පොලිස් ආරක්ෂාව නිසා විරෝධය මැද්දේ අමාරුවෙන් එලියට ගිය වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන….

https://www.youtube.com/embed/DdleP-mC2WI?si=wDLu60g_sPBhFQ4O” title=

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාරුවට වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් දුන්න උත්තරේ……

https://www.youtube.com/embed/fw1PETxGCuQ?si=TNLtBBViwqNz1htw” title=

රථ වාහන වැරදි සිදුකළ 793 ක් CCTV මඟින් හඳුනා ගනියි

මේ මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිතව CCTV දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බව පොලීසිය පවසනවා.

අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

CCTV දර්ශන මඟින් රථ වාහන වැරදි හඳුනා ගැනීමේ වැඩසටහන පසුගිය මාසයේ ආරම්භ කර තිබුණා.

යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලු වාහන කිහිපයක් යලි හිමිකරුවන් වෙත භාරදෙයි

යුක්තිය මෙහෙයුම යටතේ වැලිවිට ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඥාතියෙකු භාරයේ තිබී සැකපිට පොලිස් භාරයට ගත් බස් රථ 05 ක් ඇතුළු රථවාහන‍, අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව යළි භාරදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

කඩුවෙල පොලිස් ස්ථානය විසින් සිය භාරයට ගත් එම රථවාහන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාශය විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

ඒ අනුව අධිකරණ නියෝගය අනුව එම වාහන භාරදීමට කටයුතු කරන බවත් එම නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්නේද නැතහොත් නීතිපති උපදෙස් ලබාගන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සේවයෙන් ඉවත් වෙන්නේ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කරන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔහු විසින් සිදුකළ ප්‍රකාශවලට ඔහුව පැය 06ක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට සේවකයින් කටයුතු කර තිබුණා.

අන්තර්ජාලයේ සංසරණය වන කොරියානු භාෂා විභාග අයදුම්පත ව්‍යාජ එකක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

අන්තර්ජාලයේ සංසරණය වන 2024 වසරේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත්‍රය ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කොරියානු රජය විසින් ද එය නිල වශයෙන් තහවුරු කර ඇති බවයි එම කාර්යංශය අවධාරණය කරන්නේ.

මේ හේතුවෙන් ව්‍යාජ අන්තර්ජාල දත්ත පත්‍රිකා වෙත තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ළමා හා කාන්තා හිංසනයන් ගැන හොයන්න බස් රථයට නැගි පොලිස් උපාය දුතිකාවටත් ආරක්ෂක නිළධාරියෙක් ජැක් ගහලා එළඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට .

ළමා හා කාන්තා හිංසනයන් ගැන හොයන්න බස් රථයට නැගි පොලිස් උපාය දුතිකාවටත් ආරක්ෂක නිළධාරියෙක් ජැක් ගහලා එළඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට .

 

රටපුරා ක්‍රියාත්මක කෙරෙන යුක්තියේ මෙහෙයුම පොලිස් ක්‍රියාන්විතයට සමගාමිව පොදු ප්‍රවාහන සේවාවන් අරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර සිදුවන ලිංගික පිළිබඳව නුවරඑළිය පොලිසිය මගින් බස් රථ සඳහා යොදවා සිටි උපායදූතිකාවට ලිංගික හිරිහැර කළ පුද්ගලයෙකු පසුගිය අත්තඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය ,

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි  මේ වන විට පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු බවද එතම අනාවරණය කරයි ,

තවද මෙලෙස පොලිසිය මගින් යෙදවූ උපාය දූතිකාවට අතවර කර ඇත්තේ නුවරඑළිය සිට වැලිමඩ දක්වා ගමන් කළ බස් රථයක් තුළය ,

නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළියේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් එළඹෙන (22) දා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළියේ මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනී මහත්මිය නියෝග කළ බවද නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය ,

ළමා හා කාන්තා ඉන්සලයන් මැඩලීම වෙනුවෙන් දියත් කරනු ලබන මෙහෙයුමේදී උපායදූතිකාවක් ලෙස යෙදවූ තරුණියෙකුටම මෙලෙස බස්රථ තුළ අතවර කිරීමට උත්සාහ දැරීම තුල නිගමනය කළ හැක්කේ බස් රථ තුළ ළමුන්ට හා කාන්තාවන්ට බහුල ලෙස ලිංගික අතවරයන් සිදුවන බවය එබැවින් ඉදිරියේදී නුවරඑළිය දාන බස් නැවතුම්පොලේ සිට ගමන් අරඹන සියලුම බස් රථ තුළ කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ දැඩි ලෙස සොයා බැලීමට සහ ඒ සඳහා සම්බන්ධ වන වැරදිකරුවන්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හිට්ටිආරච්චි මහතා පැවසීය.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය BMICH හිදී THE WEDDING SHOW

වසරේ දැවැන්තම මංගල ප්‍රදර්ශනය BMICH හිදී THE WEDDING SHOW 2024 16.02.2024 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 250 අධික ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීනීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශනය පැවැත්වේ. මෙය 17 වෙනි වරට සංවිධානය කර තිබිණි.

WhatsApp Image 2024-02-17 at 21.05.47 (1) WhatsApp Image 2024-02-17 at 21.05.47 WhatsApp Image 2024-02-17 at 21.05.48 (1) WhatsApp Image 2024-02-17 at 21.05.48 (2) WhatsApp Image 2024-02-17 at 21.05.48

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායකවරයා මරුට

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

47 හැවිරිදි ඔහු ශාරීරික සුවතාවය සඳහා ඇවිදීමෙන් පසු ඔහුට සිහිය නොමැති වූ බවත්, පසුව ගිලන් රථ කණ්ඩායමක්ද එහි කැඳවූ බවයි බන්ධනාගාර ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.

ඔහුට ප්‍රතිකාර සිදුකළද ඔහු මරණයට පත්වූ බවත්, ඔහුගේ මරණය සම්බන්ධයෙන් ව්ලැඩිමීර් පුටින්ට දැනුම් දුන් බවද එරට බන්ධනාගාර ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.