නුවරඑළිය වසන්ත සැලකිලිය ඉලක්ක කර ගනිමින් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයෙන් ආහාර පාන සමග කටයුතු කරන සේවක සේවිකාවන්ට විශේෂ වෛරස් මර්දක එන්නතක්.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
03.03.2024

නුවරඑළිය වසන්ත සැලකිලිය ඉලක්ක කර ගනිමින් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයෙන් ආහාර පාන සමග කටයුතු කරන සේවක සේවිකාවන්ට විශේෂ වෛරස් මර්දක එන්නතක්.
නුවරඑළිය නාගරික සීමාව තුල ආහාර හා පාන පරිහරණ කරන හෝටල් අවල්හල් හා ආයතනවල සියලුම සේවක සේවිකාවන්ට ටයිපොයිඩ් එන්නත ලබාදීම මෙම දින කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය මගින් පසුගිය 01 දින සිට මෙම සතිය පුරාවට සිදුකරන බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පවසයි ,
එළැඹෙන අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනින් නුවරඑළිය නගරයට පැමිණෙන බැවින් ඔහුන් සියලු දෙනාගේ ආහාර පරිභෝජනයේ ආරක්ෂාව වෙනුවෙන් සැලමනෙල්ලා ආසාදන වැළැක්වීම සහ ආහාරපාන මගින් බෝවන ටයිපොයිඩ් උණ ආසාදනය නොවීමට පෙර සූදානමක් වශයෙන් මෙම එන්නට ලබා දීමට කටයුතු කරන බවද එතම පැවසීය ,
මෙම එන්නත නුවරඑළිය නගර සීමාව තුළ ක්‍රියාත්මක වන හෝටල් ආපනශාලා ආහාර නිෂ්පාදනාගාර රාජ්‍ය හා පෞද්ගලික අංශ නිවාඩු නිකේතන යානාදියේ මුලුතැන්ගෙයි සේවක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන්නන් හට මෙම එන්නට ලබාදීමට මෙම සතිය තුළත් කටයුතු කරන අතර එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් සියලු දෙනා නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයට පැමිණ එන්නත් ලබා ගැනීමට අවස්ථාව උදාකර දී ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පැවසීය .
FILE NAME – SPECIAL VACCINES FOR NUWARAELIYA

බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පහළට ඇදී ගොස් ඇත

අද දින පාන්දර මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අධික ලෙස වේගය වැඩි වී පහළට ඇදී ගොස් ඇත. මෙහිදී එම බස් රථයෙ රියදුරු විසින් ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදා බස් රථය ඇල්ල දෙසට ගමන් කරවා මගීන්ගෙ ජීවිත බේරා ගත්හ.
කඩුගන්නාව ජයන්ත ඒකනායක.

මාර්තු 5 සිට 7 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

මාර්තු 05, 06 සහ 07 යන දිනයන් හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත්, 08 වැනි සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දෙනවා.

ඒ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇති අතර, අදාල දින තුනෙහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, විවිධ පනත් කෙටුම්පත් සඳහා අදාල විවාද සඳහාත් කාලය වෙන්කොට තිබෙනවා.

මේ අතර, කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් පිරිසක් ලබන 05 වනදා පෙ.ව 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට ද ඊයේ (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ජනවරමක් නොමැති ආණ්ඩුවකට ටෙලිකොම්, රක්ෂණ සංස්ථා ආදී ආයතන විකුණන්න තීරණ ගන්න බෑ – හරිනි අමරසූරිය

ජනවරමක් නොමැති ආණ්ඩුවකට රජයේ වැදගත් ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පැවසුවා.

‍බැංකු සේවක සංගමය, ජාතික විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ රක්ෂණ සංස්ථාව නියෝජනය කරන ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

මෙම හමුව ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවත්වුනු අතර අදාල ආයතන වර්තමානයේ මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡා ඊයේ දිනයේදීත් විසඳුමකින් තොරව අවසන්

විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය සමග පැවති සාකච්ඡා ඊයේ (01) දිනයේදීත් විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

විදුලි බල මණ්ඩලය විසින් අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.

විදුලි ගාස්තු අඩුකිරීමට අදාළ සංශෝධිත යෝජනාව ලංවිම විසින් පෙබරවාරි 22 වැනිදා මහජන උපයෝගිතා කොමිසමට භාරදුන් අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ එහි නිලධාරීන්ව කොමිසමට කැඳවා තිබුණු නමුත්, පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව අවසන් වී තිබෙන බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරණය ගැන IHP ජනවාරි සමීක්ෂණයට අනුව අනුරට තවදුරටත් 50%ක්, සජිත්ට 36%ක් සහ ​රනිල්ට 7%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජනවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.

සජිත් ප්‍රේමදාස දෙසැම්බර් මාසයේ සමීක්ෂණයෙන් ලබාගෙන තිබූ 33%ක ප්‍රතිශතය ජනවාරි මාසයේදී 36% ක් දක්වා වැඩි වී ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් මාසයේදී ලබාගෙන තිබූ 9% ක ප්‍රතිශතය ජනවාරි මාසයේදී 7% ක් දක්වා අඩුවී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා දෙසැම්බර් මාසයේ ලබාගෙන තිබූ 8% ක ප්‍රතිශතය ද ජනවාරි මාසයේදී 7% දක්වා අඩු වී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

2023 දෙසැම්බර් මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

2024 ජනවාරි මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින් සහ පහතින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

65e2b74f7f35e 65e2b74f40afb 65e2b74eb050e

බිත්තර සඳහා නැවතත් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට උපදෙස්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවිර උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් ලබන සතියේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල රුපියල් 30 ක් පමණ වුවත් මේ වනවිට වෙළෙඳපලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

අවුරුදු මාසය තුළ හිඟයකින් තොරව බිත්තර සැපයීම කෙරෙහි රජය අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර ඇත .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර ඇත .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත් අඩංගුවට ගත් ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දී ඇත.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කර තිබූ අතර අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණි .

වෙඩි තබා මරා දළ ඇතෙකුගේ දළක් කපා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

වෙඩි තබා මරා දළ ඇතෙකුගේ දළක් කපා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතාගේ මගපෙන්වීමෙන් සියඹලාණ්ඩුව කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ටී. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.01 වන දින ඇතිමලේ පොලිස් වසමේ නරියාය, සම්පත්යාය වැව් ඉස්මත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී වෙඩි තබා මරණ ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවක් අධාරයෙන් කපා සඟවාගෙන සිටි මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටියාගල බීට්ටු වන කාර්යාලය වෙත භාර දී ඇත.

WhatsApp Image 2024-03-02 at 08.13.20 WhatsApp Image 2024-03-02 at 08.13.11

මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම මහ පොළොවට වටිනාකමක් දුන්නා – නාමල්

එදා අග්‍රමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ 2020 වසරේ ණය බරින් රට නිදහස් කිරීමට කටයුතු කරන බවට සඳහන් කළ ප්‍රකාශය මේ වන විට 2047 දක්වා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය භාරගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය ලංකාව වූ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොලී අනුපාත හා විරැකියා ප්‍රතිශතය තනි ඉලක්කමකට තිබූ බවත් ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූයේ 2% කට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සංවර්ධනය නොකර ජාතික සම්පත් විකුණමින්, එහෙත් ISP ණය ලබාගත් ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූ බවත්, මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම සාධාරණීකරණයක් සිදුකළ බවත්, ඒ හැම ඩොලරයකට මහ පොළවට වටිනාමක් ලබාදුන් අතර නමුත් යහපාලන ආණ්ඩුව ලබාගත් ණයවලට මහ පොළවට කිසිඳු වටිනාමක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළා.

සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට පටන් ගත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමඟ වන අතර එයට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවත්, ඔවුන් රට වැට්ටවීම නිසා කොව්ඩ්වලට මුහුණදීමටද නොහැකි තත්ත්වයට ආර්ථිකය පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.