කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.

24-03-14
කැකිරාව කුෂාන් ජයවර්ධන
FTP
කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.
කැකිරාව ප්‍රධාන වීදියේ පිහිටි ප්‍රෙද්ශයේ ජනප්‍රිය තොග වෙළද ව්‍යාපාරික ස්ථානයක් මුද්‍රා තබා එහි අලෙවියට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති රට ඉදි කරවල ඇතුලු රුපියල් ලක්ෂක 15කට අධික විටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කරනු ලැබීය.
මෙලෙස සෞඛ්‍ය බලධාරින් විසින් මුද්‍රා තැබීමට කටයකු කරනු ලැබූයේ කැකිරාව හා ඒ අවට ප්‍රෙදේශ රැසක ඇති සිල්ලර වෙළදසැල් සදහා ආහාර ද්‍රව්‍ය ඇතුළු තොග භාණ්ඩ බෙදා හැරීම සිදු කරන තොග වෙළද ආයතනයකි.
උත්සව සමයේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙන්ම උත්සව සමයේ සිදු කෙරෙන කූඨ ආහාර වෙළදාම් අවම කිරීමේ අරමුණු ඇතිව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කැකිරාව නගරයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ ව්‍යාපාරික ස්ථානය මෙලෙස පරීක්ෂාවට ලක් කර තිබිණ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා ඇතුළු කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් විසින් අදාළ වැටලීම සිදුකර තිබිණ.
සිදුකළ වැටලීමේදී එම වෙළද සැල තුල තීබී මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ඉදි කරවල සීනී හාල්මැස්සන් රටකජු මුද්‍රප්පලම් ඇතුලු තවත් ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට වැටලීම සිදුකළ සෞඛ්‍ය ඉලධාරීන්ට හැකිවිණ. අදාළ වෙළද සැල තුල නිසි ක්‍රම වේදයකට භාණ්ඩ අසුරා නොමැති බවද කරවල වැනි දෑ නැවත පිරිසිදු කර අලෙවි කරන බවද නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදි. එසේම කල් පැන ගිය රට ඉදි තොග ඇසුරුමේ ලේබලය මකා නැවත ලේබල් අලවා අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුව ඇති බවද නිලධාරීන් මෙහිදී අනාවරණය කර ගන්නා ලදි. එසේම අදාළ වෙළදසැල තුළ අලෙවියට ඇති ආහාර ද්‍රව්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව අසුරා නොමැති අයුරු මෙන්ම එම වෙළදසැල තුළ මෙන්ම එහි ඇති ගබඩාවල ඇති අපිරිසිදු භාවයට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.
සෞඛ්‍ය නීති රීති මෙන්ම රෙගුලාසි ද උල්ලංඝනය කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පාරිභෝගීක භාණ්ඩ අලෙවියේ නිරත වූ මෙම වෙළද සැල මුදා තැබීමට ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර පසුව එහි තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොග පිටතට රැගෙන ගොස් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පියවර ගනු ලැබිණ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නිසුදුසු රටඉදි, කරවල, හාල්මැස්සන් සීනි රටකජු. වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍ය තොගයක් මෙහිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කෙරිණ. මෙලෙස විනාශ කෙරුණ ආහාර ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ උත්සව සමයේ අලෙවි කිරීමට කටයුතු කළ මෙම වෙළද සැල් හිමිකරු අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබිණ. එහිදී රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර ඇති අතර සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව වෙළද සැලේ ගබඩා සකස් කිරීමට ද අචාළ ව්‍යාපාරිකයාට අධීකරණයෙන් නියෝග කර තිබූ අතර හෙට (15) දිනයේ යළි එම නඩුව විභාගයට ගැනීමට නියමිත බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

WhatsApp Image 2024-03-14 at 21.48.34 (6) WhatsApp Image 2024-03-14 at 21.48.34 (5) WhatsApp Image 2024-03-14 at 21.48.35 WhatsApp Image 2024-03-14 at 21.48.36 WhatsApp Image 2024-03-14 at 21.48.34 (4) WhatsApp Image 2024-03-14 at 21.48.34 (3) WhatsApp Image 2024-03-14 at 21.48.34 (2) WhatsApp Image 2024-03-14 at 21.48.34 (1) WhatsApp Image 2024-03-14 at 21.48.34 WhatsApp Image 2024-03-14 at 21.48.33 (8) WhatsApp Image 2024-03-14 at 21.48.33 (7) WhatsApp Image 2024-03-14 at 21.48.33 (5) WhatsApp Image 2024-03-14 at 21.48.33 (6) WhatsApp Image 2024-03-14 at 21.48.33 (3) WhatsApp Image 2024-03-14 at 21.48.33 (4) WhatsApp Image 2024-03-14 at 21.48.33 (2) WhatsApp Image 2024-03-14 at 21.48.33 (1) WhatsApp Image 2024-03-14 at 21.48.33 WhatsApp Image 2024-03-14 at 21.48.32 (8) WhatsApp Image 2024-03-14 at 21.48.32 (7) WhatsApp Image 2024-03-14 at 21.48.32 (6) WhatsApp Image 2024-03-14 at 21.48.32 (5) WhatsApp Image 2024-03-14 at 21.48.32 (4) WhatsApp Image 2024-03-14 at 21.48.32 (3) WhatsApp Image 2024-03-14 at 21.48.32 (2) WhatsApp Image 2024-03-14 at 21.48.32 (1) WhatsApp Image 2024-03-14 at 21.48.32 WhatsApp Image 2024-03-14 at 21.48.31 (1) WhatsApp Image 2024-03-14 at 21.48.31 (2) WhatsApp Image 2024-03-14 at 21.48.31 (3) WhatsApp Image 2024-03-14 at 21.48.31

ශිරාන් බාසික් නිදොස් කොට නිදහස් කෙරේ

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබෙන්නේ.

සැකකරු 2011 වසරේ ජනවාරි මස 11 වනදා කිරුළපන එඩ්මන්ටන් නිවාස සංකීර්ණය අසළදී හෙරොයින් ග්‍රෑම් 4.53ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බවට පැමිණිල්ලේ දැක්වූ අතර, ප්‍රථමයෙන් සඳහන් කර තිබුණේ ඔහු තනිව අත්අඩංගුවට ගත් බවට වුවද, පසුව අදාළ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ දරුවා සමග සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එසේම තමාට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ වැටලීම කළ බවට පොලිස් නිලධාරියෙකු විසින් අධිකරණය හමුවේ පවසා තිබුණද, එම දුරකථන අංකය වසර එකහමාරකට පමණ පෙර විසන්ධි කර ඇති බවට සාක්ෂි සහිතව විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

එම සාක්ෂි අනුව විත්තිිකරු වරදකරු කිරීම නුසුදුසු බවට විනිසුරුවරයා එහිදී නිගමනයකට එළඹ තිබු අතර, විත්තිකරු ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබීම හේතුවෙන් ඔහු නොමැතිව සාක්ෂි විභාගය පැවැත්විණි.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද (14) උදෑසන දුම්රියක් පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබුණා.

කෙහෙළිය ඇතුළු 4 කට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු 4 දෙනෙකුට නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විපක්ෂයේ අයට ජනපති ආරාධනා කළ සාකච්ඡාවට IMF එකටවත් ආරාධනා කරලා නැහැ – සුනිල් හඳුන්නෙත්ති

විපක්ෂයේ පක්ෂවලට IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් කළ සාකච්ඡාවට, අඩුතරමේ IMF නියෝජිතයින්ටවත් ආරාධනාවක් සිදුකර නොමැති බව සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ජනාධිපතිවරයා සූදානම් කළ එම සාකච්ඡාව සඳහා IMF නියෝජිතයින්ටවත් ආරාධනා නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ, ජනාධිපතිවරයා සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, විපක්ෂය ද සම්බන්ධ කරගනිමින් IMF එක පාවිච්චි කර වෙනම ප්‍රචාරක කටයුත්තක් දියත් කළ ආකාරයක් බවයි සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා සිදු කළ එම ක්‍රියාව රටක් ලෙස අප හැල්ලුවට ලක්වන ක්‍රියාවක් බවයි අද (14) IMF නියෝජිතයින් හා ජාතික ජන බලවේගය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ.

IMF සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Peter Breuer ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පවත්වා තිබෙනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් මෙහිදී IMF නියෝජියින්ගෙන් විමසීමක් සිදු කර තිබෙනවා.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගී වී තිබෙනවා.

වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට

වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා ව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

2024.03.08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය ලක්වාසී කාන්තාවන් වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර පසුගිය දිනයන්හි සිදු කරනු ලැබුවා.

2024.03.08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය ලක්වාසී කාන්තාවන් වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර පසුගිය දිනයන්හි සිදු කරනු ලැබුවා.
ඊට සමගාමීව අද දින එනම් 2024.03.13 දින සමගි වනිතා බලවේගයේ සංකල්පයක් ලෙස සෑම වසරකම මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට, බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන් අදාල නිර්නායකයන්ට යටත්ව පොදු සමාව ලබාදී නිදහස් කිරීම පිළිබඳව යෝජනාවක් ගරු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා වෙත ලිඛිතව ලබා දුන්නා.
මෙහිදී ගරු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ බන්ධනාගාර ආඥා පනත යටතේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.

WhatsApp Image 2024-03-13 at 18.51.22 WhatsApp Image 2024-03-13 at 18.51.09