සිරිසේනට විකාරයි කියපු මිහින්තලේ හිමියන්ගෙන් ලැබුන සැර උත්තර….

https://www.youtube.com/embed/XTd1D64hpI8?si=CapZRILN56rYBwUv” title=

ජාතික අවම වැටුප රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12500 ලෙස නියම කරනු ලැබ තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් එම වැටුප රුපියල් 17500ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර ඇති අතර, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබෙනවා.

අදාළ කැබිනට් තිරණය පහතින්.

6602821df1e81 6602821c049e2

අධිවේගී මාර්ග ජාලය Sahasya Investment Ltd ආයතනයට පැවරීමට කැබිනට් අනුමැතිය

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග Sahasya Investment Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව නීතිමය හා මූල්‍යමය සක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6602bb7b8e06a

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 76 වන වියේ පසු වුණා.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත රැසක් සඳහා ඔහු සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.

මෙරට විදෙස් ප්‍රේෂණ ලැබීම් හා සංචාරක ඉපැයීම් ඉහළට – මහ බැංකුව

මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට ලැබී ඇති බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකුව සඳහන් කළේ.

එසේම ලක්ෂ 2 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට මේ වනවිට පැමිණෙමින් ඇති බවත්, ගෙවුණු මාස දෙක තුළ සංචාරකයින්ගෙන් ඉපැයු ආදායම ඩොලර් මිලියන 687 ක් බවයි මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 20 බැඟින් ලබාදීමට රජය තීරණය කරයි

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය වසරේ අඩු ආදයම්ලාභී පවුල් ලක්ෂ 28 කට සහල් බෙදීමට කටයුතු කළ බවත්, මෙම වසරේත් දිසාපතිවරුන් හරහා ගණනය කිරීමෙන් අනතුරුව පවුල් ලක්ෂ 28 කට සහල් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා දිවයිනට – ආනයනකරුවන්ගේ සංගමය

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

ඒ අනුව ජනතාවට ලොකු ළුෑණු හිඟයකින් තොරව ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කිරි තේ එකක මිල රුපියල් 10 කින් පහළට

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.

මෛත්‍රී CID යෙන් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවෙන් පිටව ගොස් තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා තිබුණා.

අද (25) පෙරවරුවේ ප්‍රකාශය ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබූ අතර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අද පස්වරුවේ ඔහු පිටව ගොස් තිබෙනවා.