කෙහෙළියගේ අසනීපය විහිලුවක් බවට පත්වෙයි! කෙහෙළියගේ අසනීපය ගැන විනිසුරු ඇසූ ප්‍රශ්නයෙන් අධිකරණ ශාලාවම සිනා සාගරයක් බවට පත්වෙයි!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැන් සනීපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේදී ඔහුගේ නීතීඥවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනාසුනු බවට තොරතුරු වාර්තා වනවා.

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී මෙම ප්‍රශ්නය විමසා තිබෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමෙන්තු යෑමට තිබෙන බව පවසමින් ඔහුගේ නීතීඥවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේදී රෝගී බව පවසමින් පසුගිය අවස්ථාවේ උසාවියට නොපැමිණී සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දෙමින් විනිසුරුවරයා එලෙස ප්‍රශ්න කර තිබුණා.

පොලිසියේ ආධුනික කොස්තාපල්වරයෙක් ඉංගිරියේ නිවසකට පහර දෙයි

පොලිසියේ ආධුනික කොස්තාපල්වරයෙක් ඉංගිරියේ නිවසකට පහර දෙයි

ගල්පාත චන්දන පෙරේරා

ජාඇල පොලිස් ස්ථානයට අනුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අද (08)උදෑසන ඉංගිරිය ප්‍රදේශයේ නිවෙසකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙසේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇළබඩ පාර ඉංගිරිය, ප්‍රදේශයේ නිවෙසකටය. කොස්තාපල්වරයා විසින් එම නිවසේ දොර ජනෙල් කඩා අලාබ හානි සිදු ඇත. ඊයේ රාත්‍රී ඉංගිරිය ප්‍රදේශයට සාදයකට සහභාගි වී පැමිණි කොස්තාපල්වරයා අද (8)පාන්දර 01.00 පමණ අදාල
නිවසට අලාභ හානි සිදු කරු ඇත. ඒ වන විට නිවසේ සිට ඇත්තේ නිවෙස් හිමිකරුගේ ආ මව සහ බිරිඳ ත් සිගිති දියණියත් පමනක් බවත් දුව කම්පනයෙන් සිටින බවත් පොලිසිය පවසයි.

නිවසට පහර දීමෙන් අනතුරුව එම නිවස ඉදිරිපිට දීම ඉංගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා පොලිසියට ද තර්ජනය කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

නිවසට පහර දීමෙන් මෙම ආධුනික කොස්තාපල්වරයාටද තුවාල සිදු වී ඇති අතර අද උදෑසන ඉංගිරිය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

ඉංගිරිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.

වයස අවුරුදු 57ක කාන්තාවක් මරණ බවට බියගන්වා තම පුතා විසින් ස්ත්‍රී දූෂණයකට ලක් කිරීම

වයස අවුරුදු 57ක කාන්තාවක් මරණ බවට බියගන්වා තම පුතා විසින් ස්ත්‍රී දූෂණයකට ලක් කිරීම සම්බන්ධව

2024.03.06 වන දින පැය 0830 ට හොරණ මූලික රෝහලේ ස්ථානාධිපති ,පොලිස් මුරපොළ මගින් දුරකථන පණිවුඩයක් ලබා දෙමින් වයස අවු 57 ක් වසැති කළුතර උතුර පොලිස් වසමේ ශ්‍රී ධීරානන්ද මාවත ,ඇළමෝදර, ගල්පාත ලිපිනයේ පදිංචි පොත්පිටියගේ ශ්‍රියානි යන අය ස්ත්‍රි දූෂණයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර ලබන බවට දැනුම් දීමෙන් පසු කළුතර උතුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කා.පො.ප. මහේෂිකා නිලධාරීනිය විසින් ඉහත වින්දිත කාන්තාවගේ ප්‍රකාශයක් හොරණ මූලික රෝහලේ දී පැය 1330 ට සටහන් කර ඇත .

එහිදි වින්දිත කාන්තාව 2024.03.04 දින රාත්‍රී ඇයගේ මන්දමානසික වැඩිමහල් පුතා නිදාගෙන සිටියදී හා දියණිය පාඩම් කිරීමට අසල නිවසකට පිටව ගිය අවස්ථාවේදී පැය 2200 ට පමණ දෙවෙනි පුතා වන පහත නම් සදහන් සැකකරු විසින් ඇයව මරණ බවට තර්ජනය කර බිය ගන්වා සිය නිවසේ කාමරයේදී ස්ත්‍රී දූෂණයට ලක් කර ඇති බවට හා පසු දින (5) උදෑසන යෝනි මාර්ගයේ රුධිර වහනයක් සිදු වූ බැවින් බිය වී රෝහල්ගත වූ බවටත් කරුණු අනාවරණය කර ඇත .වින්දිත කාන්තාව හොරණ මූලික රෝහලේ වාට්ටු අංක 04 හි ඇදහිසපත් අංක 11069 නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සැකකරු :-

*ඉඹුලාගොඩගේ අශාන් චාමර නොහොත් හචා,
වයස අවු 21
ශ්‍රී ධීරානන්ද මාවත,ඇලමෝදර ,ගල්පාත ,කළුතර උතුර.රැකියාව -කුලී වැඩ
*(සැකකරු අත්අඩංගුවට ගෙන නැත)

අනුර කුමාර දිසානායක හා රටවල් 6 ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ (06) පවත්වා තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කර ඇති අතර, රට තුළ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බව ජාතික ජන බලවේගය සඳහන් කරනවා.

එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය ලෙස ගෙන ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී එම රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වාදුන් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

COPE කමිටු සභාපති ධූරය රෝහිත අබේගුණවර්ධනට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව අද (07) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මෙම පත්වීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මාර්තු දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරයි

2024 මාර්තු මස 8, 9 හා 10 දිනවල යෙදෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්  උඩරට දුම්රිය මාර්ගයේ හා උතුරු මාර්ගයේ  විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා.

ඒ අනුව එම දුම්රිය ධාවනය වන කාලසටහන මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අදාළ කාලසටහන පහතින්.

65e98c7519ee2 65e98c7446bcd

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් දරණ නිලධාරින්ගේ ස්ථාන මාරු කිරීම් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව සඳහන්.

කොන්දේසි කිහිපයකට යටත්ව පත්වීම් බලධාරියෙකු විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදීමට 2020 වර්ෂයේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නව විදුලි සම්බන්ධතාව ලබාගැනීමේදී අයකරන ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව

නව විදුලි සබඳතාවක් ලබාගැනීමේදී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සම්පූර්ණ මුදලින් 25% ක් පමණ ගෙවා ඉතිරිය වාරික 10 කින් හෝ 12 කින් ගෙවීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත්, ඉදිරියේදී එය නිල වශයෙන් දැනුවත් කරනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී සිදුවූ අනතුරකින් මගීන් 13ක් රෝහලේ.

24- 03-07
කැකිරාව කුෂාන් ජයවර්ධන

වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී සිදුවූ අනතුරකින් මගීන් 13ක් රෝහලේ.
————————–

ඇගලුම් සේවකයින් පිරිසක් රැගෙන වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරු සිහිසුන්වීම හේතුවෙන් අද (07) උදෑසන මැදවච්චිය ප්‍රෙද්ශයේදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 13 දෙනෙකු ප්‍රථීකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
වව්නියාව ප්‍රදේශයේ පිහිටි අඟලුම් හලක් වෙත සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඇගලුම් සේවකයින් 40ක් පමණ එම බස් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී එහි රියදුරාට රියදුරු අසුනේ දීම සිදුවූ සිහිසුන්වීමකින් එම බස් රථය රියදුරුගේ පාලනයේ මිදී මැදවච්චිය ප්‍රෙද්ශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. ධාවනය වෙමින් තිබූ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ නිවසක් සමග ඇති ගරාජයකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබිණ. සිදුව ඇති එම අනතුරින් එම නිවසේ හෝ ගරාජයේ කිසිවකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි.
එහෙත් එම බස්රථයේ ගමන් කරමින් සිටි ඇගලුම් සේවකයින් 13 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් ප්‍රතිකාර සදහා කඩිනමින් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ. මැදවච්චිය රෝහලට ඇතුළත් කෙරුණ එම තුවාලකරුවන් අතරින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වනවිට අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
මැදවච්චිය පොලිස් රථවාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරමින් සිටී.

WhatsApp Image 2024-03-07 at 14.58.40 WhatsApp Image 2024-03-07 at 14.58.33

ක්‍රිකට් ආයතනයට අහිතකර මාතෘකා සමග පුවත් පලකරන නිසා සමාජ මාධ්‍ය තහනම් කරනවා -ක්‍රිකට් ආයතනයෙන් තවත් කැකිල්ලේ තීන්දුවක්

ක්‍රිකට් ආයතනයට අහිතකර මාතෘකා සමග පුවත් පලකරන නිසා සමාජ මාධ්‍ය තහනම් කරනවා -ක්‍රිකට් ආයතනයෙන් තවත් කැකිල්ලේ තීන්දුවක්

දරුණු දුෂණ සහ වංචා චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ආන්දෝලන්තමක ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.
එම මාධ්‍ය නිවේදනයට අනුව කියවුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ද මාධ්‍ය හමු වාර්තා කිරීම සියලුම සමාජ මාධ්‍යයට තහනම් කරන බවයි.
එම නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කරන මාධ්‍ය හමු කතෘ මණ්ඩල අවශ්‍යතා සදහා, ප්‍රවෘත්ති සදහා භාවිතා කල හැක. නමුත් එම වීඩියෝ YouTube, Facebook, TikTok, Instagram, Threads සහ Twitter ඇතුළුව සමාජ මාධ්‍ය වේදිකාවල උඩුගත කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

Media are allowed to use the SLC Media Conference video and audio on their respective websites or mobile applications for editorial use. However, kindly note that the media conference video and audio cannot be uploaded on social media platforms, including but not limited to YouTube, Facebook, TikTok, Instagram, Threads, and Twitter.

උපුටා ගැනීම News Center