බස්නාහිර පළාත් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති බවට චෝදනාවක්

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා එල්ල වනවා.

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබුණා.

2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන අතර අද පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගයයි.

කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය ඊයේ රාත්‍රී 7.00 ත් 8.00 ත් අතර කාලයේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

2024 ජනවාරි සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 342 ක් වාර්තා වෙයි

2024 ජනවාරි මස මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 342 ක් බව විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසනවා.

එය 2023 දෙසැම්බරයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 269ක සංචාරක ඉපැයීම් සහ 2023 ජනවාරි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 154ට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

2020 ජනවාරි මාසයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය වාර්තා කළ ඉහළම ආදායම ද මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වෛද්‍ය සමන් රත්නායක CID ට පැමිණෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ප්‍රශ්ණගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අහුන්ගල්ලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

අද (01) දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

අහුංගල්ල පොලිස් වසමේ රිච් හොටලය අසලදී අංක 4926 දරණ කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත

2023.03.01 වන දින පැය 12.15ට පමණ අහුංගල්ල පොලිස් වසමේ රිච් හොටලය අසලදී අංක 4926 දරණ කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිතුමා විසින් දන්වා ඇත. මෙම සිදු වීමෙන් මියගිය පුද්ගලයාගේ විස්තර පහත පරිදි වේ.

නම – ජෝතිමුණි නීල් කුසුම් කුමාර මෙන්ඩිස් නොහොත් මංජු
ලිපිනය – නො 07, පන්සල් මාවත, හිද්දරුව, කොස්ගොඩ
ජා.හැ. අංකය – 780954833 වී

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු කඩිනමින් ලබා දීමට කටයුතු කරමි.

තවද වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ ස්කූටි යතුරුපැදියක් වන අතර එහි අංකය පමණක් අනාවරණය වී ඇති බැවින් අවට පොලිස් ස්ථානයන් සහ මාර්ගබාධක රාජකාරියේ යෙදී සිටින සියළු නිලධාරීන් මේ පිලිබඳව දැනුවත් කර මේ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන මෙන් දන්වා සිටිමි.

අංකය – 4926 (කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ ස්කූටර් යතුරු පැදියක්)

WhatsApp Image 2024-03-01 at 16.49.21WhatsApp Image 2024-03-01 at 16.05.38 (1) WhatsApp Image 2024-03-01 at 16.05.38 (3) WhatsApp Image 2024-03-01 at 16.05.39 (1) WhatsApp Image 2024-03-01 at 16.05.39

මෛත්‍රීට නිවසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බලරහිත කරයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම

යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කර ඇත.

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

 

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ, වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

වගඋත්තරකාර හිටපු ජනාධිපති සිරිසේන විශ්‍රාම යාමටත් පෙර තමාට හිමි නිවස අමාත්‍ය මණ්ඩලය හරහා වෙන්කර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල එය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Supreme courts suppresses cabinet decision

Supreme Court quashed the Cabinet decision to allow former President Maithripala  Sirisena to occupy the Paget Road official residence even after he had left office.

The Supreme Court of Sri Lanka issued the order when the case was taken up today

This order was passed after a Fundamental rights (FR) petition was filed by the Centre for Policy Alternatives (CPA) and its Executive Director, Dr. Paikiasothy Saravanamuttu challenging the decision of the Cabinet of Ministers to allow former President Maithripala Sirisena to continue to use the official residence.

The Centre for Policy Alternatives stated that the allocation of a public assets of such a financial value for the personal use of a former President who is no longer carrying out the functions of a Head of State is irrational, arbitrary, and illegal,

The Cabinet approval for the move had been received in October 15, 2019 where President Maithripala Sirisena to retain his official residence, which he occupied during his term at Paget Road Colombo 7, following the end of his term of office.

President Sirisena had occupied the residence since 2015 as he refrained to reside in the president’s official residence at Fort.

In their Petition, they stated that the residence occupied by former President Maithripala Sirisena on Paget Road is of great financial value and is a valuable asset to the country.

මාතරදී පැවැත්වූ අතුරුදහන්වූවන්ගේ විරෝධතාවයට පොලීියෙන් දැඩි බාදා……

https://www.youtube.com/embed/rHslbK5Fw-A?si=MBuXKODLlknzxIIk” title=