විධායක ජනාධිපති ධූරය අහෝසි කලොත්, ජනාධිපතිවරණයක් නෑ – ජී.එල්. ජීරිස්
Author: Supun
දුම්රියක ගැටී මවක් සහ දරුවන් දෙදෙනෙක් මරුට
ආරච්චිකට්ටුව මයියාව ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
දරුවන් උපකාරක පන්ති කරා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය මෙලෙස අද (19) පස්වරුවේ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
ධුර අහෝසි කරන කතා කෙරෙන වැඩ නෙමෙයි, දේශපාලඥයෝ මිනිස්සු රවට්ටනවා – මල්වතු පාර්ශවයේ මහානායක හිමි
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන දේශපාලඥයින් කතා වන්නේ 2012 සිට බවද, එය කෙරෙන වැඩක් නොව බොරු වැඩක් බවද මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් පවසනවා.
දේශපාලඥයින් විසින් මිනිසුන් රැවටීමට ලක් කරන අතර ජනතාව ද හැමදාම රැවටෙන බවයි සත්‍ය සමඟිය ප්‍රතිසංවිධානය සඳහා වූ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ අසංග ගුණවංශ හමුවූ අවස්ථාවේදී මහානායක හිමියන් සඳහන් කළේ.
නොයෙක් නොයෙක් කොමිෂන් සභා පත් කළද සිදුවී ඇත්තේ මොනවාදැයි ගැටලු සහගත බවද මහනායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
ජනපති සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Dr. Qu Dongyu අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදුවී තිබෙනවා.
ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා නව ප්‍රතිසංස්කරණ මඟින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා සිදු කරන කැපවීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට තවදුරටත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සහතික වී තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

සම්මානයක් පොලීසිය අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පොලිස් දෙපාර්තමේන්තුවේ මෑත කාලීන භාවිතයන්ට විරෝධය පළ කරමින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අතින් පාපැදි තරග සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාර විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ සිදුවීමෙන් පසු පෙබරවාරි 15 වනදා ඔහු ස්ථිරව පදිංචි වැලිමඩ ප්‍රදේශයේ මාදෝවිට නම් ග්‍රාමය වෙත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සෝදිසි කර, ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගෙන් තමා ගැන තොරතුරු ලබාගෙන ඇති බවද, ඔවුන් තමාගේ පසුබිම හා දේශපාලන අදහස් සම්බන්ධයෙන්ද විමසා ඇති බවයි ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.
මේ හේතුවෙන් ඉංජිනේරු උපාධිදාරියෙකු සහ පරිගණක ආශ්‍රිත ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු වන තමන්ගේ සාමකාමී පෞද්ගලික ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට ඇති විය හැකි බලපෑම පිළිබඳව කනස්සලට පත්ව ඇති බවද, එය තමාට මානසික වධහිංසාවක් බවද ඔහු සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ජී. එල්. පීරිස්ගේ සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.
මේ වන විට ප්‍රබල ජන මතයක් සජිත් ප්‍රේමදාසට ගොඩනැගෙමින් ඇති බවයි නිදහස ජනතා සභාව අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරණයක් වුවද පාර්ලිමේන්තු මැතිවරණයක් වුවද සජිත් ප්‍රේමදාසට සහායෝගය ලබාදෙන ස්ථාවරයේ සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඥාණ කතාවක් හූනු කතාවක්වී පොලිස් කතාවක් දක්වා දුරදිග යාමේ පුවතක් ඉපලෝගම ප්‍රෙද්ශයෙන් වාර්ථාවෙයි.
ඥාණ කතාවක් හූනු කතාවක්වී පොලිස් කතාවක් දක්වා දුරදිග යාමේ පුවතක් ඉපලෝගම ප්‍රෙද්ශයෙන් වාර්ථාවෙයි.
කල්ලංචියාගම ප්‍රෙද්ශයේ වෙළද සැලකින් අලෙවි කර තිබූ ඥාණකතාවක් මෙම සිද්දියට මුල්ව තිබේ.
කල්ලංචියාගම ප්‍රෙද්ශයේ පදිංචි ව වඩුකාර්මික ශීල්පියකු හා ඔහුගේ සහයකයා තේ පානය සදහා කල්ලංචියාගම ප්‍රෙද්ශයේ පිහිටි වෙළද සැලකින් ඥාණකතා පැකට්ටුවක් මිලදී ගෙන තිබේ. ඒවුන් එය සිය නවතැන්පල වෙග රැගෙන ගොස් තේපානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥාණකතා ආහාරයට ගැනීමට සූදානම්ව තිබිණ. එම අවස්ථාවේ එම පැකට්ටුවේ තිබූ එක් ඥාණකතාවක් තුළ තිබී මැරුණු හූනකුගේ තැම්බුනු සිරුරක් ඔවුන්ට හමුව තිබිණ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති මෙම ඥාණකතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළසැල් හිමියාද දැනුම්වත් කොට ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණීලි කිරීමට පියවර ගෙන තිබිණ. මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා දඹුල්ල ඉනාමළුව ප්‍රෙද්ශයේ පිහිටි එකක් වන අතර එම ඥාණකතා පැකට්ටුවේ ඛාණ්ඩ අංකය ලෙස 045 යනුවෙන් සදහන් වන අතර එහි නිෂ්පාදිත දිනය24 පෙබරවාරි 14 ලෙස සදහන්ව පවතින අතර කල් ඉකුත්වීමේ දිනය ලබන මැයි මස 29 ලෙස සදහන්ව තිබේ. (දර්ශණ එවා ඇත)
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණීළි කිරීමත් සමග උරණ වි ඇති එම ඥාණකතා අලෙවි කළ බව කියන වෙළද සැල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් අද දිනයේ එම වඩුකාර්මික ශිල්පියාට හා සහයකයාට පහර දී තිබේ. ඒ එම වඩුකාර්මික ශිල්පියා හා සහයකයා කල්ලංචියාගම ප්‍රෙද්ශයේ ස්ථානයට සේවයේ යෙදී සිටියදී එම සේවා ස්ථානය වෙත කඩාවදිමින්ය..(දර්ශණ එවා ඇත)
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අදාළ වෙළදසැල් හිමියාගේ පාර්ශවයෙන් තමන්ට එල්ලවූ මෙම පහර දීම සම්බන්ධයෙන් එම පහර කෑමට ලක්වූ වඩුකාර්මික ශිල්පියා හා ඔහුගේ සහයකයා විසින් ඉපලෝගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ දෙදෙනා විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලය වෙත කර ඇති පැමිණිල්ල සම්න්ධයෙන් අප එම කාර්යාලයෙන් විමසීමක් කලේම. එහිදී ඊට පිළීතුරු දුන් උසස් නිලධාරියකු කියා සිටියේ මිනිස් පරිභෝජනයට නුසුදුසු එම ආහාර අලෙවිය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් ආහාර පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි. මින් පෙරද ආහාර පනත උල්ංඝනය කිරීම සම්බන්ධයෙන් එම ආහාර නිෂ්පාදන ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අදාළ විත්තිකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ආහර පනත උල්ලංගනය කර ඇති එම විත්තිකාර පාර්ශවය විසින් පැමිණීලි කරුවන්ට සිදුකර ඇති පහර දීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ එම පැමිණිලිකරුවන් පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබේ.

24-02-19
කැකිරාව කුෂාන් ජයවර්ධන
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් අද (19) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම් (Matthew Wordinghem), දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් (Alex Smith) සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න (Neluni Thilakaratne) සහභාගී වූ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය වෙනුවෙන් ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වූහ.

සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා දරණ තනතුරු පිළිබඳව තීරණය අත්හිටුවමින් දින 14 ක වාරණ නියෝගයක්
සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය සහා දරන තනතුරු අත්හිටුවීම විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දින 14ක වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එම පෙත්සම සලකා බැලීමෙන් පසු කොළඹ දිසා අධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.
සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
වගා ලිදක වැටි සිටි වන අලි පැටවකුට වනජීවී පිහිට.
මරදන්කඩවල පල්ලෙකාගම ප්‍රදේශය වගා බිමක තිබූ, අනාරක්ෂීත වගා ලිදකට වැටී සිටිවන අලි පැටවකු නිරුපද්‍රිතව ඉන් ගොඩ ගෙන යළි වනයට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී නිලධාරීහු අද (18) කටයුතු කළහ.
එම වන අලි පැටවා වගා ළීදට වැටී සිටිනු දැක ඇති ප්‍රෙද්ශවාසීන් ඒ සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
ප්‍රෙද්ශවාසීණ්ගෙන් ලත් දැනුම් දීමට අනුව එම ස්ථානයට පැමිණි ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් එම අලිපැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදි.
මෙලෙස අනාරක්ෂිත වගා ළීදට වැටී සිටි වන අලි පැටවා වයස අවුරුදු 5 ක පමණ වූ එකෙකු වන අතර මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිට පෙරදින රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුන වන අලි රංචුවක සිටි වන අලි පැටවකු බවට වනජීවි නිලධාරීහු අනුමාන කරති. .
ප්‍රෙද්ශවාසීන්ගේ ද සහය ද ඇති ව වනජීවී නිලධාරීන් ක්‍රියාත්මක කළ පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ළිදට වැටී සිටි වන අලි පැටවා නිරුපද්‍රිතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියවිය. ප්‍රෙද්ශවාසීන්ගේ සහය ඇතිව එම වගා ලිදේ ඉවුර මතින් විශේෂ මාර්ගයක් සකසා කඹ යොදා ගනිමින් ළීදේ වැටී සිටි වන අලි පැටවා ගොඩ ගැනීමට වනජීවි නිලධාරීහු සමත්වූහ.
මෙලෙස නිරුපද්‍රිතව ළිදෙන් ගොඩට ගත් එම වන අලි පැටවා පසුව එම පැටවාගේ මව් කෙනෙර ගැවසෙන බව කියන පල්ලෙකාගම වැව් රක්ෂිතයට ආරක්ෂීතව පලවාහැරීමට වනජීවී නිලදාරීහු කටයුතු කළහ.
ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් හා එම කාර්යාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් මෙන්ම පල්ලේකාගම ප්‍රෙද්ශවාසීහු පිරිසක් අලි පැටවා මුදවා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.

24-02-18
කැකිරාව කුෂාන් ජයවර්ධන
