ෆොන්සේකාට පොහොට්ටුවේ දොර විවෘතයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ සමඟ තිස්වසරක යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ පවසනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන විරුද්ධ වාදියා ලෙස සිටි රනිල් වික්‍රමසිංහටද තම පක්ෂයේ සැලුන් දොර විවෘත්ත වූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න සූදානම් – පාඨලී චම්පික

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත්, එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවෙකු පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොදු එකඟතා මගින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ වන අතර එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කෙරෙන බවත් ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා.

රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

65d4767b90ca4

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුමර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දැනට දරන අමාත්‍ය ධුරයට අමතරව මෙම පත්වීම සිදුකර ඇත.

නොමිලේ නීතිඥ උපදෙස් කඳවුරක්  සහ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආගරපතනේ දී පැවැත්විණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට අනුබද්ධිත මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය විසින් දෙවන වරට පැවැත්වු නොමිලේ ජංගම නීති උපදෙස් කඳවුරක් සහ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය ආගරපතන වතුයාය කේන්ද්‍ර කරගනිමින් පසුගිය  (17)   දින පැවැත්විණි.

ආගරපතන  ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී  පැවැති මෙම වැඩසටහනේ දි කම්කරු ආරවුල්, ඉඩම් ආරවුල්, මුදල් ආපසු අයකරගැනීම්, පවුල් ආරවුල්, පාරිසරික ගැටලු, පහරදීම්, මිනීමැරුම්,  මංකොල්ලකෑම් ආදී සියළුම නීතිමය ගැටලු සම්බන්ධයෙන් නොමිලේ නීතීඥ උපදෙස් ලබා දීම සිදුවිය.

නීතිමය ලේඛණ සකස්කිරීමට නීති උපදෙස් ලබා දීම සහ යුක්තිදාම ආයතන වෙත යොමු කිරීම ඇතුළු කටයුතු  ද මෙහිදී සිදුවිය.

ඒ සඳහා නුවරඑළිය සහ හැටන් නීතිඥ සංගම් නියෝජනය කරමින් සිවිල් සහ අපරාධ නීති ක්ෂේත්‍රවල ප්‍රවීණ නීතිඥ මහත්ම මහත්මීන් රැසක්  සහභාගී වුහ.

මෙම වැඩසටහන මගින්  ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සහ ආන්තිකත්වයට පත්වූ ප්‍රජාවන්ට නොමිලේ නීතීඥ උපදෙස් ලබා දීම සඳහා කටයුතු කල අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති සිසුන්ට වෘත්තික අධීක්ෂණය යටතේ නීති අධ්‍යාපනයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්ෂේත්‍ර අත්විඳීමට ඉඩ සැලසිම විශේෂිතය.

මෙම වැඩසටහන සඳහා  යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) යටතේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව, අධිකරණ අමාත්‍යාංශ‍යේ අනුදැනුම යට‍තේ අනුග්‍රහය දැක්වීම සිදුකර ඇත.

WhatsApp Image 2024-02-20 at 15.41.49 (1) WhatsApp Image 2024-02-20 at 15.41.49 (2) WhatsApp Image 2024-02-20 at 15.41.49 (3) WhatsApp Image 2024-02-20 at 15.41.49

 

20.02.2024

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අල්ලස් සිද්ධියකට නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයා සහ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම නිලධාරීන් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීම වෙනුවෙන් රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබා ගත් බව පවසමින් එම නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇති බවයි පැවසෙන්නේ.

මේ වෙලාවේ කවුරුත් අඩුම පඩියකට රටට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි – රංජිත් සියඹලාපිටිය

මේ අවස්ථාවේ සියලුම දෙනා අඩුම පඩියකට රටට වැඩ කිරීමට හැකි නම් හොඳ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝකයේ සෑම රටකම මහ බැංකුවල වැටුප් තලය ඉතාමත් ඉහළ ස්ථානයක තිබෙන බවයි.

ඉතාමත් ඉහළ ආර්ථික විද්‍යාඥයින් මෙම ස්ථානයේ රඳවා ගැනීම ඊට හේතුව වී ඇති බවත්, 2022-2023 කාලය තුළ මහ බැංකුවේ සේවක සංඛ්‍යාවෙන් 99% ක් ලංකාව අතහැර ගොස් ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද වැඩි වුනාට 12% කින් උඩට යන්නේ නෑ – එස්.බී. දිසානායක

රටේ ආර්ථිකය යම් ආකාරයක ශක්තිමත් බලාපොරොත්තු සහගත ස්ථානයකට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

රටේ නොයෙකුත් දේශපාලන රැලි මතුවෙමින් ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණට පෙරට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් එය 10% ත් 12% ත් අතරින් උඩට පැමිණීමක් සිදු නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ වෙනස්වීම් සම්බන්ධයෙන්ද ධනාත්මක ආකාරයෙන් දකින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

ගුරු විදුහල්පතිවරු අද විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යළි උද්ඝෝෂණ මාලාවක් අද සිට ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි එම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ.

ඒ අනුව මහනුවරදී අද (20) දහවල් 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රිජ්වේ ආර්‍යා ලමාරෝහලේ ලමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…..

https://www.youtube.com/embed/kuMHbHYF8sU?si=htTJmyvw3X1zVyz1″ title=