https://www.youtube.com/embed/DI7R1MQ8rOI?si=6-Ucrqj_T4CnLl-j” title=
Author: Supun
ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේවත්තකදී ඝාතනය වුන 17 හැවිරිදි තරුණිය ……
https://www.youtube.com/embed/s7MbfFmGyLQ?si=tOyZ8TDlRSVpa7Wl” title=
My story growing up – Yasmin Azad
https://www.youtube.com/embed/7qSO7IFSn9g?si=-voz8T-sm4z1EwOM” title=
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නිවේදක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසු වුණා.
ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය විවෘත කරන වේලාව හෙට සිට සංශෝධනය වෙයි
දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.
කෙසේ නමුත් හෙට (14) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පස්වරු 7.00 ට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
විදෙස්ගත වූ ඇතැම් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් යළි සේවයට පැමිණ තිබෙනවා – වෛද්‍ය ජී.විජේසූරිය
වෛද්‍යවරුන් විදෙස්ගතවීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.
ආර්ථික ගැටලුකාරී තත්ත්වය හා විවිධ අර්බුද හමුවේ විදෙස්ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් යම් පිරිසක්ද සේවයට පැමිණ ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව පසුගිය කාලයේ පැවති උග්‍ර සෞඛ්‍ය නිලධාරීන්ගේ හිඟය මේ වන විට යම්තාක් දුරකට පහව ගොස් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල්වලට අනියුක්ත කිරීමට හැකියාව ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල සහ වංචාවල වර්ධනයක්
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423ක් වාර්තා වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල සඳහන් කළේ.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ ද වාර්තා වී ඇති අතර, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් 775 ක් 2023 වසරේ වාර්තා වී තිබෙනවා.
බාල වයස් දැරියක් අපයෝජනය කළ වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකුට වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් .
බාල වයස් දැරියක් අපයෝජනය කළ වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකුට වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් .
නානුඔය පොලිස් බල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී නුවරඑළිය මහාධිකරණයේ නඩු පවරා තිබූ (වයස අවු :52) හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.
මෙම තීන්දුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් (2014.03.13) දින ප්‍රකාශයට පත් කරන ලදී.
පසුගිය 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ ෆාරුක් මොහොමඩ් සාලිඩ් නැමැත්තා එම ප්‍රදේශයේම වයස අවුරුදු 16ට අඩු පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීම සම්භන්දව දැරියගේ දෙමාපියන් විසින් නානුඔය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත උක්ත නඩිව නුවරඑළිය මහ අධිකරණයේ ගොණුකර ඇත ,
වසර 13ක කාලයක් සිදු කල නඩු විභායන් අනුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුට එරෙහි ලැබුන සාක්ෂි මත ෆාරුක් මොහොමඩ් සාලිඩ් (අවුරුදු 52) නමැති පුද්ගලයාට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඒ සමඟම සිද්ධියෙන් අගතියට පත් වූ දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවිය යුතු බවට තීන්දු කළ විනිසුරුවරයා මෙම මුදල වින්දිත කාන්තාවට නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිර දඬුවමක් විඳීමට සිදුවන බවද තීන්දුවේ සඳහන් කළේය.
එසේම විත්තිකරුට රුපියල් 15,000 ක දඩ මුදලක් අධිකරණයට ගෙවන ලෙසට නියම කළ විනිසුරුවරයා එම දඬුවම නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවම් විඳීමට සිදුවන බවද නියම කළේය.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් දිවයින පුරා සිදු කරන දේශපාලන සමීක්ෂණයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රතිපලය අප වෙත ලැබී තිබේ.
එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් දිවයින පුරා සිදු කරන දේශපාලන සමීක්ෂණයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රතිපලය අප වෙත ලැබී තිබේ.
මාර්ග ගත ආකාරයට සිදුවෙමින් පවතින එම සමික්ෂණයේ මේ වන විට ලද ප්‍රතිඵල අනුව,
කොළඹ දිස්ත්‍රික්කය
2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
43.1% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
23.5% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
7.8% නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට
3.9% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
19.6% තවම තීරණය කොට නොමැත.
2020 මහ මැතිවරණයේ සමගි ජනබලවේගයට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
27.02% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
2.7% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
45.94% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
24.32% තවම තීරණය කොට නොමැත.
2020 මහ මැතිවරණයේ ජාතික ජනබලවේගයට ට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
100% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට සහාය පළකරයි.
2020 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
93.3% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
6.6% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට සහාය පළකරයි.
ඒ අනුව 2024 මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය
39.81% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
22.4% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
4.9% නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට
19.16% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
12.4% තවම තීරණය කොට නොමැත.
මාර්තු 12 ව්‍යාපාරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ පැවැත්වීමේ යෝජනා සකස්කිරීම වැඩසටහන අද (12) දින නුවරඑළිය පැවැත්විණ.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මාර්තු 12 ව්‍යාපාරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ පැවැත්වීමේ යෝජනා සකස්කිරීම වැඩසටහන අද (12) දින නුවරඑළිය පැවැත්විණ.
පැෆරල් සංවිධානය මූලිකත්වයෙන් පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයන් නම් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ හා කන්ඩායම් විසින් ගත යුතු නිර්ණායක යෝජනාවලිය සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන (12) නුවරඑළියේදී පැවැත්විණ .
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් ලහිරු කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ ,
මෙම අවස්ථාව සදහා නුවරඑළිය මාර්තු 12 ව්‍යාපාරයේ දිස්ත්‍රික් සභාපති මාකදුරේ රතනවංශ හිමි , උප සභාපති පියසේන කහදගමගේ මහතා , දිස්ත්‍රික් සම්භන්ධීකාරකාරක හා පැෆරල් නියෝජිත ජෙරිණා මහත්මිය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රියාකාරි නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ ,
මෙම අවස්ථාව සමග පැෆරල් සංවිධානයයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සූම් තාක්ෂණය ඔස්සේ එක්විය .
