A/L විභාගය 12 දීත්, O/L විභාගය 10 දීත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.

දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, 11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ.

වර්තමානයේ කුඩා දරුවන් හට ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇති බවත්, එම නිසා කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය”  (Pre-Grade) ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද එහිදී හෙළි කෙරුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දැනට තිබෙන කලාප අධ්‍යාපන කාර්යාල 100ක සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

65ebf54154ca0pdf_page_0

හිටපු ජනපති ගෝඨාභය සිනමාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‌ ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය වාර්තාමය චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ එරන්ද ගිනිගේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

Netflix සිනමා පටය නිර්මාණය කිරීම වෙනුවෙන් වන සාකච්ඡා කෘතිය නිකුත් කිරීමට පෙර ආරම්භ කළ බවයි, ඔහු අනාවරණ කළේ.

කෙසේ වෙතත් ඊට පෙර ”ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති කෘතිය නිකුත් කළ බවද එරන්ද ගිනිගේ මහතා කියා සිටියා.

මේ පිළිබඳව කෘතියක් රචනා කරන ලෙසට බොහෝ පාර්ශව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය කාලයේ පැවැති ආණ්ඩු විරෝධී විරෝධතා සම්බන්ධයෙන් බොහෝ අය කෘති රචනා කළද අදාළ සිදුවීමට කෙලින් මුහුණ දුන් පුද්ගලයාගේ සටහන වටිනා බවත් එම නිසාමෙය සියලු දෙනා කියවිය යුතු බවත් එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරනවා.

ඉන් ගෝඨාභය රජපක්ෂ නමැති පුද්ගලයාගේ චරිතය හඳුනාගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කදවුරේ පොලිස් පරීක්ෂක එස්.ඒ.සී. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.05 වන දින රත්ගම පොලිස් වසමේ CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වැටලීමක් සිදුකර ඇත. සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර 153 ක් සන්තකයේ තබා ගත් රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා දොඩංදූව වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන

WhatsApp Image 2024-03-09 at 11.44.03

6 dead, including 4 children, in Ottawa mass killing

Six people including a mother, her four young children and a family acquaintance were killed inside a townhouse in the south Ottawa suburb of Barrhaven late Wednesday night.

During a media briefing Thursday afternoon, Ottawa police Chief Eric Stubbs said there were initially two calls to 911 around 10:52 p.m. local time Wednesday.

He said first responders arrived within minutes to the home on Berrigan Drive near Palmadeo Drive, a residential area close to two schools.

Police have identified five of the victims as a family of newcomers to Canada from Sri Lanka:

  • 35-year-old mother Bandaranayake Gama Walawwe Darshani Dilanthika Ekanayake.
  • Seven-year-old son Inuka Wickramasinghe.
  • Four-year-old daughter Ashwini Wickramasinghe.
  • Three-year-old daughter Ranaya Wickramasinghe.
  • Two-month-old daughter Kelly Wickramasinghe.

Police said Ekanayake’s husband was injured and is currently in hospital in stable condition. He’s since been identified as Dhanushka Wickramasinghe.

Another man, 40-year-old Gamini Amarakoon Amarakoon Mudiyanselage, was also killed.

Febrio De-Zoysa, 19, is charged with six counts of first-degree murder and one count of attempted murder. Police said he is a Sri Lankan national who is believed to be in Canada as a student.

On Thursday evening, Algonquin College president Claude Brulé released a statement confirming De-Zoysa was a student at the college and that “it appears his last semester of attendance was winter 2023.”

He made his first court appearance late Thursday afternoon.

ප්‍රවීන රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර ජීවිතයෙන් සමුගනී.!

ප්‍රවීන රංගන ශිල්පිනී, මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී ඇත.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

ආසියාවේ පළමු වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ඉදිරියේ දී හඳුන්වා දෙනවා – ජනපති

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත්, එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බවයි අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නවේදනය පහතින්.

65eaef3313d3cpdf_page_2 65eaef32e3049pdf_page_1 65eaef3225854pdf_page_0

මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නැගෙනහිර පළාතේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව අදාළ ගම්මානයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 240ක්, කේරළ ගංජා ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 30ක්, මත්පෙති 2,950ක් සහ රුපියල් 86,000ක මුදලක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

පසුව අදාළ සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාලච්චේන පොලීසියට භාරදී තිබෙනවා.

විපක්ෂයට IMF සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනපතිගේ අවධානය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සිදුකිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත අවස්ථාව සලසා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේදී රැස්වීමක් කැඳවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

අද (08) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවිය.

එමෙන්ම කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Mrs. Maribel Duarte Gonzalez මහත්මියද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙනුත් මේ වනවිට කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සෘජු සම්බන්ධතාත් ඒවායේ ප්‍රගතිය සහ ගැටලු සහගත තැන් පිළිබඳවත් තානාපතිවරයා මෙහිදී අනුර දිසානායක සහෝදරයා දැනුවත් කළේය.
இலங்கைக்கான கியூபத் தூதுவர் மற்றும் தேசிய மக்கள் சக்தியின் தலைவருக்கு இடையிலான சந்திப்பு

இன்றைய தினம் (08) பிற்பகல் மக்கள் விடுதலை முன்னணியின் தலைமையகத்தில் இலங்கைக்கான கியூபத் தூதுவர் Andrés Marcelo Garrido அவர்களுக்கும் தேசிய மக்கள் சக்தியின் தலைவர் அநுர குமார திசாநாயக்க அவர்களுக்கும் இடையில் சந்திப்பொன்று இடம்பெற்றது.

இச்சந்திப்பில் கியூபத் தூதுவர் அலுவலகத்தின் பிரதான செயலாளர் Mrs. Maribel Duarte Gonzalez அவர்களும் தேசிய மக்கள் சக்தியின் சார்பில் தேசிய நிறைவேற்றுப் பேரவை உறுப்பினர் தோழர் பிமல் ரத்நாயக்க அவர்களும் கலந்துகொண்டனர்.

இதன்போது நீண்டகாலமாக கியூபாவின் கம்யூனிஸ்ட் கட்சிக்கும் மக்கள் விடுதலை முன்னணிக்கும் இடையில் இருந்த அரசியல் தொடர்புகள் பற்றியும் நிகழ்காலத்தில் தேசிய மக்கள் சக்தியின் அரசியல் செயற்பாடுகள் குறித்தும் விலாவரியாக கலந்துரையாடப்பட்டது.

நீண்ட காலத்துக்கு முன்பாக கியூபா மீது விதிக்கப்பட்டிருந்த பொருளாதாரத் தடை பற்றியும் இன்றளவில் கியூபாவுக்கும் இலங்கைக்கும் இடையில் உள்ள நேரடி தொடர்புகள் மற்றும் அவற்றின் முன்னேற்றம், பிரச்சினைக்குரிய பகுதிகள் பற்றியும் கியூபத் தூதுவர் தோழர் அநுர குமார திசாநாயக்கவிடம் தெளிவுபடுத்தினார்.
A meeting between the Cuban ambassador to Sri Lanka and the leader of the National People’s Power

The Cuban Ambassador to Sri Lanka Mr. Andrés Marcelo Garrido met with Comrade Anura Kumara Dissanayake, the leader of the Jathika Jana Balawegaya (NPP) on the 08th March at the JVP head office.

The First Secretary of the Cuban Embassy, Ms. Maribel Duarte Gonzalez and Comrade Bimal Ratnayake, National Executive Member for the NPP, also participated in this event.

There was a long discussion on the political relationship between the Communist Party of Cuba and the People’s Liberation Front and the current political affairs of the NPP.

The Ambassador briefed Comrade Anura Dissanayake about the sanctions imposed on Cuba for a long period of time and the direct relations between Cuba and Sri Lanka, their progress and problematic areas.

WhatsApp Image 2024-03-08 at 17.12.53 (1) WhatsApp Image 2024-03-08 at 17.12.53 WhatsApp Image 2024-03-08 at 17.12.52 (1) WhatsApp Image 2024-03-08 at 17.12.52

ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය 2024

2024.03.08

 

ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය 2024

පළමු වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන දෙවන ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය අද (08) දින මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බොලිවුඩ් තරු පිරිවරා ඉතා උත්කර්ශවත් ලෙස ආරම්භ කිරීමට නියමිත ය.

ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය ( sport tourism) දිරිගැන්වීම අරමුණු කරගෙන දියත් කරන වැඩසටහන් මාලාවක තවත් අදියරක් ලෙස මේ තරගාවලිය පැවැත්වෙන බව ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය සහ විනෝදාස්වාදනය උපරිමයෙන් ප්‍රේක්ෂකයින් හට ලබා දීමට සංජේ දත්, බාද්ෂා, එම්රාන් හෂ්මි සහ ජැකලින් ෆර්නැන්ඩස් වැනි ජනප්‍රිය බොලිවුඩ් තරු සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සදහා සූදානම්ව සිටිති.

කණ්ඩායම් 07 ක්, තරග 22 ක්, දින 12 ක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියේ දී ක්‍රිස් ගේල්, යුවරාජ් සිං සහ හර්බජාන් සිං ඇතුළු අතීතයේ සිටි දැවැන්තම ක්‍රිකට් තරු රැසක් නැවත ක්‍රීඩා කරනු දැක ගත හැක. මෙහි පළමු තරගය අද (08) දින යුවරාජ් සිංගේ නායකත්වයෙන් යුත් නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා හර්ජබං සිංගේ නායකත්වයෙන් යුත් ඩුබායි ජයන්ට්ස් කණ්ඩායම තරග වදිනු ඇත.

මෙවර පන්දුවාර 90 තරඟ සඳහා පන්දු යවන්නන් 5 දෙනෙකු යෙදවීමට නියමිත අතර, එක් කණ්ඩායමකට ඔවුන්ගේ ලකුණ තැබීම සඳහා පන්දුවාර 3 බැගින් ලබා දී ඇත. මෙවර  තරගාවලිය Star Sports Network හරහා සජීවීව විකාශණය කෙරේ.

ලෙජන්ඩ් ක්‍රිකට් කුසලානයේ පළමු තරගය පන්දුවාර 20 ආකෘතියෙන් ක්‍රීඩා කළ අතර එය පසුගිය වසරේ මාර්තු 22 සිට 30 දක්වා ඉන්දියාවේ ගාසියාබාද්හිදී පැවැත්විණි.

WhatsApp Image 2024-03-08 at 16.16.37 (1) WhatsApp Image 2024-03-08 at 16.16.37 WhatsApp Image 2024-03-08 at 16.16.36 (1) WhatsApp Image 2024-03-08 at 16.16.36

මාධ්‍ය අංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය