෑපණ ක්ශේත්‍රයට එන්න. ලොව පිලිගත් රෑමතියක් වෙන්න ඔයා පොඩි කාලේ ඉඳන් හීන මැව්වාද?
නිරූපණ ශිල්පිනියක් වීමේ ලොකු කැමැත්තක් මට පොඩි කාලේ ඉඳන්ම තිබුණා. විශේෂයෙන්ම රෑම්ප් මොඩ්ල් කෙනෙක් වෙන්න. ඒක නිසාම තමයි උසස් පෙළ විභාගය අවසන් වූ විගසම මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය ඉගෙන ගෙන නිරූපණ ක්ශේත්‍රයට පිවිසුණේ.
ඔයාගේ වැඩ කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මුලින් නම් ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් දැන් නම් මාව තේරුම් අරගෙන අම්මයි තාත්තයි මට ලොකු සහයෝගයක් දෙනවා.
කවදාහරි එයා ඔයාට වඩා උස වෙන්න ඕන කියලා ඔයා කියලා තිබ්බා. ඒක මං කොහේ හරි දැක්කා. එයා කෙනෙක් ඉන්නවද?
දැනට නම් එයා කෙනෙක් නැහැ. ඉස්සරහට බලමු නේද?. හැබැයි උස විතරක්ම තිබිලා හරියන්නේ නැහැ. මාව තේරුම් ගන්න පුළුවන් ඉවසීමක් තියෙන උස කෙනෙක් තමයි වෙන්න ඕනි.
තේරැම් ගන්න පුලුවන් ආදරණිය උස කෙනෙක්. ඉතින් අචිනි ආදරේ කියන්නේ මොකක්ද ඔයා හිතන විදිහට?
ඒකට සුපැහැදිලි නිර්වචනයක් දෙන්න අමාරුයි මට. ඒක හැඟීමක්. කොහොම වුණත් මට දැනෙන විදියට නම් ආදරය මාරම සුන්දර හැඟීමක්.
අවසාන වශයෙන් මොනවද අචිනි ඔයාගේ Future Plans?
එහෙම ලොකු ලොකු future plans, goals ගොඩාක් නැහැ මට. පුංචි බලාපොරොත්තු අතලොස්සක් තමයි තියෙන්නේ. නිරූපණ ක්ෂෙත්‍රයේ කාලයක් රැඳී සිටිමින් ඉදිරියට යෑම එයින් එකක්.
ඒ අතලොස්සක් වු බලාපොරොත්තු වුවත් ඒවා සාර්ථක කරගෙන ඉදිරියට ලස්සන ගමනක් යන්න අචිනී High Fashion අපි ඔයාට සුබ පැතුම් එකතු කරනවා.
FB_IMG_1706879463304 FB_IMG_1706879485593 FB_IMG_1706879585783 FB_IMG_1706879589243
මෙලනි ෆ්‍රිසන්කෝටන්.

𝗧𝗔𝗟𝗞 𝗪𝗜𝗧𝗛 DILSHAN

ඉතින් Talk with High Fashion එක්ක එකතු වෙලා ඉන්නවා කඩවසම් නිරැපණ ශිල්පියෙක්. චලන ඩිල්ශාන්.
ආයුබෝවන්..චලන ඩිල්ශාන් කොහොමද ඉතින්?
ආයුබෝවන් හොඳින් වැඩකටයුතු කරගෙන සතුටින් ඉන්නවා.
ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම අපේ කතාබහ ඉස්සරහට කරගෙන යමු.
මම චලන ඩිල්ශාන්. මගේ වයස අවුරැදු 22 යි. මගේ උපන් ගම කැලණිය. අධ්‍යාපනය ලැබුවේ කැලණිය ශ්‍රි ධර්මාලෝක විද්‍යාලයේ. ආගම ධර්මයට ලැදිව කටයුතු කරන, සාමාන්‍ය පවුලක හැදුණු වැඩුණු නිරැපණ ක්ෂේත්‍රයට ආදරය කරන සාමාන්‍ය චරිතයක්.
නිරෑපණ ශිල්පියෙකු වීම ඔයාගේ ජිවිතේ ඔයා හැබෑකරගත්ත එක හීනයක්ද?
ඔව්.. අනිවාර්යයෙන්ම මං පුංචි කාලේ ඉඳන් ආස කරපු හීනයක්. මං හිතනවා මගේ වයසත් එක්ක මං ඒ හිනේ හැබැකරගෙන ඉවරයි කියලා.
නිරෑපණ ක්ශේත්‍රයට ආපු විදිහත් කියමු.
ක්ෂේත්‍රයට එන්න හිතුණේ මගේ යාලුවෝ හිතවතුන්ගෙන් විශේෂයෙන්ම පවුලේ අයගේ යෝජනා නිසා. මට මේ තැනට එන්න ගොඩාක් උදව් කරේ Batik Beats by Prihan Gamage, R. Dushyantha Perera Bridal Saloon, Thilak Pushpakumara Photography.
ප්‍රිහාන් ගමගේ අයියා, දුෂ්‍යන්ත පෙරේරා අයියා වගේම තිලක් පුශ්පකුමාර අයියා මගේ සහෝදරයෝ තුන් දෙනා මාව මේ තැනට ගන්න ගොඩාක් මහන්සි වුණා. තවත් මේ ක්ෂේත්‍රයට ඇති කැමැත්ත නිසා මොඩල් ඇකඩමි එකක් එක්ක සම්බන්ධ වුණා.
නිරැපණ කටයුතු වලට අමතරව ඔයා රැකියාවක් එහෙම කරනවද?
ඔව් අධ්‍යාපන කටයුතු එක්ක පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා.
වර්තමාන නිරැපණ ක්ශේත්‍රය ගැන ඔයාගේ අදහස?
නිරැපණය කියන්නේ සුන්දර කලාවක්. ඒත් විවිධ පැතිකඩ තියෙනවා. නිරැපණය තුලින් හොඳ ගමනක් යන්න පුලුවන්. සමහර අවස්ථාවල නොයෙක් නොයෙක් යම් බලපෑම් ඇතිවෙන්න පුලුවන්. ඒ වෙලාවට කල්පනාවෙන් වගේම සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. මම නිරැපණ කලාව දකින්නේ ජිව්තේ සාර්ථක කරගන්න පුලුවන් කලාවක් විදිහට.
ඔයා හිතන විදිහට ජිවිතේ සතුට කියන්නේ මොකක්ද?
ජිවිතේ සතුට කියලා කියන්නේ තමන් හිතන, කරන, පවසන දේ අනුව තමයි සතුට ලඟා කරගන්න පුලුවන්. ඒ නිසා හොඳ දේවල් කරන්න, හිතන්න වගේම කියන්න. අදහන ආගම ධර්මයට අනුව ජිවත් වෙන්න. එතකොට සතුට ලඟා කරගන්න පුලුවන්.
මොනවද ඉදිරි සැලසුම්?
නිරැපණ ක්ෂේත්‍රයේ කටයුතු වලට අමතරව මගේ ව්‍යාපාර කටයුතු සඳහා ලබන වර්ෂයේ විදෙස් ගතවිමට බලාපොරොත්තු වෙනවා.
2024 නව වසර වෙනුවෙන් අපේ High Fashion පාඨකයන්ට සුබ පැතුමක් එක්කරමු.
ඉතින් ලබන්නා වු නව වසර High Fashion පාඨකයන් හැමෝටම කිරි ඉතිරෙන අවුරැද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගේම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන ලස්සනම අවුරැද්දක් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
 ස්තුතියි චලන.. High Fashion අපි එක්ක කතා බහකට එකතු වුණාට ඔයාගේ සියලු ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි High Fashion. අපි වගේ අයට ඔයාලාගේ සඟරාවෙන් ඉඩක් වෙන්කරනවාට. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඔයාලාගෙත් හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
FB_IMG_1706881218171 FB_IMG_1706881271608 FB_IMG_1706881331192 FB_IMG_1706881262366
මෙලනි ෆ්‍රිසන්කෝටන්

කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

රු.10,000 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

යතුරු පැදිකරුවෙකුගේ වරද සඳහා නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ලෙස පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ යතුරුපැදිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් පසුව එම මුදල අඩුකර රුපියල් 10,000 මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී සැරයන්වරු දෙදෙනා අත් අඩංගුවට ගත් බව කොමිෂන් සභාව වැඩිදුරටත් පවසනවා.

යුද්ධයේදී මියගිය හා ආබාධිත වූ හමුදා සාමාජිකයන්ට පූර්ණ වැටුප් හා දීමනා

යුද්ධයේදී මියගිය හෝ ආබාධිත වූ හමුදා සාමාජිකයන් හට පූර්ණ වැටුප් හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රියව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය, ආබාධිතව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම ප්‍රතිලාභය ලැබෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

අදාළ හමුදා සාමාජිකයා වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවකදී, වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වාම ඔවුන්ගේ යැපෙන්නන් වෙත මෙම වැටුප් හා දීමනා ලබා දීමට නියමිතව තිබෙනවා.

කොළඹට ආසන්න දුම්රිය ස්ථාන කීපයක හෙට දුම්රිය නවත්වන්නේ නෑ – දුම්රිය දෙපාර්තමේන්තුව

හෙට (04) දිනයේදී මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, කොළඹ නගරාසන්න දුම්රිය ස්ථාන කිහිපයක නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව, හෙට පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය තුල මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවලත් දුම්රිය නොනවත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හෙට (04) පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.