https://www.youtube.com/embed/L7aa_bm2z4U?si=T4045mGrV9PzcGoF” title=
Author: Supun
වෙඩි තැබීමේ සිදුවීමකින් පසුව මට්ටක්කුලියේ ඇතිවුන තත්වය
https://www.youtube.com/embed/IJ4nPJgwD-8?si=NrGG9oW6uV_2FxJ9″ title=
“මම ලංකාවේ ඉන්නේ තව මාස දෙක තුනයි”රංගන ශිල්පිනී මහේෂි මධුසංකා….
https://www.youtube.com/embed/bUNiVJVbdEs?si=LIeHw0w34WTgB0Hk” title=
අපරාධකරුවොන්ට තේරෙන භාෂාවෙන්ම උත්තර දෙන්න ලැහැස්ති පොලිස්පතිවරයා…..
https://www.youtube.com/embed/TruWQm6qxgU?si=PzNnQLcjPzj0OKnO” title=
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි
2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන අද (15) ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.
අද දහවල් 12.00 සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වන බවද සඳහන් වනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
කැනඩා සය පුද්ගල ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ්
කැනඩාවේ, ඔටාවා හී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.
එහිදී ඔටාවා හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා දුරකථනය ඔස්සේ අධිකරණය හමුවේ සිදුතළ නඩු විභාගය විනාඩි 4 කට සීමාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නඩු විභාගය අතරතුර ඔහුගේ නම සහ උපන්දිනය කෙඳිරි හඬින් පවසා ඇති අතර විශෝධන නිලධාරීයා එය පැහැදිළිව ඇසෙන ලෙස උස් හඬින් ප්‍රකාශ කරන ලෙස දැනුම්දී තිබෙනවා.
නඩු විභාගයේදී මියගිය ශ්‍රී ලාංකික පවුලේ අයගේ නම්වල දෝෂ නිවැරදි කර ඇති අතර චෝදනාවලද කිසිඳු වෙනසක් සිදු නොවූ බවද කැනඩා මාධ්‍ය වාර්තා කර තිබුණා.
සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ.
පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි තබා රියදුරු අත්අඩංගුවට
මුලතිව්, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් වෙඩි තබා තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
ටිපර් රථයට වෙඩි තැබීමෙන් පසුව එහි රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කිලිනොචිචිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසීය පවසන්නේ.
මෙම සිද්ධිය ඊයේ පස්වරුවේ සිදුවී ඇති බවත්, ටිපර් රථ රියැදුරා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවත්, ඔහු අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඉන් මිදී පලා ගිය අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අද දිනයේත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට
අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
අදාළ නිවේදනය පහතින්.

සාගලගේ සොහොයුරා ලංකා බැංකුවේ සභාපති ලෙස පත්කරයි
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක පත්කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් පසු ඔහු අද දින (14 ) එම සභාපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.
මීට පෙර කාවන් රත්නායක වරාය අධිකාරියේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ මෙන්ම ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.
මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.
ලැබුණු ජනවරමට පිටුපාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර ඇත.
ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ නැවත නිවැරදි කරගත නොහැකි තත්වයට රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත් බවට
ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට මෙම සංඝ ආඥාව නිකුත් කර ඇත.
සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරමින් මෙම සඟ සමුළුව පවත්වන ලදී.
