ධාවන තරගයක් අතරතුර සිසුවෙකු මියයෑම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක්

පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වු අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (11) දිනයේ තිරුක්කෝවිල් හි පාසලක පැවති මැරතන් ධාවන තරගයකට සහභාගී වු 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

අදාළ සිසුවා මියයාමට හේතුව මෙතෙක් නිශ්චිතව අණාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයත් සමග එළිමහනේ ක්‍රියාකාරකම් සීමාකරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ද පසුගියදා නිකුත් කිරීමට කටයුතු කළා.

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි සහ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා මහේෂි මධුසංකා අධිකරණ වෛද්‍ය හමුවට..

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි සහ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා මහේෂි මධුසංකා අධිකරණ වෛද්‍ය හමුවට..

හිරු නාලිකාවෙන් සහ විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ නිසා සිත් තැවුලට පත් මහේෂි මදි සංකා මහත්මිය කොළඹ කාන්තා හා ළමා කාර්යාංශය හරහා අද දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරනු ලැබුවා.

සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්

2024.03.12

• සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්…
• පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුවට යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය…
– අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.03.12) පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
ජනතාවගේ ප්‍රශ්න වලට රජය මගින්, රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ඉටු කළ යුතු සේවාවට මුල් වියයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.
ඔබ ඉටුකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමයේ එක වැදගත් කොටසක්. ප්‍රාදේශීය සංවර්ධනයට, දිස්ත්‍රික් සංවර්ධනයට අපේ ආණ්ඩුකාරවරුන් සමඟ ඒ සැලසුම් ගමට ගෙනයාම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීම.
මේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇඟිලි තුඩුවල තියෙන්න ඕනේ. ආපහු පොතපත බලන්න බැහැ. මේ කාර්යාලය හෙට දිනයේ සිට එවැනි තත්ත්වයකින් අලුත් ජවයකින් සේවාව ඉටුකළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ. ආදායම් ඇති සහ ආදායම් දුර්වල ජන කොට්ඨාස දෙකක් මේ සමාජයේ සිටිනවා. ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ආදායම් ඇති අයට ඒ ආදායම් වැඩිදියුණු කර ගැනීමටත් ආදායම් දුර්වල ජන කොට්ඨාස නගා සිටුවීමටත් පියවර ගතයුතුයි. රජයේ ප්‍රකාශිත අයවැය ‍ලේඛනයේ වැඩපිළිවෙළ අනුව පෞද්ගලික අංශය දියුණු වෙන්න ඕනේ. සම්පත් වැඩි වෙන්න ඕනේ. සම්පත් එසේ වැඩිවෙන්න නම් තවත් ආයෝජනයන්ට රුකුල් ලබාදිය යුතුයි.
ජනාධිපතිතුමා ධූරය භාරගෙන ආණ්ඩුව භාරගත්ත වේලාවේ රට තිබුණු තත්ත්වය ඔබ සැමට කලින් මතක් කලා. එය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි කියා අපි විශ්වාස කරනවා. එවැනි තත්ත්වයක් අපි යළි ප්‍රාර්ථනා නොකරමු. එවැනි තත්ත්වයකට යළිත් රට ගෙන නොයන්න, ඒ කාල පරිච්ඡේදයේ මුහුණ දෙන්නට සිදුවුණු අමාරුම සේවා සහ පහසුකම් වගේම ද්‍රව්‍යමය අත්‍යවශ්‍ය පහසුකම් සඳහා වේගවත් සහනයක් අප ලබා දීලා තියෙනවා.
ප්‍රශ්න ඉවර නැහැ. ප්‍රශ්න හමාර කර ගත හැකි අලුත් උත්සාහයකට ආර්ථිකය ගමන් කළ යුතුයි. ඒ ගමන රාජ්‍ය නායකයාට හෝ පාර්ලිමේන්තුවට හෝ අග්‍රාමාත්‍යවරයාට පමණක් කරන්නට බැහැ.මුළු රටම එකතුවෙලා ගන්න ඕන පියවරක්.

රට පණ ගන්වන්නට නම් අලුත් බලාපොරොත්තු ඇතිව ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. විදේශ ආයෝජනයන් සහ දේශීය ව්‍යාපාරිකයන්ද ඊට එකතු වී අලුත් උත්සාහයක නිරත විය යුතුයි. මේ දේට රුකුල් දීමයි ප්‍රාදේශීය ලේකම්තුමා සිදු කළ යුත්තේ.
රාජ්‍ය සේවකයින්ට යම්කිසි දීමනාවක් වැඩි කරන්නට පුළුවන් වෙන ආකාරයට ආදායම් වැඩි කරගන්න අපට පුළුවන් වුණා. විශ්‍රාමිකයෝ හය ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. ඒ අයගේ විශ්‍රාමයත් එලෙස ශක්තිමත් කරල ලබාදෙන්න පුළුවන්කමට අද රට ගෙනල්ලා තියෙනවා. විශ්‍රාම අර මුදලට බිලියන 18ක හිඟයක් තිබුණා. අප ඒ සියල්ල ගෙව්වා. අරමුදල හිඟයක් නැතුව දැන් ශක්තිමත්ව වැඩ කරනවා.
ඔබේ රාජකාරිය ඉෂ්ට කරන්න වගකීමක් හා යුතුකමක් තිබෙනවා. ඒ මහජනයා වෙනුවෙන්. එය ඉෂ්ට කිරීම සඳහා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශක්‍රීය වෙයි කියලා මම විශ්වාස කරනවා.
අපි ඊයෙ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින උප නිලධාරීන්ට දීමනා ගණනාවක් වැඩි කරන්න. සංවර්ධනය ඉලක්කයන් සපුරාලීම සඳහායි එය තීරණය කරනු ලැබුවේ. ඒ අනුව සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා නිලධාරීන්ට අලුත් දිමනාවක් එක් වෙනවා ඇති. දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉලක්කයන්ට වැඩ කිරීමෙන් ඵලදායී නිෂ්පාදන සහ සේවාවන් ඇති කිරීමයි අවශ්‍ය වන්නේ.
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම පුරප්පාඩු සඳහා ලබන මාසේ අන්තිම වෙන්න පෙර අලුත් ග්‍රාම නිලධාරිවරයෙක් පත් විය යුතුයි. අඩුපාඩුවක් තිබෙනවා නම් එය සපුරාලීමෙන් අපට ප්‍රාදේශීය ලේකම් ජාලය ශක්තිමත් කළ හැකියි.
පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීයමය දැනුම ඇති කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන බලයක් පැවරුවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව මගින් හෝ පළාත් පාලන ආයතන සියල්ලටම පුළුවන් මේ වැඩ පිළිවෙලට අවතීරණය වීමට. අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අවශ්‍ය දැනුම ඇති වෘත්තිකයන් ලබාගෙන අපේ දරුවන්ට විශේෂ දැනුමක් ලබාදීමේ ඉලක්ක සපුරාලන්න. එයින් අලුත් සමාජයකට, අලුත් දැනුම ඇති සමාජයකට පිවිසෙන්න පුළුවන්කම කරා ගමන් කරන අධ්‍යාපනයේ තවත් මාර්ගයකට ඉදිරි මාස දෙක තුළ පිවිසෙන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් සහාය වෙනු ඇතැයි මම හිතනවා.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චින්තක අමල් මායාදුන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදාමිණි ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

WhatsApp Image 2024-03-12 at 17.06.45 (4) WhatsApp Image 2024-03-12 at 17.06.45 (3) WhatsApp Image 2024-03-12 at 17.06.45 (2) WhatsApp Image 2024-03-12 at 17.06.45 (1) WhatsApp Image 2024-03-12 at 17.06.45

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඉවත් කර දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පත්කර කර ඇත.

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඉවත් කර දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය පත්කර කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ට පහළ නිලයක් දරන කනිෂ්ක නිලධාරිනියක් පත්කර ඇති බවත් ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස සේවය කරයි.
ආණ්ඩුකාරවරයා විසින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකිරීම මෙයට හේතු වශයෙන් සලකන අතර, කුරුණෑගල විශාල ආදායමක් අහිමි කරන විගණන අංශ වලින් හෙළි වී ඇති, නගර සභා වැසිකිලි පද්ධතිය, අඩක් නිමවී ඇති නමුත් සම්පූර්ණ මුදල වැය කර ඇති ආණ්ඩුකාර ගොඩනැගිල්ල ම කොන්ත්‍රාත්කරුටම ලබා දෙන ලෙස ආණ්ඩුකාරයා විසින් නියෝග කර ඇති බවත් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා විසින් උරන වී ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු ස්ථාන මාරු කර ඇත.
මෙම ආණ්ඩුකාර ගොඩනැගිල්ල ඉදිකළ සමාගම අසාදු ලේඛන ගත කර ඇති බවත් ඉදිකළ වැඩි මුදලක් ඔවුන්ට ගෙවා ඇති බවත්, වැඩ නිම වී ඇත්තේ සියයට පනහක් පමණ වුවද සියයට අනූවක පමණ ප්‍රතිපාදන ගෙවා ඇත.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු රාත්‍රී ආහාර වෙලදසැල් පරීක්ෂාවට

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු රාත්‍රී ආහාර වෙලදසැල් පරීක්ෂාවට

ගල්පාත චන්දන පෙරේරා

මිනිස් පරිභෝජනයට නුසුදුසු රාත්‍රි ආහාර පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහන ඊයේ
(11 )දින රාත්‍රිය පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන්,
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය ආවරණය කරමින් පවත්වන ලදී.එහිදී ජනතාවගේ සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර විකිණූ සහ ගබඩා කර තිබූ ස්ථාන රැසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
මේ සඳහා හොරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදී.

WhatsApp Image 2024-03-12 at 13.59.26 WhatsApp Image 2024-03-12 at 13.59.16

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට

ගල්පාත චන්දන පෙරේරා

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙලුව පාර,5 කණුව,පැලවත්ත ලිපනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු සහ එයට අනුබල දුන් යට්ටපාත, 7 කණුව, සදහම් ගඟුල විහාරස්ථානයේ 64 හැවිරිදි විහාරාධිපති හිමියන්ය බව මීගහතැන්න පොලිසිය පවසයි.

මීගහතැන්න ලිහිණියාව කණිෂ්ඨ විද්‍යාලය අසළදී ලද තොරතුරුකට අනුව වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කළ වැටලීමකදී නෙලුව පාර, 7 කණුව, පැලවත්ත ලිපිනයේ පිහිටි ශ්‍රී සදහම් ගගුල විහාරස්ථානයේ සිට ප්‍රවාහන කරමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් රන් බුදු පිළිමයක්,කිරිගරුඬ පිලිමයක්,රත්හදුන් පිලිමයක්,
ඇත්දල දෙකක්,ගල් පිලිමයක්
සෙනර වලිග 2 කලු සුදු
කස්තුරි,
පැරණි මුදල් නොට්ටු හා කාසි කිහිපයක්
ජෝජ් රජුගේ රැව සහිත පීරිසි කොප්ප 1 ඇතුළු භාණ්ඩ කීපයක් භාන්ඩ ප්‍රවාහනය කළ යතුරුපැදීයද අත්අඩංගුවට ගෙන මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාරදී ඇත

මීගහතැන්න පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර හෙට(12) හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිතයි.

WhatsApp Image 2024-03-11 at 22.18.36 WhatsApp Image 2024-03-11 at 22.18.43

ශ්‍රී ලංකන් ගුවන් සේවයට මූල්‍ය ප්‍රගතිය පෙන්වීමට මාස 6 ක් ලබාදෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම්දී තිබෙනවා.

එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවයි අද (11) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබෙනවා.

එබැවින් එම මාස 06 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කරගත යුතු බවත්, ඒ සඳහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වැටුප් වැඩි කරගැනීමට එරෙහිව මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද (11) විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව ඔවුන් බැංකු පරිශ්‍රය ඉදිරිපිට දී මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වැඩි කරගත් වැටුප් පහළ දැමීමට නොහැකි නම් මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට

ගල්පාත චන්දන පෙරේරා

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙලුව පාර,5 කණුව,පැලවත්ත ලිපනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු සහ එයට අනුබල දුන් යට්ටපාත, 7 කණුව, සදහම් ගඟුල විහාරස්ථානයේ 64 හැවිරිදි විහාරාධිපති හිමියන්ය බව මීගහතැන්න පොලිසිය පවසයි.

මීගහතැන්න ලිහිණියාව කණිෂ්ඨ විද්‍යාලය අසළදී ලද තොරතුරුකට අනුව වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කළ වැටලීමකදී නෙලුව පාර, 7 කණුව, පැලවත්ත ලිපිනයේ පිහිටි ශ්‍රී සදහම් ගගුල විහාරස්ථානයේ සිට ප්‍රවාහන කරමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් රන් බුදු පිළිමයක්,කිරිගරුඬ පිලිමයක්,රත්හදුන් පිලිමයක්,
ඇත්දල දෙකක්,ගල් පිලිමයක්
සෙනර වලිග 2 කලු සුදු
කස්තුරි,
පැරණි මුදල් නොට්ටු හා කාසි කිහිපයක්
ජෝජ් රජුගේ රැව සහිත පීරිසි කොප්ප 1 ඇතුළු භාණ්ඩ කීපයක් භාන්ඩ ප්‍රවාහනය කළ යතුරුපැදීයද අත්අඩංගුවට ගෙන මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාරදී ඇත

මීගහතැන්න පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර හෙට(12) හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිතයි.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් හැටන් පොලිස් නිළධාරින්ට මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් .

11.03.2024 ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් හැටන් පොලිස් නිළධාරින්ට මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් .
මාර්තු 08 අද දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසන් සභාව මගින් මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව පොලිස් නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් නගරයේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසන් සභා කාර්‍යාලයේදී අද උදෑසන පැවැත්විණ ,
මෙම වැඩසටහන නුවරඑළිය ප්‍රාදේශීය මානව හිමිකම් දිස්ත්‍රික් සම්භන්ධීකරන නිළදාරිණි කුමුදු විතාන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම වැඩසටහන සදහා හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නිළධාරිනියන් පිරිසක් සහභාගි වී සිටියහ .
සටහනෙන් අනතුරුව නගරයේ ගමන් කරන ප්‍රදේශවාසීන්ට දැනුවත් කිරීමට කටයුතු කෙරිණ .