පාර්ලිමේන්තුවේ 225 ටත් දේශපාලකයොන්ටත් විරුද්දව තනිව එලියට බැහැපු මිනිසා……

https://www.youtube.com/embed/posyG7B7nSI?si=Z8th4Y74BT0miO2N” title=

SL vs AFG 3rd T20 : කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඇයි ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕනෙ? කුප්පි ලාම්පුවෙන් කරන්න පුළුවන් – විදුලිබල මාධ්‍ය ප්‍රකාශක

විදුලි බිල වැඩි කිරීම ජනතාවට දැනෙන්නේ එය වසර 9 කට පසු සිදු කිරීම නිසා බවත්, එලෙස විදුලිබිල වැඩි නොකිරීම නිසා ගෙවීමට ඇති ණය මුදල බිලියන 440 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසනවා.

ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට හැකි බවද, දැන් සිටින වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ඉංජිනේරුවන්ටද විදුලිය නොතිබූ බවද, තමන්ට ඇති දෙයින් ඉගෙන ගෙන තැනකට පැමිණීමට තමා දැනගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ පවතින විදුලිබිල දරා ගැනීමට ජනතාවට හැකියාවක් නොමැති බවට ඔබට සිතෙන්නේ නැතිද යන්නයි. එයට පිළිතුරු ලබාදුන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එය තාත්තාගේ වැරැද්දක් බවත් තාත්තා මහන්සි වී මුදල් සෙවීමට දැනගත යුතු බවයි.

එවිට වතුවල වැඩකරන පුද්ගලයෙකුට ලැබෙන්නේ රුපියල් 1000 ක පඩියක් බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ලැබෙන පඩිය ඔවුන්ට නොලැබෙන බවත් මාධ්‍යවේදියා පවසා සිටි අතර, විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා එයට පිළිතුරු දෙමින් සඳහන් කළේ, වත්ත සුද්ද කරන ⁣අය රු.2500 ක් අය කරන බවත්, දිනපතා සවස 2 වනවිට මත්පැන් පානය කර ඔවුන් මොන තරම් ජොලියෙන් ජීවත් වෙන්නේද යන්න තමාට එහි ගොස් පෙන්විය හැකි බවත්, ඔවුන්ගේ පවුල් ගෙනියන්නේ නිවසේ සිටින බිරින්දෑවරු බවයි.

මාධ්‍යවේදියා යළිත් පැනයක් යොමු කරමින් රු.1000 ට වඩා අඩුවෙන් වැටුප් ලබන පිරිස් රටේ සිටින බව විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ඔහු සඳහන් කළේ, එය මිනිසුන්ගේ වැරැද්දක් බවත් සිංගප්පූරුවේ මිනිසුන් වැඩ දෙකක් දවසකට සිදුකරමින් මහන්සි වී වැඩ කරන බවත්, ඔවුන්ට ඕපාදූප සෙවීමට වෙලාවක් නොමැති බවයි.

පොත් ටිකත් ගනියි, අස්වැසුමත් ගනිිිියි, හැබැයි ඡන්දේ නම් ආණ්ඩුවට හම්බවෙන්නේ නෑ – ඩිලාන් පෙරේරා

මෙම මැතිවරණ වර්ෂය තුළ ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසීම නැවැත්වීම සඳහා විවිධ මර්ධනකාරී අණ පනත් ගෙන එමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

මේ වන විට මැතිවරණය ඉලක්ක කර ගනිමින් සීනි බෝල ලබාදීමට කටයුතු කරමින් සිටින අතර, ගොවි ජනපදවල අනාගතය ගැන සලකා බැලීමකින් තොරව ඔප්පු ලබාදීමට කටයුතු කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම මැතිවරණය ඉලක්ක කරගනිමින් හදිසියේම යළිත් වැඩිපුර අස්වැසුම ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති බවත්, විවිධ මන්ත්‍රීවරුන් පොත් බෙදාදීම් සහ සංගීත සංදර්ශන පැවැත්වීමද සිදුකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොත් බෙදාදීම් සිදුකර, සංගීත සංදර්ශන පවත්වා, අස්වැසුම ලබාදෙන පවසමින් හා ඔප්පු දෙන පවසමින් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතා බලය නැවැත්වීමට නොහැකි බවත්, පොත් සහ අස්වැසුම ජනතාව ලබාගත්තද ඡන්දය ආණ්ඩුවට නොලැබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලාදුරු තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මාර්තු මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා එම පිරිස විසින් මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිත බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කරන්නේ.

මේ වනවිටත් ලංකාවේ ලාදුරු තුරන් කිරීම සඳහා ලාදුරු මර්දන ව්‍යාපාරය විසින් විධිමත් වැඩසටහනක් පවත්වාගෙන යන බවත්, නමුත් ගිය වසරට වඩා ලාදුරු රෝගීන් හමුවීම් 10% කින් පමණ වැඩිවී ඇති බවත්, එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ සහාය ලබා ගැනීමට තීරණය කල බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.

ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වෙයි

ඉතා කඩිනමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනු ඇති බව එරට විදේශ අමාත්‍යවරයා පවසනවා.

මෙරට නිල සංචාරයක නිරත වී සිටින ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ කොළඹදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

සුදුසු අවස්ථාවකදී එම සංචාරය සිදු කෙරෙනු ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අභිරහස් ලෙස ස්පාඤ්ඤයට ආසන්න මුහුදේදී අතුරුදන් ශ්‍රී ලාංකික විසිඑක් හැවිරිදි විශාරද, නාවිකයා

අභිරහස් ලෙස ස්පාඤ්ඤයට ආසන්න මුහුදේදී අතුරුදන් ශ්‍රී ලාංකික විසිඑක් හැවිරිදි විශාරද, නාවිකයා

මරණය සැකයි.

cctv ඉල්ලුවත් නෑ කියනවා.

අතුරුදන් වීම පස් විදියකට කියනවා.

හොරණ,අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ චිරාත් සදරූ (21) නැමැති තරුණයෙකු ජර්මන් රටේ නැව් සමාගමක අයත් භාණ්ඩ ප්‍රවාහන නව්කාවක සේවය සඳහා ජනවාරි මස 2 වැනි දින ගොස් ඇති අතර ස්පාඤ්ඤ රටෙන් “සෙන්ටුකා බේ”නැමති නෞකාවට සේවය සඳහා එක්වී ඇති අතර පසුගිය 18 වැනි දින ඔහුගේ උඩුවර නිවෙසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනකු පවසා ඇත්තේ චිරාන් සඳරූ මුහුදට වැටී ඇති බවත් 17 වන දින රත්‍රි10.00පමණ මුහුදට වැටී ඇති අතර නැවේ කපිතාන්වරයා ප්‍රමුඛ සේවකයින් දැනගෙන ඇත්තේ පැය හතරකට පමණ පසුව බවත් ඔවුන් නිවසට පැමිණ පැවසූ බවට කොටහේන පොලිසියට පැමිණිල්ලක් කළ බව ඔවුන් පවසයි.

මෙසේ 18 වන දින නැවත ත් මෙම නිවැසියන්ට දුරකථනයෙන් කතාකොට ඔවුන් පවසා ඇත්තේ සදරූ සවස 2.30 පමණ මුහුදට වැටී ඇති බවත් එය දැක්ක බව කියන සේවකයා නැවේ කපිතාන්වරයාට මේ බව දන්වා ඇති බවත් ඒ මොහොතේම සෙවීම් කටයුතු සිදුකර බවත් පවසා ඇත.

පසුදින නිවැසියන් අදාල
ඒජන්සියට වෙත ගියත් ඔවුන් ද පවසා ඇත්තේ එම තොරතුරම පමණකි. ඔවුන් ඉන් පසු වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයට ගොස් අධ්‍යක්ෂක ජෙනරාල් තුමා හමුවීමෙන් පසු මේ පිළිබඳව විමසීමෙන් පසුව පවසා ඇත්තේ ඒ පිළිබඳව ඔහුට ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවයි.

එදිනම හෙට්ටියවත්තේ පිහිටි අදාළ ඒජන්සියෙන් දුරකථන ඇමතුමක් මගින් පවසා ඇත්තේ නැවේ සේවකයින් තුන්දෙනෙකු සමග බහලූම් අංක දැමීමට ගොස් නැවත පැමිණ ඇත්තේ තුන් දෙනෙකු බව නැවේ එන්ජින් එක භාරව කටයුතු කරන පුද්ගලයා පවසා ඇත්තේ සදරූ අතුරුදන් බවයි.

පුතා නැවේ සිටියදී අතුරුදන්වීම අපිට සම්පූර්ණ සැකයක් පවතිනවා. සෙනසුරාදා පුතා නිවාඩු දවසක් කියල විවාහ වීමට බලාපොරොත්තු වෙන දියණියට sms එකක් මගින් එවලා තියෙනවා මේ සිද්ධිය සම්පූර්ණ සැකයි. අපිට මේ වෙනකොට පස් ආකාරයෙන් මේ පිළිබඳව එක එක විස්තර දීලා තියෙන්නේ. මේ පිළිබඳව අදාළ ජර්මන් සමාගමෙන් සහ ජාත්‍යන්තර පොලිසියෙන් අපි ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අතුරුදන් තරුණයාගේ පියා වන රංජිත් සිල්වා පවසයි.

මිය යන විට සඳරු සංගීත විශාරද විභාගයද සමත් දක්ෂ වයිලින් ,පියානෝ, බොක්ස් ගිටා, වාදකයෙක් වගේම ගීත ගායනයටද දක්ෂ පුද්ගලයෙක් වී සිට ඇත.

WhatsApp Image 2024-02-21 at 15.02.51 WhatsApp Image 2024-02-21 at 15.02.40

ගල්පාත – චන්දන පෙරේරා.

විදුලි සැර වැදිමෙන් වයස අවුරුදු 19 ක තරුණයෙකු මියගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි .

විදුලි සැර වැදිමෙන් වයස අවුරුදු 19 ක තරුණයෙකු මියගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි .

(20) සවස 3.00 පමන ගලෙන්බිදුණුවැව හුරුලු කැටුකැලීයාව ප්‍රදේශයේ වයස අවුරුදු තරුණයකු තම නිවසේ කාමරයක් තුල විදුලි පෙනුවක් අලුත් වැඩියා කිරිමට යාමේදී මෙලෙස විදුලි වැදී සිටියදී නිවැසියන් දැක පසුව ත්‍රිවිලර් රථයකින් යකල්ල හුරුළුවැව ප්‍රදේශිය රොහලට ගෙන යාමට කටයුතු කර තිබුනද ඒ වන විටත් විදුලි සැර වැදුණු තරුණයා මියගොස් සිට ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි…

මෙම අවස්ථාවේ ප්‍රදේශයේ විදුලි විසන්දී වී තිබු බවත් එම කාලය තුල මිය ගිය තරුණයා විදුලි පේනුව අලුත්වැඩියා කිරිමය උත්සහ කරමින් සිට ඇති අතර කාලයතුල දී විදුලිය පැමින ඇතැයි නිවැසියන් පවසති..

මෙලෙස මියගොස් ඇත්තේ අංක 115/b , හුරළු කටුකැලීයාව ,යකල්ල මෙගොඩවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 19 පමන වන සේහාන් සුමිදු ජයකොඩි නැමැති දෙදරු පවුලේ වැඩිමහල් දරුවා බවද වාර්තා වේ.

මේ වන විට මියගිය පුද්ගලයාගේ දේහය යකල්ල හුරුළුවැව රොහල් මෘත ශල්‍යාගාරායේ තැම්පත් කර ඇති අතර (21) දහවල් නැයන්ට බාරදීමට නියමිතයි.

සිද්ධියට අධාලව ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වන ලබයි..

SL vs BAN : තරගාවලි කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව විස්සයි විස්ස තරග 3 ක්, එක්දින තරග 3 ක් හා ටෙස්ට් තරග දෙකක්ද එම තරග සංචාරයට අයත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

තරගාවලියේ විස්සයි විස්ස තරග මාර්තු මස 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එක්දින තරග මාර්තු මස 13,15 සහ 18 වනදා පැවැත්වෙනවා.

පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, මාර්තු 22 වනදා වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්.

65d42c8bd2806